අනුන්ගේ ඡන්ද තමන්ගේ ගිණුමට වැටෙන ඡන්ද ක්‍රමය

අනුන්ගේ ඡන්ද තමන්ගේ ගිණුමට වැටෙන ඡන්ද ක්‍රමය

 මෙහි මුලින් දැක්වෙන්නේ ආසන සමානුපාතිකව බෙදෙන ආකාරය අනුව සිදු කරන දළ ගණනය කිරීමකි. එම විග්‍රහයෙන් පසු මැතිවරණ පණත අනුව සැබෑ ලෙස ම ගණනය කරන ආකාරය ද විමසමු. 

මෙවර ඡන්ද ක්‍රමයේ දී අඩු ඡන්ද ප්‍රමාණයක් ගත් පක්ෂවල ඡන්ද සංඛ්‍යාව ඉවත් කොට නොමැත. මේ නිසා මතුවූ ජනමතය විකෘතිව නිරූපණය වීමක් ගැන පෙන්වාදීමට අපි සූදානම් වෙමු. මෙයින් වෙනත් පක්ෂවල හෝ පක්ෂයක ඡන්ද ප්‍රමාණ තවත් පක්ෂයක ගිණුමට එක් වී එම පක්ෂයට වාසි සහගත තත්වයක් ඇති වීමේ විකෘතිය ඇති වී ඇත.


මේ සඳහා හොඳ ම උදාහරණය වන්නේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලයයි.

Party votes              %                    Ward              To be returned            Total

SLPP 31081        43.96                  15                         16                                 16
UNP 23740          33.58                  07                         12                                 12
UPFA 8223           11.63                 0                            4                                    4
JVP 6172               8.73                  0                            3                                    3
DUNF 782             1.11                   0                            1                                    1
UPA 701                0.99                   0                            0                                   0

Courtesy: Daily Mirror and Derana

ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 36කි.
එවිට DUNF සඳහා ලැබෙන මන්ත්‍රී ආසන් 36×1.11%=0.3996
එනම් 0.4 ක් පමණ ය. මෙය ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටයූ විට 0 කි. එහෙත් මන්ත්‍රී ආසන 1ක් හිමිව ඇත. එනම් 0.4, 1ට ලෙස ගණන් ගැනී ඇත. එමෙන් ම පැහැදිලිව ම පෙනෙන්නේ එක් මන්ත්‍රී ආසනයක් හිමිවීම සඳහා ඡන්ද 2000ක් පමණ අවශ්‍ය බව ය. එහෙත් 782ට මන්ත්‍රී ආසනයක් ලැබී ඇත. ඊට ඉතා ම ආසන්න UPAහි ඡන්ද 701ට මන්ත්‍රී ආසනයක් හිමිව නැත. මෙවන් විපරීතයක් ඇති වුණේ ඇයි? දැන් අපි විමසා බලමු.

පක්ෂය                                        ආසන                                           වැටයූ විට

SLPP                                         36× 43.96% =15.8256                         16
UNP                                           36×33.58% = 12.08                              12
UPFA                                         36×11.63%= 4.18                                  4
JVP                                            36×8.73%= 3.14                                    3
DUNF                                         36× 1.11%= 0.3996                              0
UPA                                            36× 0.99%= 0.3564                              0

සිදු වී ඇත්තේ කුමක් දැයි ඔබට වටහා ගැනීමට මෙය උපයෝගී කරගත හැකි ය.

එක් මන්ත්‍රී ආසනයක් අඩුව ගොස් ඇත. මෙසේ වන්නේ ඇයි? මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ප්‍රධාන පක්ෂවලට සමානුපාතිකව ආසන බෙදූ විට එම පක්ෂ අතර බෙදී ගොස් ඇත්තේ මන්ත්‍රී ආසන 35ක් පමණි. DUNF හා UPA ඡන්ද එකතු වූ විට තවත් ආසනයකට අනුරූප ඡන්ද ප්‍රමාණයක් පවතින බැවින් ප්‍රධාන පක්ෂවලට මන්ත්‍රී ආසන බෙදීමේ දී එක් ආසනයක් මඟ හැරී යයි. ඒ මන්ත්‍රී ධූරය DUNF හා UPA පක්ෂවල ඡන්ද එකතුවට අනුරූප වුඅව ද ඒ දෙකින් එකදු පක්ෂයකටවත් මන්ත්‍රී ආසනයක් දැරීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලැබී නැත. සිදුව ඇත්තේ පක්ෂ දෙකේ ඡන්ද එකතුවට ලැබුණු මන්ත්‍රී ධූරය සුළු ඡන්ද සංඛ්‍යාවකින් UPAට වඩා වැඩි DUNFට ලැබීමයි. 

කටවහරෙන් කිවහොත් UPA ට දුන් ඡන්ද 701 ද DUNF හි සාක්කුවට වැටී ඇත. එපමණක් නොව එසේ සාක්කුවට දැමීමෙන් පසු ද DUNFහි නව ප්‍රතිශතය 2.1% පමණි. මෙය මන්ත්‍රී ධූර 0.756 කි. එය වැටයූ විට 1 ලැබේ. ඒ 0.244ක් අතින් එක් කිරීමෙනි. එම නිසා UPAහි ඡන්ද ද DUNF හි ගිණුමට දමා තව මන්ත්‍රී ආසන 0.244ක් අතින් එක් කිරීමක් මේ ක්‍රමය මඟින් සිදුවේ. 

මෙය සුළු පක්ෂවලට සාධාරණයක් ඉටු වීමක් නොවේ. සුළු පක්ෂ ගණනාවක් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් මෙසේ ඒ සියලු පක්ෂවල ඡන්ද ඒවා අතරින් යාන්තමින් වැඩි ඡන්ද ගත් සුළු පක්ෂයට ලැබෙනු ඇත.

මැතිවරණ ක්‍රමවල දී ඉතා අඩු ඡන්ද සංඛ්‍යාවක් ලැබූ පක්ෂ හා අපේක්ෂකයන්ගේ ඡන්ද ගණනයෙන් ඉවත් කරන්නේ මේ විකෘතිය දුරු කිරීමට ය.

මේ සඳහා ගත හැකි පිළියම් කිහිපයක් පවතී. 


1. කොට්ඨාස අනුපාතිකව බෙදී ගිය විට නව ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවල බලය අස්ථාවර වීමේ ඉඩක් ඇති බැවින් වැඩි ම ඡන්ද අනුපාතය ලද පක්ෂයට මෙවන් අතහැරී යන මන්ත්‍රී ධූරය පිරිනැමීම.



2. කොට්ඨාස වැඩි සංඛ්‍යාවක් දිනන පක්ෂයට අමතර ආසනය පිරිනැමීම



3.කිසිවකුට ලබා ගත නො හැකි මන්ත්‍රී ආසනයක් වේ නම් එම මන්ත්‍රී ආසනය සභාවෙන් ඉවත් කිරීම. 



4. මුලින් කරන ගණනයට අනුව එකදු මන්ත්‍රී ආසනයක් හෝ ලබා ගත නො හැකි පක්ෂවල ඡන්ද සංඛ්‍යාවන් ගණනයෙන් ඉවත් කොට මන්ත්‍රී ආසන සමානුපාතිකව බෙදීම. 


එහෙත් හතරවෙනි ක්‍රමයෙන් මේ අවස්ථාවේ විසඳුමක් නො ලැබෙන්නේ එවර ද ලැබෙන ආසන ප්‍රමාණයට අමතර ඡන්ද සංඛ්‍යාව ආසන්නව සමානව බෙදී යන බැවිනි.

එම නිසා යෝග්‍ය විසඳුම් 1, 2 හා 3 වේ. මේ ඡන්ද ක්‍රමයේ ගැටලු රාශියක් මතු වි ය.
කාන්තා නියෝජනය සම්බන්ධ අර්බුදකාරි තත්වය, කොට්ඨාස අනුපාතිකව බෙදී යන විටෙක පළාත් පාලන ආයතනයේ බලය අස්ථාවර වීම, එල්ලෙන ආසන සඳහා අමතර මහජන මුදල් වැයවීම යනාදිය මේ අතර වේ.

මේ ගැටලු නිරාකරණය කරමින් මේ ක්‍රමවේදය ඉක්මණින් සංශෝධනය කළ යුතු ය.

සැ.යු. මෙහි පක්ෂ යනුවෙන් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අදහස් කෙරෙන අතර සුළු පක්ෂ යන්නෙන් මන්ත්‍රී ධූරයක් සඳහා උචිත ඡන්ද ප්‍රතිශතයක් නොමැති පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් අදහස් කෙරෙයි.


සැබෑ ගණනය කිරීමේ ක්‍රමය හා සැසඳීමක්

මීට මුහුණුපොතේ ප්‍රතිචාර දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා මැකොස නිල ෆේස්බුක් පිටුවේ එහි සැබෑ ගණනය කිරීම අපගේ උදාහරණයට අදාළව දක්වා තිබුණි. මේ එම නිල පිටුවෙන් උපුටා ගත් එම ඡායාරූපයයි.

ඒ අනුව මුළු ඡන්ද සංඛ්‍යාව සභික සංඛ්‍යාවෙන් බෙදා එන අගය තීරක අගය ලෙස ගනු ලැබේ. පක්ෂයක් ගත් ඡන්ද සංඛ්‍යාව තීරක අගයෙන් බෙදීමෙන් ලැබෙන අගයේ පූර්ණ සංඛ්‍යා කොටස අනුව මන්ත්‍රී ආසන ලබා දේ. ඉන්පසුව ඡන්ද සංඛ්‍යාව තීරක අගයෙන් බෙදූ විට ලැබෙන ශේෂය සලකා ඉතුරු වූ මන්ත්‍රී ආසන බෙදා දෙනු ලැබේ.

තීරක අගය = මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව/ මන්ත්‍රී ආසන ගණන
පක්ෂයක මන්ත්‍රී ආසන සංඛ්‍යාව=පක්ෂයේ ඡන්ද ප්‍රමාණය/ තීරක අගය
මීට අමතරව ශේෂයන් සලකා ලැබුණු මන්ත්‍රී ආසන සංඛ්‍යාව ද එක් වේ.

(තීරක අගයේ පූර්ණ සංඛ්‍යා කොටස පමණක් සලකන බව ඡායාරූපයෙන් පෙනේ. එම සුළු  වෙනස නො සැලකුවහොත් සූත්‍ර සුළු කිරීමෙන්
මන්ත්‍රී ආසන සංඛ්‍යාව = (පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව/මුළු වලංගු ඡන්ද ප්‍රමාණය)× ආසන ගණන ලෙස ලැබේ.)
යන මා මුලින් භාවිත කළ සූත්‍රය ආසන්නව ලැබේ.

පැහැදිලි වෙනස්කම ඇත්තේ පූර්ණ සංඛ්‍යා ගණනය කිරීමෙන් පසු ශේෂය සලකා මන්ත්‍රී ධූර වෙන් කිරීමයි.

මෙය මෙම මැතිවරණයට පෙර ද සභිකයන් බෙදූ ආකාරයයි.

මගේ අදහස වන්නේ මේ ක්‍රමවේදය නිසා මා ඉහත දැක්වූ ශුද්ධ සමානුපාතික ගණනයට සාපේක්ෂව සැලකිය යුතු අපගමනයක් සිදුවන බවයි. ඉතා අඩු ඡන්ද සංඛ්‍යාවක් ඇති පක්ෂවලට ශේෂය සලකා මන්ත්‍රී ආසන ලබා දීමෙන් භාගිකව විශාල අපගමනයක් ඇති වේ.

කුඩා පක්ෂ කිහිපයක් එක් වී මන්ත්‍රී ආසන එකකට හෝ කිහිපයකට අදාළ ප්‍රතිශතය සම්පූර්ණ කරගත හොත්  එම අගයන් ශේෂය අනුව තෝරන මන්ත්‍රී ආසනවලට එක් වනු ඇත. එයින් ඒ සියලු ඡන්දවල බලපෑමේ වාසිය වැඩිපුර ශේෂය ලැබූ කුමක් හෝ පක්ෂයකට ලැබෙනු ඇත.

මා සැලකූ විශේෂිත උදාහරණයේ ශේෂය අනුව තේරූ මන්ත්‍රී ආසන දෙකෙන් එකක් SLPPහි විශාල ශේෂය අගයට අනුරූප වන අතර අනෙක DUNF, UPA ඡන්ද එකතුවට අදාළ වේ. එම ඡන්ද සමස්තයේ වාසිය DUNF වෙත හිමිව ඇති බව පෙනේ. SLPP ශේෂය පවා DUNF සමස්ත ඡන්ද සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වැඩි ය.

එමනිසා ඉදිරි සංශෝධනයක දී මන්ත්‍රී ආසන බෙදන ක්‍රමවේදය මෙවන් අපගමන වළක්වාලන ක්‍රමයකට සංශෝධනය විය යුතු බව මගේ අදහසයි.




                              - තමලු මලිත්ත පියදිගම 





අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි