සැම්සන් මහතාගේ 2017 නොවැම්බර් 15 ලිපිය ඒ මහතා ඇතුළු හේතුවාදී උගතුන්ගේ බුද්ධිමය ඛේදවාචකයේ මනා ප්‍රතිබිම්බයකි. තමන් නො දන්නා විෂයන් උඩින් පල්ලෙන් අතපත ගා පහර දීමේ ශාස්ත්‍රීය කුහකත්වයත්, තමා ලත් අඩ දැනුමෙහි අවිචාරවත්ව ඇලී ගැලී අන්ධව සිටීමත්, මූලාශ්‍ර විකෘති කිරීමෙහිලා ඇති නිර්ලජ්ජිත ස්වභාවයත් සැම්සන් මහතා සිය ලිපිය තුළින් ප්‍රදර්ශනය කර සිටී.
සැම්සන් මහතා කෙතරම් අවිචාරවත්ව කරුණු විමසන්නෙක් දැයි පාඨකයන්ට මනාව පෙන්වමින් ඔහු පවසා ඇත්තේ ඍතු භේදය පෘථිවි කේන්ද්‍රවාදය මඟින් පැහැදිලි කළ නො හැකි බවයි. මෙය ඔහුට නිරවුල්ව කල්පනා කිරීමට ඇති නො හැකියාව ම පෙන්වන්නකි. ඍතු භේද ඇති වීම පෘථිවි කේන්ද්‍රවාදයෙන් පැහැදිලි කරන්නේ මෙසේ ය. සූර්යයා පෘථිවිය වටා පරිභ්‍රමණය වෙමින් ආවර්තීයව උතුරටත් දකුණටත් ගමන් කරයි. මෙය ජ්‍යෝතිෂ්‍යයේ දැක්වෙන්නේ උත්තරායනය (උත්තර+අයනය) හා දක්ෂිණායනය (දක්ෂිණ+අයනය) යනුවෙනි. ඍතු පිළිබඳ විග්‍රහ කිරීමට මූලික ම පෙරදිග ජ්‍යෝතිෂ්‍ය ග්‍රන්ථය වන සූර්ය සිද්ධාන්තය සිය දහ හතර වන පරිච්ඡේදය වෙන් කොට ඇත. සැම්සන් මහතා අමතක කරන්නේ සායන හා නිරායන ජ්‍යෝතිෂ්‍ය ක්‍රම දෙක වෙන් වන්නේ ද රාශිවල අර්ථකථනය පදනම් විය යුත්තේ අයනයන් මත ද නො වේ ද යන්න අනුව බව ය. එහෙයින් ඍතු ඇතිවීම පෘථිවි කේන්ද්‍රවාදය තුළින් පැහැදිලි කළ හැකි වනවා පමණක් නොව එම විග්‍රහය ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ ඉතාමත් වැදගත් ද වේ. සැම්සන් මහතා අමතක කර දමන අනිත් කරුණ වන්නේ ඇතැම් ජ්‍යෝතිෂ්‍යයන්හි පෘථිවියේ උත්තරාර්ධගෝලයේ රාශියකට යම් ගුණ ඇත්නම් දක්ෂිණාර්ධගෝලයේ දී එම රාශිය ම දරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ රාශියේ උත්තරාර්ධගෝලයේ තිබූ ගුණ බව ය. මේ සියල්ල ඍතු හා සම්බන්ධ කරුණු ය. පෘථිවියට සාපේක්ෂව හිරුගේ ගමන් මාර්ගය ක්‍රාන්තිවලය නම් වේ. මේ ක්‍රාන්තිවලය ඇත්තේ අහස් සමකයෙන් අංශක 23 1/2 ක් ආනතියකින් යුතු ව ය. සූර්යයා ගමන් කරන්නේ මෙම ක්‍රාන්තිවලයේ ය. පෘථිවි කේන්ද්‍රවාදයේ දී ඍතු ඇති වීම පැහැදිලි කරන්නේ ක්‍රාන්තිවලයේ ගමන් කරන සූර්යයාගේ චලනය ඇසුරෙනි. තාරකා විද්‍යාඥයන් භාවිත කරන තරු සිතියම්වල ද මෙම ක්‍රාන්තිවලය දැක ගත හැකි අතර එය මඟින් ගණනය කිරීම් ද කරනු ලැබේ. සැම්සන් මහතා දැනගත යුත්තේ ලෝක සිතියමේ ඇති කර්කටක හා මකර නිවර්තන දෙකේ නම්වල ඇති කකුළුවා හා මකරා අහසින් කඩා වැටුණු සතුන් නොව මෙම සූර්ය චලිතයට අනුරූපව කටක රාශිය හා මකර රාශිය (සායන අර්ථයෙන්) නිරූපණය කරන නම් බව ය. මෙතරම් මුලාවක සිටීමෙන් සැම්සන් මහතාගේ විමර්ශන බුද්ධිය කෙතරම් පිරිහී ඇත්දැයි ඔබට වටහා ගත හැකි ය. ජ්‍යෝතිෂ්‍යය විවේචනය කරමින් පොත් ගහන්නේ ජ්‍යෝතිෂ්‍ය හෝ භෞතික විද්‍යාව තබා සාමාන්‍ය දැනීමෙහි අයන්න ආයන්නවත් නො දන්නා හේතුවාදීන් ද?
සූර්ය සිද්ධාන්තයෙහි 12 වන පරිච්ඡේදයෙහි 46 සිට 51 දක්වා ශ්ලෝකවලින් සූර්යයා මෙසේ උතුරට හා දකුණට ගමන් කිරීමත් අදාළ කාලවකවානු හා දුර ප්‍රමාණත් දක්වා ඇති අතර සූර්ය කිරණ පෘථිවියේ අදාළ කොටස්වලට එල්ල වන ආකාරය අනුව ඍතු ඇති වීම ගැන ද විස්තර කොට ඇත. වෙනෙකක් තබා ධ්‍රැව මත දී දිනයක් මාස 6ක් වීම ගැන ද ඉතා පැහැදිලිව හා අලංකාරවත්ව විස්තර කොට ඇත. 13 වන පරිච්ඡේදය සෞරග්‍රහ මණ්ඩලයේ ආදර්ශ ආකෘතියක් සාදන අයුරු කියා දීමට ද 14 වන පරිච්ඡේදය ඍතු ගැන විස්තර කිරීමට ද ලියැවී තිබේ. මෙවර ලිපිය දිගුවන බැවින් උපුටා දැක්වීම් නො කරන නමුත් ඊළඟ වාරයේ දී මාගේ විදුසර ලිපියෙන් මෙම පරිච්ඡේද තුනෙහි සිංහල පරිවර්තනයක් ඔබ වෙතට ගෙන එමි. (මා දන්නා පරිදි මෙම කොටස් මෙතෙක් සිංහලට පරිවර්තනය වී නැත.) ජ්‍යෝතිෂ්‍යයට මෙන් ම අතීත බෞද්ධයන්ගේ දැනුමට ද නිගා කරමින් ඔවුන් පැතලි පොළොවක් ගැන කීවේ යැයි නන් දොඩවන, එම අදහස සාවද්‍ය බවට කරුණු දැක්වීමෙන් පසුත් තම අධානග්‍රාහී අදහසෙහි ම එල්ලී සිටිනා සැම්සන් මහතා වැනි හේතුවාදී 'හොරගෙඩියන්ට' මෙයින් පසු 'ඇඳි වතත් අහිමි වී යනු ඇත'.
පෘථිවි කේන්ද්‍රවාදය පමණක් නොව සූර්ය කේන්ද්‍රවාදය ද විවිධ යුගයන්වල විශ්වාස පමණකි. ඉන් එකක් සත්‍ය වී අනෙක අසත්‍ය වන්නේ නැත. එකක් අනෙකට වඩා දියුණු වන්නේ ද නැත. වාද දෙක ම ගණනයන්වල දී එක හා සමාන ප්‍රතිඵල ලබා දෙයි. සැම්සන් මහතා ප්‍රායෝගිකව පෙනෙන්නේ පොළොව හිරු වටා යෑම යැයි අතිශයින් බොළඳ තර්කයක් කරයි. ('ප්‍රායෝගිකව පෙනෙන්නේ හිරුට පෘථිවිය වටා ගමනක් නැති බවයි.) අවිචාරවත්ව උගත් දැනුමක් පණ්ඩිතමානීව හිස් මුදුනින් ගැනීමෙන් මනස අන්ධ වී යන්නේ මසැස ද අඳ බවට පත් කරමිනි. සූර්ය කේන්ද්‍රවාදයක් ප්‍රායෝගිකව පෙනේ ද? කුමන විහිළුවක් ද? පාඨක ඔබ එළිමහනට බසින්න. හිරු දෙස බලන්න. ඔබට කෙදිනකවත් පොළොව චලනය වනු පෙනේ ද? එහෙත් සූර්යයා නැගෙනහිරින් පායා බටහිරින් බැස යනු ඔබට පෙනේ. මා දැන් ඔබට පෘථිවි කේන්ද්‍රවාදය ප්‍රායෝගිකව පෙන්වා දී ඇත. සැම්සන් මහතා සූර්ය කේන්ද්‍රවාදය ප්‍රායෝගිකව පෙන්වන්නේ කෙසේ ද? ඔහුට කළ හැක්කේ විද්‍යාඥයන්ගේ නම් ගම් විසි කිරීමත් පෙළපොත් හා ප්‍රකාශන ඉදිරිපත් කිරීමත් පමණි. මේවා ප්‍රායෝගිකව පෙන්වීම් ද? නැත. ස්ථිරව ම ප්‍රකාශ කළ යුත්තේ ඔහු ඉදිරිපත් කරන කිසිදු වාගාලාපයකින් ඔබට පෘථිවි කේන්ද්‍රවාදය අසත්‍ය බව ඔප්පු කිරීමට තර්කයක් සොයා ගත නො හැකි බව ය. මා මේ කියන්නේ පෘථිවි කේන්ද්‍රවාදය පමණක් නිවැරදි බව නො වේ. සූර්ය කේන්ද්‍රවාදය හා පෘථිවි කේන්ද්‍රවාදය හුදු සාපේක්ෂ නිරූපණ පමණක් බව ය. මින් එකක්වත් අනෙකට වඩා සත්‍ය හෝ දියුණු හෝ නො වේ. සැම්සන් මහතාට මේ සඳහා හරිහමන් සාධක ඉදිරිපත් කිරීමට මාස ගණනක් ගත වීමෙන් පසුවත් තව ම නො හැකි වී ඇත.
මා හේතුවාදීන් හා මානවවාදීන් ගැන එල්ල කරන විවේචන අනවබෝධයෙන් කරන ඒවා බව කියන සැම්සන් මහතා ඒ චෝදනාව තහවුරු කිරීමට එකදු උදාහරණයක්වත් නො පෙන්වයි. අභූත ලෙස චෝදනා කිරීම ඕනෑ ම අයකුට කළ හැකි ය. සැම්සන් මහතා කළ යුත්තේ තම චෝදනා සනාථ කිරීම ය. බටහිර අධිරාජ්‍යවාදයේ 'වක්‍ර' නියෝජිතයන් යන්න නො වැටහෙන සැම්සන් මහතා හේතුවාදීන්ගේ 'අධිරාජ්‍ය විරෝධී' වැඩ කිහිපයක් ගැන සඳහන් කරයි. ඔවුන් වක්‍ර නියෝජිතයන් වන්නේ එළිපිට අධිරාජ්‍යවාදීන්ගේ ඍජු දේශපාලනික වැඩසටහන්වලට විරෝධය පාමින් අධිරාජ්‍යවාදීන්ගේ දැනුම් ආධිපත්‍යය ඇතුළු සූක්ෂ්ම වූ ව්‍යාපෘතිවල බළල් අත් බවට පත්වන බැවිනි. මේ වක්‍ර නියෝජිතයන්ගේ 'අධිරාජ්‍ය විරෝධී වැඩ' ගැන කිව යුතු එක ම කරුණ නම් මෙවැනි රංගනයන්ගෙන් මුලා නො වීමට ජනතාව බුද්ධිමත් විය යුතු බව ය.
අප රටේ ගුප්ත විද්‍යාවට මර්දනයක් නැතැයි සැම්සන් මහතා නන් දොඩවයි. ලංකාවේ ද ශාස්ත්‍රීය උනන්දුවකින් ජ්‍යෝතිෂ්‍ය හැදෑරීම අධෛර්යයට පත් කෙරෙයි. විද්‍යාලංකාර හා විද්‍යෝදය පිරිවෙන්වල මුල් කාලයේ දී ජ්‍යෝතිෂ්‍යය ඉගැන්වුණු අතර ඒවා විශ්වවිද්‍යාල බවට පත්කළ මුල් කාලයේ ඒවායේ ජ්‍යෝතිෂ්‍යය ද ඉගැන්විණි. එහෙත් පසුව බටහිර විද්‍යා අධ්‍යාපනයෙන් හිස උදුම්මාගත් හේතුවාදී මර්දකයන් අතින් එම විෂයන් විශ්වවිද්‍යාල පද්ධතිවලින් විසි වී ගියේ ය. ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යා සඳහා යම් හෝ තැනක් ලැබීම වැළැක්වීමට පොත් හා ලිපි ලියනා හේතුවාදී "පඬිවරු" එදා මෙන් ම අදත් සිටිති. මෙසේ ශාස්ත්‍රීය ප්‍රවේශය වැළැක්වීමෙන් මෙම ශාස්ත්‍රවල අධ්‍යාපනය අවිධිමත්ව ගිය අතර ඒවායේ කිරුළු දැරූවන් බවට ඒවා යන්තමින් හදෑරූවන් මාධ්‍ය ඔස්සේ ඉස්මතු විය. මෙතැනින් නො නවතින හේතුවාදී මර්දකයෝ එම මාධ්‍ය ඔස්සේ ඉස්මතු වන්නන් විහිළුවට ලක් කිරීමෙන් ශාස්ත්‍රයන්ට ගැරහීමේ අසාධාරණ උත්සාහයක යෙදී සිටිති. සැම්සන් මහතා අසන්නේ ඉන්දියාවේ පරිදි ලංකාවේ ජ්‍යෝතිෂ්‍යවේදීන් තමන් ම පර්යේෂණ ඉදිරිපත් නො කරන්නේ ඇයි ද යන්නයි. මෙවන් කටයුතු සඳහා විධිමත් ආයතනික ව්‍යුහයක් අවශ්‍ය ය. ලංකාවේ මෙවැනි දේ ඇති වීම වැළැක්වූයේ ම හේතුවාදීන් ය.
මිලින්ද ප්‍රශ්නය හා සූර්ය සිද්ධාන්තය යන ශාස්ත්‍රීය පොත්වලින් ලංකාවේ හා ඉන්දියාවේ අතීත ජනතාව පොළොව ගෝලාකාර බව දැන සිටි බව පෙන්වූ පසු ගුත්තිලය වැනි සාහිත්‍ය කෘතියක පොළොව පැතලි බව කීවේ යැයි පිළිතුරු දීම තරම් විහිළුවක් තවත් නැත. සැම්සන් මහතා කියන කවියේ ද මහාද්වීප සතර එකවර දුටු බවක් නැත. සැම්සන් මහතා කියන්නේ එසේ නැති වුවත් ඒ බව ගම්‍ය වන බවයි. සතර දිවයින් දුටු බව පමණක් කියා ඇති තැනක ඉන් එකවර යන්නක් ගම්‍ය වන්නේ නම් එය සැම්සන් මහතාගේ මනෝ විකාරයක් පමණක් ම විය යුතු ය. පොළොව ගෝලාකාර බව ඍජුව ලියා ඇති ශාස්ත්‍රීය කෘති පෙන්වූ පසු ඒවාට පිළිතුරු නො දී සාහිත්‍ය කෘතියක් පිළිබඳ තම මනෝ විකාරවලින් පිළිතුරු දීම ම විහිළුවකි. සැම්සන් මහතාට තමාගේ විහිළුව නො පෙනී ගුත්තිල පොළොව වටා පරිභ්‍රමණය වී යන්නට ඇත යන්න විහිළුවක් ලෙස පෙනෙන තරම් මනස විපරීත වී ඇත.
සැම්සන් මහතා කියන්නේ සෙනසුරු අසුබ ග්‍රහයකු ලෙස සැලකෙන්නේ එය පුද්ගලාරෝපණය කළ නිසා බව ය. සෙනසුරුගේ රාශි මාරු වීම ඉතා මන්දගාමී ය. 'මේ මන්දගාමී ගමන නිසා ජ්‍යෝතිෂ්‍යය සෙනසුරු මහල්ලකු සේ දකියි. ඒ නපුරු මහල්ලකු ලෙසිනි.' යනුවෙන් සැම්සන් මහතා කියයි. මන්දගාමී යන්න මහලු ලෙස පුද්ගලාරෝපණය වීම නිවැරදි ය. එහෙත් මහලු වූ පමණින් නපුරු මහල්ලකු වන්නේ කෙසේ ද? සැම්සන් මහතාට අනුව සියලු මහල්ලන් නපුරු ද? නපුරු යන්න පැමිණෙන්නේ සෙනසුරු හා සම්බන්ධ කෙරෙන මිනිස් සමාජයේ ආවර්තීය චක්‍රයේ ස්වභාවය නිසා ය. වී ඇත්තේ සැම්සන් මහතා කියන පරිදි නපුරු මහල්ලකු ලෙස පුද්ගලාරෝපණය කිරීම නිසා සෙනසුරු අහිතකර බව නිගමනය කිරීම නොව එහි විලෝමයයි. මහලු බව හා නපුරු බව යන ලක්ෂණ දෙක සෙනසුරු ග්‍රහ චලිතයේත් එම චලිතයට අනුරූප චක්‍රීය මිනිස් සමාජ ලක්ෂණයේත් කදිම සංකේතනය කිරීම් දෙකකි.
සෙනසුරු අපල සඳහා ජනතාව අනවශ්‍ය තරම් කලබල වීම වාණිජකරණයත්, බොහෝ ජනමාධ්‍යත් නිසා සිදුවූ දෙයකි. පසුගිය දා ලංකාවට පතිත වූ උල්කාපාතය සම්බන්ධ කොට කළු කුහර ඝට්ටන පවා ඈඳීම ද, සූර්ය ගිනිසිළු අධික කාලවල දී ඒ ගැන සමහර මාධ්‍යවලින් අසන්නට ලැබෙන කතා ද මෙබඳු ම වේ. මෙවන් දේට වගකිව යුතු වන්නේ වෙළඳපොළකරණය මිස බටහිර විද්‍යාව, ජ්‍යෝතිෂ්‍යය හෝ ගුප්ත විද්‍යාව නො වේ.
ජ්‍යෝතිෂ්‍යවේදියකු නොවන මම නිශ්චිත ජ්‍යෝතිෂ්‍ය පද්ධතියක් වෙනුවෙන් පෙනී නො සිටිමි. මාගේ කාර්යය හේතුවාදීන්ගේ තර්කවල හරසුන් බව පෙන්වා ඔවුන්ගෙන් ජනතාව මුලා වීම නවත්වා ගැනීමයි. සැම්සන් මහතා ජ්‍යෝතිෂ්‍ය සත්‍ය බව පර්යේෂණ මඟින් පෙන්වන ලෙස කරන අභියෝග මට අදාළ නො වේ. කෙසේ වෙතත් සැම්සන් මහතාගේ අභියෝගය පෙන්වන්නේ ඔහුගේ සංඛ්‍යානය දැනුමේ විශාල හිඩැසක් ඇති බව ය. සංඛ්‍යාන පරීක්ෂණයක් කළ හැක්කේ අප්‍රතිෂ්ඨෙය කල්පිතයක් (null hypothesis) ගොඩනඟා එය බිඳ හෙළීමට ප්‍රමාණවත් දත්ත එම පරීක්ෂණයෙන් ලැබුණහොත් පමණි. ජ්‍යෝතිෂ්‍ය සත්‍ය බව පෙන්වීම සඳහා පරීක්ෂණයක් කිරීමට අප්‍රතිෂ්ඨෙය කල්පිතයක් ගොඩනැඟිය නො හැකි ය. මෙය ජ්‍යෝතිෂ්‍යයේ අඩුපාඩුවක් නොව සංඛ්‍යානයේ සීමා මායිම පිළිබඳ ප්‍රශ්නයකි. එම නිසා සැම්සන් මහතාගේ අභියෝගය අරුත්සුන් ය. මා ඔහුට පෙරළා අභියෝග කරන්නේ හැකිනම් ජ්‍යෝතිෂ්‍යය සත්‍ය බව පෙන්වීමේ පරීක්ෂණයක් උදෙසා අප්‍රතිෂ්ඨෙය කල්පිතයක් ඉදිරිපත් කරන ලෙසයි.
මා මධ්‍යකාලීන විද්‍යාඥයන් ගුප්ත විද්‍යාඥයන් ලෙස සලකන බව සැම්සන් මහතා කියයි. මා එලෙසින් දැක්වූ මධ්‍යකාලීන විද්‍යාඥයන් එක් අයකුගේ හෝ නමක් හෙළි කරන ලෙස අභියෝග කරමි. බෘනෝ විද්‍යාඥයකු නොව ගුප්ත විද්‍යාඥයෙකි. කොපර්නිකස් ගුප්ත විද්‍යා ආභාෂය ලැබූ විද්‍යාඥයෙකි. නිවුටන් විද්‍යාඥයකු මෙන් ම ගුප්ත විද්‍යාඥයෙක් ද වේ. මේ තිදෙනා ම සිටියේ පුනරුද යුගයේ ය.
දැන් අපි සැම්සන් මහතා පිළිතුරු නො දී පලා ගිය ප්‍රශ්න හා අභියෝග විමසමු. ඊට පළමුව, පෙර ලිපියක මා අතින් සිදුවූ අඩුපාඩුවක් නිවැරදි කළ යුතු ය. "නූතන දර්ශනයේ පියා" යන විරුදාවලිය යෙදෙන්නේ කාන්ට්ට නොව දේකාර්ත්ට ය. කාන්ට් සැලකිය යුත්තේ වර්තමානයේ ප්‍රමුඛව පවතින බටහිර දර්ශනවාදයන් සඳහා සමාරම්භක දායකත්වය ලෙස ය. මෙම කරුණ පෙන්වා දුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ පූජ්‍ය ගුණසිරි හිමියන්ට මගේ කෘතවේදීත්වය පළ කරමි.
සැම්සන් මහතා මුලින් සංවාදයේ යෙදී සිටියේ දිලුම් සෙනවිරත්න මහතා සමඟ ය. මා සමඟ සංවාදයට ඔහු එළඹුණේ ඉන් පසුව ය. සැම්සන් මහතා දිලුම් මහතාගේ ප්‍රශ්න හා අභියෝග ද මඟ හරින ලද අතර මගේ අභියෝග ගණනාවක් ම මඟහැර සිටියි. අදාළ දින සමඟ මේ අවස්ථාවන් මෙසේ ය.
2017.08.02.
"මා ගුණතිලක මහතාගෙන් අසන ප්‍රශ්නය Hawking අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ මූලික හරය ප්‍රතික්ෂේප කිරීම සඳහා ඉදිරිපත් කළ අදහස (සිද්ධාන්තය, මූලධර්මය,..) කුමක් ද යන්නයි." - දිලුම් සෙනවිරත්න
(මීට පිළිතුරක් නො දෙන සැම්සන් මහතා අදහස් විකෘති වන සේ හෝකිංගේ ප්‍රකාශවලින් කොටස් ගලවා ඉදිරිපත් කොට අතින් කරුණු දමා තමාට අවශ්‍ය දේ කීමේ කලාව ඉදිරියට ගෙන ගියේ ය. ඒ සියලු ප්‍රකාශවලට පිළිතුරු දී තිබිය දී පිළිතුරු නොදුන් බව අපට කීමට තරම් ඔහු වංචනික වේ.)
"මා ගුණතිලක මහතාගෙන් අසන ප්‍රශ්නය Hawking අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ මූලික හරය ප්‍රතික්ෂේප කිරීම සඳහා ඉදිරිපත් කළ අදහස (සිද්ධාන්තය, මූලධර්මය,..) කුමක් ද යන්නයි." - දිලුම් සෙනවිරත්න
(මීට පිළිතුරක් නො දෙන සැම්සන් මහතා අදහස් විකෘති වන සේ හෝකිංගේ ප්‍රකාශවලින් කොටස් ගලවා ඉදිරිපත් කොට අතින් කරුණු දමා තමාට අවශ්‍ය දේ කීමේ කලාව ඉදිරියට ගෙන ගියේ ය. ඒ සියලු ප්‍රකාශවලට පිළිතුරු දී තිබිය දී පිළිතුරු නොදුන් බව අපට කීමට තරම් ඔහු වංචනික වේ.)
හෝකිංගේ The Grand Design කෘතියෙන් දිලුම් මහතා උපුටා ගත් සටහනට ද ඔහු පිළිතුරු දුන්නේ නැත.
2017.08.20
බෘනෝ මරණයට පත් කළේ පුනර්භවය හා ගුප්ත විද්‍යා පිළිගැනීම නිසා ය.
(මා ඉතිහාසඥයන්ගේ මූලාශ්‍ර සහිතව මේ බව පෙන්වාදී ඇති විට සාධක හෝ තර්ක රහිතව එය එසේ නො වේ යැයි කීම පිළිතුරක් නො වේ. අනෙක සැම්සන් මහතා කියා තිබුණේ බෘනෝ මැරුණේ නිෂ්පල දෙයකට නො විය හැකි බව ය. එය පුනර්භවය පිළිබඳව සැම්සන් මහතා වෙත ම පාරාවලල්ලක් වුව ද ඊට ඔහු පිළිතුරු ව්2 ම නැත.)
බෘනෝ මරණයට පත් කළේ පුනර්භවය හා ගුප්ත විද්‍යා පිළිගැනීම නිසා ය.
(මා ඉතිහාසඥයන්ගේ මූලාශ්‍ර සහිතව මේ බව පෙන්වාදී ඇති විට සාධක හෝ තර්ක රහිතව එය එසේ නො වේ යැයි කීම පිළිතුරක් නො වේ. අනෙක සැම්සන් මහතා කියා තිබුණේ බෘනෝ මැරුණේ නිෂ්පල දෙයකට නො විය හැකි බව ය. එය පුනර්භවය පිළිබඳව සැම්සන් මහතා වෙත ම පාරාවලල්ලක් වුව ද ඊට ඔහු පිළිතුරු ව්2 ම නැත.)
2017.10.04.
හෝකිංගේ Universe in a Nutshell පොතෙන් මා උපුටාගත් කරුණු සඳහා කිසිදු පිළිතුරක් දී නැත.
හෝකිංගේ Universe in a Nutshell පොතෙන් මා උපුටාගත් කරුණු සඳහා කිසිදු පිළිතුරක් දී නැත.
අතීත බෞද්ධයන් පොළොව තැටියක් ලෙස සැලකූ බව මූලාශ්‍ර රැසක් ඇසුරෙන් සඳහන් කොට ඇති යැයි සැම්සන් මහතා කියූ විකිපීඩියා ලිපියට සබැඳිය (link) දක්වා එම ලිපියෙහි ඒ බව ප්‍රකාශ කිරීමට පාදක කරගත් මූලාශ්‍ර ලැයිස්තුව සටහන් කරන්න. (සැම්සන් මහතා මෙය නො දුටුවාක් මෙන් සිටියි.)
මේ සඳහන් කළේ වෙන් වෙන්ව දැක්විය හැකි අභියෝග කිහිපයකි. කාල්සන් පරීක්ෂණයේ දුර්වලතා, ජ්‍යෝතිෂ්‍ය පිළිබඳව මගේ මූලික තර්කය, කර්මය නො පිළිගන්නා අයකුට මවට පියාට සැලකීමේ විශේෂ විපාක තිබීමක් පිළිගත හැකි ද යන්න, හේතුවාදය බුදු දහමින් ප්‍රතික්ෂේප කොට පවතින ආකාරය, හේතුවාදයේ ඔවුන් දැන් පිළිගන්නේ අදට අදාළ දේ පමණ නම් ඒ කුමන කොටස ද යනාදි ප්‍රශ්න හා අභියෝගයන්ට ද ඔහු කළේ පිළිතුරු නොදී අර්ථ විරහිත ප්‍රකාශන ලිවීම පමණි.
සැම්සන් මහතා දැන්වත් මේවාට පිළිතුරු ලබා දීමට උත්සුක වන්නේ නම් යහපත් ය.
- තමලු මලිත්ත පියදිගම