ගෝඨාභයට පණිවිඩයක්: රට බේරාගත් මහින්ද පැරදුණේ ඇයි?


ගෝඨාභයට පණිවිඩයක්: රට බේරාගත් මහින්ද පැරදුණේ ඇයි?


ජනාධිපතිවරණය පිළිබඳව මගේ ස්ථාවරය


මහින්ද පැරදුණේ වංචා දූෂණ නිසා ය හෝ ඒවා ගැන කට කතා නිසා ය යන විවරණ දෙක ම දුර්වල මට්ටමේ විවරණ ය. දූෂණ චෝදනා කවර ආණ්ඩුවකටත් එල්ල වෙන ඒවා ය. අර කියන රත්තරන් අස්සයන් අවුරුදු පහට ම හමුවුණේ ද නැත. ඉතා මෝඩ පහේ යූඑන්පීකාරයකු අහුවෙන්න හොරකම් නොකරන බව ද බිම් මට්ටමේ අඳබාල ජවිපේ සාමාජිකයන් ඩීල් බයිලාව ද යොදා ගනිමින් මෙය පැහැදිලි කරනු ඇත. මේ ආණ්ඩුවට අවුරුදු පහට ම හොයන්න බැරි වුණු දේවල් මිනිස්සු විශ්වාසනීයව දැනගත්තේ කෙසේ ද යන දේ පිළිබඳව මේ අදේශපාලනික යූඑන්පීකාරයා සැලකිලිමත් වන්නේ නැත. ඩීල් තිබේ නම් එක් පාර්ශ්වයක් පමණක් නරක වෙන හේතුව අඳබාල ජවිපේ සාමාජිකයාට ද තේරෙන්නේ නැත. (අපි කාටවත් කඩේ යන්නේ නෑ කියන මෝඩ ම ජවිපේ සාමාජිකයන්ට ෆොන්සේකාට ජනාධිපතිවරණයට හා ඊට පසුවත් පාප්ප බාල්දි උස්සන් කඩේ ගිය ආකාරය මත ම නැත.)

මේ වංචා දූෂණ හෝ වෙනත් නම්වලින් මතුපිටට පැමිණියේ වෙනත් අර්බුදයකි. වෙනත් ආතතියකි.

ඉස්සර අපිට රටක් රාජ්ජයක් තිබුණි. සුද්දෝ අපෙන් රට ලියාගෙන අපේ රටත් රාජ්ජයත් නැති කළ හ. අපි උන්ට දුන්නේ නම් අපේ රට රාජ්ජය රැකගෙන ආණ්ඩු කරන්න ය. උඩරට ගිවිසුම ඉරා දැමූ සුද්දෝ කෝල්බෲක් ප්‍රතිසංස්කරණයේ සිට අපේ රාජ්ජය විනාස කොට උන්ගේ රාජ්ජයක් මේ රටේ පිහිටවූ හ. අපේ අධ්‍යාපනය, සෞඛ්‍ය, වගාව, වෙළඳාම නැති කොට සියල්ල උන්ගේ ක්‍රියාපිළිවෙළ අනුව මූලධර්ම අනුව සිදුවන උන්ගේ රාජ්ජයක් ඇති විය. පසුව අපට අපේ රට ලැබුණත් අපේ රාජ්ජය නම් නොලැබුණි. අපට ලැබුණේ උන්ගේ රාජ්ජයකි. අප උන්ගේ රාජ්ජය කොයි විදිහට අරගෙන ගියත් අපට සෙතක් නො වේ. එන්න එන්නට උන් ම බලවත් වීම අප උන්ට පරාධීන වීමට සිදුවේ. කෙසේ නමුත් අපි අපේ රාජ්ජයක් නැති අපේ රටේ කල් ගෙවමු.

එංගලන්තය හා ඉන්දියාවත් බටහිර අධිපතිවාදී සංස්ථාපනයත් නැති කළ අපේ රාජ්ජය පමණක් නොව අපේ රට ද නැති කිරීමට උත්සාහ කරති. උන් කිරි දී හදාගත් ප්‍රභාකරන් ද නිරාගමික තක්කඩි තරුණ පරපුරේ කලාකරුවන් හිවල් සමාජය මෙරට සිංහල බෞද්ධ රටක් නොවේ කියන මංගල සමරවීරලා, චන්ද්‍රිකා කුමාරතුංගලා ආදී එකී මෙකී නරුමයන් පිරිවරාගත් බලවේග අපට අපේ රට ද නැතිකිරීමට යත්න දරති.

ප්‍රභාකරන්ගේ බරපතළ තර්ජනයෙන් විනාශයට යා නො දී අපේ රට එයින් රැකගත්තේ මහින්ද ය. ජනතාව ද ඔහුට ගරු බුහුමන් දැක්වී ය. එහෙත් පාලන කාලය අතරතුරේ දී ජනතාව ඔහු ගැන යම් අයුරකින් කළකිරුණි.

ප්‍රශ්නය වූයේ අපේ රට බේරාගත් මහින්දට පාලනය කරන්නට ඇත්තේ අපේ රට උඩ උන්ගේ රාජ්ජයක් වීම ය. උන්ගේ රාජ්ජය අපේ යහපත පිණිස පවතින්නක් නො වේ. ඒ රාජ්ජයේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික පිළිවෙත අපට එරෙහිව යයි. මේ රාජ්ජයේ හා රටේ පරස්පරය උඩ උන්ගේ රාජ්ජය මෙහෙයවන මහින්දගේ කුමක් දෝ ප්‍රශ්නයක් පවතින බව ජනතාවට දැනුණි. එය වෙනත් වෙනත් ආකාරවලින් එළිපිටට ආව ද එහි පතුළේ ඇත්තේ මෙම ප්‍රශ්නයයි.

මේ ආතතියෙන් වාසිගත් විජාතික බලවේගයන් රටට සතුරු දේශපාලන බලයක් ඇති කළ හ. විජාතික බලවේගවල මෙහෙයවීම හේතුවෙනුත් මංගල සමරවීරලා වැනි තක්කඩියන් හා ආර්ථික විශේෂඥයන්, විද්වතුන් ආදී වශයෙන් හදුන්වා ගන්නා තවත් තක්කඩියන් පිරිසකුත් අන්තවාදීන්ට කප්පන් දීමෙනුත් හැසිරවෙන රටට සතුරු එජාප ය ද ජාතිකත්ව විරෝධය දේශපාලන මාවත ලෙස හඳුනාගත් මාක්ස්වාදී ලිබරල්වාදීන් හීනමාන කලාකරුවන් ඇතුළු තක්කඩියන් පිරිවරාගත් ජවිපෙය ද රටට සතුරු බලවේග ලෙස පෙළ ගැසී ඇත.

ගෝඨාභය වටා සිටින කඳවුරේ තවමත් වැඩි බලය රටට හිතකර පිරිස් අතේ පැවතුණ ද එම කඳවු‍ර තුළ ද විජාතික මතධාරී තක්කඩියන් හා සැඟවී සිටින දෙපිටකාට්ටුවන් සැලකිය යුතු පිරිසක් ඇති බව කිව යුතු ය. විශේෂයෙන් ම මේවන විට පොහොට්ටුවේ වැඩි බලය එවන් පිරිස් වෙත ඇති බව ද සඳහන් කළ යුතුයි. වාසනාවකට ගෝඨාභය වටා ඇති කඳවුර යන්න පොහොට්ටුව මඟින් ම මෙහෙයවෙන්නක් නො වේ. එනිසා සමස්ත කඳවුර පිළිබඳ සුබවාදී හැඟීමක් ඇත.

ගෝඨාභය මහතාගෙන් ඉල්ලා සිටීමට ඇත්තේ පොහොට්ටුව ලකුණෙන් ඡන්දයට ඉදිරිපත් වුවද පොහොට්ටුවේ සාමාජිකත්වය නො ගන්නා ලෙස ය. ඒ සමඟ ම ඔබේ කඳවුරේ සිටින තක්කඩියන් ද බැහැර කර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු. (ඔබ සමඟ මුල් ම කාලයේ සිටි එවන් අයකු ඒ පිළිබඳව ඔබට විරෝධය පළකරන අවදියේ අප සමඟ වාදයට ආ අනුගාමිකයන් අනාථ කොට රුසියාවට පැනගොස් දැන් රඟන භූමිකාව ම ඔබට මේ සඳහා පූර්වාදර්ශයකි.)

කනගාටුදායක ලෙස ඔබට ද මෙහෙයවීමට ලබා දෙන්නේ අපේ රට උඩ ඇති උන්ගේ රාජ්ජයකි. රටට සතුරන් පරාජය වුව ද උන්ගේ රාජ්ජය ඔබ මෙහෙයවන විට ස්වභාවික ලෙස ම ජනතාව තුළ කළකිරීම් ඇති වීමට බොහෝ ඉඩ ඇත. එබැවින් ඔබෙන් ඉල්ලා සිටින්නේ අපේ රට ද රැකගෙන ඒ මත ඇති උන්ගේ රාජ්ජය අවසන් කොට අපේ රාජ්ජයක් පටන් ගැනීමට පෙරමුණ ගන්නා ලෙසයි. ඒ සඳහා ඔබට හැකියාව තිබුණ ද එතරම් ශක්තිමත් පදනමක් කඳවුර තුළින් නැඟ ඒවි ද යන්න ගැන ඇත්තේ බොඳ වූ බලාපොරොත්තුවකි.

ඔබෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා පියවර කීපයක් හෝ ගන්නා ලෙස ය. එවිට ඔබගේ නාමය අපේ රාජ්ජයේ සදාකල් නොමැකෙනු ඇත්තේ ය.

ජනතාවට පැවසිය යුතුව ඇත්තේ එජාප, ජවිපේ හා පොහොට්ටුවේ  බලය හිමි විජාතික මතධාරී කුඩා කණ්ඩායම ලෙස පරාජය කළ යුතු විජාතික බලවේග තුනක් ඇති බවයි. මේ බලවේග පරාජය කළ හැක්කේ එජාපය හා ජවිපෙය තීරණාත්මක ලෙස පරාජය කොට ගෝඨාභය ජනපතිධූරයට පත් කිරීමෙන් හා ඉන්පසු එජාපය හා ජවිපෙය තීරණාත්මක ලෙස බලයෙන් ඉවත් කරමින් ම පොහොට්ටුවේ ආධිපත්‍යය දරන විජාතික මතධාරී කණ්ඩායමේ දේශපාලන ආධිපත්‍යය බිඳ හෙළමින් ශක්තිමත් ජාතිකත්ව දේශපාලන පදනමක් ඇති කිරීමෙනි. (ගෝඨා පරාජය වුවහොත් දේශපාලනය සම්පූර්ණයෙන් මේ කණ්ඩායම් තුන අතට ගොස් සිංහල බෞද්ධ ජන පදනමේ හඬ ඉහළට නොයන ඉතා අහිතකර තත්වයක් ඇතිවනු ඇත.)

අවසාන වශයෙන් මා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය දිනවීමෙනුත් ඉන්පසු තුන් වැදෑරුම් විජාතික බලවේග පරාජය කෙරෙන ශක්තිමත් බලවේගයක් ගොඩනැඟීමෙනුත් අපේ රාජ්ජය නැවත ඇති කරගැනීමට පෙළගැසෙන ලෙසයි.

- තමලු මලිත්ත පියදිගම

අනුරට සහය දිය යුතු ඇයි? ජෙලි බබාලානු විවරණයක්

අනුරට සහය දිය යුතු ඇයි? ජෙලි බබාලානු විවරණයක්


අනුර කුමාරට ඡන්දය දිය යුත්තේ ඇයි යනුවෙන් ජවිපේ සාමාජිකයන් හා නිර්මාල් දේවසිරි ඇතුළු විකල්ප වාමාංශිකයන් ගොඩ නඟන තර්කවල පදනම අවබෝධ කරගැනීම සඳහා උපයෝගී කරගත හැකි එක් වැදගත් ප්‍රවේශයක් පිළිබඳව මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙයි. මේ ප්‍රවේශයට ජෙලි බබාලානු විවරණය යන නම හිමි වන්නේ මොරටුව සරසවියේ ජෙලි බබාලා නමින් ප්‍රකට ජවිපේ ශිෂ්‍ය කණ්ඩායම තම ස්ථාවරය දක්වන ආකාරය මීට දක්වන සමීපතාව නිසා ය.

ජොනාතන් ස්විෆ්ට් යුරෝපා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ හා වාණිජවාදයේ නිරුවත විදාරණය කළේ එංගලන්තය හා ප්‍රංශයට ආකෘතිකව සමාන කුඩා අඟුටු මිටි සමාජයන් (ලිලිපුට්ටෝ) නිර්මාණය කොට ඒ මත යුරෝපා ලිබරල් සමාජයේ ප්‍රශ්න හා දේශපාලනයේ ප්‍රවණතාවල කුඩා ආකෘතියක් නිර්මාණය කිරීමෙනි. මෙ ලෙසින් ම ජවිපේ හා සම්බන්ධ කඳවුරේ දේශපාලනය අවබෝධ කර ගැනීමට සිඟිති ආදර්ශයක් ලෙස ජවිපේ ජෙලි බබා කණ්ඩායම විමසා බැලීම සුදුසු ය.

සිසු විරු දින සැමරුම සූදානම් කිරීමේ දී එකල උපක්‍රමිකව (සැබෑ අනන්‍යතාව සඟවමින්) ශිෂ්‍ය සංගම් බලය හිමිකරගෙන සිටි ජෙලි බබාලා බහුජන ව්‍යාපාරයක් වන ශිෂ්‍ය ව්‍යාපාරය හා ජවිපේ 89 කැරැල්ල අතර පරතරයක් නිර්මාණය කොට පෙන්වීමට (තම ජවිපේ අනන්‍යතාව සඟවා තබා ගැනීම හා ඒ අතරතුර තම දේශපාලනික උපක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා ජෙලි බබාලාට මෙම පරතරය නිර්මාණය කිරීම අතිශයින් අත්‍යවශ්‍ය විය.) බොහෝ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ජවිපේ ක්‍රියාකාරිකයන් ද වූ අතර ඝාතනයට පත් වූ ඇතැමෙක් ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් නිසා ද ඇතැමෙක් ජවිපේ පහර දීම් හා ප්‍රතිප්‍රහාර අතරතුර දී ද ඝාතනය විය. එ නිසා මේ පරතරය නිර්මාණය කිරීමේ අනිවාර්ය බාධකයක් වනු ඇත්තේ ජවිපේ පහරදීම් අතරතුර දී ඝාතනය වූ පිරිස් ද මෙම ලැයිස්තුවල සිටීමයි.

88, 89 කාලය වන විට ශිෂ්‍ය ව්‍යාපාරය පැවතුණේ ජවිපේ, ජාතිකවාදීන් (ජාතික චින්තන කණ්ඩායම) හා පරණ වම (ලං.ජ.සං, ස්වාධීන ශිෂ්‍ය සංගමය වැනි පිරිස්) යන බලවේග කිහිපයේ නායකත්වයෙනි. මෙහි දී ප්‍රධාන බෙදුමක් ලෙස ඊළාම් විරෝධය හා ඊළාම්වාදී වීම දක්නට හැකි විය. ජවිපේ හා ජාතික චින්තන කණ්ඩායම ඊළාම් විරෝධී ස්ථාවරය ද පැරණි වම ඊළාම්වාදී ස්ථාවරය ද  දැක්වී ය. ජවිපේ පරණ වම මර්දනය කිරීමට ගත් ප්‍රධාන ප්‍රවේශය ද වූයේ පරණ වමේ ඊළාම්වාදීත්වයයි.

ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය යනු ම ජවිපේ දෘෂ්ටිවාදයෙන් ලියැවුණු ඉතිහාසයක්ව ඇත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පිහිටවූ මැල්කම් විජිතපාලලා ඇතුළු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී ශිෂ්‍ය සංගමයේ නායකත්වය හෝ අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් පිළිබඳව හෝ මීළඟ නායකත්වය ලබා දුන් ජාතික ශිෂ්‍ය සංගමයේ කොමියුනිස්ට් පාක්ෂිකයන් ගැන හෝ වචනයක්වත් කතා නොකෙරී ජවිපේ ශාන්ත බණ්ඩාරගෙන් පටන්ගෙන අන්තරයේ නිල ඉතිහාසය කියා දීම කවර සරසවියේත් දක්නට ලැබේ. මේ අමතක කර දමා ඇති ප්‍රාග් ඓතිහාසිකත්වයට අමතරව ඝාතනය වීමේ වාසිය උපයෝගී කරගනිමින් අසූව දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරය පූර්ණ වශයෙන් ජවිපේ ගිණුමට බැර කිරීම ද එක් පිරිසක් පමණක් නැවත නැවත සිහිපත් කිරීමෙන් සිදු වේ. ජවිපේ අතින් ඝාතනය වූ අනෙක් කණ්ඩායම්වල ශිෂ්‍යයන් පවා අමතක කර දමා ඇත.

කාලාන්තරයක් ජවිපේ බලය ද ගිලිහී තිබූ මොරටුවෙහි දැනට සිටින්නන් ඝාතනයට ලක් වූ මොරටු සිසුන් ලෙස දන්නේ ක්ලිෆඩ් පෙරේරා, නිමල් ලියනගේ හා නිමල් බාලසූරිය පමණි. දැන් මැදි වයසේ සිටින එකල ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සිහිපත් කරන මොරටුවේ ඝාතනයට ලක් වූ ඉදිරිගාමී ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ගැන මොරටුවේ වත්මන් සිසුන් දන්නේ ම නැත. (89න් පසු බිඳ වැටී ගිය අන්තරය නැවත පිහිටුවීමට මොරටුවෙහි කපිල පීරිස්ලා, සංජීවලා ඇතුළු ජාතිකවාදී පිරිස් ගත් උත්සාහය චම්පක රණවකගේ ජනතා මිතුරෝ කණ්ඩායම හා සංජීවට පහර දෙමින් චම්පක රණවකගේ කණ්ඩායම ගෙන ගිය මැර දේශපාලනික ආධිපත්‍යය පිළිබඳව කිසිවක් නොදන්නා බොහෝ සිසුන් මොරටුව අන්තරයෙන් ඉවත් වූ සිද්ධිය පිළිබඳව වැඩිහිටි සිසුන්ගෙන් අසා ඇත්තේ සාවද්‍ය කතාන්දර ය.)

මේ සියල්ල පසෙක තබා දැන් අපි පෙර කී සිදුවීමට යමු. අපි ජෙලි බබාලාගෙන් ප්‍රශ්න කොට සිටියේ ජවිපේ විසින් ඝාතනය කරන ලද මොරටුවේ ජයවර්ධන දිසානායක (වසන්ත දිසානායකගේ බාල සොහොයුරා) වැනි ලං.ජ.සං. සිසුන්, නව ප්‍රවණතාවයේ සිසුන්, නසසපයේ සිසුන්, දයා පතිරණ වැනි පිරිස් ගැන කතා නොකරන පදනම කුමක් ද යන්නයි. (මේ වන විට ජවිපේ අනුශාසකයින් ඊළාම් විරෝධීන් නොව දයා පතිරණලාගේ 'ගෝලයන්' වූ නිර්මාල් දේවසිරි වැනි පුද්ගලයින් ය. එ නිසා ජවිපෙට දැන් ඊළාම්වාදය ගැන කියා අත පිහිදා ගත නො හැකි ය.).

අනෙක් ප්‍රශ්නය වූයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය හඳුන්වා දීමේ අරමුණින් කෙරෙන සැමරුමක ඝාතනය වූවන් පමණක් සිහිපත් කෙරෙන්නේ ඇයි ද යන්න ය. එයින් ඝාතනය නොවූවන්ගේ දායකත්වය ඉතිහාසයෙන් අතු ගෑවෙයි.

මේ දෙවනි ප්‍රශ්නයට දිය හැකි කොතෙකුත් පිළිතුරු තිබුණ ද එක් ජෙලි බබකු ඉදිරිපත් වී ලබා දුන්නේ අපූරු පිළිතුරකි.

" දැන් ඒ අය මැරිලානෙ. ඒ නිසා ඒ අයගේ මතය වෙනස් වෙන්නේ නෑනේ. දැන් ඉන්න අය මතය වෙනස් කරලා හරි මතය වෙනස් වෙලා හරි නිදහස් අධ්‍යාපනයට විරුද්ධව පෙනී හිටියොත්!"

තමන් ම සමරන්නට යන ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ට ම එල්ල කරන අපහාසයක ද ස්වරූපය බැලූ බැල්මට දරනා මෙම ප්‍රකාශයේ සැඟවී ඇති අර්ථය විමසා බලමු.

මතය වෙනස් වීමේ ඉඩකඩ ඇති ගතික සජීවී පුද්ගලයින්ට වඩා සංකේතරූප කරගැනීමට උචිත වන්නේ ගල් කොට දැමූ අජීවී මළ සිරුරු ය. එනිසා ම ප්‍රතිරූප ගොඩනැංවිය යුත්තේ මරණයට පත්වූවන්ගෙනි.

මෙම ජෙලි බබාලානු විග්‍රහයෙන් වර්තමාන ජවිපේ AKD දේශපාලනය විමසා බලමු.
මෙවර අනුර කුමාර පැමිණෙන්නේ සමාජවාදයක් හෝ කොමියුනිස්ට්වාදයක් ගෙන ඒමට නොවේ. මෙවර අනුර කුමාරගේ දේශපාලනය යනු සුචරිතවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් (puritan democratism) සඳහා පෙනී සිටින සදාචාරවාදී ප්‍රවේශයකි. ඍජුව ම අනුර කුමාර යනු ක්‍රොම්වෙල්ටත් එහා ගිය එලිසබෙතනු සුචරිතවාදයේ ප්‍රතිමූර්තියකි. (අනුර කුමාර යනු නගර ගිනි නොතියන මිනී නොමරන ක්‍රොම්වෙල් කෙනෙකි. සුපිරිසුදු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අකලංක කුමාරයෙකි.)

බොහෝ වාමාංශිකයන් කියන්නේ අනුර කුමාර සිහිනෙන්වත් නො දිනන බව ය. දිනීම යනු ඔවුන්ගේ බලාපොත්තුව නො වේ. ඔවුන්ට අවශ්‍ය මතයක් ප්‍රකාශ කිරීමට යැයි කියනු ලැබේ.

දැන් අපි අර ජෙලි බබා ආදර්ශය මෙතැනට රැගෙන එමු. 2015 දී ජවිපෙ හිතවාදී විකල්ප වාමාංශික බලවේග ඍජුව ද අන්න සතා මෙන්න පොල්ල ක්‍රමයෙන් ජවිපෙ ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනික සුචරිතවාදය හා 'දේශපාලනික නිවැරදිභාවයේ' දේශපාලනය  (political corectness politics  හරි සිංහල නමක් සිතා ගත නොහැකි ය. ) නිරූපණය කෙරෙන යහපාලනය යන වචනයෙන්, ජයග්‍රහණය කළ හැකි (එසේ වූ) සජීවී දේශපාලන ප්‍රපංචයක් නිර්මාණය කළ හ. මහ බැංකුව කොල්ල කා පටන් ගත් එය අවසන් වූයේ නිර්මාල් දේවසිරිගේ වචනයෙන් විකල්ප වම්මුන්ගේ කලිසම් සම්පූර්ණයෙන් ගලවා දමමිනි.

මෙවර එයින් උගත් පාඩම් අනුව ජවිපෙය හා විකල්ප වම්මු ජෙලි බබා තියරියට ගොස් තිබේ. දිනිය නොහැකි අනුර කුමාර නම් අජීවී මළකඳක් සුචරිතවාදයේ අකලංක කුමාරයා ලෙස තෝරාගෙන ඇත.

මේ AKD ව්‍යාපාරය සාර්ථක කිරීමට නම් අනුර කුමාරගේ අජීවී භාවය රැකගත යුතු ය. මේ සඳහා අනුර පරාජිතව ම තබා ගැනීම යන පහසු ඉලක්කයක් ඇත. අරුම පුදුම අයුරින් හෝ අනුර දිනුවහොත් ජෙලි බබා තියරිය අනුව කලිසම්වල බඳ පටි නැවත වරක් බුරුල් වනු ඇත.

තවමත් ඇති එක් අවදානමක් වන්නේ කුමක් හෝ පෙරළියකින් මේ අකලංක කුමාරයා, සෝවියට් දේශය නම් දිව්‍යමය මහා අනෙකා මිය යාමෙන් පසුව අනන්‍යතා අර්බුදයකට ලක් වී අසරණ වූ ශ්‍රීලාංකික වම්මුන්ට මේ වන විට ලැබී ඇති යක්ෂමය මහා අනෙකා සමග එක් වීමට ඇති හැකියාවයි. මේ සඳහා මේ අනුර කුමාර බලවේගය යක්ෂයාට වැඩක් නොවන මට්ටමකින් තබා ගැනීම ද අවශ්‍ය වෙයි.

දැන් දැන් පෙනී යන්නේ විකල්ප වම්මු මේ බව දැන සිටින බවයි. ඒ නිසා ම ප්‍රතිරූපගත මළකඳ ඔසවාගෙන යන විකල්ප වම්මුන් බහුතරයකගේ ඡන්ද පෙට්ටිය අසළ ආවරණවලින් වැසී ගිය කළ හෙළි දරවු වන 'සැබෑ' ස්වරූපයන් අවබෝධ කර ගැනීමට රහස් කවුළුවක් අවශ්‍ය නො වේ.

සටහන:

       සෝවියට් දේශය යහතින් පැවති කාලයේ වාම ස්ථාවරය වූයේ දැන් ධනවාදය වර්ධනය වී අවසන්ව බිඳ වැටෙමින් පවතිණ බවයි. එනම් සෝවියට් දේශය යනු ළඟා සිය යුතු එක් විය යුතු දිව්‍යමය මහා අනෙකකු වෙත පාර පෙන්වන්නකි. සෝවියට් දේශය බිඳ වැටුණු පසු ඓතිහාසික භෞතිකවාදීන්ට උරුම වන්නේ සෝවියට් දේශය යනු අපගමනයක් බවත් ධනවාදය බිඳ වැටීමට පෙර තවත් වර්ධනය වීමට ඇති බවත් ය. එහෙයින් වර්තමාන වම්මුන්ට ධනවාදයේ ඉදිරියට යාමට රුකුල් දීමට සිදුවේ. හොඳ ධනවාදයක්/ ප්‍රජාතන්ත්‍රවාදයක් ඔවුන්ගේ තේමාව ය. මෙහි දී ධනවාදීන් සමඟ පෑහීමෙන් ඇතිවන අනන්‍යතා අර්බුදය මකා ගැනීමට ඔවුන්ට මේ වන විට තවත් මහා අනෙකකු ලැබී ඇත. ලෝකය පුරා ජාතිකවාදී ප්‍රවණතාවන් මේ මහා අනෙකා ය. මෙවර ඔවුන් තෝරා ගෙන ඇත්තේ වෙන් වීම ලකුණු කිරීමට වෙර දරන යක්ෂමය මහා අනෙකා ය. ලංකාවේ වම්මුන්ගේ පිනට පහළ වූ යක්ෂයා මේ මොහොතේ දී සංකේතවත් කෙරෙන පුද්ගල රූපය හඳුනා ගැනීම අපහසු නැත. ඇතැම් වම්මුන් ඍජුව  ම ඔහුට යක්ෂයා යැයි කියා සිටින බැවිනි.

                   - තමලු මලිත්ත පියදිගම


         

කාලය පැරණි වෙබ් අඩවිය වෙතට පිවිසීමට මගක් To Kalaya old website

නලින් ද සිල්වා මහතාගේ මේ වන විට අක්‍රිය තත්වයේ ඇති කාලය පැරණි වෙබ් අඩවිය 
(2016ට පෙර ලිපි) වෙතට නැවත පිවිසීම සඳහා පහත සබැඳිය භාවිත කළ හැකි ය.

https://web.archive.org/web/20150404132129/http://www.kalaya.org/home.html

වීඩියෝ හා ශ්‍රවණ ගොනු නැවත සක්‍රිය කළ හැකි ආකාරයක් නො දනිමි. ඒ පිළිබඳව දන්නා අයකු වේ නම් දැනුම් දෙන්න. ලිපි කියවීමට හා බාගත කිරීමට මෙයින් හැකි ය. බ්‍රවුසරයේ Adobe Flash සක්‍රිය කර ගැනීම අවශ්‍ය විය හැකි ය.



Grammatical Aspects in Tenseless Theory of Sinhala Language


Grammatical Aspects in Tenseless Theory of Sinhala Language
T.M. Piyadigama
University of Moratuwa

Abstract 

Studying tense-and-aspect systems is a major area in linguistic studies. There are no examples for grammatical aspects in Sinhala language mentioned in the academic literature on grammar. There were several stages of the development of tense theories. In my previous work "There are no tenses in Sinhala Language" I verified that all the tense theories for Sinhala language fail and the verb categories which are misunderstood as tenses are actually not tenses. This article summarizes the result of my previous work and describes my novel formulation in formal linguistic terms. The result is to understand the aspectual nature of the Sinhala verbs.

Introduction 

Tense and aspect are closely related but different concepts. Tense denotes a temporal reference to an event, situation or act represented by a verb. (For example, past-present-future, past-non past e.t.c.). Aspect denotes how which is expressed by the verb extends over time. There are two major aspects generally identified perfective and imperfective. Perfective aspect verbs represent the idea, situation or act expressed by it as a whole while imperfective aspect represents the internal composition of which is expressed. To explain further, imperfect aspect impress whether the expressed idea, situation or act is progressing, repeating or habitual. 

History of Sinhala Grammar

There are two stages of tense theories in Sinhala Language. 
1. Three tense theory (Past, Present, Future)
2. Two tense theory (Past, non Past - sometimes past, future)

Three tense theory can be found since earliest grammar books (Siyabaslakara and Sidath Sanagarawa). Mr. Cumaratunge Munidasa, an elegant researcher in Sinhala language, identified that early three tense theory is flawed and formulated a two tense theory. 

The author of this article understood two tense theory is also flawed and proposed a tenseless theory in his article "There are no tenses in Sinhala language" published in Divaina newspaper. Readers interested in the argumentation to refute two tense theory and the historical evolution of the subject are advised to refer the above article.

The tenseless theory does not reject the division of verbal categories proposed by Mr. Cumaratunge but diverges with his tense based interpretation of those categories. Tenseless theory renames the so-called past and non-past categories as nimitha and animitha considering the actual functionality.

Tenseless theory of Sinhala Language

Tenseless theory suggests two verb categories: nimitha and animitha.

Following example explains these categories for verb stem duva -දුව- (run) in singular third person masculine gender

Nimitha
divii (ya) - දිවී (ය) - nimitha pure verb 
divve (ya) - දිව්වේ (ය) - nimitha noun based verb 

Animitha 
duva (ya) = duvayi - දුවා ය = දුවයි - animitha pure verb 
duvanne (ya) - දුවන්නේ (ය) - animitha noun based verb

The next and most important step of the theory is to explain functionality of these two categories.

Animitha is used for event, situation or act to denote,
1. that it is progressive or continuous.
2. that is repetitive.
3. that it is possible to happen (or a possible alterity)
4. that it is a common state of a specific era.
(4th case is not a necessary. Same meaning can be obtained with nimitha. But animitha has also been used in literature. First three forms are necessary and the meaning will change if nimitha is used.)

5. Animitha is used in newspaper headlines. 

Nimitha is used in all other occasions (where the act, event or situation expressed by the verb is taken whole as one unit).

5th case was introduced to newspaper tradition by Mr. Munidasa himself in accordance with the the English tradition of using simple present since the animitha category was misunderstood as present tense at that time. 5th case is now popular as a common practice so I included that also with other four.

Mr. Munidasa also elegantly identified 4th case before me and reported in his book 'Vyakarana Vivaranaya'. Being unaware of first three cases and being in the tense theory domain, he interpreted the 4th case as an exception to his two tense theory. The fact that there are exceptions to the tense theory is understood even in the three tense theory era because 'Sidath Sangarawa' and other several grammar books provide examples to the existence of exceptions ('Kiriya Perali') though an interpretation or analysis in the nature of those exeptions was never presented. The existence of exeptions was identified, accepted and then paradoxically neglected before the tenseless theory. The article "There is no tenses in Sinhala Language" discusses the nature of the exceptions and identifies them as a result of a flawed theory.

Examples for Nimitha Animitha Functionality 

Animitha

1st case: Continuous or progressive 
Eeye ude ma ohu dakina wita ohu pasalata (duwayi).
- ඊයේ උදේ මා ඔහු දකින විට ඔහු පාසලට (දුවයි).-
He was running to school when I saw him yesterday.

2nd case: Repetitive 
Gaswala kola (wateyi).
-ගස්වල කොළ (වැටෙයි).-
Leaves of the trees fall / fell repetitively.

3rd case: Possible alterity
Anith pakshayen illuwe nam ohu giya wara chandayen (dinanne) ya. 
- අනිත් පක්ෂයෙන් ඉල්ලුවේ නම් ඔහු ගියවර ඡන්දය (දිනන්නේ) ය.-
he would have won the last election if he represented the other party.

4th case: Common state of a specific era.
Gal yugaye minissu gal guhawala jeewath (wethi).
ගල් යුගයේ මිනිස්සු ගල් ගුහාවල ජීවත් (වෙති).
People of Stone age lived in caves.

5th case: Headlines
Yuddaya (arambeyi).
යුද්ධය (ඇරඹෙයි).
War begins.


Nimitha

Thaththa gedara (awe) ya.
තාත්තා ගෙදර (ආවේ) ය.
Father came home. 

The nimitha or animitha verbs are in parentheses.



Aspectual Nature of Nimitha Animitha 

Nimitha and animitha verb categories have an aspectual basis rather than a tense basis. 

Functionality of nimitha, to consider the expressed action, situation, event as a unit, is the nature of perfective aspect.

Animitha is related to imperfective aspect. 1st and 2nd cases are related to continuous and habitual (repetitive) aspect respectively. These two aspects are subcategories under imperfective aspect. The third and fourth cases also related to aspect and clearly distinct from tense. Non of these five cases represents a time reference. First four cases express how the event, situation or act extends over time. Therefore the tenseless theory of Sinhala language not only refute grammatical tenses but also identifies grammatical aspects in Sinhala language. 

I refrained from strictly translating nimitha and animitha to perfective and imperfective respectively because third case cannot be classified into conventional imperfective aspect. 

Special Remarks

The term grammatical tense means the grammatical morphological tense in this article. This terminology persisted in  two tense and three tense theories. Though tenseless theory is discussed here in this traditional discourse the tenseless theory can be broadened to understand the complete domain. As a summary, non morphological tenses also do not exist in Sinhala language and the nimitha animitha verb formation in various forms can be identified. This will be explained in our next steps.

Refuting the greatest misconception in Sinhala Grammar (and another misconception in the field of tense and aspect systems - undoubtedly dealt with misconception and conflations throughout the history) we can now clearly say that Sinhala is a tenseless language. Burmese, Dyirbal, Chinese, Malay are some other tenseless languages identified upto now.

References

Piyadigama T.M., There are no grammatical tenses in Sinhala language 2017.07.21, 2017.07.28, Divaina newspaper Watamadala

Copyrighted: Thamalu Maliththa Piyadigama
























වංගීස සමඟ විවාදයට පසු වදනක්.


වංගීස සමඟ විවාදය නරඹන සමහරුන්ට මූලික ප්‍රශ්න දෙකක් ඇති බව පෙනේ. පළමු වැන්න නිවන මෙයයි යනුවෙන් ආරම්භයෙන් ම නො කියා ජනප්‍රිය ථෙරවාද  සම්ප්‍රදාය තුළ ඇති ගැටලුවක් ගැන කීමට කාලය ගත කළේ ඇයි ද යන්නයි. දෙවැන්න වංගීස නිවන පට්ට ම පට්ටපල් බොරුවක් කීමට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකීමයි. 

පළමු ප්‍රශ්නය ගැන කිවයුත්තේ මේ වන විට ලංකාවේ සමාජයේ විවිධ පුද්ගලයින් නිවන ලෙස විවිධ සංකල්ප නම් කර ඇති බවත් සමහර සංකල්ප නිවනේ නමින් තදින් ව්‍යාප්‍ත වී ඇති බවත් ය. මේ තත්වය බුදු දහම සාමාන්‍ය කතා බහ තුළ දැනගන්නන්ට පමණක් නොව බුදු දහම 'හදාරන්නට' යන්නන්ට ද පොදු වී ඇති බවයි. අනෙක් අතට අභිධර්මය හදාරන අය අභිධර්මයේ මෙසේ කියැවේ යනුවෙන් කියන්නේ මෑත කාලයේ ලියූ පොත්වලින් පෙන්වමිනි. එමෙන් ම මේ පොත් ලියූ අය හා ඒවා ඇසුරෙන් ධර්ම දේශනයේ යෙදෙන අය මගඵල දරන බවට දැඩි සේ විශ්වාස කරන පිරිස් ද බහුල ය.

බුදු දහම පිළිනොගන්නා අයට ද නිවන යන වචනයේ තේරුම් ලෙස ලැබෙන්නේ ජනප්‍රියව පවතින මෙවන් අදහස් කිහිපයකි. උදාහරණයක් ලෙස වංගීස පසුගිය වාරයක සඳහන් කළ කරුණ වූයේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන්ගේ නිවන බුදු දහමේ නිවන නොවන බවත් ඇතැම් බෞද්ධ කණ්ඩායම්වල පිරිස් නිවන පිළිබඳව නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන් හා ගැටෙන්නේ එනිසා බවත් ය. වැඩි දුරටත් වංගීස තමාට තේරෙන විදිහට ඔවුන් හරි බවත් කීවේ ය.

වංගීසට නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ නිවන බුදු දහමේ නිවන ම ද නැද්ද යන්න සම්බන්ධව තර්ක කිරීමට අවශ්‍යතාවයක් නැති වුවත් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන්ට එය මඟ හැර යා නො හැකි ය. නිවන යනු මෙසේ යැයි අප කියන විට බොහෝ හුරු පුරුදු පරිදි ඇතැම් බෞද්ධයෝ "ඕක වැරදියි. මෙහෙමයි තියෙන්නේ." කියා තමන් ඉහළින් සලකන මෑතකාලීන අභිධර්ම විවරණයක පිටු අපට පෙන්වති. නැතිනම් අර හාමුදුරුවෝ මෙහෙම කීවා යැයි කියති. මේ ඇතැම්මු මේ කෘති හා දේශනා කෙරේ දරා සිටින්නේ මූලාශ්‍ර ලෙස පමණක් නො වේ. අධික භක්තියකින් යුතුව ය. එනිසා නිවන පිළිබඳ ප්‍රකාශ කිරීමේ දී මේ කණ්ඩායම්වල මතය භයානක ලෙස බලපායි. එනිසා මේ ජනප්‍රිය මූලාශ්‍රවල නිවන පිළිබඳ අපට වෙනස් කතාවක් ඇත්තේ කෙසේ දැයි විස්තර කළ යුතු ය. මේ ජනප්‍රිය අදහස් ගණනාවේ ඇති නිවන නම් ප්‍රතික්ෂේප වී යාම වැළැක්විය හැකි නො වේ. එහෙත් බුදු දහමේ නිවන මේ අදහස් නො වේ. ක්‍රි.ව. එක්දාහේ පමණ ලියවුණු එක්තරා මතභේදකාරී විවරණ ග්‍රන්ථයක් (එක් අතකින් එය ඍජුව හෝ වක්‍රව බටහිර අධ්‍යාපනය ලැබූවන්ට ප්‍රිය වීම නිසාත් ඉතා වැඩියෙන් විස්තරාත්මක බවක් පෙන්වීම නිසාත්) මත වර්තමානයේ අභිධර්මය ගැන ලියන කියන දෑ ලියවීම නිසාත් ඒවා තවදුරටත් බටහිර සංකල්පවලට ගැලැප්පීමට යාම නිසාත් ඇති වූ අර්බුදයකි. ඉතින් නිවන යනු මේ අදහස් ය කියා ම දැනගෙන සිටින බුදු දහම නොපිළිගන්නා කණ්ඩායම් අප නිවන ගැන කියන දේ ද මේ ජනප්‍රිය නිවන් සමඟ පටලවා ගනිමින් අර්ථ විරහිත ප්‍රකාශන බව සිතීමට ඉඩ තිබේ. එනිසා මුලින් ම  ගැන ජනප්‍රිය අදහස්වලින් වෙන්විය යුතු ය. ඉන්පසුව නිවන පිළිබඳව බුදු දහමේ අදහස අප කියන්න බවට කරුණු දැක්විය යුතු ය.

යමක සූත්‍රය ගැන මා විස්තර කළේ එබැවිනි. අපට අනුව හා මුල් ථෙරවාද බුදු දහමට අනුව නිවන කෙසේ විස්තර වේ දැයි යමක සූත්‍රයෙන් මම විස්තර කළෙමි. නිවන පිළිබඳව ප්‍රශ්නය මඟ හරින්නේ යැයි උඩින් පල්ලෙන් වීඩියෝව බලමින් සිතන අය යමක සූත්‍රය ඇසුරෙන් මා කළ විග්‍රහය ඇති කොටස නැවත සිහියෙන් යුතුව අසා බැලිය යුතු ය. ජනප්‍රියව ඇති නිවන ගැන අදහස් බොරු බවට කිසි ම ප්‍රතිතර්කයක් නැත. අප බොරු හෝ පට්ටපල් බොරු නොවන බව කියන්නේ මේ අප විස්තර කරන මුල් ථෙරවාද බුදු සමයේ කියැවෙන නිවන ය. මෙයින් නිවන යනු 'ඇත්තකයි' නො කියැවේ. නිවන බොරු හෝ පට්ටපල් බොරු යටතට නො වැටේ.
 සමහරු කලබල වන දෙවන කරුණ මෙතැන දී වංගීස පට්ටම පට්ටපල් බොරු යනුවෙන් අලුත් ප්‍රවර්ගයක් යෝජනා කිරීමයි. මා මීට පිළිතුරු නො දුන්නේ මේ පියවරත් සමඟ ම අවුරුදු දෙකක් පුරා ම පැවති වංගීසගේ තර්ක කිරීමේ සීමාව සනිටුහන් වී අවසන් වන බැවිනි. එනම් තුන්වන ප්‍රවර්ගයක් යෝජනා කිරීමෙන් ම ඔහු නිවන බොරු හා පට්ටපල් බොරු ප්‍රවර්ග දෙකට ඇතුළත් කිරීමේ උත්සාහය අත් හැරීමට එකඟ වී අවසන් බැවිනි. එමෙන් ම මාගේ නිවන පිළිබඳව විග්‍රහයත් එය පළමු ප්‍රවර්ග දෙකට නොවැටෙන බවට විග්‍රහයත් පිළිගෙන අවසන් ය.

දැන් මේ වංගීස යෝජනා කරන පට්ටම පට්ටපල් බොරු යන ප්‍රවර්ගය ගැන මා අමුතු කැලඹිල්ලකට පත් විය යුතු ද? වංගීස ඒ පට්ටම පට්ටපල් බොරු යනු කවර ආකාරයේ දැයි විස්තර කළේ ම මා නිවන ගැන කළ විස්තරය කියමින් මේවගේ ඒවා පට්ටම පට්ටපල් බොරු යනුවෙන් නම් කරන බව ය. ඉතින් පට්ට ම පට්ටපල් බොරු යනුවෙන් කීමෙන් නිවන ගැන මා අර කළ විස්තරයට වඩා අලුත් දෙයක් වංගීස කියා නැත. ඉතින් ඒ මගේ ම විස්තරය පිළිබඳව මම කුමකට කැලඹීමකට පත් විය යුතු ද? වංගීස අතින් වූ එක ම දෙය නිකම් ම අලු ත් ලේබලයක් ඇලවීම පමණි. අනිත් අතට වංගීස ම කියූ පරිදි මේ ලේබලය ඔහු ගසන්නේ අනේක විධ වචන (හැඟවුම්) අතරින් අර ප්‍රවර්ග දෙකට අයත් නොවන මෙම වචනයට (හැඟවුමට) ය. වචනයට ලේබලය වැදීමෙන් නම් ඉතින් කොහොමටත් ප්‍රශ්නයක් නැත. අනෙක් අතට සමපේක්ෂී භෞතිකවාදයේ facticity සිට factiality වෙත යන ගමනට මේ ප්‍රකාශය බරපතලව ගතහොත් ඇතිවන පාරාවළල්ල ගැන අධ්‍යයනය කිරීම සිත් ගන්නා සුලු ය.

 apophatic theology ගැන හෙවත් නිශේධාත්මක දේවධර්මය ගැන කලින් ද අප සාකච්ඡා කර තිබේ. පැවැත්ම යන වචනය ඉවත් කිරීමෙන් පමණක් එය ප්‍රතික්ෂේප කිරීමේ නොහැකියාව නැති වෙන්නේ නැත.    සාපේක්ෂතාවාදය යනු රේසරයකට ඌනනය වන්නක් නො වේ. මේ දේවධර්මවල දෙවියන්ගේ පැවැත්ම නොකියවුණ ද දෙවියන් පැන නඟිනා ස්ථානයන් ස්ථාපනය වන අයුරු ඇත. ඒවා අනුව ඒවා කිරීමට හැකියාවන් ද ලැබෙනු ඇත. සියල්ල ප්‍රතික්ෂේප කළ හැක්කේ දැනුමේ සීමාව පිළිබඳ තර්කයෙන් ම බව කියන්නේ කෙසේ ද?

දාර්ශනිකයන්ගේ මහා අනෙකාට පමණක් නොව බර්ක්ලේගේ දෙවියන්ට වුවද පැවැත්ම අනිවාර්ය නොවුණත් ඒවා පැන නඟින එසේත් නැත්නම් ඒවා එම මතවාදවල පිහිටන ඊට දායක වන ස්ථාන අනුව ප්‍රතික්ෂේප කිරීම් කිරීම අපහසු නො වේ. 

මූලික ප්‍රශ්නය වනුයේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය විඥානවාදයට හෝ රේසරයකට (මෙයසූගේ වචන ද ගතහොත් razor of correlation circle) ලඝුව වටහා ගැනීමේ ප්‍රවේශයේ පටු බව වටහා ගැනීමයි.

නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ ආරම්භක ආකරය වන ක්‍රියාවලි පිළිබඳව වැඩි කාලයක් වැය කළේ සමපේක්ෂී භෞතිකවාදී ධාරාව ම විඥානවාදයෙන් වෙන්ව හඳුනාගන්නා ප්‍රබල සහසම්බන්ධතාවාදයට සමීප තැනකින් ඇරඹෙන ප්‍රවාදයක් දිගින් දිගට ම භෞතිකවාදයෙන් හා විඥානවාදයෙන් ඛණ්ඩනය ප්‍රකාශ කොට සිටින ස්වකීය වර්ධනය තුළ එක් කාල සීමාවක දී විඥානවාදයේ වාග් කෝෂය වෙත දක්වන අනුරූපීතා සමානතාවන් ලෙස හඳුනා ගැනීමෙන් ඇති වන සාවද්‍ය හඳුනා ගැනීම නිරූපණය කිරීමට ය.

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි