වෑකන්දේ කළු පතිරණ Black Panther

වෑකන්දේ කළු පතිරණ 
             - තමලු 
Alchemist Magazine 




Marvel ආයතනයේ නිර්මාණයක් වූ Black Panther චිත්‍රකථා චරිතය ඇසුරෙන් නිපදවූ Black Panther චිත්‍රපටය මෙම වසරේ ප්‍රදර්ශනය වූ අතර මේ වන විට ලංකාවේ විදෙස් චිත්‍රපට ලෝලීන් අතර ද ජනප්‍රිය වී ඇත. Stan Lee හා Jack Kirby නිර්මාණය කළ මෙම චිත්‍රකථා චරිතය ඇමරිකානු චිත්‍රකථා ඉතිහාසය තුළ පළමු අප්‍රිකානු සම්භවයක් ඇති සුපිරි වීරයා වෙයි. Ryon Coolgerගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය පැය දෙකකුත් මිනිත්තු දහහතරක ධාවන කාලයකින් සමන්විත ය.

ජනප්‍රිය සිනමා ධාරාවේ අංගයක් වන සුපිරි වීර චිත්‍රපටයක විශේෂයෙන් කීමට ඇති වැදගත්කම කුමක් ද යන්න සමහරකුට ගැටලුවක් විය හැකි ය. මෙහි මගේ අවධානයට ලක් වන්නේ කථා වින්‍යාසය (Plot) නොව කථාව ගොඩනැඟෙන සමාජ සංස්කෘතික පරිසරය ය.

Black Panther චිත්‍රපටය ගොඩනැඟෙන්නේ වකන්දා නම් කල්පිත අප්‍රිකානු රාජ්‍යයක රජු වන T'Challa (ත්චලා) නම් වූ පුද්ගලයා වටා ය. ඔහු Black Panther (කළු පැන්තර්) යන අපර නාමයෙන් හැඳින්වේ. ලාංකීය සිනමා රසිකයන් වකන්දාවේ කළු පැන්තර් යන්න වෑකන්දේ කළු පතිරණ යනුවෙන් 'සිංහලකරණයට' ලක් කොට තිබෙනු මම දුටුවෙමි. මෙය පෙන්වන්නේ ලංකාවේ රසිකයන්ට ද සිනමා කෘතියේ යම් සමීපකමක් දැනී ඇති බවයි. අතීතයේ ද අල්විස් සවියෙල්ලා අලවු ඉසි සැබිහෙළලා විය. ඒ හෙළ හවුලේ ආලෝකය නිසා ය.

වකන්දාවේ කළු පැන්තර් හෙවත් ත්චලාගේ කථාව ගොඩනැඟෙන්නේ මෙවන් සමාජ සංස්කෘතික දේශපාලනික පසුබිමක ය. චිත්‍රපටය ඇරඹෙන්නේ වකන්දාව පිළිබඳ වැඩිහිටියකු (ත්චලාගේ බාප්පා විය යුතු යැයි හැඟේ.) දරුවකුට කියා දෙන පුරාවෘත්තයකිනි.

ශතවර්ෂ ගණනාවකට පෙර අප්‍රිකාවේ වනාන්තරයකට උල්කාපාතයක් පතිත විය. එම උල්කාපාතය තැනී තිබුණේ විශ්වයේ ශක්තිමත් ම ද්‍රව්‍යය වන වයිබ්‍රේනියම්වලිනි (vibranium). පසුව මිනිසුන් ව්‍යාප්ත වන කාලයේ ගෝත්‍ර පහක් පැමිණ උල්කාපාතය සහිත භූමියේ පදිංචි වූ හ. ඔවුන් නිරතුරුව එකිනෙකා හා යුද්ධ අරගලවල නිරත වූහ. පැන්තර් යනු දිවියන් විශේෂයකි. කළු පැන්තර් සතෙකුගේ රූපීයත්වය ඇති දෙවියකුගේ උපකාරයෙන් එක්තරා යුධ නායකයකු හදවත බඳු හැඩැති ශාක වර්ගයක් සොයාගත් අතර වයිබ්‍රේනියම්හි ශක්තිය කැටි වූ එය ආහාරයෙන් අසහාය කාය ශක්තියක් ලබා ගත්තේ ය. ඔහු ගෝත්‍ර පහ ම අවනත කර ගැනීමට සමත් වන අතර ගෝත්‍ර එක් කොට වකන්දා ජාතිය නිර්මාණය කළේ ය. ජබාරි නම් ගෝත්‍රය ජාතියට එක් නොවී වකන්දා ජාතියෙන් ඈත්ව පර්වත ප්‍රදේශවල ජීවත් වූහ. එහෙත් ඔවුන් ද වකන්දාවේ බලයට අවනත වූ අතර වකන්දා රාජ්‍යය හා වකන්දා ජාතිය මෙසේ චිරාත් කාලයක් පැවතිණි. වයිබ්‍රේනියම් යනු ඉතා බහුකාර්ය ද්‍රව්‍යයකි. ශක්තිමත් බවේ සිට බලශක්තිය සැපයීම, බුද්ධිමත් ද්‍රව්‍යයක් (smart material) ලෙස හැසිරීම ආදී ලක්ෂණ ඊට හිමි ය. වකන්දා රාජ්‍යයේ බුද්ධිමත්තු මෙම ගුණාංග වටහාගෙන තාක්ෂණික අතින් ලෝකයේ දියුණු ම ජාතිය බවට පත් වූහ. එහෙත් වකන්දා ජනතාව තාක්ෂණික උපක්‍රම මඟින් තම බලගතු රාජ්‍යය ලෝකයෙන් සඟවා තබා ගෙන එහි දේශසීමාවේ කුඩා කොටසක් පමණක් දුප්පත් කුඩා රාජ්‍යයක් ලෙස පෙන්වමින් ජීවත් වෙති.

ත්චලා මෙහි රජු වන අතර ඔහුට බලගතු තාක්ෂණික ඇඳුමක් ද හිමි ය. ලෝකයේ විවිධ රටවල් තුළට ඔත්තු කරුවන් යැවූ ඔත්තු සේවයක් ද අධි තාක්ෂණික උපකරණවලින් මෙන් ම සාම්ප්‍රදායික උපකරණවලින් ද සන්නද්ධ වූ හමුදාවක් ද හිමි ය.

ඔවුන් පරම්පරාවෙන් රජු පත් කරන අතර හදවත හැඩති ශාකයෙන් ශක්තිය ලබා ගත හැක්කේ ඔහුට පමණ ය. රාජ්‍යත්වයට පත් කරන උත්සවයේ දී හා වෙනත් අවස්ථාවල දී අනෙක් ගෝත්‍රවලට හා රාජකීයයන්ට රාජ්‍යත්වයට අභියෝග කළ හැකි ය. එවිට රජුගේ විශේෂ බල ඉවත් කොට අභියෝග කරන්නා සමඟ ද්වන්ධ සටනකින් මෙය විසඳා ගැනීමට සිදු වේ.

තාක්ෂණිකව අතිශයින් ම වර්ධිත රාජ්‍යයක් වන වකන්දාවේ අධිතාක්ෂණික උපකරණ බහුල ය.

චිත්‍රපටයේ තිර රචකයකු වන Cole මෙහි නිර්මාණය සඳහා අප්‍රිකානු සංස්කෘතිය විශේෂයෙන් අධ්‍යයනය කළ බව කියැවේ. මෙය ඉතා අලංකාරවත් ලෙස අප්‍රිකානු ජන සංගීත ඌරුව ඇති සංගීතයෙන් ද නැටුම් ගැයුම්වලින් ද හැඩවේ.

දැන් අප මේ චිත්‍රපටය ගොඩනැඟෙන පසුබිම සියුම්ව විමසා බලමු. ජනවර්ග හා ජාති යන සංකල්ප සාවද්‍ය ලෙස භාවිතය නිතර දක්නට ලැබේ. ජනවර්ගයක් යනු පොදු සංස්කෘතියකින් යුතු තමා එක ම සමූහයක් ය යන සාමූහික විඥානයකින් යුතු පිරිසකි. ජාතියක් යනු එක ම චින්තනයකින් හා පොදු සංස්කෘතිකාංගවලින් යුතු සාමූහික හැඟීමක් ඇති තම සංස්කෘතික ජීවිතය පවත්වා ගැනීම උදෙසා සන්තතික භූමි ප්‍රදේශයක රාජ්‍යයක් බිහි කළ ජන සමූහයක් ය. මෙම රාජ්‍යය තුළ ජාතියට අයත් නොවන ජන සමූහ ද සිටිනු ඇත. රාජ්‍යය බිහි කරන්නේ ජාතියේ සංස්කෘතිය විසිනි.

ජාතියක බිහි වීම යනු දේශපාලනිකව එක්තරා සන්ධිස්ථානයකි. රාජ්‍යයට මහජන පදනමක් ලැබෙන්නේ ජාතිය බිහි වීම සමඟ ය. ජාතිය යනු දහනවවන සියවසේ දී යුරෝපයේ නිර්මාණය වූවක් ය යන නූතනවාදි මතය මේ වන විට ශාස්ත්‍රාලීය (academic) බලය තහවුරු කරගෙන ඇත. (එහෙත් චීනය, ලංකාව වැනි රටවල ඊට පෙර ම ජාතිය බිහිව තිබූ බව පෙනේ.) ජාතිය යන සංකල්පය බටහිර ගොඩනැඟුණේ 19 වන සියවස ආසන්න කාලයේ ය. ධනවාදයේ නැඟී සිටීම, බටහිර කාර්මික විප්ලවය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ වර්ධනය මේ සමඟ ම සිදුවිය.

එහෙයින් බටහිර සමාජය අධ්‍යයනය කරන අයකුට ජාතිය යන සංකල්පය හමුවන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වයේ එක්තරා අවධියක නිර්මාණයක් ලෙස ය. එම අධ්‍යයන්හි යෙදෙන ඉතිහාඥයින්, සමාජ විද්‍යාඥයින් අනිවාර්යයෙන් ම ජාතිය යන්න විමසා බලනු ඇත්තේ මේ පසුබිමේ ඇති සමාජ පෙරළි ද සමඟ ය. ආසන්න කාලයේ යුරෝපයේ සිදු වූ සිද්ධි වන බැවින් ජාතින් ඇති වීමේ නිර්ණායක ලෙස කරුණු ගොනු කිරීමේ දී අනිවාර්යයෙන් ම ධනවාදය වර්ධනය වීමෙහි අංග ලක්ෂණ මෙන් ම, කාර්මීකරණය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනයෙහි අංග ලක්ෂණ ද ඊට ගැබ් වී පවතිනු ඇත. යුරෝපීය සන්දර්භයේ දී මෙයින් ප්‍රශ්නයක් වන්නේ නැත. ජාතිය බිහි වූ තැන්වල, කාලවල ධනවාදයේ වර්ධනය ද, කාර්මීකරණය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනය ද දක්නට ලැබෙනු ඇත.

සංකල්ප සංකල්ප වශයෙන් හෝ ප්‍රවාද ප්‍රවාද වශයෙන් තේරුම් ගැනීමට නොහැකි පොතේ ගුරු අනුකාරක උගත්තු කරුණු හා නිර්ණායක මත එල්බ ගනිති. නිර්ණායක හා කරුණු එතෙක් අධ්‍යයනය කළ අවකාශයේ විද්‍යමාන වූ දේ පමණක් බව ඔවුහු තේරුම් නො ගනිති.

නිර්ණායක හා කරුණුවල එල්ලී සිටින අනුකාරක උගතුන් වල්මත් වන්නේ අධ්‍යයනය කළ අවකාශයෙන් එළියට පැමිණි විට ය. ඔවුහු නිර්ණායක සොයමින් අඳුරේ අතපත ගාති.

ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ජාතිය යන සංකල්පයෙන් පරිබාහිරව වෙනත් චින්තනවල ජාතිය කෙසේ සංකල්පනය වනු ඇති ද? දැන් මේ චින්තනවල ජාතිය සෙවීමට භාවිත කළ යුත්තේ බටහිර නූතනත්වයේ ඉතිහාසය තුළ ධනවාදයට ලිබරල්වාදයට පැටලී පැන නඟුණු නිර්ණායක ද?

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව ධනවාදයෙන් තොරව ජාතිය ඇති නො වේ යැයි කීම හුදු විහිළුවක් ම පමණි. කළ යුත්තේ නිර්ණායක සෙවීම නොව සංකල්පය හඳුනා ගැනීම ය.

දැන් අපි නැවත වකන්දාවට යමු. වකන්දාව කල්පිත අප්‍රිකානු රාජ්‍යයකි. අප්‍රිකානු කලාපයේ දැකීමට නො තිබුණු අංශ දෙකක වර්ධනයන් වකන්දාවෙන් පරිකල්පනය කෙරේ. පළමුවැන්න තාක්ෂණික වර්ධනයයි. දෙවැන්න දේශපාලනිකව ජාතියක් ලෙස වර්ධනය වීමයි.

දැන් යුරෝපීය සන්දර්භයෙන් පූර්ණ වශයෙන් පිටස්තර ලෙස, වකන්දාවේ එම වර්ධනයන් දෙක ම බටහිර නූතනත්වයේ නැඟීමට ඉතා ඈත කාලයකට පෙර සිදු වූ දේ ලෙස නිරූපණය කෙරේ. භෞතික දුර අනුව ද වකන්දාව තීරණාත්මක ලෙස යුරෝපා කලාපයෙන් දුරස්ථ වේ.

දැන් කාලයෙන් හා අවකාශයෙන් යුරෝපා කලාපයෙන් දුරස් කෙරුණු මේ කල්පිත අප්‍රිකානු රාජ්‍යය තුළ ස්වයංව පැන නඟින වර්ධනයන් නිරූපණය කරන්නේ, පැහැදිලි කරන්නේ කෙසේ ද? මෙහි දී මුහුණ දීමට සිදු වන ප්‍රධාන ප්‍රශ්න වන්නේ මේ තාක්ෂණික හා දේශපාලනික වර්ධනය පැන නඟින්නේ බටහිර නූතනත්වය වැනි ම එළඹුමක් ඇති වීම නිසා ද නැති ද යන්නයි.

චීනයේ ඇතිවුණු තාක්ෂණික වර්ධනය බටහිර විද්‍යාව වැන්නක බිහි වීමට පදනම් නො වීම ජෝෂප් නීඩ්හැම් මහතාගේ ද අවධානයට ලක් වූ ප්‍රශ්නයකි.

වකන්දාවේ දේශපාලනික වර්ධනය පිළිබඳව විමසීමේ දී පෙනී යන්නේ බටහිර ස්වභාවයෙන් පරිබාහිර වූ ජාතිය බිහි වීමක් නිරූපණය කරන්නට චිත්‍රපටය සමත් වන බවයි. තොල් පටි, පච්ච, අඩ නිරුවත් හෝ සරල ඇඳුම්, වෙස් මුහුණු , සමපාට කිරීම්, අප්‍රිකානු අවි ආයුධ මෙන් ම අප්‍රිකානු සංස්කෘතියේ වර්ණ සංකලනයන් ද භාවිත කරමින් අප්‍රිකානු සංස්කෘතිය මැනැවින් නිරූපණය කර ඇති මෙහි (බටහිර සමාජය මඟින් ගර්හාවට ලක් කෙරෙන හෝ අනුකූලතාවයට ලක් නො වුණු හෝ විලාසිතා ආදිය පවා ඒවායේ අලංකාරත්වය හා අනන්‍යතාව ඉස්මතු වන අයුරින් භාවිත කොට තිබීම ඉතා විශිෂ්ට ය.) ගෝත්‍ර පහේ වෙනස් අනන්‍යතා ලක්ෂණ මෙන් ම පොදු ලක්ෂණ ද ඉතා විශිෂ්ට ලෙස දක්වයි. ලංකාවේ පණ්ඩුකාභය හා දුටුගැමුණු රජු අතර කාලය තුළ ගෝත්‍ර එක් වී සිංහල ජාතිය නිර්මාණය කරගත්තාක් මෙන් හා ව්‍යාධ ගෝත්‍රය (වැද්දන්) එයින් වෙන් වී එම රාජ්‍යය තුළ ම වන ලැහැබ්වලට වී ස්වකීය ජීවිතය ගත කළ මෙන් මෙහි ජබාරි ගෝත්‍රියෝ ද වකන්දාව තුළ ජාතියෙන් වෙන් වී රාජ්‍යය තුළ ම හිඳිමින් තම අනන්‍යතාව පවත්වා ගනිති.

මේ කල්පිත රාජ්‍ය හා ජාතිය ගොඩනැංවීමේ දී කලාකරුවා බටහිර ලිබරල්වාදය හා ජාතිය සමකාලීන වීම නිසා ඒ අතර ගොඩනැඟුණු සම්බන්ධයෙන් මිදී වකන්දාවට ම ආවේණික වූ අප්‍රිකානු ඌරුව ඇති රාජාණ්ඩු ක්‍රමයක් මඟින් වකන්දා රාජ්‍යය පාලනය වීම දක්වයි. වකන්දා ජාතිය හා රාජ්‍යය අතර සම්බන්ධය නිරූපණය වන්නේ රාජ්‍යය රජු හා ජනයා අතර බැඳීම තුළිනි. මේ සම්බන්ධය ආරක්ෂා කර ගැනීම පාර්ශ්ව තුන අතින් ම 'පුරුද්දක් ලෙස' සිදු වේ. මේ සම්බන්ධතාවයන් බිඳී යන මොහොතක දී ඇති වන අසමතුලිතතාවයන් සටන් ක්‍රියාමාර්ග මඟින් තුලනය වේ.

ජාතියේ නිර්ණායකයක් ලෙස පාලනය වෙනස් කිරීමේ ප්‍රතිමාන (නිල වශයෙන්) අවසරය වන මැතිවරණ සහිත ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ජාතියේ නිර්ණායකයක් ලෙස ගැනීම කෙතරම් විහිළුවක් ද? ප්‍රතිමාන අවසරය පොතේ තිබුණ ද ජනතාවට තමා වෙනුවෙන් ම වූ පාලනයක් ලබා ගැනීමට මෙම ආකෘතියෙන් ඉඩකඩ ලැබේ ද? ඊට පරස්පර ලෙස මහජන සහභාගිත්වය ඍජුව නොලැබුණු පාලන ක්‍රම යටතේ දීත් ලංකාව වැනි රටවල මෙන් ම වකන්දාවේත් සංස්කෘතිකමය බැඳීම් මඟින් රජු රාජ්‍යය හා ජනතාව අතර ඒකාබද්ධතාවය ස්ථාවර විය. මේ සම්බන්ධතා ක්‍රියාත්මක වන්නේ පොත්වල ඇති නීති රීති ලෙස නොව සාමාන්‍ය පුරුද්දක් ලෙස ය. වකන්දාව වෙනුවෙන් ඇති දේශප්‍රේමය වකන්දා ජාතියේ පමණක් නොව ජාතියෙන් බැහැරව සිටින ජබාරි ගෝත්‍රිකයන් තුළ ද දකින්නට ඇත.

යුරෝපයේ මධ්‍යතන යුගයේ දී පාප්තුමාගේ ආගමික ජාත්‍යන්තරවාදයකට යුරෝපය නතු වී තිබුණු බැවින් ආගම සමඟ මිනිසුන්ගේ හා රාජ්‍යයේ බැඳීම තුළින් ජාතීන් නිර්මාණය වූයේ නැත. ඊට පටහැනිව බුදු දහම හැම විට ම ගත්තේ ඒ ඒ සංස්කෘතිය තුළ ස්වාධීනව වර්ධනය වන සාසන ඇති කිරීම මිස මධ්‍යගත ලෝක සාසනයක් ඇති කිරීමට නො වේ. එනිසා බෞද්ධ සංස්කෘති තුළ ජාති ද පැන නැඟුණි. කතෝලික පල්ලිය ඉතා මෑතක් වන තුරු 'සියලු කටයුතු' කළේ ලතින් භාෂාවෙන් හා රෝම සංස්කෘතිය අනුව ය. එහෙයින් යුරෝපයේ ජාතිය ඇති වීම මේ ආගමික ජාත්‍යන්තරවාදයෙන් මිදීමේ ව්‍යාපෘති තුළින් පැන නැඟීම පුදුමයක් නො වේ. ජාතිය සමඟ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක් පටලවන්නේ නිරවුල්ව සිතීමට නොහැකි අය ය.

වකන්දාවේ තාක්ෂණික දියුණුව ගැන කථා කිරීමේ දී නම් චිත්‍රපටය එතරම් සාර්ථක නිරූපණයක් නොකරන බව මගේ මතයයි. බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් පරිබාහිර චින්තනවල බටහිරට වෙනස්ව ජාතිය වැනි සංකල්ප පැන නඟින ලෙස ම එවන් බටහිරින් හුදෙකලාව ගොඩනැඟෙන තාක්ෂණයක් හා විද්‍යාවක් ද ක්‍රියාත්මක වනු ඇත්තේ බටහිර මූලධර්මවලට වඩා වෙනස් පදනම්වලිනි. චිත්‍රපටයෙන් පෙනෙන්නේ බටහිර විද්‍යාවට හා වකන්දාවේ විද්‍යාව අතර මූලධර්ම අතින් වෙනසක් නැති බවයි. එවන් වෙනසක් චිත්‍රපටයේ නොපෙන්වයි. තාක්ෂණික උපකරණවල බාහිර පෙනුම පමණක් අප්‍රිකානු ඌරුවකට හා වර්ණ සංකලනවලට අනුව යම් පමණකට හැඩ ගැසී ඇත.

මීට හේතුව වී ඇත්තේ ස්වභාවික විද්‍යා ,යනුත් චින්තනයන්හි බිහි වූ නිර්මාණයන් මිස වාස්තවික යථාර්ථයක නිරූපණයක් නොවන බව බටහිරයන් අවබෝධ කර නො ගැනීමයි. කාන්ට්ගේ ශිෂ්‍ය හර්ඩර් වැනි පිරිස් සංස්කෘතික සාපේක්ෂතාවක් ගැන කතා කළ ද ඔවුන් ස්වභාවික විද්‍යා සංස්කෘතික සාපේක්ෂ යැයි කීවේ නැත. ඔවුන් සාපේක්ෂ බව දුටුවේ මානව ශාස්ත්‍ර වැනි අංශයන්හි ය. බටහිර සංගීතය, ඉන්දීය රාගධාරී සංගීතය, කර්ණාටක සංගීතය, චීන සංගීතය ආදී සංගීත පද්ධති මිස වාස්තවික සංගීතයක් නොමැති බව වටහා ගන්නා පිරිස තරම්වත් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ආදියේ සාපේක්ෂතාව වටහා ගන්නා පිරිසක් නැත. බටහිර විද්‍යාව යන නාමකරණයට විරුද්ධ වන බොහෝ දෙනා බටහිර සංගීතය යන නාමකරණයට විරුද්ධ නො වන්නේ එය එනමින් පාසල් විෂය මාලාවේ ඇති නිසා ය. අනුකාරකයෝ පාසල් විෂය මාලාවේ පවා වහල්ලු ය.

බටහිර විද්‍යාව තුළ ම විවිධ පද්ධතිවල පැහැදිලි කිරීම් හාත්පසින් වෙනස් නම් වකන්දාව තුළ ගොඩනැඟෙන විද්‍යාව බටහිරින් වෙනස් විය යුතු ය. විද්‍යාව යනු අපෙන් බාහිරව නිරපේක්ෂව පවතින වාස්තවික යථාර්ථයේ ප්‍රකාශනය ය යන මිථ්‍යාව නිසා බටහිරයන්ට මේ බව වැටහෙන්නේ නැත.

මේ වකන්දා රාජ්‍යයේ පැන නැඟීම පැහැදිලි කිරීමට පැන්තර් දෙවියන්, හදවත හැඩති ශාකය වැනි සංකල්ප භාවිත වේ.

කෙසේ නමුත් අප්‍රිකාවේ මෙසේ ජාතිය ඇති වීමේ හෝ තාක්ෂණය ඇති වීමේ නැඹුරුවක් නො තිබිණි. මේ තත්වය තුළ වකන්දාවේ එම පැන නැඟීමට ප්‍රභවය කරගන්නේ එක්තරා 'පතිත වීමකි'. වයිබ්‍රේනියම් නම් වූ ද්‍රව්‍යයක පැවැත්මයි. (කොංගෝවේ ද මෙසේ එරටෙහි පමණක් පවතින ඛනිජයක් නම් ඇත.) ජාතියේ හා තාක්ෂණයේ මෙම අසාමාන්‍ය පහළ වීම භෞතික සුපිරි බලයකට ඌනනය කිරීම මඟින් චිත්‍රපටයේ පැහැදිලි කෙරේ. එහෙත් මෙහි දී වැදගත් වන්නේ පැන්තර් දෙවියකුගේ ආධාරයෙන් මේ භෞතික බලවේගය වෙත වකන්දා ජනයා ප්‍රවේශ වීමේ කතාව ය. ලංකාවේ ජාතිය ඇති වීම සමඟ සම්බන්ධ කෙරෙන සිංහයාගේ කතාව ද මෙවැන්නකි. මේවායේ සංකේතමය ස්වරූපය මේවා බැහැර කිරීමට යොදා ගැනීම සුදුසු නො වේ.

වකන්දාව අනෙක් අප්‍රිකානු කලාපයේ දේශපාලනික ක්‍රියාවලියෙන් වෙන්ව සිටී. පෝල් හන්ටිංටන්ගේ අරුතෙන් නම් වකන්දාව අප්‍රිකානු සභ්‍යත්වයක (African Civilization) වන රාජ්‍යයක් නො වේ. බාහිර අප්‍රිකාවෙන් හුදෙකලාව වකන්දාව පවතියි. වකන්දාව මාටින් ජැක්ස් පවසන සභ්‍යත්ව රාජ්‍යයක් (civilization state) ද නොවන බව පෙනේ.

එහෙත් වක්න්දාවේ ජාතියක් පවතින බව පැහැදිලි ය. එය බටහිර ජාතික රාජ්‍යයක් හෝ සභ්‍යත්ව රාජ්‍යයක් හෝ නො වේ. කල්පිත වකන්දාවේ ජාතිය හා රාජ්‍ය අතර සම්බන්ධය ඊට ම අනන්‍ය ය.

ලංකාවේ ද සිංහල ජාතියේ පැවැත්ම ගැමුණු රජුගේ කාලයේ සිට ම විද්‍යමාන වේ. බොහෝ රටවලට ප්‍රතිවිරුද්ධව පෘතුගීසින්ගේ පැමිණීම දක්වා ම සමස්ත දිවයින පුරා ම පැවති භාෂාමය හා ආගමික ඒකාබද්ධතාවක් පුරාවිද්‍යා සාක්ෂ්‍යවලින් පවා පෙනී යයි. එහෙත් ලංකාවේ රාජ්‍යය බටහිර ජාතික රාජ්‍යයක් හෝ සභ්‍යත්ව රාජ්‍යයක් නො වී ය. එය වකන්දාවේ රාජ්‍යය ද නො වේ. ලංකාවේ රාජ්‍යය ලංකාවට ම ආවේණික වූ එක්සේසත් රාජ්‍යයකි. බටහිර නිර්ණායක අනුව අඳුරේ අත ගෑමෙන් එය වටහා ගත හැකි නො වේ.

A ෆෝ ඇපල් N ෆෝ නිවුටන් E ෆෝ අයින්ස්ටයින්

A ෆෝ ඇපල්  N ෆෝ නිවුටන් E ෆෝ අයින්ස්ටයින් 


-තමලු මලිත්ත පියදිගම 
        
ඇල්කෙමිස්ට් සඟරාව



පාසල් යන කාලයේ භෞතික විද්‍යාව නම ඇසෙද්දී ම මතක් වන වීරයා අයිසෙක් නිවුටන් ය. නිවුටන් නියම තුන ම දැනගැනීම කෙසේ වෙතත් නිවුටන්ගේ තුන්වෙනි නියමයවත් බොහෝ අය අසා ඇතුවාට සැක නැහැ. එහෙත් බොහෝ දෙනා සෑම ක්‍රියාවකට සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත යන්න තේරුම් ගෙන තියෙන්නේ වැරදි ආකාරවලින් බව ප්‍රකට කරුණක්.

ඇත්තෙන් ම නිවුටන් කළේ කුමක් ද? නිවුටන්ට පෙර සිටි අයට වඩා නිවුටන් ඇති කළ වෙනස කුමක් ද?

මෙයට පිළිතුරු සෙවීම අපහසු නො වේ. නිවුටන්ගේ පළමුවෙනි නියමයෙන් කියවෙන්නේ බලයක් නොයෙදෙන විට අංශුවක් නිශ්චලව හෝ එක ම වේගයකින් එක ම අතකට ගමන් කරමින් හෝ පවතින බවයි. බලයක් නොමැති විට නිශ්චලව තිබීමේ අරුමයක් නැත. බලයක් නොමැති විට චලනය විය හැකි ද?

නිවුටන් කළ ප්‍රධානතම වෙනස මෙයයි. බලයක් නැති වස්තුවකටත් චලනය විය හැකි බව නිවුටන් කීවේ ය. ඇරිස්ටෝටල්ගේ නියමය අනුව බලයක් නොයෙදෙන වස්තුවක් චලනය විය නොහැකි ය. නිවුටන් ඉස්මතු වූයේ මීට අභියෝග කරමිනි.

එහෙත් බලයක් නැතිව චලනය විය හැකි බව කී පළමු වැන්නා ද නිවුටන් නො වේ. ආකාශ වස්තුවල චලිතය දුටු පැරැන්නෝ පොළොව උඩ වස්තු බලයක් නැති විට නිශ්චලව තිබුණ ද ආකාශ වස්තු බලයක් නොමැති විට චක්‍රීයව ගමන් කරන බව කීවෝ ය. නිවුටන්ට අවශ්‍ය වූයේ අහසටත් පොළොවටත් එක සේ වැඩකරන භෞතික විද්‍යාවක් සෑදීමටයි. එනිසා ඔහු ඕනෑ ම වස්තුවකට බලයක් නොයෙදෙන විට එක ම දිශාවකට එක ම වේගයෙන් චලනය විය හැකි බව සැලකුවේ ය.

දැන් මෙතෙක් වෙලා අප කතා කළ බලය යනු කුමක් ද? බලයක් යනු වස්තුවකට අනෙක් වස්තුවකින් එල්ල වන බලපෑමයි. දැන් නිවුටන් ඔහුගේ පළමුවෙනි නියමයෙන් කියන්නේ වෙනත් වස්තුවල බලපෑමක් නොමැතිව ඕනෑ ම වස්තුවකට නිසලව සිටින්නට හෝ එක ම වේගයෙන් එක ම පැත්තට චලනය වන්නට පුළුවන් බවයි.

අනෙක් වස්තුවලින් එල්ල වන බලපෑම් මඟින් සිදුවන්නේ මෙම ස්වභාවික චලිතයෙන් වස්තුව අත් මිදීමයි.

දැන් නිවුටන් ඇපල් ගස් අසළ නිතර කාලය ගත කළ බව ඔහුගේ ලේලිය වෝල්ටෙයාර්ට කියා ඇත. ගහෙන් වැටෙන ඇපල් ගෙඩියක් නිවුටන්ට මෙතරම් ප්‍රශ්නයක් වූයේ ඇයි? නිවුටන්ට කලින් සිටි ගැලීලියෝට නම් මේවා ප්‍රශ්න නො වේ. ගැලීලියෝ කීවේ බලයක් නොමැති විට වස්තුවක් පොළොවට වැටෙන බවයි. ඉතින් නටුවෙන් ගිලිහුණු ඇපල් ගෙඩිය පොළොවට වැටීම ගැන පුදුම වෙන්නේ ඇයි?

ඒත් නිවුටන්ට එසේ නො වේ. නිවුටන් බලයක් නොමැති විට චලිතය එක ම වේගයකින් බව කලින් ම පවසා හමාර ය. ඒත් ඇපල් ගෙඩිය පොළොවට වැටෙන්නේ වේගය වැඩි කරගනිමිනි. නිවුටන්ගේ පළමුවෙනි නියමය අභියෝගයට ලක් විය. එහෙත් නිවුටන් පළමුවෙනි නියමය විසි කළේ නැත. ඒ වෙනුවට වැටෙමින් පවතින ඇපල් ගෙඩිය මත බලයක් එනම් බාහිර බලපෑමක් ඇති බව සැලකී ය. මෙහි දී නිවුටන් ගුප්ත විද්‍යාවෙන් ආභාෂය ලබා ගත්තේ ය. දැන් මේ බාහිර  බලපෑම කරන්නේ කවුද යන ප්‍රශ්නය මතු වේ. පොළොව යන්න නිවුටන් ඊට දුටු උත්තරයයි. පොළොව ඈතින් ඇති ඇපල් ගෙඩියට බලපෑම් කරන්නේ කඹ යොදලා ද යන ප්‍රශ්නයට නිවුටන්ට කිසිදා පිළිතුරක් නො වී ය. නිවුටන් ම පවා ඔහුගේ පිළිතුරෙන් තෘප්තිමත් නොවුණේ ය. ගුරුත්වාකර්ෂණය යනු මෙම බලයට දුන් නමයි.

පොළොව ඇපල් ගෙඩිය අදින බලයෙන් ම ඇපල් ගෙඩිය පොළොව  ද ඇදගනී. මේ බලය වස්තු දෙකේ ස්කන්ධ ගුණිතය හා ඒ දෙක අතර දුර අනුව තීරණය වේ. දැන් මේ අගයන් ඇපල් ගෙඩිය හා පොළොව සන්නිවේදනය කරගන්නේ කෙසේ ද? මීට නිවුටන්ට උත්තර නො වී ය.

නිවුටන්ගේ පද්ධතිය මෙතන දී පමණක් නොව ආරම්භයේ සිට ම අර්බුදයකට පත්ව තිබුණි. බලයක් නොයෙදෙන වස්තුවක් නිසලව හෝ එක ම වේගයෙන් එක ම පැත්තට යන්නේ කාට සාපේක්ෂව ද? වාහනයක සිට බලන විට ගස් පිටුපසට යන්නා පෙනේ. හිරු පොළොව යටා සේ පොළොවට දිස් වුව ද හිරු සිට බැලුවහොත් දිස් වන්නේ පොළොව හිරු වටා යන බවකි.

දැන් නිවුටන්ගේ නියමය සත්‍ය වන්නේ කොහේ සිට බැලුවහොත් ද? මෙයට ද නිවුටන්ට හරිහමන් පිළිතුරක් නො වී ය. නිවුටන් දුන් පිළිතුරු ද පසුකලෙක අර්න්ස්ට් මාක් නම් ජර්මානු දාර්ශනිකයා ප්‍රබල තර්ක මඟින් නිෂ්ප්‍රභ් කොට දැමී ය.

නිවුටන්ගේ නියම තුන පදනමින් ම අසාර්ථක ය. එහෙත් ඒවායින් බොහෝ වැඩ ගත හැකි ය.

අයින්ස්ටයින් යනු නිවුටන්ගේ මෙම කතාවට අභියෝග කළ පුද්ගලයා ය.

වස්තුවකට බලයක් නොයෙදෙන විට වස්තුව එක ම වේගයෙන් එක ම පැත්තට ගමන් කරයි යනු හිතුවක්කාර නීතියකි. ඕනෑම අවස්ථාවක මෙසේ ම වන බව නිවුටන් දන්නේ කෙසේ ද? අනෙක් අතට මෙසේ ගමන් කරන්නේ කාට සාපේක්ෂව දැයි නිවුටන්ට කිව නො හැකි විය. (හිස් අවකාශයට සාපේක්ෂව බවට ඔහු කී කතාව පුස්සක් බවට පත් විය.)

අයින්ස්ටයින් කළේ නිවුටන්ගේ හිතුවක්කාර නීතිය අත හැරීම ය. එවිට බලයක් එනම් බාහිර බලපෑමක් නැති වස්තු කෙසේ ගමන් කරයි ද? අයින්ස්ටයින් කීවේ එය දැන ගැනීමට නම් වස්තුවක් කිසිදු බලයකින් තොරව නිදහසේ ගමන් කිරීමට ඉඩ ලබ දී (එනම් වස්තුව අතහැර ම) එය දැන ගත යුතු බවයි. එවිට වස්තුව ගමන් කරන්නේ යම් ආකාරයට ද අවකාශයේ එම ස්ථානයේ වස්තු බලයක් රහිත විට අදාළ නිරීක්ෂකයාට සාපේක්ෂව ගමන් කරන්නේ ඒ ආකාරයට ය.

දැන් නිවුටන්ට ප්‍රශ්නයක් ඇති කළ ඇපල් ගස අසළට අපි අයින්ස්ටයින් සමඟ යමු. අයින්ස්ටයින්ටත් ඇපල් ගෙඩිය ප්‍රශ්නයක් ද? නටුවෙන් ගිලිහුණු ඇපල් ගෙඩියේ වේගය වැඩිවෙමින් වැටීම ප්‍රශ්නයක් වූයේ නිදහස් චලිතය එක ම වේගයෙන් එක ම පැත්තට සිදු වේ යැයි කියූ නිවුටන්ට ය. අයින්ස්ටයින්ට අනුව බලයක් නැති විට ඇපල් ගෙඩියේ චලිතය ඇපල් ගෙඩිය අතහැරලා ම බලා ගත යුතු ය. දැන් ඇපල් ගෙඩිය අතහැරි විට එය වේගය වැඩි කරගනිමින් පහළට වැඩේ. අයින්ස්ටයින්ට අනුව ඇපල් ගෙඩියේ නිදහස් චලිතය එයයි. එම නිසා හිතුවක්කාර නියමයකින් නිවුටන්ට ආ ප්‍රශ්නය අයින්ස්ටයින්ට මතු වෙන්නේ නැත. ඇපල් ගෙඩිය යෙදෙන්නේ නිදහස් චලිතයේ නිසා බාහිර බලපෑමක් අවශ්‍ය නැත. එම නිසා ගුරුත්වාකර්ෂණය කියා බලයකුත් අවශ්‍ය නැත.

අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාවේ දී ගුරුත්වාකර්ෂණයක් අවශ්‍ය නො වේ. එනම් ගුරුත්වාකර්ෂණ බලය අවලංගු ප්‍රපංචයක් බවට පත් වේ. වැටීම අමුතු බාහිර බලයකින් සිදු වන්නක් නොව බාහිර බලයක් රහිතව ම එම ස්ථානයේ ඇති ස්වභාවික චලිතය වැටීමයි.

බොහෝ දෙනා පාසල් සිසුන්ට දේශන පවත්වද්දී නිවුටන් ඇපල් ගෙඩියක් දෙස බලා ගුරුත්වාකර්ෂණය 'සොයාගත්' බවත් අපට නම් එවැනි දේ නොසිතුණු බවත් එසේ ස්වභාව ධර්මය ප්‍රශ්න කළ යුතු බවත් කියනු අසන්නට ලැබී ඇති වාර අනන්ත ය.

මෙය සම්පුර්ණ විහිළු කතාවකි. ඇපල් හෝ පොල් හෝ වැටෙනු දුටුවාට අපිට එහි ප්‍රශ්නයක් තිබීමට විදිහක් නැත. නිවුටන්ට එය ප්‍රශ්නයක් වූයේ තමන් ම හිතුවක්කාර ලෙස සූත්‍රගත කළ නියමයක් නිසා ය. එනම් නිදහස් චලිතයට ඒකාකාර ප්‍රවේගය හිතුවක්කාර ලෙස පැනවීමෙන් නිවුටන්ට ඇපල් වැටීම අරුමයක් විය. ඉතින් නිවුටන්ට ආ ප්‍රශ්නය අපට ඇති වන්නේ කෙසේ ද? නිවුටන් පිළිතුරු දුන්නේ තමන් ම විසින් හදා ගත් ප්‍රශ්නයකටයි.

ඉතින් නිවුටන් 'සොයාගන්නේ' කොහේ තිබූ ගුරුත්වාකර්ෂණයක් ද? ගුරුත්වාකර්ෂණය නිවුටන්ගේ ම නිර්මාණයකි.

දෙවියන් ලෝකයේ යතුර නිවුටන්ට දුන්නේ ය ඉන්පසු ආලෝකය විය යැයි එක්තරා ඉංග්‍රීසි කවියෙක් ලීවේ ය.

පසුකාලීන කවියකු ලීවේ 
යක්ෂයා මෙය දැක අයින්ස්ටයින් පහළ වේවායි කීවේ ය
සියල්ල ආපසු මුලට ම ගියේ ය යනුවෙනි.

දැන් අයින්ස්ටයින් යමක් 'සොයාගෙන' තිබේ ද? ඇත්තට ම යමක් සොයාගැනීමට නම් එය අපෙන් සඟවා තැබෙන දෙයක් විය යුතු ය. එසේ සඟවා තැබිය හැක්කේ දෙවියන් වහන්සේ කෙනෙකුට ම ය. අයින්ස්ටයින් කළේ ද තම හැකියාව භාවිත කොට ඉතා හොඳට ගෙතූ කතන්දරයක් නිර්මාණය කිරීම ය. ඒ කතන්දරයේ ද ඇත්තේ ඔහු නිර්මාණය කළ සංකල්ප මිස 'සොයාගත්' දෑ නො වේ. 'සොයාගන්නට' සැඟවී ඇති නීති පද්ධතියක් විශ්වයේ  නැත.

                         - තමලු මලිත්ත පියදිගම

අරගලය ශිෂ්‍ය ව්‍යාපාරය හා වම

අරගලය ශිෂ්‍ය ව්‍යාපාරය හා වම


ශිෂ්‍ය ව්‍යාපාරය හා ශිෂ්‍ය සටන් ගැන පොදුවේ කියැවෙන දේ ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ සාරාංශ කළ හැකි ය.

නිදහස් අධ්‍යාපනය පිළිබඳ අදහස් මුලින් ම ඉදිරිපත් කළේ වාමාංශිකයන් ය. නිදහස් අධ්‍යාපනය වමේ සටන් පාඨයකි. එහෙයින් ශිෂ්‍ය ව්‍යාපාරය වම සමඟ බැඳී ඇත. ධනේශ්වර ක්‍රමය විසින් අධ්‍යාපනය සෞඛ්‍යය වැනි මූලික මිනිස් අයිතිවාසිකම් වෙළඳ භාණ්ඩ බවට පත් කෙරී මිල නියම කොට ඇත. මීට එරෙහි විය යුතු ය. ධනේශ්වර දෘෂ්ටිවාදය ඊට එරෙහි නො වී තමාගේ අභිවෘද්ධිය සලසා ගන්නා ලෙස මිනිසුන් තුළ මතයක් ගොඩනඟා ඇත.

මේ සියල්ල විමසීමට පෙර දක්ෂිණාංශික වාමාංශික ධනපති ධනවාදී නිර්ධන ආදී යෙදුම්වල අර්ථ පැහැදිලි කර ගත යුතු ය.



දේශපාලනයේ දකුණ හා වම ලෙස දෙපැත්තක් දැකිය හැකි ය. දැනට පවත්නා දේශපාලන ආර්ථික සාමාජයීය ව්‍යුහය සංස්ථාපනය (establishment) ලෙස හැඳින්වේ. මේ සංස්ථාපනය එලෙස පවත්වා ගනිමින් ඒතුළින් ම ජනතාවගේ අභිලාශ ඉටුකරගැනීමට හැකි ය යන්න දකුණ හෙවත් දක්ෂිණාංශික මතවාදය වෙයි.

ජනතාවගේ අභිලාශ ඉටු කර ගැනීමට පවතින සංස්ථාපනය සහමුලින් වෙනස් කළ යුතු ය යන මතය වම හෙවත් වාමාංශික මතවාදය වේ.

මෙම ව්‍යවහාරය ඉපැදුණේ ප්‍රංශ විප්ලවය කාලයේ දී එවකට ප්‍රංශ පාර්ලමේන්තුව වූ ස්ටේට්ස් ජෙනරල් සභාවේ රාජාණ්ඩුවට පක්ෂ පුද්ගලයින් දකුණෙන් ද විරුද්ධ අය වමෙන් ද හිඳ ගැනීමෙනි. පසුකාලීනව පුළුල්ව සංස්ථාපන පක්ෂ හා සංස්ථාපන විරෝධී ලෙස මෙය යෙදෙන විට වචන දෙක ද දක්ෂිණාංශික හා වාමාංශික ලෙස වෙනස් විය. වාමාංශික බව හා සමාජවාදය අතර සමපාත වීමක් තිබුණ ද ඒ දෙක එකක් නො වේ.

සමාජවාදය සැලකූවිට මාක්ස්වාදය කේන්ස්වාදය බොලිවේරියානුවාදය ආදී විවිධ මත දරන කණ්ඩායම් සිටින අතර එම එක් එක් මතවාදය තුළ ද අනු බෙදීම් රාශියක් පවතී.

ධනපති (bourgeois බූර්ෂුවා) යනුවෙන් හැඳින්වෙන්නේ නිෂ්පාදන මාර්ග අයත් සමාජ පන්තිය වන අතර නිර්ධන (proletariat ප්‍රොලටේරියට්) යනුවෙන් හැඳින්වෙන්නේ විකිණීමට ශ්‍රමය පමණක් ම ඇති ජනතාව ය. එනම් ඔවුන්ට ඉඩම් අයිතියක් හෝ පාරම්පරික මුදල් හෝ නොමැති ය. ඔවුන්ගේ සමාජ පන්තියක් නිර්මාණය වී නොමැති අතර එය අනාගතයේ දී ක්‍රමයෙන් නිර්මාණය වන බව මාක්ස් සඳහන් කරයි. මාක්ස්ට විරුද්ධව යමින් ලෙනින් සඳහන් කරන්නේ එසේ නිසගයෙන් පන්තියක් නිර්මාණය නොවන බවත් බුද්ධිමතුන් (intellectuals) ඔවුන්ට පන්ති විඥානයක් පිටින් ගෙන ගොස් සාදා දිය යුතු බව ය. අවසානයේ දී ලෙනින්වාදයෙන් සිදු වූයේ නිර්ධනයින් හා නිර්ධන පන්තියේ විඥානය දෙකක් බවට පත් වීම ය. එනම් නිර්ධන පන්ති විඥානය පක්ෂ මධ්‍යම කාරක සභාව බවට පත් වීම ය. මාක්ස් පාදඩ නිර්ධන/ නන්නත්තාර නිර්ධන (lumpen proletariat) ලෙස නිර්ධනයින් කොටසක් නම් කරයි. ඒ මාසික හෝ දෛනික වැටුප් වේතන නොලබන කුලී කරුවන්, හිඟන්නන්, ජනතාව පිනවීමෙන් මුදල් උපයන්නන් (entertainers), ගණිකාවන්, ශිල්පීන්, කාර්මික කම්කරුවන්, පෙදරේරුවන් ආදී පිරිසයි. මාක්ස් පවසන්නේ මේ පිරිස දේශපාලනික අරගලයට හවුල් නො කරගත යුතු බවයි.

දැන් සිතා බැලිය යුත්තේ ලංකාවට මාක්ස්වාදය ආදේශ කළහොත් ඉඩම් අහිමි, විකිණීමට ශ්‍රමය පමණක් ම ඇති ජනතාවක් ලංකාවේ වෙසේ ද යන්න ය. ඒ සිටින අයගෙන් ද ඉහත සඳහන් කළ මාසික හෝ දෛනික වැටුප් වේතන නො ලබන කුලීකරුවන්, ශිල්පීන්, හිඟන්නන් ආදීන් ඉවත් කළ යුතු ය. ඉඩම් හිමි ගොවියන් මෙන් ම අඳ ගොවියන් ද ඉවත් කළ යුතු ය. මාක්ස්ට අනුව සමාජ පරිවර්තනය සිදු කළ යුත්තේ එවිට ඉතුරු වන ජනයා ය. මාක්ස්වාදය ලංකාව තුළ ප්‍රායෝගික නොවන බවට මෙයින් ම පෙනේ. ලංකාවේ සමාජවාදීහු මේ නිසා තම පැවැත්ම උදෙසා බාහිර සටන් පාඨ සඳහා යොමු වෙති.

ලංකාවේ ජනතාව සමාජවාදය ලෙස හැඳිනගෙන ඇත්තේ ද රාජ්‍ය ධනවාදයයි (State Capitalism). එනම් රජය ප්‍රාග්ධනය සාමූහනය කොට නිෂ්පාදනයන්හි නියැළී සමාජ සුබසාධනය කිරීමයි. නිෂ්පාදන මාර්ග රජය වෙත පවරා ගැනීමයි.

මේ විපරීත තත්වය තුළ සමාජවාදීහු නිදහස් අධ්‍යාපනය සටන් පාඨයක් ලෙස භාවිත කරති. 

කොමියුනිස්ට් ප්‍රකාශනයේ කියැවෙන්නේ පවත්නා ක්‍රමය තුළ අධ්‍යාපන නිදහස ලබා ගැනීම නොව ඔවුන්ගේ නව සමාජ ක්‍රමයේ දී නිදහස් අධ්‍යාපනය ලබා දෙන බව ය. ධනවාදී ක්‍රමය තුළ නිදහස් අධ්‍යාපනය පිළිබඳව සමාජවාදීන් දරන්නේ එය ධනවාදයේ උපකරණයකි යන මතයයි. රුසියානු විප්ලවයේ පුරෝගාමියකු වන මැක්සිම් ගෝර්කි සිය විශිෂ්ටතම නවකතාව වන පොමා ගොර්දෙයෙව්හි සවිඥානික ධනවාදියා නිරූපණය කරන චරිතය වන මයාකින් ලවා වරක් පොමාට කියන්නේ නිදහස් අධ්‍යාපනය මඟින් සමාජය ගඩොල් ගොඩක් මෙන් එක ම අච්චු කිහිපයකින් කප්පවන බැවින් ව්‍යාපාරිකයන්ට පාරිභෝගිකයන් ග්‍රහණය කර ගැනීමට උපක්‍රම යෙදීම වඩාත් පහසු වන බවක් ය. එනම් නිදහස් අධ්‍යාපනය ද ධනවාදයේ උපකරණයක් වන බව ය. නිර්ධන පන්තියේ විමුක්තිය උදෙසා නිර්ධනයින්ට ලැබෙන ලිවීමේ හා කියවීමේ හැකියාව ආයුධයක් ලෙස උපකාරී වන බව මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේ දී කියයි. මාක්ස් මේ කියන්නේ නිර්ධනයින්ට ලැබෙන අධ්‍යාපනය පිළිබඳව මිස සමාජයේ 'ඉහළට නැඟීමට' අවස්ථාව සලසන අධ්‍යාපනය පිළිබඳව නො වේ. 

එනිසා ශිෂ්‍ය ව්‍යාපාරය හා වම අතර සබඳතාව අරමුණු සමාන වීමක් නොව වම විසින් ශිෂ්‍ය ව්‍යාපාර තම පැවැත්ම උදෙසා තමන් වෙත නතු කර ගැනීමේ උත්සාහයේ ප්‍රතිඵලයක් ය.

නිදහස් අධ්‍යාපනය පිළිබඳ අදහස මුලින් ම ගෙන ආවේ සමාජවාදීන් බව සාවද්‍ය කරුණකි. අධ්‍යාපනය මූලික මිනිස් අයිතියක් බව සඳහන් කළේ රූසෝ වන අතර ජෙපර්සන් ජනාධිපතිවරයා නිදහස් අධ්‍යාපන යෝජනා ඉදිරිපත් කළේ ද නිව්යොක් නගරයේ ප්‍රථම නිදහස් විශ්වවිද්‍යාල ඇරඹුවේ ද කොමියුනිස්ට් ප්‍රකාශනය ලිවීමට කලිනි. ජූල්ස් ෆෙරී ප්‍රංශයේ නිදහස් අධ්‍යාපන පණතක් ගෙන එන්නේ රුසියානු විප්ලවයට දශක කීපයකට ම පෙර ය. මෙසේ දක්ෂිණාංශික බලවේග ඊට කලකට පෙර නිදහස් අධ්‍යාපනය පිළිබඳව අදහස් ගෙන ආ බව පෙනේ.

එක්තරා අන්දමක උත්ප්‍රාසයක් වන්නේ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි ද්විතීයික අවශ්‍යතා වෙළඳ භාණ්ඩ නොවේ යැයි කියන පිරිස් ආහාර වැනි මූලික අවශ්‍යතාවයක් සඳහා එම අදහස ඉදිරිපත් නො කිරීම ය. රජයෙන් ලබා දුන්න ද පෞද්ගලිකව ලබා ගත්ත ද අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නො වී තියෙන්නේ නැත. අවශ්‍ය උපකරණ ඉගෙනුම් ආධාරක හා පොත් පත් සඳහා අප පෞද්ගලිකව හෝ රජය සාමූහිකව හෝ කෙතරම් මුදල් ප්‍රමාණයක් බටහිර රටවලට වැය කෙරේ ද? රාජ්‍ය අධ්‍යාපනය යනු සාමූහිකව මුදල් ගෙවා අධ්‍යාපනය මිල දී ගැනීමකි.

මේ තත්වය නිමා කළ හැක්කේ සමස්ත විෂය පද්ධතියම දේශීය චින්තනය තුළින් නිපදවමින් බටහිර ශාස්ත්‍රීය ආධිපත්‍යයෙන් නිදහස් වීමෙන් පමණි.

මේ සියල්ල ලීවේ ශිෂ්‍ය අරගලය හා වමේ දේශපාලනයේ සමපාතභාවය වම විසින් තම පැවැත්ම උදෙසා නඩත්තු කෙරෙන මායාවක් පමණක් බව කීමට ය. ශිෂ්‍ය සංගම් හා ශිෂ්‍ය ව්‍යාපාර ඔස්සේ ශිෂ්‍ය අයිතීන් දිනා ගැනීමේ දී සමස්ත සංස්ථාපනයට එරෙහි වීම හෝ නො වීම කේන්ද්‍රීය කරුණක් නොවන බව කීමට ය. එහෙයින් ශිෂ්‍ය ව්‍යාපාරයේ හා වමේ අරමුණු වෙන් වෙන්ව වටහා ගත යුතු ය.

වර්තමාන අධ්‍යාපන අයිතිවාසිකම් ඉල්ලීම පිළිබඳ අරගලයේ ශිෂ්‍යයන් බැඳ තබා ගන්නා අදෘශ්‍යමාන හුය වන්නේ නූතනත්ව සමාජය විසින් නම් කරන පහළ ජීවන තත්වයක් ඇති පිරිස්වලට ඉහළ ජීවන තත්වය වෙතට පිය නැඟීමට අවශ්‍ය මාර්ගය රැකගත යුතු ය පුළුල් කරගත යුතු ය යන හැඟීමයි. සමාජවාදීන් විසින් වර්තමානයේ කරණු ලබන ප්‍රධානතම කාර්යය වන ශිෂ්‍ය අරගලයන් ධනවාදයේ මානසික අල්ලස් තහවුරු කිරීමට ම වීම කදිම උත්ප්‍රාසයකි. වැඩිපුර ම හඬනැඟෙන්නේ මූලික අධ්‍යාපනය, කාර්මික අධ්‍යාපනයට වඩා වෛද්‍ය අධ්‍යාපනය වැනි වඩාත් 'සුළු ධනේශ්වර' අංශ වෙනුවෙන් වීම මේ උත්ප්‍රාසය තවත් තීව්‍ර කරයි.....


                                  මතු සම්බන්ධයි..


                       - තමලු මලිත්ත පියදිගම



(කලකට පෙර ලියූ සටහනක් සුළු වශයෙන් සංස්කරණය කිරීමකි.)

What is special about scientific method?

What is special about scientific method?

Philosophers of Scientific Method

- Thamalu Maliththa Piyadigama 

When you talk of ideas these days people tend to ask if they had been scientifically proven? Some people reject reincarnation and karma saying these phenomena are not scientifically proven. The scientific method has been taken to such an extent in our minds that some people in Sri Lanka even talk of a ‘scientific cabinet’ now.

The question that should be asked then is “What is so special about science?” What is so special about anything that had been proven scientifically over another that had not been so? How do we separate science and non-science? Science is a word used for progressiveness from the early stages of western modernity and based on that a knowledge system which is called science has been raised over all the other knowledge systems. Is there anything special about science? This is not a new question. Philosophers have tried to answer this question for a long time.

There is a popular definition for science i.e. science is a knowledge which is tested according to the scientific method. This definition gives an answer to the question. Science is special because it is in accordance with the ‘scientific method.’ Then the next problem is what on earth this scientific method is? For this question the answers are diverse. Anyone who defines scientific method should establish the demarcation between science and non-science and explain why science is superior.
What is the scientific method? Secondary school education has given us a ready-made answer. It is hypothesis, experiment, observation and conclusions. This popular answer is misleading and incomplete. These are only steps of the so-called scientific method. A method is not a list of steps. A method says how to do rather than what to do. These buzzwords say nothing about how things go about in science.

Induction is to make many observations and generalize them to come up with a general statement. This Bacon’s idea is obviously incomplete.

Science is mainly about inventing new theories. A theory is a well fabricated story to explain some phenomena and observations. (This definition which is the most sophisticated one among many others is by Dr. Nalin de Silva.) ‘How’ does a scientist work when he is doing scientific research? This is the question to be answered by philosophers and scientists.

Sir Francais Bacon said scientific method is induction. Induction is to make many observations and generalize them to come up with a general statement. This Bacon’s idea is obviously incomplete. For instances, if we take the theory of gravitation we see things fall and the generalization is not gravitation, but a statement saying everything falls until it meets a barrier. Galileo introduced a term named hypothesis. That means what scientists do is not mere generalization, but to invent an ‘explanation’ (hypothesis) on observations and then test it.

Testing and verifying theory 
Then the problem is how do we test a theory? How can we verify a theory? As I have mentioned above, a theory is a story. How can we test a story? There is no direct way to test a story. What we can do is to consider the implications of the theory (story) and test them. Before the last century, philosophers of science and scientists believed that a theory can be proved by checking the implications. In non-science theories are not proved by checking implications.

Karl Popper, a rationalist philosopher, challenged these views. He showed that these views of the scientific method are completely illogical. One of his famous statements is that you cannot logically prove that “All swans are white” by observing thousands of white swans because there is a possibility that the next one is black. When you see a black swan the statement is falsified. Therefore we cannot prove anything by induction. What we can do is only refute a general statement. On the other hand, the statement that if P is Q doesn’t logically imply that if Q is correct then P is correct. For example, if a number gets divided by 4 it gets divided by 2 as well. But it can’t be in reverse. Though 6 is divided by 2 it is not divided by 4. Therefore although the implications of a theory are checked and found to be true, there is no guarantee that the theory is correct. However, we can do one thing. If an implication is found to be wrong we can say the theory is incorrect. We can refute the theory.

Therefore Karl Popper said we cannot prove anything by generalization or checking implications of a theory and therefore what can be done to verify theories in science is to refute them. Then people who expect science to be the path of finding truth had a problem saying that if you cannot prove truth in science then why use it. Popper said that science advances by creating lots of theories and rejecting the falsified ones. When false theories are excluded, true theories will remain. Therefore, the scientific method is falsification. If there is a ‘way to prove a hypothesis is false’ (not ‘proved false’) it is a scientific hypothesis. According to Popper, statements in astrology, psychoanalysis and Marxism provide no way to prove themselves to be false. That is to say they are un-testable, so these fields are non-science. This is Karl Popper’s critical rationalism.

Paradigm shift 
This idea was challenged by another philosopher Thomas Kuhn. When he studied the history of science for a speech, he understood that falsification is not the ultimate goal of the scientific method. He showed that testing an implication of a theory is not an isolated process. The implication is generated with the help of other existing theories. Other theories and auxiliary assumptions are used also in the experimentation process. Therefore if we find by experiment that an implication of a theory is false, we cannot directly say the theory is false. It should be the fault of other helping theories or auxiliary assumptions. Therefore there is no way to falsify a scientific theory too. This Kuhn’s identification gave life to a new concept: Paradigm. A paradigm is a structure which has a centre theory. In the era of normal science, scientists do not challenge the paradigm. New theories are checked using the theories in the paradigm. Nobody challenges the centre theory. However, there are eras of revolutionary science where the centre theory is challenged and refuted. Then the whole paradigm will collapse to give way to a new paradigm. Different paradigms approach the same problem in completely different ways. Therefore science is unable to prove whether something is true or false, but will only check if it is in accordance with the existing paradigm.

Kuhn also tried to formulate the demarcation between science and non-science. He said that a paradigm shift is only possible in science.

Then a philosopher named Paul Feyerabend showed by analyzing the Galileo affair and other incidents of science history, that there was no method special to science. He showed that science should not have special advantage over non-science. He said that we should be against the chauvinism of science.

Popper said we cannot prove anything by generalization or checking implications of a theory
Sri Lankan philosopher Dr. Nalin de Silva also made a contribution to this field. He invented the concept of Chinthanaya. Chinthanaya is the logical, epistemological, and deep philosophical fundamentals of a culture. Culture, Chinthanaya and knowledge of the culture is interrelated. Different cultures have different Chinthanayas and therefore there are different knowledge systems in different cultures. Hence there are different sciences in different cultures. Western science is the science of Greek Judaic Christian (GJC) Chinthanaya which is now dominating the world. No science reveals an absolute truth because there is nothing that could be taken as an objective reality. We all have our own different worlds. Knowledge is not an external truth. It is our construction. Theories are just stories we construct to explain our world. In that sense all knowledge is lies (Boru). Western science which consists of ‘abstract’ theories with concepts and phenomena that cannot be felt by the senses or imagined is a blatant lie (Pattapal Boru). Do not confuse these terms with their day today life meaning. Dr. Nalin de Silva further explains that other cultures should develop their own science against the oppressive dominance of western science and get rid of western imperialism completely. This is his Constructive Relativism.

Whatever these arguments are the most important thing to remember is that non-science is not just nonsense.

             - Thamalu Maliththa Piyadigama 

ඉරිඟු ඇටය හා බෙදුම්වාදය

ඉරිඟු ඇටය හා බෙදුම්වාදය



එක්තරා මනෝ වෛද්‍යවරයකු වෙත අමුතු රෝගියකු පැමිණියේ ය. මානසික රෝග බොහෝ විට අමුතු අමුතු ඒවා බැවින් මනෝ වෛද්‍යවරයාට නම් ඒ අමුතු රෝගියකු නොවන්නට ඇත.

"ඩොක්ට, හැම තිස්සෙම මට හිතෙනවා මම ඉරිඟු ඇටයක් කියලා" රෝගියා තම තත්වය වෛද්‍යවරයාට පැහැදිලි කළේ ය. දිගු වේලාවක් කරුණාවන්තව උපදෙස් දුන් වෛද්‍යවරයා තමා ඉරිඟු ඇටයක් නොවන බව රෝගියාට පැහැදිලි කර දුන්නේ ය. රෝගියා සිත නිරවුල් කරගෙන නිවසට ගියේ ය.

ඊළඟ දිනයේ සේවයට පැමිණි මනෝවෛද්‍යවරයා විස්මයට පත් වූයේ එදින ද රෝගියා පැමිණ සිටීම නිසා ය.
" ඩොක්ටර්, අද උදේ මම ගෙයින් එළියට බහිද්දී ගහක් උඩ කුරුල්ලෙක් මං දිහා බලන් ඉන්නවා දැක්කා. ඉරිඟු ඇටයක් කියලා ඌ මාව කයි කියලා මම බය වුණා." රෝගියා කතා කළේ හැඬූ කඳුලෙනි.


"ඉතින් මම ඊයෙත් ඔයාට පැහැදිලි කරලා දුන්නා නේද ඔයා ඉරිඟු ඇටයක් නෙවෙයි කියලා.


"ඔව් ඩොක්ටර් මම දැන් හොඳින් දන්නවා මම ඉරිඟු ඇටයක් නෙවෙයි කියලා" 


"එතකොට මොන එහෙකට ද බය වුණේ"



"මම දැන ගත්තට කුරුල්ලා දන්නවා ඇති ද?"


බෙදුම්වාදීන් නිජභූමියක් පිළිබඳ කියමින් තම අදහස් යුක්ති යුක්ත කිරීමට ගෙනා තර්ක බිඳ හෙළා දෙමළ ජාතිවාදය මතවාදීව පරාජය කිරීමට නලින් ද සිල්වා මහතා සමත් වූයේ බොහෝ කාලයකට පෙර ය.
ඊට බෙදුම්වාදයට දිය හැකි ප්‍රතිචාරය වූ තර්කවලින් නොව සන්නද්ධ බලයෙන් එය ස්ථාපනය කරන්න යන්නට කොටි සංවිධානය හමුදා ක්‍රියාමාර්ගවලින් පරාජය කළ යුතුයි පරාජය කළ හැකියි යන්න පවසා ද බොහෝ කල් ය. මහින්ද මහතා එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කොට ද බොහෝ කල් ය.

එහෙත් ඉහත කථාවේ රෝගියා මෙන් තවමත් ඇතැමුන්ට කුරුල්ලා තමා ඉරිඟු ඇටයකැයි සිතන මනෝ ව්‍යාධිය ඇත. බලය බෙදීම් 13+ යෝජනා කරන දයාන් ජයතිලක ආදීන් මෙහි අසාධ්‍ය තත්වයේ සිටින්නන් ය.

මහින්ද හෝ ගෝඨාභය මේ මනෝ ව්‍යාධියට යට විය යුතු නො වේ. නන්දිකඩාල්හි දී මේ සියල්ල කුණු බක්කියට විසි කොට හමාර ය. 

දැන් අප කළ යුත්තේ කොටි පරාජය නො කළ හැකි  බවට වූ රෝගය සුව කරගත්තාක් මෙන් කොටි පරාජය සමඟ ම ෆෙඩරල් හා බලය බෙදීමේ යෝජනාවල වලංගු භාවය ද අහෝසිව ඇති බව තේරුම් ගැනීමයි.

               - තමලු මලිත්ත පියදිගම 

Globular Earth vs. Telecommunication

Globular Earth vs. Telecommunication

Thamalu Maliththa Piyadigama 
06.04.2018


We live in a world where the use of technology is seen everywhere. Our computers, mobile phones, television and lot of other things we use are results of technology. 
When the word technology is mentioned the next word that comes immediately to our mind is science. Technology and Science; what a nice combination! What a collocation! I’m sure you think these enhanced technological equipment are necessarily results of advanced scientific theories. Yes. I agree with you to some extent. However, what you are experiencing now is western science and western technology. Western domination is prevailing over us by means of western science and technology.  

If we say western science is a medium for imperialism, many people (mostly the educated) start worrying. “Are you going to the age when people thought the earth was flat? Are you that mad? What a nice world we are in now with this technology! You are going backward. How do we have this advanced technology without the utmost guidance of science? Keep that rubbish with you.” Most people would say. They would go much further and recommend a punishment. “Don’t use your computer; don’t use your mobile phone; stop logging into Facebook; don’t use internet. They are precious gifts of modern (western) science. If you are against it, don’t use those things at all.”  

Most of them don’t know that ancient Indians and Sri Lankans knew earth was a globe. I wrote about that explicitly in a previous article (Published on 2018.02.12 in the Daily Mirror). The funny side of the punishment is that most people don’t know the story behind how wireless communication originated.  


Radio waves and Marconi   


There was an Italian engineer named Guglielmo Marconi. Most of you may have heard of him. He was the inventor of radio and was a Nobel laureate too. Marconi had a great interest in radio waves. At that time radio waves were only used for scientific experiments and no one thought of using it as a long distance communication medium. Scientists said radio waves cannot be used for long distance communication because they are just like visual light. Therefore, the range of radio waves doesn’t extend beyond the visual horizon. Marconi proposed to create radio communication systems and his proposal wasn’t accepted in his homeland. However, Britain showed interest and he created several communication systems for the British. 

Then Marconi was asked to create a transatlantic telecommunication system. It was supposed to facilitate direct wireless communication between America and England. He accepted the challenge and began to work.  

Radio communication is done using electromagnetic waves. Electromagnetic waves go along straight lines. Physicists at that time said that radio transmission between America and England was impossible because of the globular shape of the earth. The straight line attaching America and England is located inside the surface of the earth. As the waves that Marconi used were not powerful enough to penetrate the earth surface, it was thought as impossible to transmit radio waves between England and America.  

Marconi didn’t care much about these arguments and continued his work. Physicists and skeptics who chided Marconi continuously for his ignorance of physics were eager to see him fail. They thought Marconi was no more than a ‘fool’ who believe that the ‘Earth was flat.’ However such talk didn’t deter Marconi from continuing with his work.  

Then Marconi did a test and transmitted letter S in Morse code. Skeptics continuously attacked Marconi saying it was not a blind test because he knew it was the letter S which was expected to be transmitted. Marconi did several tests again, but skeptics and physicists kept on chiding Marconi.  


Physicists and skeptics  


However, when Marconi finished his work it was the skeptics and physicists who were dumbfound. It worked. Marconi sent a message from Canada to Nova Scotia in 1902 and in 1903 President Roosevelt sent a greeting to King Edward VII through the Massachusetts station Marconi built in 1901. In 1904 Marconi started the first commercial transatlantic service to send news summaries and in 1907 he started the first regular transatlantic radio-telegraph service. Marconi had the last laugh.  
What happened to the physicists and skeptics? They struggled with the problem as to how this was possible. Then physicists came up with a solution. They invented a new concept named ionosphere. They said there is a layer in the upper atmosphere which consists of ionized gas molecules. This layer reflects radio waves. The radio signal from America was transmitted to Europe after two reflections via the upper atmosphere.  

This story explains how weird ideas aided advancement in technology. This is against the common belief. People usually think technology is strictly bounded by science. However, if Marconi believed in physicists or was vulnerable to criticism of skeptics, no long distance communication would be available today. Perhaps no ionosphere either! In the same way ideas that seem weird or foolish in the view of current western science can be very useful ideas one day. This story questions the usage of western science as the measuring instrument of knowledge.  

Skeptics, realists and rationalists tend to label anything which cannot be explained by western science as a myth. If the things which were ‘proved to be wrong’ by western science have become useful concepts one day, how can we reject anything on the basis that there is no western scientific explanation?  

Scientists bend or change their theories and invent new theories when their predictions go wrong, just as inventing the concept of ionosphere. Therefore, you shouldn’t be afraid of western science or skeptics if you believe in reincarnation, karma, astrology, heavens or gods either. Who can say you are wrong just because they are non scientific?  

Marconi later became a member of the Fascist party of Benito Mussolini. Some of the Marconi’s patents were controversial. There were some people who claimed they invented the radio before Marconi. However, Marconi was the person who popularized radio communication systems.  

As I mentioned in the beginning of this article we should invent our own science and technology to get rid of the domination of western science. We have to go against the established western scientific dogmas. We should not fear them. The so-called well-established ideas and ‘proofs’ were challenged and beaten in the history of western science and technology too. Why can’t we?  

   - Thamalu Maliththa Piyadigama 

මෝහිනී මිථ්‍යාවක් නො වේ

මෝහිනී මිථ්‍යාවක් නො වේ


තමලු මලිත්ත පියදිගම
 ඇල්කෙමිස්ට් සඟරාව
මැයි කලාපය 2018


මෝහිනී නමින් යක්ෂණියක් ගැන අපි අසා ඇත්තෙමු. ඒ යක්ෂණිය සුරූපී මිනිස් ගැහැනියකගේ වෙසක් මවා ගෙන බිළිඳකු වඩා ගෙන රාත්‍රියේ මහ මඟ පෙනී සිටියි. මහ මඟ රාත්‍රියේ ඇවිදින්නකු හමු වූ විට මෝහිනී ඔහුට කතා කොට තමා ඇඳ සිටින වස්ත්‍රය සකසා ගැනීමට මඳකට බිළිඳා ඔහු අතට ගන්නා ලෙස පවසා සිටී. ඔහු බිළිඳා අතට ගතහොත් යක්ෂණිය ඔහු මරා ආහාරයට ගනියි. මෝහිනියට යමකු මරා කෑමට අවසර ඇත්තේ බිළිඳා වඩා ගතහොත් පමණි. බිළිඳා අතට නොගෙන මෝහිනියගේ වස්ත්‍රය සකසා දෙන ලෙස දැනමුත්තෝ පවසති.

මෙදා නගරයේ මෙන් ම ගම්වල ගැහැනුත් රෙද්ද හැට්ට වෙනුවට කලිසම, සාය හා ගවුම ඇඳීමට පුරුදුව සිටින බැවින් දෝ ළඟක දී මෝහිනී පාරක තොටක දර්ශනය වී සිටි බවක් අහන්නට නො ලැබේ. කොහොමටත් අද කාලයේ රාත්‍රියේ පාළු පාරක සිටීමේ අවදානම ගන්නට මෝහිනීවත් නො පෙළඹෙනු ඇත. බොහෝ දෙනා මෝහිනී වැනි සංකල්ප මිථ්‍යා සේ බැහැර කරති. ඒවා විශ්වාස කරන්නන් මෝඩයන් ලෙස අවඥාවට ලක් කරති.

රාත්‍රී යාමයේ කොතරම් සංචාරය කොට තිබුණ ද මා මෝහිනී පාරේ සිටිනු නම් දැක නැත. එහෙත් මෝහිනී යනු මිථ්‍යාවක් නොවන බව නම් මම හොඳ හැටි දනිමි. මෝහිනියව මා හොඳින් ම දුටුවේ පාසලේ හා විශ්වවිද්‍යාලයේ දී ය. දැන් මෙය කියවන කවුරුන් හෝ මගේ හිතවත් කෙල්ලක කලබල වී තමාට තොප්පිය දමා ගත යුතු නො වේ. රාත්‍රියේ පාරේ දී මෝහිනී නො දැක්කත් මම මෝහිනීගේ බිළිඳාව නම් දිනපතා ම දිවා රැයේ දකිමි. ඔහුව වඩා ගන්නා අය අනන්තවත් දැක ඇත්තෙමි. මේ මෝහිනිය මරා කෑ මිනිසුන් ගණනින් අප්‍රමාණ ය.


''සත්තකින් ම විද්‍යාව හැමවිට ම අධිකාරීත්වයටත් අන්ධ විශ්වාසයටත් එරෙහි සටනේ පෙරමුණේ සිටියේ ය. ආගමික විශ්වාසයන්ට එරෙහිව අපගේ බුද්ධිමය නිදහස වර්ධනය කරගැනීම ගැන අප ණයගැති වන්නේ විද්‍යාවට ය. පුරාණ දැඩි චින්තන රාමුවලින් මිනිස් වර්ගයා ගලවා ගැනීම පිළිබඳව විද්‍යාවට අප ණයගැති ය. " අද වන විට මේ ආකාරයේ කල්පනාවන් නපුරු සිහිනයන් ම පමණි. ඉහත ආකාරයේ කතා අප ඉගෙන ගත්තේ ද විද්‍යාව තුළින් ම ය. විද්‍යාව හා පුනුරුදය එකකි: මෙය සමාජයේ ඉතා ම රැඩිකල් විවේචකයන් පවා  විශ්වාස කරන්නකි. ක්‍රොප්ට්කින්ට සියලු සාම්ප්‍රදායික ආයතන හා විශ්වාසයන් බැහැර කිරීමට අවශ්‍ය විය. එහෙත් විද්‍යාව ඊට අයත් නො විණි. ඉබ්සන් දහනවවන සියවසේ ධනපති දෘෂ්ටිවාදයේ සූක්ෂ්ම ම අතු බෙදීම් විවේචනය කළ නමුත් විද්‍යාවට අතක් නො තැබී ය. කලක් සිතා සිටි පරිදි බටහිර සිතීම් රටාව මානව ප්‍රතිලාභයන්ගේ එකම මුදුන් හිණි පෙත්ත නොවන බව අපට පෙන්වූව ද ලෙවී ස්ට්‍රවුස් ඔහුගේ දෘෂ්ටිවාදයන්හි සාපේක්ෂතාවෙන් විද්‍යාව වෙන්ව තැබී ය.  විද්‍යාව වැඩ කරන ජනතාවට ඔවුන්ගේ මානසික හා සාමාජීය විමුක්තිය ලබා ගැනිමේ අභිලාශයට සහය දෙනු ඇතැයි මාක්ස් හා ඒංගල්ස්ට ඒත්තු ගැන්වී තිබුණි. මේ සියල්ලෝ මුලා වූවෝ ද? මේ සියල්ලෝ විද්‍යාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව නොමඟ ගියෝ ද? මේ සියල්ලෝ එක්තරා මෝහිනියකට ගොදුරු වූවෝ ද?


මෙතෙක් මේ ලිපිය කියවා ගෙන ආ අයට දිශානතිය හා භාෂා ශෛලිය එකවර වෙනස් වූ බවක් සමහර විටෙක හැඟෙන්නට ඇත. ඉහත ඡේදය How to Defend the Society against Science යන මාතෘකාවෙන් පෝල් ෆයරාබන්ඩ් නම් දාර්ශනිකයා කළ දේශනයකින් උපුටා ගෙන (එක් වචනයක් පමණක් වෙනස් කොට) මවිසින් පරිවර්තනය කරන ලද්දකි. මෙහි මෝහිනිය යන්න වෙනුවට තිබුණේ කයිමියරා (Chimeara) නම් වචනයයි. ඒ ග්‍රීක මිථ්‍යා කථාවල එන අද්භූත සත්ව විශේෂයකි. කයිමියරාට හසුවෙන්නන් ගැන හෝමර් ගේ ඔඩිසි කෘතිය කියවා ඔබට දැන ගත හැකි ය. කෙසේ නමුත් මෝහිනී කුමක් කරයි දැයි යන්න නම් ඔබට අමුතුවෙන් කිව යුතු නැත.

ලෝකයේ ඇත්තේ එක ම විද්‍යාවක් නො වේ. එක එක චින්තනයන්හි එක එක විද්‍යා බිහිවිය. බටහිර ජනයා ආමන්ත්‍රණය කළ ෆයරාබන්ඩ් විද්‍යාව ලෙස හැඳින්වූයේ බටහිර විද්‍යාව ය. සිය Against Method කෘතියේ චීන මුද්‍රණයට පෙරවදන ලියමින් ඔහු බටහිර විද්‍යාව බටහිර විද්‍යාව ලෙස ම හඳුන්වමින් විවිධ සංස්කෘතීන්හි විද්‍යා ගැන ද ලියයි.

අපි දැන් ෆයරාබන්ඩ් ගැන කතාව පසෙක තබා නැවතත් මෝහිනී දෙස හැරෙමු. බටහිර විද්‍යාව ඇතුළු බටහිර නූතනත්ව දැනුම් පද්ධතියේ ආධිපත්‍යයට අප නතු වීම හේතුවෙන් දේශපාලනිකව ආර්ථිකව මෙන් ම සමාජයීව ද අප පරාධීන වී ඇත. මෙහිදී කතා කළ යුතු තවත් වැදගත් ප්‍රශ්නයක් වනුයේ බටහිර නූතනත්ව දැනුම් මෝහිනී අප අතට දෙන බිළිඳා කවුරුන් ද යන්න ය.

මේ බිළිඳා නම් බටහිර තාක්ෂණය ය. අපේ ජීවන රටාව බටහිර තාක්ෂණය විසින් ආක්‍රමණය කරනු ලැබී ඇත. බටහිර තාක්ෂණය මඟින් අපේ ජීවිතය පහසු කර දෙනු ලැබ ඇතැයි අපි සිතමු. බටහිර තාක්ෂණයේ විලාසිතාමය දේවලට අපි අධික ලෙස මුදල් වැය කරමු.

බටහිර තාක්ෂණය නම් බිළිඳා සුරතල් කරමින් සතුටු වන අප බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම් මහා ඉහළින් සැළකීමට පෙළඹෙමු. මේ ආකල්පය ඔස්සේ බටහිර දැනුම අධිපතිවාදීව අප මත පැටවේ. පාසල් හා විශ්වවිද්‍යාලවල දී බටහිර දැනුම ඉගැන්වීමත් සමඟ ම යකිනිය කෙමෙන් කෙමෙන් අපගේ සාරය උරා බී අප අනුකාරකයන් බවට පත් කරයි.

මෙසේ ක්‍රමයෙන් බෙලහීන බවට පත් කෙරෙන අතරතුර දී ම අප බටහිර සංස්කෘතියේ පිල්ලි හෙවත් සොම්බි බවට පත් කරනු ලැබේ. අපව අඩපණ කොට බෙලහීන කළ ද මෝහිනිය අප තුළ වෙනත් කිසිවක් උපද්දවන්නේ ද නැත. තමාගේ මන්ත්‍ර අනුව ක්‍රියා කරන පිල්ලි බවට අප පත් කරනවා පමණි.

බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම්වල ආධිපත්‍යයට එරෙහිව කතා කරන විට බොහෝ දෙනා ඊට විරුද්ධ වන්නේ, බිය වන්නේ වැඩිමනත් ම බටහිර තාක්ෂණයට ඇති ඇබ්බැහි වීම නිසා ය. බටහිර තාක්ෂණයෙන් තොරව එදිනෙදා ජීවිතයේ මේ දේ කරන්නේ කෙසේ ද අර දේ කරන්නේ කෙසේ ද යනුවෙන් ඔවුහු කැළඹිල්ලට පත් වෙති. එහෙත් ඔවුන් අමතක කරන්නේ අපගේ ජීවන කර්තව්‍යයන් මෙතරම් සංකීර්ණ වී ඇත්තේ ද බටහිර නූතනත්වය නිසා ම බව ය.

බටහිර තාක්ෂණික මායාවෙන් වශීවීම නිසා අප බටහිර දැනුමෙන් වෙනතක් ගැන සිතන්නේ නැත. ඒ නිසා ම අප අහිමි කරගන්නා සම්පත් ප්‍රමාණය සුළු පටු නො වේ. බටහිර වෙදකමට ම වහල් වීම නිසා අප වසරකට කොතරම් සම්පත් ප්‍රමාණයක් බටහිර වෙළඳපොළ වෙනුවෙන් බිලි දෙනවා ද? ඒවායින් කොපමණ ප්‍රමාණයක් සිංහල වෙදකමට මුල් තැන දුන්නා නම් රැකගනු හැකි වේ දැයි කිසිවකු ගණන් බලා තිබේ ද? එසේ ගණන් බැලීමටවත් කිසිවකු උත්සාහ කරන්නේ නැත.

මෙතරම් කලක් බටහිර විද්‍යාව උගන්වා ඇති නමුත් අප වැනි රටවලින් බටහිර විද්‍යාවට ඉතා සුළු ව්‍යතිරේක දෙක තුනක් නො සැලකූ විට වැදගත් දායකත්වයක් සිදු වී නැත. මීට හේතුව වන්නේ බටහිර විද්‍යාව බිහි වූ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය අපගේ චින්තනය නො වීමයි. එනිසා අපට බටහිර විද්‍යාව නිසි පරිදි හසුරුවා ගත නො හැකි ය. එනම් අපට බටහිර විද්‍යාව ගැළපෙන්නේ නැත.

මේ නිසා අපේ අධ්‍යාපනයෙන් බිහි වෙන්නේ අනුකාරකයන් ය. ඔවුන්ගේ සිංහල බෞද්ධ අංග ලක්ෂණ ක්‍රමයෙන් විනාශ වී අනුකාරක බටහිර දැනුමෙන් හිස් ඉදිමී ගොසිනි. ඔවුහු බටහිර මතවාද වමාරා කමින් බඩවියත රැකගනිති. ශාස්ත්‍රීය අධ්‍යාපනයේ පමණක් නොව වෘත්තීය අධ්‍යාපනයන්හි පවා වැඩි වෙනසක් නැත. එක්තරා සමාගමකින් පාසල් හා විශ්වවිද්‍යාල සඳහා තම නිෂ්පාදන නොමිලයේ ලබා දෙන්නේ ඇයි දැයි ඇසූ විට එහි කලාපීය අධ්‍යක්ෂකවරයකු ඉතා අවංක ලෙස කීවේ එම නිෂ්පාදනවලින් ඉගැන්වීම් කටයුතු කළ විට රැකියා සඳහා යන කාලයක දී එම සිසුන්ට තම නිෂ්පාදන ම අවශ්‍ය වනු ඇතැයි යන්න ය. ඇතැම් වෘත්තීයමයභාවයෙන් ඉතා පහළ නිෂ්පාදන විවිධ උපක්‍රම මඟින් විෂය නිර්දේශයන්ට ඇතුළු කොට ප්‍රවර්ධනය කෙරෙන අතර ඒවාට අවශ්‍ය සහායක මෘදුකාංග ආදිය ද අධික මිලට අලෙවි කෙරේ. සමහර විට ඒ ඊට වඩා වෘත්තීයමයභාවයෙන් වැඩි නිෂ්පාදන ඊට වඩා අඩු මිලට තිබිය දී ය. මේ නිෂ්පාදන සම්බන්ධ වෙළඳ ආධිපත්‍යය බටහිර රටවල ද පවතී. අප වැනි රටවල දරුණුවට ම පවතී.

බටහිර දැනුම අපට උගන්වන්නේ ද එවිට එය ඉගෙන ගන්නා සිසුන්ට වැඩ කිරීම සඳහා බටහිර දැනුම, විශේෂඥ උපදෙස්, සහායක නිෂ්පාදන ආදිය අවශ්‍ය වේ ය යන අරමුණ ඇතුව ය. එමෙන් ම බටහිර දැනුමෙන් හිස කුරුවල් වූවන් බටහිරට කිරීමට අවශ්‍ය දේ අප රටේ සිට ම කර දෙයි.

ලංකාවේ කෘෂිකර්මය බටහිරකරණය කිරීම නිසා බටහිර විද්‍යාවේ අභිජනන ක්‍රම, පොහොර, කෘමිනාශක ආදිය ව්‍යාප්ත විය. මෙයින් අස්වැන්න වැඩි වූයේ යැයි කියමින් දැන් කෘෂිකර්ම විශේෂඥයන් උදම් අනනු ඇත. එහෙත් මෙය උපකල්පනවලට හා තෝරාගත් තත්ව කිහිපයක් සලකා බලන ඊනියා පර්යෙෂණවලට පමණක් සීමා වේ. එනම් අබිජනන ක්‍රම, පොහොර, කෘමිනාශක ආදිය යෙදූ වගාව සංසන්දනය කරන්නේ නිදැල්ලේ වැවෙන වගාවකට ය. මන්තර කෙම් ක්‍රම නැකත් ආදී දේ අවිද්‍යාත්මක ලෙස හංවඩු ගසා ඒවා මේ පර්යේෂණ අසලටවත් වැද්ද ගන්නේ නැත. වල් පැලෑටි පළිබෝධ හානි ආදී දේ ගැන සැලකිල්ලට ගන්නේ නැත. බටහිර විද්‍යාත්මක විධික්‍රමය සමස්තය නො සලකා එක එක අංගය වෙන ම ගෙන විෂ්ලේෂණය කොට ගුණාගුණ කියයි. ඒවාට ලිපි ලේඛන සකස් කරයි. අප බටහිර කෘෂිකර්මයට එරෙහි වන විට විශේෂඥයන් අපට සමස්තය නො සැලකූ එවන් ලිපි ලේඛනවලින් පහර දෙනු ඇත.

දකුණේ පොල් වගාවේ දරුණු ලෙස පැතිරී යන රෝග හතර සම්බන්ධ තත්වය ද මෙවැන්නක් බව අසන්නට ලැබේ. මේවාට විසඳුම් ලෙස ඉදිරිපත් වන්නේ පොල් ගස් කපා දමා පොල් සිටුවීම තහනම් කිරීම වැනි දේ පමණි. ඉතියෝපියාව ඇතුළු බොහෝ අප්‍රිකානු රටවල් තමන්ගේ ඵලදාවන් විනාශ කරගත්තේ බටහිර විද්‍යාත්මක ක්‍රමවේද මඟින් හරිත විප්ලව කිරීමට ගොසිනි.

බටහිර විද්‍යාවෙන් හෝ තාක්ෂණයෙන් කිසිවක් නො ගත යුතු බව මින් නො කියැවේ. බොහෝ දෙනා කියනු ඇත්තේ ඒවායින් හොඳ දේ ගෙන නරක දේ නොගත යුතු බව ය. මෙය විහිළුවකට වැඩි යමක් නො වේ. ගුප්තකර්මවල නම් සුදු හා කළු (White and Dark Arts) ප්‍රභේද තිබුණ ද බටහිර විද්‍යාවේ හා තාක්ෂණයේ සුදු හා අඳුරු අංශ යනු මොනවා ද? බටහිර විද්‍යාව හා තාක්ෂණය වර්ධනය වීමට ලෝක යුද්ධ බලපෑ අයුරු සලකා බැලුවහොත් හොඳ බටහිර ව්ද්‍යාව හා හොඳ බටහිර තාක්ෂණය ලෙස කුමක් ඉතුරු වේ ද? මෙහි ඇත්තේ හොඳ නරක කතාවක් නො වේ. අප බටහිර විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් යමක් ගත යුත්තේ ගෙඩිපිටින් නොව එය අපේ කරගනිමිනි. එනම් එය අපේ චින්තනයට අනුව ගොඩනඟා ගනිමිනි. නැතහොත් එයින් අවැඩක් මිස වැඩක් වන්නේ නැත.

අපේ චින්තනයේ විද්‍යාවක් බිහි කිරීමේ දී අප බටහිර තාක්ෂණය වෙත අප තුළ ඇති වහල්භාවය තුරන් කර ගැනීමට කටයුතු කළ යුතු ය. අපට අපේ චින්තනයේ අපේ විද්‍යාවක් ආශ්‍රිතව අපේ තාක්ෂණයක් ගොඩනඟා ගත හැකි ය. දරු සුරතල් බැලීමට අවශ්‍ය නම් තමාගේ දරුවකු සාදා ගනු විනා මෝහිනීගේ බිළිඳා ම නැළවිය යුතු නො වේ.

       - තමලු මලිත්ත පියදිගම

'නිර්මාල් දේවසිරිලා' සමඟ සංවාදය

'නිර්මාල් දේවසිරිලා' සමඟ සංවාදය



ඊයේ (2018.04.09) නිර්මාල් දේවසිරි මහතා සමඟ පැවති සංවාදය බොහෝ දුරට සාර්ථකව කරගත හැකි විය.

සංවාදය සංවිධානය කළ ප්‍රදීප් ජයරත්න, වංගීස සුමනසේකර ඇතුළු පිරිසට ස්තූතිවන්ත වන අතර මාස ගණනාවකට පෙර ජානක වංශපුර මහතා සමඟ පැවති සංවාදය අවසානයේ දී මෙවැන්නක් සඳහා යෝජනා කළ නිර්මාල් දේවසිරි මහතාට ද ආසන්න අවස්ථාවේ දී මෙවැන්නක් සඳහා යෝජනා කළ ඇන්ටන් එම්. ෆර්නෑන්ඩු මහතාට ද ස්තූතිවන්ත වෙමි.

සංවාදය සජීවීව අන්තර්ජාලයට මුදා හළ කැලුම් ජයසුමන මහතාට ද කෘතඥතාව පළ කරමි.

එමෙන් ම පැමිණ සිට මීට සවන් දුන් පිරිසට ද මගේ කෘතඥතාවය පළකරමි.

නිර්මාල් දේවසිරි මහතා සහභාගී වූ සංවාද මා බලා ඇත්තේ එකක් දෙකක් නො වේ. කෙසේ නමුත් මෙවර සංවාදයේ දී නිර්මාල් මහතා භාවිත කළ උපායමාර්ගය අලුත් ය.

ප්‍රසිද්ධ සංවාදයක් හා කිහිප දෙනකු එක් වී නිවී හැනහිල්ලේ පෞද්ගලිකව කරන කතිකාවක එක්තරා වෙනසක් ඇත. පෞද්ගලික හමුවීම්වල දී එකිනෙකා පිළිබඳව අතීත අත්දැකීම් හා ඔවුන්ගේ මතවාද පිළිබඳව තමා දන්නා දේ ගැන පදනම් වෙමින් එතැන සිට කතා කළ හැකි ය.

එහෙත් ප්‍රසිද්ධ සංවාදයක අරමුණ එය නො වේ. එය සිදු කරන්නේ ප්‍රේක්ෂකයන් වෙනුවෙනි. එහි ප්‍රධාන ප්‍රතිලාභීහු ප්‍රේක්ෂකයෝ ය. ප්‍රසිද්ධ සංවාදයක් යනු ද එක්තරා ප්‍රාසාංගික අංගයකි. එය හුදෙක් දෙදෙනකු අතර වන කතාවක් අගක් මුලක් නැතිව තවත් පිරිසක් නැරඹීම නො වේ. ඇතැම් වේදිකා නාට්‍යවල නළුවකුට රඟ පෑමට ඇති චරිතය වන්නේ තමා ම ය. එසේ වූවා කියා එම නළුවාට තම භූමිකාව කුමක් දැයි වේදිකාව මත දී ගොඩනඟන නිරූපණයෙන් නිදහස් විය හැකි ද? නො හැකි ය. තමාට තමාව වේදිකාව මත නිර්මාණය කිරීමට සිදුවේ.

ප්‍රාසාංගික අංගයක් වන වාචික සංවාදයක දී තමාට තමාගේ ම චරිතය එය තුළ ම ගොඩ නැංවීමට සිදුවේ. සංවාදයක සාකච්චා වන්නේ මතවාද බැවින් තමා තමාව ම ගොඩනැඟීම යනු තම ස්ථාවරයන් ඉදිරිපත් කිරීම ය.

මෙහි දී මා මගේ අදහස් හා ස්ථාවරවයන් දැක් වූව ද නිර්මාල් මහතා පැවසූවේ තමාට අදහසක් කීමට නැති බවත් ප්‍රශ්න කිරීම් කිරීමට බලාපොරොත්තු වන බවත් ය. ඉන්පසු ඔහු ප්‍රශ්න කිරීම සිදු කළේ ය. කෙටියෙන් කිවහොත් නිර්මාල් මහතා තමාව ගොඩනැඟුවේ නැත. ගණනාථ පතිරණ කියන්නේ නිර්මාල් දේවසිරි යනු දේශපාලන ගන්දබ්බයකු බවයි. මෙතන දී තමාව නො දක්වා සිටිමින් ඔහු නිර්මාණය කළේ ද ගන්දබ්බයෙකි.

ඔහු අදහසක් නො දක්වා සිටි බැවින් ඔහුව ප්‍රශ්න කිරීම සඳහා මට ලැබුණු වාරය අර්ථ විරහිත විය. කියන්නට අදහසක් නැතැයි මුලින් ම පැවසූ අයකුගෙන් ප්‍රශ්න අසන්නේ කෙසේ ද?

කෙසේ නමුත් ඔහු මගෙන් විමසූ මුල් ම අපැහැදිලි ප්‍රශ්නය වූයේ ද ඔහුව ස්ථාන ගත කරන්නේ කෙසේ ද යන්නයි. සංවාදය තුළ ඔහු නිර්මාණය කළ ගන්දබ්බයා ස්ථාන ගත කරන්නේ කෙසේ ද? ඔහු මා ලියූ දේ කීයක් කියවා තිබේද? මීට වඩා දියුණු ස්ථාවරයක මා සිටි බව දන්නවා ද? ආදී වශයෙන් ප්‍රශ්න මගෙන් ඇසී ය. එයින් පෙනෙන්නේ නිර්මාල් යෝජනා කරන්නේ මේ සංවාදයට පෙර නිර්මාල්ගේ අදහස් හා ක්‍රියාකාරිත්වය මතු කොට ඊට පිළිතුරු දෙන ලෙසයි.

සංවාදයේ ඇති වූ ගන්දබ්බයාට පෙර සිටි නිර්මාල් දේවසිරි අපි දේවසිරි පූර්වභවිකයා ලෙස හඳුන්වමු. ප්‍රශ්නය වන්නේ පූර්වභවිකයකු ලෙස සිටින්නේ නිර්මාල් වන්නේත් නැති නොවන්නේත් නැති දේවසිරිලා බැවිනි.

එනම් එක් එක් අයගේ නිර්මාල් දේවසිරි නමින් හඳුනාගෙන ඇති පද්ධතිය විවිධ වීමයි. මෙහි හඳුනා ගැනීම යන්න වැරදි ය. එක් එක් අය එක් එක් දේවසිරිලා නිර්මාණය කරගෙන ඇත. දැන් සංවාදයේ වූයේ ගන්දබ්බයකු බැවින් මට ප්‍රවේශ දෙකක් තිබුණි. එකක් පූර්වභවික දේවසිරි කළ කී දෑ උපුටා ගෙන එම අදහස් බිඳ හෙළීමයි. එහෙත් එවිට එහි දී නිර්මාණය වූ ගන්දබ්බයාගෙන් මෙසේ කීවා/කළා නේ දැයි විමසීමට සිදුවේ. නිර්මාල් මහතා ලියූ දේවල පේළි උපුටා දැක්වීමටත් කී දේවල වීඩියෝ කොටස් පෙන්වීමටත් වේ යැයි මා නො සිතූ බැවින් එවැනි සාක්ෂ්‍ය ගෙන ගියේ නැත. එ නිසා මා ඔහු කියූ යමක් මතු කොට පෙන්වූ විට මා කී දෙය වෙනස් යැයි යම් දාර්ශනික වටරවුම් අපගමනයක් දැක්වීමට ඔහුට පුළුවන. ඒවාට ද පිළිතුරු දිය හැකි නමුත් කාලය එතෙක් නො නැවතී ගලා යන බැවින් එය ද ගැටලුකාරී ය. අනෙක් ප්‍රවේශය වන්නේ ගන්දබ්බයා ඉපදීමට සම්භාවිතාවක් ඇති ස්ථානවලට ප්‍රශ්න කිරීම් කිරීමයි.

කාලය සමඟ මේ ප්‍රවේශ දෙක ම භාවිතය තරමක් ප්‍රශ්නකාරී වුවත් ලැබී තිබුණ කාලය තුළ මේ ප්‍රවේශ දෙක ම හැකි උපරිමයෙන් යොදා ගැනීමට මට හැකි විය. ඒ නිසා සංවාදය සාර්ථක ය.

නිර්මාල් ස්වකීය ස්ථාවරය යන්තමින් පැහැදිලි කළේ අවසාන භාගයේ ය. ඒ පිළිබඳ ප්‍රශ්න කළා නම් කලින් කියන බවට කියූ දෙය අදාළ නොවන්නේ පැවසීමට යමක් නැතැයි මුලින් කියා ප්‍රශ්න කිරීම්වල අවකාශය අහෝසි කළ බැවිනි.

ගණනාථ ඔබේසේකර කෙරෙහි මා නිෂේධනීය ආකල්පයක් ඇති කළ බවට නිර්මාල් කී දෙය අසත්‍ය බව හඬපටයට සවන් දෙන්නන්ට වැටහෙනු ඇත.
ගණනාථ ඔබේසේකර ඍජුව සඳහන් කළේ සිංහල බෞද්ධ කුමක් හෝ යන්න නොව බෞද්ධ කුමක් හෝ (Buddhist Whatever)  යන්න බව කිව යුතු ය. එය මා අතින් සිදු වූ අත්වැරැද්දකි. ඒත් මූලික ස්ථාවරය මම වෙනස් නො කරමි. ජාතිය යන (නූතන) නාමකරණයෙන් ගැලවුණ ද එයින් අභිප්‍රේත අවශ්‍යතා සඳහා ඒ වෙනුවට යමක් ඕනෑ කරන බව ගණනාථ ඔබේසේකරගේ ද අදහස විය. එහෙත් ඔහු එය සෙව්වේ අතීතයේ පැවති සිංහල වචන අතරිනි. එහෙයින් ඔහු එය ආසන්නයේ ඇති සාසනය යන වචනයට කඩා වැටේ. ගණනාථ ඔබේසේකර ම පවසන ලෙස සාසනය හා nation වචන දෙක බහුඅර්ථවත් යැයි පැවසීමෙන් ගැටලුව විසඳෙන්නේ නැත. මේවා බහුඅර්ථවත් වෙන පරාසවල  (ඔබේසේකර ම ලෝක සාසන යන්න ගැන සඳහන් කරයි) වෙනස පිළිබඳව ඔබේසේකර සැලකිල්ලට නොගනී. ඒ වෙනුවට මෙහි නම් නොකළ සංකල්පයක වියහැකියාව පිළිබඳව ඔහු සැලකිල්ලට ගෙන නැත.

ජාතිකවාදීන් ඔබේසේකර විවේචනය කරන්නේ ඇයි දැයි නිර්මාල් මහතා අසයි. ඔබේසේකර පිළිබඳ කරුණ සියුම් ය. ගණනාථ කීර්තිය ලබා ගත් මාෂල්  සාහ්ලින් සමඟ විවාදයේ දී ගණනාථ ප්‍රකාශිතව 'ස්වදේශිකයන්'ගේ පැත්තේ සිටියි. දෙදෙනා ම දෙදෙනාට යුරෝකේන්ද්‍රීයවාදීන් ලෙස චෝදනා කරගනිති. දෙදෙනාම යුරෝ කේන්ද්‍රීයවාදීන් වන නමුත් ඒ ආකාර දෙකකිනි. මේ සමඟ දිමුතු සමන් වෙත්තසිංහ සමඟ ඇරඹූ සංවාදයක් ද ඇත. මෙය ඉදිරියට ගෙන යා හැක්කේ විවේකයක් ගෙන අදාළ පොත් කීපය නැවත කියවූ පසු ය.

ජී.සී. මෙන්ඩිස් මත පදනම් වී ය යනුවෙන් මා කීවේ වාමාංශිකයන් පුනරුච්චාරණය කරන බොහෝ අධ්‍යයනයන් හා මිථ්‍යා කථා (mythology) පිළිබඳ ජී.සී. මෙන්ඩිස් සාරාංශ ලෙස වාක්‍යයක් හෝ ලියා තිබීම නිසා ය. ජී.සී. මෙන්ඩිස් සිංහල විරෝධී ස්ථාවරයක වූවකු යැයි මම නො කියමි. ඔහු මහාවංශයේ අසංගත තැන් ප්‍රශ්න කළේ ය. බොහෝ ප්‍රචලිත වූ පසු කාලීන අධ්‍යයන ඔහු වාක්‍යයක් වශයෙන් හෝ සඳහන් කළ ඒවා ය. අනෙක් අතට මා මේ දිනවල බොහෝ සැලකිලිමත් වෙන වළගම්බා පිළිබඳ කතාවේ විසංවාදයන් පිළිබඳව ඔහු සඳහන් කළ තැනක් මට හමු වී නොමැත. ජී.සී. මෙන්ඩිස් මත පදනම් වී යැයි මා කියන්නේ ඒ අයුරිනි.

ලෙස්ලි ගුණවර්ධනගේ ලේඛන තුන් අවධියකට බෙදිය හැකි බව මගේ අදහසයි. ඔහු වෙත මගේ ඇති ප්‍රධාන විවේචනය වන්නේ භාෂා අනන්‍යතා හා භාෂා පරිණාමය පිළිබඳව ඔහු ඉදිරිපත් කරන සාවද්‍ය හා බංකොලොත් තර්ක පිළිබඳව හා ඔහුට මූලික දැනීමක්වත් නොමැති බව පැහැදිලිව පෙනෙන භාෂා පරිණාමය, වාග් විද්‍යාව හා නිරුක්ති පිළිබඳ කරුණු අගතිගාමීව තම අදහස් සනාථ කිරීමට බොහෝ වැඩි මාත්‍රාවකින් යොදා ගැනීමයි.

සුමුදු ගුරුගේ විමසූ ප්‍රශ්නය වචන නිපදවීම පිළිබඳව අවබෝධයකින් තොරව ඇසූවකි. බොහෝ පශ්චාත්නූතනවාදීන් There is nothing outside text යන ඩෙරීඩා කීවා යැයි කියන ප්‍රකාශය මත තීන්දු ගන්නට පෙළඹෙන්නේ එය සාවද්‍යව වටහා ගනිමිනි. ඇත්තෙන් ම මේ උදාන වාක්‍යයක්ව ඇති වාක්‍යය ගයත්‍රි ස්පිවැක්ගේ සාවද්‍ය පරිවර්තනයකි. il n'y a pas de hors-texte යන්න පරිවර්තනය කළ යුත්තේ There is no-outside text ලෙස මිස There is nothing outside text ලෙස නො වේ. ඇත්තෙන් ම There is nothing outside text යන්න ඩෙරීඩා කීවා යැයි සිතන ෆූකෝ ඔහුට දෝෂාරෝපණය කරයි. ෆූකෝ ඩෙරීඩාට "දෝෂාරෝපණය" කර ඇත්තේ සිසුන්ට  Il n'y a rien en dehors du text (There is nothing outside the text) ලෙස උගන්වනවා ලෙසිනි. එහිදී ඩෙරීඩා තමා There is nothing outside the text යන්නක් නොකී බවක් පිළිතුරු වශයෙන් සඳහන් කරයි. මෙහි දී ඩෙරීඩා අදහස් කර ඇත්තේ පද්ධතිය හා කේන්ද්‍රය පිළිබඳ ඔහුගේ ගොඩනැංවීම සම්බන්ධ අදහසකි. මෙහිදී මහින්ද පතිරණ මහතා බොහෝ පශ්චාත්නූතනවාදීන්ට වඩා ඉදිරියෙන් සිටින බව කිව යුතු ය. ඔහු පරිවර්තන වරද පිළිබඳ සිද්ධිය නොදැන සිටිය ද සන්දර්භය අනුව අර්ථය ග්‍රහණය කොට ගනී. (නලින් ස්වාරිස්ගේ ඉතා පැටලිලි සහගත විස්තරවලින් පසු මේ පිළිබඳව පශ්චාත්නූතනවාදීන් යැයි කියන්නන් ප්‍රමාණවත් අධ්‍යයනයක් කොට නැත.)

වචන නැති සංකල්ප පවතී. එවැනි සංකල්ප නැතැයි කීම විහිළුවකි.

කපිල ක්‍රිශාන්ත අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම යනු වෙන ම සංවාදයක් කිරීමකි. එවැන්නකට පෙර ශබ්දකෝශ භාවිතය පිළිබඳව පාඨමාලවක් පැවැත්වීම අවශ්‍ය වේ.

නිර්මාල් දේවසිරි තමා බලාපොරොත්තු වූ පරාසය මෙය නොවේ යැයි කීම පිළිගත නොහැක්කේ ප්‍රදීප් ජයරත්න වෙත මා ඉදිරිපත් කළ උපමාතෘකාවලට නිර්මාල් එකඟ වූ බැවිනි.


* ජාතිකවාදීන්ට දුරකථන පරිගණක ෆේස්බුක් භාවිත කිරීමට කලිසම් ඇඳීමට අයිතියක් තිබේ ද?



*රාජ්‍යය යනු කුමක් ද?

* රාජ්‍යයේ කාර්යභාරය කුමක් ද?
*ජාතිකවාදය හා ජාතිකවාදීන්ගේ අභිලාෂය කුමක් ද?


*සිංහල බෞද්ධ රාජ්‍යයේ ආරම්භය හා පුරාවෘත

*සිංහල අනන්‍යතාව
*සිංහල බෞද්ධ චින්තනය මත රාජ්‍යය ගොඩ නැංවිය යුතු ද? සුදුසු ද? ඇයි?


* බටහිරකරණය යනු කුමක් ද?


මෙහි අවසන් කලාප නිසි පරිදි ආවරණය කෙරුණේ නැත. ඒ කාලය ප්‍රමාණවත් නොවුණු හේතුවෙනි. මේ පිළිබඳව දේවසිරි මහතාට යමක් කීමට නොතිබුණු බව අවසාන භාගයේ ඔහු කී දෙයින් කෙසේවත් ඇඟ වෙන්නේ නැත.

සංවාදයේ කලාපය නිශ්චිතව අර්ථ දක්වා තිබුණු බැවින් පණ්ඩුකාභය කතාව වැනි දෑ අතුරුකතා නො වේ. ඒවා පිළිබඳ නිර්මාල් සිය මතය ඉදිරිපත් කළේ අවසානයේ දී බැවින්

විදර්ශන කන්නංගරගේ, වංගීස සුමනසේකරගේ හා ශිරන්ත චාමරගේ මැදිහත් වීම් අගය කරමි.

විදර්ශන කන්නංගර හා අවසාන මොහොතේ නිර්මාල් දේවසිරි මතු කරන ලද අදහස් කැලුම් නවරත්න පෞද්ගලිකව හමුවී දැක්වූ අදහස් වෙත ද අවධානය යොමු කිරීමේ අරමුණ මුල සිට ම මට ද තිබුණ ද කාල වේලාව ප්‍රමාණවත් නො වීම තිබූ ප්‍රශ්නයයි.ඉදිරියේ දී මේ පිළිබඳව ඉලක්ක කොටගෙන ලිවීමට හෝ වෙනත් මාර්ගයකින් අදහස් දැක්වීමක් කිරීමට බලාපොරොත්තු වෙමි.

කෙසේ නමුත් නිර්මාල්ට නොව නිර්මාල්ලාට පිළිතුරු දීමට සිදු වූ සංවාදය සාර්ථකව අවසන් කළෙමි. සිංහල ජාතිය හා ජාතිය සමඟ රාජ්‍යයේ සම්බන්ධතාව ගැන අදහසට විරුද්ධව ප්‍රබල දෘඩ ප්‍රතිතර්ක ඇති නිර්මාල් කෙනෙක් නිර්මාණය කරගත් අයට මෙන් ම එවන් ලෙස්ලි ගුණවර්ධන හෝ ගණනාථ ඔබේසේකර කෙනෙක් නිර්මාණය කරගත් අයට ද එවන් අර්ථයකින් ඒ මත පදනම් වන අයට ද මෙයින් පසු තම නිර්මාණය සුණු විසුණු කොට දැමීමට සිදුවේ.

එහෙයින් මෙය සාර්ථක සංවාදයකි.

සංවාදයේ කැලුම් ජයසුමන මහතා ඉදිරිපත් කළ වීඩියෝ කොටස් දෙකේ සංවාදයේ කොටසක් අඩංගු වී නැත. ඒ අතරමග දී එක්තරා අනපේක්ෂිත සිද්ධියක් හේතුවෙන් ඔහුට පටිගත කිරීම් නැවැත්වීමට සිදු වීම ය.

හඬපටයේ සමස්ත සංවාදය ඇත.

  - තමලු මලිත්ත පියදිගම 



වීඩියෝ:


නිර්මාල් දේවසිරි ගෙවිඳු කුමාරතුංග සමඟ ජාතිකවාදය පිළිබඳ වෙනත් සාකච්චාවක දී දැක්වූ අදහස් හා ප්‍රවේශය >>

සංවාදයේ මගේ පදනම

සංවාදයේ මගේ ස්ථාවරය


නිර්මාල් දේවසිරි මහතා සමඟ සංවාදයට මා සහභාගී වන්නේ පුද්ගලයකුගේ හෝ කණ්ඩායමක හෝ නියෝජිතයකු වශයෙන් නො වේ. එහෙත් මම මූලිකව නලින් ද සිල්වා මහතාගේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය හා චින්තනය ඇතුළු අදහස් පිළිගනිමි. මම ජාතිකවාදියෙක්මි.

 නලින් ද සිල්වා මහතාගේ මෙම ලිපි දෙක මඟින් ජාතිකවාදය හා ජාතික රාජ්‍යය ගැන ඔහුගේ අදහස් ඔබට දැන ගත හැකි ය.





මගේ ස්ථාවරය වන්නේ රාජ්‍ය බිහි කිරීමට හේතුවන පදනම් අතුරෙන් පුද්ගල බද්ධ නො වූ පදනමක් වන්නේ ජාතිය හා බැඳුණු රාජ්‍යයක් බිහි කිරීම ය යන්නයි.

එමෙන් ම සිංහල යනුවෙන් ජාතියක් ඈත අතීතයේ සිට පැවති බවත් සිංහල හා සිංහල බෞද්ධ ලෙස අනන්‍යතාවන් අතීතයේ සිට හඳුනා ගත හැකි බවත් ය.

ලංකාවේ ජාතිය වන්නේ සිංහල ජාතිය බවත් ලංකාවේ තිබිය යුත්තේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වූ රාජ්‍යයක් බවත් මගේ අදහසයි.

බටහිරකරණය යනු සංස්කෘති කලවම් වීමක් හෝ බටහිර චින්තනය මුල් බැස ගැනීම හෝ නොව සිංහල බෞද්ධ චින්තනය සහිත පිරිස මත බටහිර සංස්කෘතිය ආරෝපණය කිරීම හා එම පිරිස බටහිර සංස්කෘතිය අනුකරණය කිරීම ය.

                         - තමලු මලිත්ත පියදිගම 


ලංකාවේ කලාවේ පිරිහී යාම


ලංකාවේ කලාවේ පිරිහී යාම

ලංකාවේ කලාවේ පිරිහී යාමට එක්තරා ප්‍රධාන සාධකයක් වූයේ වාමාංශිකයන් ය. මෙසේ කියන විට ලංකාවේ කලාවේ සියලු අධිකාරිමය ආයතනවල හා පුද්ගලයින්ගේ කෝපාග්නිය අප වෙත එල්ල වීමට ඇති ඉඩ බොහෝ ය. මාර්ටින් වික්‍රමසිංහගේ එදිරිවීර සරච්චන්ද්‍රගේ කාලයේ සිට ලංකාවේ සාහිත්‍යයට හා විචාරයට මාක්ස්වාදී සංකල්ප එක් විය. රුසියාවේ යකඩ අච්චුවෙන් හැඩ ගැස්වුණු ඒ රළු පරළු මතවාද ස්ටැලින්වාදී හා ට්‍රොට්ස්කිවාදී ධාරා ලෙස ලංකාවට සැපත් විය.

    කාල් මාක්ස් පවා හෙගල්ගෙන් ලබා ගත් අපෝහක අච්චුවට භෞතික ඉතිහාසයක් හා සමාජ විකාශනයක් නිර්මාණය කිරීමට ගොස් පොට පටලවා ගත්තේ ය. ප්‍රතිවිරුද්ධතා එකිනෙක තුළ පවතී නම් සමාජය භෞතිකයට ඌනනය කරන්නේ කෙසේ ද? මාක්ස් කීවේ හෙගල් ඔළුවෙන් හිට වූ අපෝහකය තමා දෙපයින් සිට වූ බව ය. වෙනස් වීම තේරුම් ගත නො හැකිව, වෙනස් වීම විග්‍රහ කිරීමට හෙගල් බිහිකළ නොමේරූ අබ්බගාත දරුවා 'දෙපයින් සිටවීමට' උත්සාහ කළ මාක්ස් තමාට ම විලංගු ලා ගත්තේ ය. චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ උණුසුමට හසුවූ මාක්ස් තව තවත් දෘඩ රාමුවල සිරවිණි. ලංකාවේ, බෙංගාලයේ, ජාවා දූපතේ තිබූ අතීත සමාජ ක්‍රම ගැන ඔහුගේ අවධානය යොමු වන විට ඔහු බොහෝ පමා වී තිබුණි. ඒංගල්ස් මාක්ස්ටත් වඩා අපෝහකය දෘඩ අච්චුවක් ලෙස ගත්තේ ය. ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව අපෝහක අච්චුවට එබීමට ඒංගල්ස් කළ 'කෙස් පැලෙන තර්ක' සොබාදහමේ අපෝහකය (Dialectic of Nature) ලෙස ඔහු ලියූ පොතක දැක්වේ. ඒවා මහා වැදගත් තර්ක ලෙස ගන්නා මාක්ස්වාදීහු අද ද මෙසිරිලක වෙසෙති. මේ ලංකාවේ වමේ හැටි ය.

   ට්‍රොට්ස්කි ස්ටාලින් මෙවන් යකඩ අච්චු සෑදීමේ අන්තයට ම ගිය අය ය. පැරණි කලා කෘති මාක්ස්වාදී අච්චුවෙන් විවරණය කරමින් ලියන ඕනෑ ම හෑල්ලක් විශිෂ්ට විශ්ලේෂණයක් ලෙස සැලකීමේ මුග්ධ සම්ප්‍රදායන් ඇති වූයේ මේ කාලයේ ය. ස්ටාලින් කොතරම් අන්තවාදී ලෙස අපෝහක අච්චුවට හිරවූයේ ද යත් අපෝහක විරෝධී යැයි කියමින් ජාන තාක්ෂණය පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයන් සිරගතකොට දැමී ය. සමාජ සත්තා යථාර්ථවාදය නමින් කලාව සඳහා ද යකඩ අච්චුවක් සාදනු ලැබී ය. ගතිකත්වය පැහැදිලි කිරීමට ඉදිරිපත් වූ හෙගල්ගේ අපෝහකය ස්ථිතික දළදඬු අච්චු බිහි කොට අවසන් ගමන් යාම ම දෛවයේ සරදමකි.

මාර්ටින් වික්‍රමසිංහ මහතා ගම්පෙරළිය ලියමින් මාක්ස්වාදී අච්චුවේ නවකතා ලිවීම ඇරඹී ය. සරච්චන්ද්‍ර මහතා ප්‍රමුඛ පේරාදෙණි ගුරුකුලය ඊනියා යථාර්ථවාදී විචාරය ගෙන එමින් සමාජවාදී අච්චුවේ ඕනෑ ම හෑල්ලක් ඉහළින් අගය කිරීමේ ප්‍රවණතාවයට මුල පිරී ය. මෙයින් පසු ලංකාවේ විචාරය මෙන් ම කලාව ද රළු පරළු වාමාංශික අධිකාරියකට ලක් විය.

මේ රළු අච්චුවට එබ්බුණු කලාවෙන් සෞන්දර්යය පලා ගියේ ය. මිනිසුන් කලාවෙන් ඈත් වී ගිය අතර ඊනියා ප්‍රබුද්ධ කලාව විශ්වවිද්‍යාලවලට හා වාමාංශිකයන් එක් රැස් වන සුරාසැල්වලට සීමා විය. ඉන්ද්‍රජාලික යථාර්ථවාදය, පශ්චාත්නූතනවාදය ආදී රැලිවලින් ලෝකයේ යථාර්ථවාදී අච්චුව දෙදරා කැඩී බිඳී යද්දී අනාථ වූ 'කලාකරුවෝ' අච්චුවෙන් මිදුණා නොව තවත් අලුත් අච්චුවලට බලහත්කාරයෙන් ම සිර වුණ හ. නිදහස් මනස් ඇතැයි තමන් ම කියා ගන්නා මොවුහු ඊනියා පශ්චාත්නූතනවාදී අච්චුවලට හරි හැටි සිරවීමට නො හැකිව ලත වෙන්නෝ ය.

ආගමික සංකල්ප ගැන ලිවීම, ජාතිය ගැන ලිවීම කලාවේ පංචානන්තරීය පාප කර්මයක් ලෙස 'ප්‍රබුද්ධයෝ' උගන්වති. ජාතියට, ආගමට විරුද්ධව ලියන ලෙසත් එසේ ලිවීමෙන් උසස් කලා කෘති බිහිවෙන බවත් ඔවුහු උගන්වති. සීමා ඉක්මවා ගිය පුළුල් මනසක් ඇති කලාකරුවකු බිහිවන්නේ එසේ වූ විට යැයි ඔවුහු කියති. මෙහි ඇති හාස්‍යජනක කරුණ වන්නේ මේ සීමා මායිම් ඉක්මවා ගියා යැයි කියාගන්නා මහා කලාකරුවන්ගේ කෘති කියවන්නේ ලංකාවේ මිනිසුන් අල්පතරයක් ම පමණක් වීම ය. ඔවුන්ගෙන් බහුතරය මේවා කියවන්නේ අධිකාරීන් විසින් අධ්‍යාපනයට නියම කරන ලද නිසා ය. නැතිනම් 'ප්‍රබුද්ධයකු' වීමේ ආශාවෙන් ශාස්ත්‍රීය විලාසිතාවක් ලෙස ය.



අපට බාහිර අච්චුවල සිර නො වූ අපේ කලාවක් අපේ අතීත කලාවන් ඇසුරෙන් යළි ඇති කරගත හැකි ද? එසේ ඇතිකර ගැනීමට අවශ්‍ය මුල් පියවර පසුගිය සියවසේ මුල් භාගයේ දී ගනු ලැබිණි. එහෙත් ඒ සියල්ල වාමාංශිකයන් විසින් විනාශ කොට දමනු ලැබී ය. ලංකාවේ කලා පරිහානියට වාමාංශිකයන් වගකිව යුත්තේ එසේ ය.
පියදාස සිරිසේන මහතා ලංකාවේ පළමුවරට නවකතා ලියන පරපුරක් බිහි කළේ ය. පියදාස සිරිසේන මහතා ජාතිකත්වය උදෙසා තම කෘති මෙහෙයවී ය. ඩබ්ල්යු. ඒ. සිල්වා මහතා ද විවිධ ආකෘති ඔස්සේ කථා වින්‍යාස අත්හදා බැලී ය. එසේ වර්ධනය වෙමින් ආ කෙටිකතා හා නවකතා කලාව විනාශ කිරීම නිල වශයෙන් සිදු කළේ සරච්චන්ද්‍ර මහතා ය. ඔහු සිංහල නවකතා සඳහා ඉංග්‍රීසියෙන් Sinhalese Modern Fiction නම් විචාරය ලියමින් ගොඩනැඟෙමින් ආ සිංහල නවකතාව ප්‍රපාතයට ඇද හෙළුවේ අධිකාරිත්ව බලය යොදා ගනිමිනි. ඩබ්ල්යු. ඒ. සිල්වා පැවසූ පරිදි සරච්චන්ද්‍ර තම විචාරය ඉංග්‍රීසියෙන් ලිවීමට පෙර එක දු නවකතාවක්වත් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමක්වත් නොකර සිටියේ ය. ඉංග්‍රීසියෙන් උගත් පිරිස සිංහල නවකතා වෙත නැඹුරු කරලීම වැළැක්වූයේ මෙවන් කූටෝපක්‍රම මඟිනි. ඒ අතරතුර මාර්ටින් වික්‍රමසිංහගේ දේශීය දැනුම වෙනුවට මිනිසුන් බටහිර දැනුම වෙත යොමු කෙරෙන නවකතා අගය කරන ලද අතර ගම් පෙරළියෙන් පසු ඊනියා සමාජ සත්තා යථාර්ථවාදී නවකතා උඩට ඔසවනු ලැබිණි.

පියදාස සිරිසේන මහතාගේ එක් නවකතාවක හූණු ශාස්ත්‍රය පිළිබඳ සඳහනක් වේ. හුණු ශාස්ත්‍රය දැන සිටියා නම් අනතුරකින් ගැලව සිටිය හැකි වන්නට තිබිණි යැයි ලියා තිබීම සරච්චන්ද්‍ර දුටුවේ ධර්මපාලතුමන්ගේ දේශානුරාගයෙන් ඔද වැඩී පෙරදිග සියල්ල එසවීම සඳහා හූණු ශාස්ත්‍ර වැනි ප්‍රතිගාමී දේ ප්‍රවර්ධනය කිරීමක් බව ය. මේ විචාර කියවන වත්මන් ප්‍රබුද්ධයෝ පවා පියදාස සිරිසේන ප්‍රතිගාමියකු ලෙස සලකා නිග්‍රහ කරති. එහෙත් පාවුලෝ කොයියෝ, ගාර්ෂියා මාකේස් ලතින් ඇමරිකානු විශ්වාසයන් තම නවකතාවලට එක් කරගත් තැන්වල එය මායා යථාර්ථවාදය, අධියථාර්ථවාදය කියමින් අගය කරති. ඒ අච්චුවලට සිරවී ලිවීමට දඟලති. කාටවත් නො තේරෙන විප්‍රකාර ලියති. ලංකාවේ ගොඩනැඟෙමින් පැවති නවකතාවේ වැදගත්කම ඔවුන් වටහා ගන්නේ නැත.
සරච්චන්ද්‍ර මහතා ලංකාවේ නාට්‍ය කලා ඉතිහාසය ලිවීමේ දී ගුණපාල මලලසේකර මහතා සෑදූ නාට්‍ය මඟ හැර ඇති බව සේන තෝරදෙණිය මහතා ලිපියක පෙන්වාදුන් බව මට මතක ය.

සුනිල් සාන්ත මහතා, ආනන්ද සමරකෝන් මහතා ඇතුළු පිරිස් සිංහල සංගීතයක් නිපදවීමට ගත් වෑයම නොයෙක් කෙනෙහිලිකම් මධ්‍යයේ ඊනියා ප්‍රබුද්ධයන් විසින් බිඳ දමන ලදී.



මෙසේ වාමාංශික නැඹුරුව සිංහල කලාවේ වර්ධනයට බාධාවක් විය. මෑතක දී අපගේ හිතවතකු වන ජන සංගීතය මත පදනම් වන ගායකයකුට ප්‍රතිචාර දැක්වූ වාමාංශික කවියකු ජන ගී පෝෂක ප්‍රදේශයක් පමණක් බව කීවේ ය. සංගීත වේදියකු වීමට විශ්වීය මනසක් අවශ්‍ය බවටත් පොදු මිනිස් සත්තාව අරමුණු කරගත යුතු බවටත් කවියා කටපාඩම් කරගත් වදන් පෙළක් ගෙනහැර දැක්වී ය. ඔවුන්ට අනුව ජන ගී පෝෂක ප්‍රදේශයක් පමණි. සංගීතය ඊනියා විශ්ව භාෂාවකි. ගැටලුව වන්නේ මෙම ඊනියා විශ්ව භාෂාව බටහිර භාෂාව වීමත් ඊනියා පොදු මිනිස් සත්තාව බටහිර සුදු පිරිමියාගේ ස්වරූපය වීමත් ය. තමන් අංක එකේ අනුකාරකයන් බවවත් නො දන්නා වාමාංශික කවියෝ බටහිර සංස්කෘතිය ඊනියා පොදු සාධාරණ සංස්කෘතිය කොටගෙන අනෙක් සංස්කෘතීන්ට විරුද්ධ වෙති. ඔවුන් සිතන්නේ ඔවුන් ප්‍රතිසංස්කෘතික විප්ලවවාදීන් බව ය. ඔවුන් අනෙක් සංස්කෘතීන්ට එරෙහිව පොදු සත්තාව නමින් ඔසවන්නේ බටහිර නූතනත්වයේ සංස්කෘතිය බව තේරුම් ගැනීමට මේ අනුකාරකයන්ට නො හැකි ය. ඔවුන්ට එය නො පෙනේ. ඩෙරීඩා විසංයෝජනය යැයි කීවේ මේ ඔවුන්ට නොපෙනෙන වසා දැමීම් බිඳ හෙළීමට ය. එය නොතේරෙන ඔවුන්ට විසංයෝජනය යනු ලුණු බෝතලයට මිරිස් දමා මිරිස් බෝතලයට ලුණු දැමීමේ විකාරයකි. ඔවුන්ගේ ඊනියා විසංයෝජනය ඔවුන්ගේ ඊනියා පොදු සත්තාවෙන් බාහිරව ඇති සංස්කෘති විනාශ කිරීමට කරනා විප්‍රකාරයකි. මේ පශ්චාත්නූතන යැයි කියන කලාකරුවන් නූතනවාදීන් නොව බටහිර නූතනත්වයේ දාසයන් ය.

ජාතිකත්වයේ කලාව ගැන වාමාංශිකයන්ට ලතින් ඇමරිකාවෙන් උගත හැකි ය. අයියන්දේගේ පාලන සමයේ නැඟී ආ Violetta Parra නම් කාන්තාව චිලී දේශයට අමතක කළ නො හැකි තැනැත්තියකි. ස්පාඤ්ඤ ගී ගයමින් සිටි Violetta සිය සොහොයුරා වන භෞතික විද්‍යා ආචාර්යවරයකු හා ප්‍රතිකවියකු වන Niconar Parra ගේ මඟ පෙන්වීම මත ජන සංගීතයට යොමු විය. ඈ දිවා රෑ නො බලා චිලී දේශයේ අස්සක් මුල්ලක් නෑර ඇවිදිමින් ජන සංගීතය සෙව්වා ය. ඇය ජන ගී, ජන සංගීතයේ වාදන භාණ්ඩ පිළිබඳ උගත්තේ ගොවියන්ගෙනි, කම්කරුවන්ගෙනි, සුදු ජාතිකයන්ට සේවය කළ වහලුන්ගෙනි. මෙසේ අප්‍රමාණ දුකක් විඳ ඇය කළ ගවේෂණය කෙළවර වූයේ නව චිලියානු ජන සංගීතය නිපදවීමෙනි. ඇගේ ගී ලෝකය පුරා ජනප්‍රිය විය. ඇය හෝ ඇගේ සොහොයුරු Niconar Parra ප්‍රතිකවියා හෝ ලංකාවේ වාමාංශික අනුකාරකයන් මෙන් ජන ගී ඊනියා පෝෂක ප්‍රදේශ පමණක් යැයි කීවේ නැත. ඊනියා පොදු මානව සත්තා, විශ්ව භාෂා සොයා ගියේ ද නැත. ඔවුන්ගේ පදනම ජාතිකත්වයයි. අයියන්දේලාගේ පදනම ද එයයි. සුප්‍රසිද්ධ වික්ටර් හාරා Violetta Parra ගේ සිසුවෙකි. ඔහු ද නව චිලී ජන සංගීතය වෙනුවෙන් කැපවුණු ජාතිකවාදියෙකි.
ඇමරිකානු ගැති පිනෝෂේ හාරා මරා දැම්මේ වෙඩි උණ්ඩ  හතළිහක් තබමිනි. මැරෙන මොහොතේ ද ඔහු සොල්දාදුවකුගේ ඉල්ලීම වෙනුවෙන් ගී ගැයූ බව කියැවේ. ලංකාවේ වාමාංශිකයෝ වික්ටර් හාරා ආදීන් තමාගේ ඊනියා විශ්වීය කුලකයකට එක් කර ගැනීමට පෙළඹෙති. වාමාංශිකයන් දන්නේ වික්ටර් හාරාට තැබූ වෙඩි උණ්ඩ හතළිහ ගැන පමණ ය. ඔහුගේ ජාතිකත්වය ගැන හෝ ඔහු චිලියානු සංගීතයට කළ සේවය ගැන ඔවුන් දන්නේ නැත. නව චිලියානු සංගීතය ගැන විමසා බැලූ  'ප්‍රබුද්ධ' වාමාංශික කලාකරුවකු නම් කළ හැකි ද? හාරාගේ La Partida නම් සංගීත නිර්මාණය අපගේ පෙරහැරක ඇසෙන නාද රටාවට ඉතා සමීප ය. චිලියානු ජනසංගීතයේත් අපේ ජන සංගීතයේත් බෙරවලට දෙන ප්‍රමුඛතාව ඉහළ ය. දකුණු ඇමරිකාව සමඟ යක්ෂ ගෝත්‍රයේ සම්බන්ධතා වූ බවට මත පළව ඇත. කෙසේ වෙතත් වාමාංශිකයන්ට ඒවායින් වැඩක් නැත. ඔවුන්ට අවශ්‍ය හැකිතාක් බටහිර සුදු පිරිමියාට සමීප වීමට පමණ ය.

හාරා නවීකරණය කොට ගැයූ කොලොම්බියානු වෙනිසියුලානු ජන ගීයක් වන Duerme Duerme Negrito ගීතයේ පද කිහිපයකින් මෙම ලිපිය නිමා කරමි.
Y si negro no se duerme
Viene diablo blanco
Y sale comen la patita
(නිදා නොගත්තොත්, සුදු යකා ඇවිදින් පුතාගෙ කකුළ කාවි!)
නිදා නොගෙන නැඟී සිට අධිපතිවාදී සුදු යකාට ද උගේ දාසයන් වන ව්‍යාජ වාමාංශිකයන්ට ද එරෙහි වෙමින් ජාතිකත්වයේ කලාව සාහිත්‍යය ගොඩනඟමු.

          - තමලු මලිත්ත පියදිගම 

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි