පියදාස සිරිසේන මහතා ගැන පොඩි කාලේ මම අහලා තිබුණේ මෙන්න මෙහෙම කතා:
පියදාස සිරිසේන මහත්මයාගේ නවකතා මුල් ම කාලේ ඒවා. ඒවාගේ භාෂාව හරි පරණ ශෛලියේ.. ඒ නවකතා මුල් කාලෙ නිසා බොහො ම ප්‍රාථමිකයි. මාර්ටින් වික්‍රමසිංහ වගේ අයගෙන් පස්සේ තමා නවකතා දියුණු වුණේ.
ඔන්න ඔහොම කතා තමයි ඇහුවේ.
ඔය කතා පට්ටපල් බොරු ... අසත්‍ය ප්‍රචාර කියලා දැන ගන්න ගොඩක් කල් ගියා....
පියදාස සිරිසේන මහතා කියන්නේ ලංකාවේ දෙවන නවකතාකරුවා. ලංකාවේ පළමු නවකතාව වන සයිමන් එෆ් ද සිල්වා මහත්මාගේ මීනා නවකතාව බොහොම ව්‍යාකූල ආකෘතියකයි දුවන්නේ. පියදාස සිරිසේන මහත්මයා ජයතිස්ස හා රොසලින් නවකතාවේ දී උත්සාහ කරන්නේ පැරණි ගද්‍ය ශෛලිය සංශෝධනය කරලා නවකතාව සිංහල භාෂාවේ තහවුරු කරන්න පුළුවන් අලුත් ශෛලි හා ආකෘති හදන්න. ජයතිස්ස හා රොසලින් නවකතාව දෙබස් , නාට්‍ය කොටස් , පැරණි ශෛලියේ ගද්‍ය කොටස් නව ශෛලිවල ගද්‍ය කොටස් පද්‍ය කොටස් මිශ්‍රව තියෙන පරීක්ෂණාත්මක කෘතියක්. ලිඛිත ව්‍යවහාරය කථන ව්‍යවහාරය යන දෙයාකාරය ම යොදා ගැනීම පරීක්ෂා කරලා බලන්න උත්සාහ කරලා තියෙනවා. මේ නිසා මේ පළමුවෙනි නවකතාවේ නම් පැරණි හා නව ලේඛන ශෛලි අතර දෝලනයක් දකින්න පුළුවන්. මේ මිශ්‍රණය ම පෙන්වන්නේ මෙය පරීක්ෂණ කෘතියක් කියලා. හොඳට බැලුවොත් පේනවා පියදාස සිරිසේන මහතා විවිධ කොටස් ගැන විවිධ අත්හදා බැලීම් කරමින් මේ නූතන සිංහල ලේඛන ශෛලිය ගොඩනඟන විදිහ හා නවකතා ආකෘති ගොඩ නඟන විදිහ. පසුකාලීන කෘතිවලට එද්දී අද ඊයේ ලියූ ලිපියක් වගේ ශෛලිය අලුත්. සරලයි. දිව උළුක් වෙන වචන , හෑලි මුකුත් නෑ.
පියදාස සිරිසේන මහත්මයා තමයි ලංකාවේ මුලින් ම නවකතා ලියන පරම්පරාවක් ඇති කළේ. පියදාස සිරිසේන මහත්මයාගේ භාෂා ශෛලිය එක්ක සැසඳුවොත් මාටින් වික්‍රමසිංහ ලීවේ ඊට පැරණි භාෂා ශෛලියකින්.
මෙහෙම පරිස්සමට අරගෙන ආපු නවකතා කලාවට කණකොකා හඬන්නේ පේරාදෙණි ගුරුකුලයත් එක්ක. සරච්චන්ද්‍ර ප්‍රධාන කොටගත් කල්ලිය මේ ආකෘතිමය හා භාෂාමය වර්ධනය වීම්හි වැදගත්කම යටපත් කරලා ඒ වෙනුවට ඒ කාලයේ මාක්ස්වාදය ගැන තිබුණු බොහොම සරල බොළඳ අර්ථකථනය නිරූපණය කරන ඕනෑ ම හෑල්ලක් අනෙක් ඒවාට වඩා උසස් කියලා එක ඛේදනීය විචාර කලාවක් පටන් ගත්තා. මේ කල්ලිවාදී වැඩෙන් කලාව ගුණාත්මකව පිරිහුණා වගේ ම රුසියාව බිඳ වැටිලා මාක්ස්වාදයේ ජනප්‍රිය අර්ථකථන කියන සළුව විසිවුණහම සරච්චන්ද්‍රලා ඉහළින් සලකපු රැල්ලේ නිරුවත පේන්න ගත්තා.. ඒත් ඒ කරපු හානිය ආය සම්පූර්ණයෙන් යථාවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි.
දැන් නවකතාවේ අර ගල්ගැස්සිලා තියෙන තැනින් ඉස්සරහට ගන්න විවිධ බටහිර ආකෘති පස්සේ යන්න උත්සාහ තියෙනවා. අපි කරන්න ඕනේ ජනප්‍රිය බොරු රැල්ලකින් සඟවලා දාපු පියදාස සිරිසේන මහත්මයාව නැවත මතු කරලා ගන්න එක. පියදාස සිරිසේන මහත්මයා තමයි රහස් පරීක්ෂක කතා හඳුන්වා දුන්නෙත්. ඒත් සරච්චන්ද්‍ර කල්ලියට ඒ වගේ කෘති අල්ලන්නේ නෑ. මේ බොරු කාරයන්ගෙන් බේරිලා පියදාස සිරිසේන මහතා ගැන සංවාදයක් පටන් ගන්න ඕනේ.
(දැන් පොත් අලුතින් මුද්‍රිතයි. ඒවා පරණයි කියන එක විකාරයක්! පුළුවන් තරම් හොයන් කියවන්න.)
Wikibook ලෙස මේ නවකතා වෙළුමක් ඇත. තරමක මුද්‍රණ දෝෂ හා අක්ෂර දෝෂ ඇති බව පෙනේ. ඒ නවකතා වෙළුමට මෙතැනින් යොමුවන්න.
Subscribe to:
Post Comments (Atom)
අලුත් ම සටහන
බුද්ධිමතුන්ගේ සැකැස්ම - අන්තෝනියෝ ග්රාම්ෂි
බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...
වැඩිපුර කියවූ ලිපි
-
බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...
-
2017 ඔක්තෝබර් 1හා 8 රිවිර පුවත්පත් පරමාර්ථ ධර්ම හා වාස්තවිකත්වය (සාපේක්ෂතාවාදය වෙනස් වූයේ නම් පටිච්ච සමුප්පාදයත් වෙනස් වී ඇත් ද?) ක...
-
පියදාස සිරිසේන මහතා ගැන පොඩි කාලේ මම අහලා තිබුණේ මෙන්න මෙහෙම කතා: පියදාස සිරිසේන මහත්මයාගේ නවකතා මුල් ම කාලේ ඒවා. ඒවාගේ භාෂාව හරි පරණ ශෛලිය...
-
වම්බොට්ටා ( Left bot ) හෙවත් වාමාංශික රොබෝ වෙත ප්‍රවේශ වීමට පහත සබැඳිය භාවිත කරන්න. Link to the robot, Left bot - A true leftist to chat, ...
-
Does the sun really revolve around the earth? Thamalu M. Piyadigama http://www.dailymirror.lk/article/Does-the-Ear...

අපේ තාත්ත ගෙ පොත් රාක්කයේ ගොඩක් පියදාස සිරිසෙන්ස් සුරින් ගේ පොත් තිබුන නමුත් මම කියෙව්වේ කොන්ගොඩ වික්‍රමපාල චරිතය හා බැඳුනු "වලව්වක පලහිලව්ව", "ඩේබර කෙල්ල", "චින්තා මානික්‍ය රත්නය වගේ පොත් විතරයි.ඒවායිනුත් පිටුගණන් තිබුණු බන නම් ඇත ඇරල තමයි කියෙව්වේ. කෙසේ වුනත් තාත්තා ඒ ගැන ඉතා සතුටුවුණා වගේම අනිත් අයටත් කිව්වා.
ReplyDeleteමගේ භාෂා දැනුමට විතරක් නෙමෙයි මගේ අදහස් වලටත් ඔය පොත් ගොඩක් බලපෑවා. කෝන්ගොඩ වික්‍රමපාල කුඩාකල මගේ වීරයෙක්