වඩදිය ඇති වන්නේ හඳ නිසා ද?

වඩදිය ඇති වන්නේ හඳ නිසා ද?

                     - තමලු මලිත්ත පියදිගම 




"මගේ අදහසට අනුව මීට පෙර සියල්ලන් ම උදම් රළ ගැන ප්‍රකාශ කොට තිබෙන අදහස් සාවද්‍ය ය. මේ අරුම පුදුම අදහස් පිළිගන්නා අය අතුරින් මා වඩාත් ම පුදුම වන්නේ කෙප්ලර් ගැන ය. ඔහු අන් බොහෝ අයට වඩා තීක්ෂ්ණ හා ස්වාධීන බුද්ධිමතෙකි. ඔහු පොළොවේ චලනය පිළිබඳව ද පිළිගත්තේ ය. එහෙත් පසුකාලීනව ඔහු සඳ මඟින් ජලයට බලපෑම් ඇති වන්නේ ය යන්න ඇතුළු ගුප්ත ප්‍රපංචයන්ට හා ළාමක මතවාදයන්ට කන් යොමා ඒවාට ආශක්ත විය."
      - ගැලීලියෝ 1632 දී.

ඉහත ඡේදය උපුටා ගන්නා ලද්දේ සාධාරණ සාපේක්ෂතාවාදය පිළිබඳව ඇති වැදගත් ම පාඨ ග්‍රන්ථයක් වන චාල්ස් මිස්නර්, කිප් තෝර්න් හා ජෝන් වීලර් යන විද්‍යාඥයන් තිදෙනා ලියූ Gravitation නම් ග්‍රන්ථයෙනි. කොවුර්ට අභියෝග කළ ලිපි පෙළ අතරතුර දී ද මම මේ ග්‍රන්ථය ගැන සඳහනක් කළෙමි. මෙහි දී විශේෂයෙන් පැවසිය යුතු කරුණ වන්නේ මෙයින් කිප් තෝර්න් හට මෙම වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමි වූ බව ය.

ගැලීලියෝ වඩදිය බාදිය ඇති වෙන්නේ සඳ නිසා ය යන්න තරයේ ප්‍රතික්ෂේප කළේ ය.
බේසමකට ජලය පුරවා එය එක්වර ම වේගයෙන් පසෙකට අදින්න. එවිට විරුද්ධ පැත්තේ ජලය ඉහළට යනු ඇත. ගැලීලියෝ පැවසූයේ පොළොව හිරු වටා යන විටත් මෙලෙස ම විරුද්ධ අතට ජලය තල්ලු වී එම පෙදෙසේ ජල මට්ටම ඉහළ යන බවයි. පොළොව තමා වටා කැරකීමේ දී මේ ජල මට්ටම ඉහළට ගිය පෙදෙස පොළොවේ විවිධ ප්‍රදේශ පසුකොට යයි. මෙවිට දිනකට වරක් ජල මට්ටටම ඉහළ යාමක් දක්නට ලැබෙන අතර විරුද්ධ දිශාවේ ජල මට්ටම පහළ යෑමක් දක්නට ලැබෙනු ඇත. මෙය වඩදිය හා බාදිය නම් වේ.

එහෙත් ගැලීලියෝට වැරදුණු බව පෙනී ගියේ වැනීසියට දිනකට වඩදිය දෙකක් හා බාදිය දෙකක් බැගින් එන බැවිනි. ගැලීලියෝට අනුව වඩදිය ඇති වන්නේ දිනකට වරකි.

අතීතයේ සිට ම වඩදිය හඳ සමඟ සම්බන්ධ කොට තිබුණි. මීට හේතුව වන්නේ අමාවක හා පසළොස්වක දිනවල වඩදිය වඩාත් උස් වීම හා පුර අටවකෙහි හා අව අටවකෙහි වඩදියේ උස වඩාත් අඩු වීමත් ය.
පළමුවරට වඩදිය බාදිය ඇතිවීම පිළිබඳව යාන්ත්‍රණයක් ලබා දෙන්නේ අයිසෙක් නිවුටන් ය. බොහෝ දෙනා ඒ යාන්ත්‍රණය සාවද්‍ය ලෙස අවබෝධ කරගෙන තිබේ. සමහරුන් සිතන්නේ චන්ද්‍රයා මුහුදු වතුර ඉහළට ඇදගන්නා බව ය. එහෙත් හඳට මුහුණලා ඇති පැත්තේ පමණක් නොව හඳට විරුද්ධ පැත්තේ ද වඩදිය ඇති වේ. බාදිය ඇති වන්නේ ඒ අතර ප්‍රදේශ දෙකෙහි ය. පෘථිවිය භ්‍රමණය වන විට මේ වඩදිය ප්‍රදේශ දෙක ම විවිධ වෙරළාසන්න රටවල්  දිනක් තුළ පසු කරයි. මේ නිසා දිනකට වඩදිය දෙකක් ඇති වේ. මේ වඩදිය දෙක අතර කාල පරතරය පැය 12 මිනිත්තු 25ක් පමණ වේ. මේ අමතර මිනිත්තු 25ට හේතු වන්නේ පෘථිවිය භ්‍රමණය වන අතරතුරේ දී සඳ ද තමාගේ පිහිටීම වෙනස් කර ගැනීමයි. සඳට මුහුණලා තිබූ පොළොව මත ලක්ෂ්‍යයක් භ්‍රමණය වී නැවත එතැනට ම එන විට ඒ අතරතුර දී හඳ එතැන පසු කොට මද දුරක් ඉදිරියට ගමන් කොට ඇත. නැවත හඳ 'අල්ලා ගැනීමට' තවත් මිනිත්තු 50ක් පමණ ගමන් කළ යුතු ය. දිනකට වඩදිය දෙකක් ඇතිවන නිසා මෙය දෙකට බෙදීමෙන් වඩදිය දෙකක් අතර කාලයට අමතර මිනිත්තු 25ක් එකතු වේ.

දැන් ඔබට කුතුහලයක් ඇතිවනු ඇත්තේ පොළොවේ හඳට ප්‍රතිවිරුද්ධ පැත්තේ ද වඩදිය ඇති වන්නේ කෙසේ ද යන්නයි. මේ ගැන පැහැදිලි කිරීමට අපි නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය භාවිත කරමු. නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය අනුව විශ්වයේ පවතින ඕනෑ ම වස්තු දෙකක් අතර ආකර්ෂණ බලයක් ඇති වේ. ඒය වස්තුවල ස්කන්ධ දෙකේ ගුණිතයට අනුරූපීව වැඩි වේ. දුරට (දුරේ වර්ගයට) අනුරූපීව අඩු වේ. මේ ගුරුත්වාකර්ෂණ බලයේ තවත් විශේෂයක් වන්නේ එම අන්තර්ක්‍රියාවට ලක්වන වස්තු දෙක එකිනෙකා සමාන බලයකින් ඇදගැනීමයි. පොළොව ඇපල් ගෙඩියක් ඇදගන්නා බලයට සමාන බලයකින් ඇපල් ගෙඩිය විසින් පොළොව ද තමා වෙත ඇද ගනී. එක හා සමාන බලයකින් ඇදගත්ත ද පොළොවේ ස්කන්ධය ඇපල් ගෙඩියට වඩා බොහෝ වැඩි නිසා එම බලයට පොළොව දක්වන ප්‍රතිචාරය ඉතා සුළු ය. අප හඳ හා පොළොව පිළිබඳව සිතුවහොත් හඳත් පොළොවත් සමාන බලයකින් එකිනෙකා ඇදගනී.

මෙහි දී මේ 'බලය' යනුවෙන් භෞතික විද්‍යාවේ අදහස් වන්නේ කුමක් දැයි පැහැදිලි කළ යුතු ය. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගැන්වූ කීර්තිමත් ව්‍යවහාරික ගණිතය මහාචාර්යවරයකු වන වැලන්ටයින් ජෝසප් මහතාගේ 'ගතිකය' ග්‍රන්ථයට අනුව බලයක් යනු වස්තු දෙකක් අතර සිදුවන බලපෑමකි, අන්තර්ක්‍රියාවකි. කේන්ද්‍රාපසාරී බලය යනුවෙන් බලයක් පිළිබඳව ඔබ අසා ඇති. බොහෝ 'විද්‍යාත්මක හේතු' ඉදිරිපත් කරන ලේඛකයෝ දැනුවත්ව හෝ නො දැනුවත්කම නිසා හෝ නිතර නිතර කේන්ද්‍රාපසාරී බලය යන සංකල්පය භාවිත කරති. කේන්ද්‍රාපසාරී බලය යනු සැබෑ බලයක් නො වේ. එය එක් වස්තුවකින් තවත් වස්තුවකට යෙදෙන බලයක් නොවේ. එය ගණිතමය සංකල්පයක් පමණි. වතුර බාල්දියක් වේගයෙන් හිස වටා සිරස් වෘත්තයක කැරකැවූ විට වතුර පහළට නො වැටෙන්නේ කේන්ද්‍රාපසාරී බලය නිසා ය යනුවෙන් කරන ප්‍රකාශවල ගත යුත්තක් නැත. කේන්ද්‍රාපසාරී බලය සංකල්පය ගොඩනඟන්නේ ම චලනය වන දෙයක් නිශ්චලව සැලකීම නිසා ය. මේවාට කල්පිත බල, භූත බල යැයි කියනු ලැබේ. (කේන්ද්‍රාභිසාරී බලයන් සත්‍ය බල වේ.)

වස්තුවක් තවත් වස්තුවක් මඟින් ආකර්ෂණය වී ඇති විට මුල් වස්තුව දෙවනි වස්තුව මතට නො වැටී සිටීමට නම් දෙවැනි වස්තුව වටා එය සුදුසු වේගයකින් පරිභ්‍රමණය විය යුතු ය. අප අහසට යවන චන්ද්‍රිකාත් පොළොවත් එකිනෙකා ඇදගත්ත ද එකිනෙක මතට නො වැටී සිටින්නේ මේ පරිභ්‍රමණය නිසා ය.

හඳ ද පොළොව ද එකිනෙකා ආකර්ෂණය කරන අතර හඳ හා පොළොව එකිනෙක මතට නො වැටී සිටින්නේ ස්කන්ධවල පොදු කේන්ද්‍රය වටා එක ම කෝණික ප්‍රවේගයෙන් පරිභ්‍රමණය වීමෙනි. මේ කේන්ද්‍රය ඇත්තේ පෘථිවි කේන්ද්‍රයේ සිට පෘථිවි අරයෙන් 3/4 ක් පමණ හඳ දෙසට වන්නට ය. සඳත් පෘථිවියත් දෙක ම මෙය වටා එක ම කෝණික වේගයෙන් පරිභ්‍රමණය වේ. මේ අතරතුර දී පෘථිවිය සිය අක්ෂය වටා ද කැරකැවෙයි. පොළොවේ හඳට ආසන්නව ඇති කොටස්වලට බලපාන ගුරුත්වාකර්ෂණ බලය හඳට ඈතින් ඇති කොටස්වලට දැනෙන ගුරුත්වාකර්ෂණ බලයට වඩා වැඩි ය. පොළොව ඉහත පොදු කේන්ද්‍රය වටා කැරකෙන්නේ මේ අගයන් දෙක අතර මැද ඇති සමස්ත පොළොවට බලපාන සාමාන්‍ය අගයට අනුරූපී වේගයකිනි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ හඳට ආසන්නයේ ඇති ස්ථාන වැඩියෙනුත් හඳට ඈතින් ඇති ස්ථාන අඩුවෙනුත් හඳ වෙත ආකර්ෂණය වීම ය. මේ නිසා පොළොවට සාපෙක්ෂව ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ ඒකාකාරී බව නැති වී යයි. මේ නිසා උදම් බල නමින් හඳුන්වන සංසිද්ධිය ඇති වේ. ජල පෘෂ්ඨයක් (ජලයේ මතුපිට) හැම විට ම පිහිටන්නේ එහි විභවය (ස්කන්ධය එකක් වූ අංශුවකට කිසියම් තැනක දී විභව ශක්තිය) ජල පෘෂ්ඨය මත සෑම ලක්ෂ්‍යක දී ම සමාන අගයක් ගන්නා පරිදි ය. මේ උදම් බල හේතුවෙන් සම විභව පෘෂ්ඨ ඇති වන්නේ දෙපසින් පිටතට නෙරා ගිය ආකාරයෙනි. සාගර ජලය ද මේ අනුව හැසිරේ. දෙපසේ ම වඩදිය ඇති වන්නේ මෙ නිසා ය.

එහෙත් ඉහත ඉදිරිපත් කළේ දළ විවරණයකි. පෘථිවිය සාගර ජලයෙන් සම්පූර්ණයෙන් ම වැසී නැති නිසාත් මුහුදු පතුළේ ගැඹුර තැනින් තැනට වෙනස් වන නිසාත් පෘථිවි භ්‍රමණය ද ඇතුළුව තවත් සාධක කිහිපයක් ම වඩදිය බාදිය සඳහා බලපායි. මේ හේතුකොට ගෙන රටින් රටට දිනකට වඩදිය ඇති වන වාර ගණන මෙන් ම වඩදිය බාදියේ උස ප්‍රමාණ ද වෙනස් වේ.

මෙම බලපෑම් නිසා පොළොවේ සමහර ස්ථානවල චන්ද්‍රයා නිසා ඇති වන වඩදිය බාදිය මට්ටම් ශූන්‍ය වන අතර මෙවන් ලක්ෂ්‍ය අසළ දී වඩදිය හා බාදිය තරංගයක් මෙන් අදාළ ලක්ෂ්‍යය වටා වමට හෝ දකුණට සෙමෙන් භ්‍රමණය වේ. ලංකාව ආසන්නයේ මුහුදේ ද මෙවන් ලක්ෂ්‍යයක් ඇත.

පෘථිවිය මත දී සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය චන්ද්‍රයාට වඩා වැඩි වුව ද උදම් බලය චන්ද්‍රයාට වඩා අඩු ය. එසේ වුවත් එය ද සැලකිය යුතු අගයකි. අමාවක හා පසළොස්වක දිනවල දී චන්ද්‍රයා හා සූර්යයා පෘථිවිය දෙපස හෝ එක ම පස පිහිටන බැවින් වඩදිය බාදිය වඩාත් හොඳින් ඇති වේ. අටවක දිනවල දී සඳේ බලපෑම හිරුගේ බලපෑමෙන් කැපී යාම නිසා වඩදියෙහි උස අඩු වේ.


මේ උදම් බලවල එක ම ප්‍රතිඵලය වඩදිය බාදිය පමණක් නො වේ. වායු ගෝලය මෙන් ම ශිලා ගෝලය (ඝන කොටස) ද මෙසේ හැඩය වෙනස් වීමට ලක්වේ. වායුගෝලය කිලෝමීටර ගණනකින් ද ශිලාගෝලය සෙන්ටිමීටර ගණනකින් ද මෙසේ හැඩය විකෘති වීමට ලක් වේ.

හඳේ හා පෘථිවියේ භ්‍රමණයට බාධා කිරීම ද මේ උදම් බල නිසා සිදු වේ. හඳේ එක ම පැත්තක් පොළොව දෙසට හැරී ඇත්තේ මේ උදම් බල මඟින් හඳේ භ්‍රමණයට බාධා වූ නිසා ය. (පොළොවේ හැම තැනට ම පෙනෙන්නේ හඳේ එක ම පැත්තකි.) පෘථිවියේ දවස ද කෙමෙන් දිගු වී යාමට උදම් බල බලපායි. ඩයිනෝසරයන් හිටි යුගයේ දවසකට තිබුණේ පැය 18කි. හඳ පෘථිවියෙන් ඈත් වී යාමට ද මේ උදම් බල බලපෑවේ ය.

මෙහි දක්වා ඇති විවරණයේ හඳ හා පොළොව මෙසේ චලනය වන්නේ යැයි කී පමණින් එසේ ම චලනය වන්නේ යැයි නො සැලකිය යුතු ය. නිවුටන්ගේ පද්ධතියේ මෙසේ ගත යුතු වුවද (එයත් ආසන්න කිරීමක් පමණි.) අයින්ස්ටයින්ගේ පද්ධතියේ දී ඕනෑ ම වස්තුවකට සාපේක්ෂ චලිතය සැලකිය හැකි ය. අයින්ස්ටයින්ගේ පද්ධතියේ දී ගුරුත්වාකර්ෂණය ද භූත/ කල්පිත බලයකි.



        - තමලු මලිත්ත පියදිගම

පැරණි ශාස්ත්‍ර

පැරණි ශාස්ත්‍ර


- තමලු මලිත්ත පියදිගම
ඇල්කෙමිස්ට් සඟරාව - ජනවාරි 


පැරණි ශාස්ත්‍ර ගැන කතා කිරීම ලෝකය පුරා දක්නට ලැබේ. බොහෝ දෙනා පැරණි ශාස්ත්‍ර පිළිබඳව උදම් ඇනුව ද ඒවාට ඓතිහාසිකව මිස වෙනත් වැදගත්කමක් ඇතැයි නො සිතති. නැතහොත් එවන් වැදගත්කමක් නැතැයි සිතීමට අප පොළඹවා ඇත. 'ලෝකයේ ඇත්තේ එක ම දැනුමක විකාශනයකි. අතීතයේ පැවති දැනුම පසු කර ගොස් වර්තමානයේ අප වඩා දියුණු දැනුමක් අත්පත් කරගෙන ඇත. පැරණි දැනුමෙන් දැන් ප්‍රයෝජනයක් නොමැත. ලෝකය පිළිබඳව සැබෑ තතු නොදත් කාලයේ නිර්මාණය කළ එම දැනුමෙන් අදට වැඩක් නැත. ඇත්තේ කෞතුක වැදගත්කමක් පමණකි. මානව විද්‍යඥයන්ගේ විෂය පථයට අදාළව මිස ශාස්ත්‍රීයව ඒවා අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවක් නො මැත.' මේ අපට කාවද්දා ඇති අදහසයි. බිසෝකොටුවේ තාක්ෂණය ගැන වර්ණනා කරන දේශහිතෛෂින් පවා යටිහිතින් සිතන්නේ එකල හෙළයා අද අප භාවිත කරන පිට් වෑල්වය නිපදවීමට තරම් විද්‍යා දැනුමකින් සමන්විත වූ බව ය. බිසෝකොටුව පිට් වෑල්වයක් නොවන බව දන්නා අය පවා සිතීමට පෙළඹෙන්නේ අද අප ඉගෙන ගන්නා තරල ගති විද්‍යාවේ මූලිකාංග අවුරුදු දහස් ගණනකට පෙර දැන සිටීමට අතීත හෙළයා සමත් වූ බවයි. රුවන්වැලි සෑයට සවි කළ වජ්‍ර චුම්භඨක ගැන ලිපි ලියන දේශප්‍රේමහු පවා 'එකල සිංහලයන්ගේ ස්ථිති විද්‍යුතය පිළිබඳ දැනුම නූතනය හා සමව පැවතියේ ය' ආදී වාක්‍ය ලිවීමට පෙළඹෙති. (මාක්ස්වාදීන්, පශ්චාත්නූතනවාදීන් හා 'උගතුන්' පිළිබඳ කතා කිරීම ම ඵලක් නැත. ඔවුන්ට නම් මහා සෑය ගඩොල් ගොඩකි. වැව් නිකම් හෑරූ වළවල් ය. බටහිරයන් ඒමට පෙර පෙරදිග සිට ඇත්තේ මිනිසුන් නොව සතුන් පමණ ය.)

මේ සියල්ලට යටින් ඇති අප මත පැටවූ අදහස වන්නේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව ය යන්න ය. එම අදහස අනුව අතීත තාක්ෂණයේත් වර්තමාන තාක්ෂණයේත් භාවිතයට ගැනී ඇත්තේ එක ම මූලධර්මයන් ය. එනිසා කළ යුත්තේ නූතන විද්‍යාව අනුව පැරණි නිර්මාණයන් වටහා ගැනීම ය.  සීගිරියේ වතුර මල්වල, වැව්වල බිසෝකොටුවේ ක්‍රියාකාරිත්වය අප සොයා ගත යුතු යැයි නිතර අසන්නට ලැබේ. ක්‍රියාකාරිත්වය යනුවෙන් මෙහි අදහස් කෙරෙන්නේ බටහිර විද්‍යා ප්‍රවාද, නියම හා සමීකරණවලින් මේවා ක්‍රියා කරන ආකාරය පෙන්වා දිය යුතු බව යැයි පැහැදිලි ය.
එහෙත් මේ මූලික අදහස කොතරම් දුරට නිවැරදි ද? බටහිර විද්‍යාවත් එදා පැවති විද්‍යාවත් එක ම විද්‍යාවක් ම ද? එම දෙකෙහි ම තිබූයේ එක ම මූලධර්ම ද? මෙසේ විය යුතු ම ද?

බටහිර විද්‍යාවේ ම ඉතිහාසය විමසීමෙන් මීට පිළිතුරක් සොයා ගත හැකි ය. ඇරිස්ටෝටල්ගේ භෞතික විද්‍යාවත්, නිවුටන්ගේ භෞතික විද්‍යාවත්, අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාවත් එක ම භෞතික විද්‍යාව නො වේ. එක ම දෙය මේ තුනේ විස්තර කෙරෙන්නේ සහමුලින් වෙනස් තුන් ආකාරයකට ය. මේවා ඇති වූයේ එකින් එක වර්ධනය වීමෙන් නො වේ. නිවුටන්ගේ භෞතික විද්‍යාව ඇරිස්ටෝටල්ගේ භෞතික විද්‍යාවේ වර්ධනයක්වත් අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාව නිවුටන්ගේ භෞතික විද්‍යාවේ වර්ධනයක්වත් නො වේ. තෝමස් කූන් නම් දාර්ශනිකයා මේ බව සිය The Structure of Scientific Revolution කෘතියේ පැහැදිලිව පෙන්වා දී ඇත. බටහිර විද්‍යාව තුළ ම පවා මෙසේ සහමුලින් වෙනස් පැහැදිලි කිරීම් පවතිද්දී, ඉන් පරිබාහිර අතීත සිංහල දැනුමේ බටහිර විද්‍යාවේ මූලධර්ම ඇතැයි කිව හැක්කේ කෙසේ ද?

ආචාර්ය නලින් ද සිල්වා මහතා මගේ ලෝකය කෘතිය රචනා කරමින් පෙන්වා දුන්නේ අපගේ සංකල්ප මෙන් ම සංවේදන ද මනස මත ම රඳා පවතින බව ය. එනම් සියලු සංකල්ප මනසින් නිර්මාණය වී ඇති බව ය. මෙවන් විටෙක නිරපේක්ෂ බාහිර ලෝකයක්, වාස්තවික යථාර්ථයක් කිසිසේත් ම නැත. අපගේ දැනුම අප මනසින් නිර්මාණය කරගන්නක් මිස අපෙන් වෙන්ව බාහිරව පැවතුණු යමක් නො වේ. බටහිර විද්‍යාව ඇතුළු සියලු දැනුම් මනසේ නිර්මාණ මිස වාස්තවික යථාර්ථයක් නො වේ. මේ විවිධ දැනුම් බිහිව ඇත්තේ විවිධ චින්තනවල ය. අපේ අතීත දැනුම සිංහල බෞද්ධ චින්තනයේ ද බටහිර විද්‍යාව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ද නිර්මාණය වී ඇත. නිවුටන්ගේ හා අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යා අතර පවතින වෙනසටත් වඩා තීව්‍ර වෙනසක් අපේ විද්‍යාවත් බටහිර විද්‍යාවත් අතර ඇත. බටහිර විද්‍යාව කොතරම් උගත්ත ද ලංකාවේ කිසිවකුට එය තුළ දැනුමක් නිපදවිය නො හැක්කේ මේ චින්තනයන්හි පවතින වෙනස හේතුවෙනි. අපට නැඟී සිටීමට අවශ්‍ය නම් අපගේ චින්තනයේ ගොඩනැඟුණු අපගේ දැනුමක් බිහිකළ යුතු ය; ඉස්මතු කරගත යුතු ය.

නලින් ද සිල්වා මහතා ආරම්භයේ දී ගවේෂකයෝ සංවිධානය මඟිනුත් අනතුරුව චින්තන පර්ශදය ඔස්සේත් සිංහල බෞද්ධ දැනුමක් නිර්මාණය කිරීම උදෙසා ක්‍රියා කරන විට එය වාමාංශිකයන්ගේ උපහාසයට ලක් විය. ජාතික චින්තනය යනු බර කරත්තයෙන් අනුරාධපුර යුගයට යෑමකැයි ඔවුහු උසුළු විසුළු කළ හ. බොහෝ මාර්ක්ස්වාදීන්ට අමතකව ඇත්තේ කොමියුනිස්ට් සමාජයක් වෙතට යන්නේ යැයි ඔවුන් කියන විට ප්‍රාග් කොමියුනිස්ට් සමාජ යනු කවරක් ද යන්නයි. ජාතිකවාදීන් යන්නේ අනුරාධපුර යුගයට නම් මාක්ස්වාදීන් කතා කරන්නේ ගල් යුගයට යෑමට නො වේ ද? බොහෝ මාක්ස්වාදීන් ප්‍රාග් කොමියුනිස්ට් සමාජ ගැන අසාවත් නැත. (ප්‍රාග් කොමියුනිස්ට් සමාජයක් යනු ගල් යුගය හෝ පූර්ව ගොවි යුගය හෝ නොව පැරණි සිංහල සමාජය වැනි සමාජ ක්‍රම යැයි කියන මාක්ස්වාදීන්ට මෙය අදාළ නො වේ.)

පසුගිය දා චීන රජය එරට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ ඖෂධවලට තිබූ සීමා මායිම් ලිහිල් කළේ ය. ඒ නිමිති කරගෙන චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම නැවත නැඟී සිටි අයුරු විමසා බැලීමට යොමු වෙමු. චීනයේ රාජාණ්ඩුව අවසන් වන විට බටහිර බලපෑම මත දේශීය වෛද්‍ය ක්‍රම හා ඖෂධ ගණනාවක් ම තහනමට ලක්ව තිබුණි. වර්තමානයේ ඉතා ප්‍රචලිත කටු චිකිත්සාව ද එලෙස ම තහනමට ලක්ව තිබුණි. චීනයේ පැරණි වෛද්‍ය ක්‍රමයන්ට නැවත හිස එසවීමට හැකි වූයේ කොමියුනිස්ට් චීනය බිහි වීමෙන් පසුව ය. අතීතය විනාශ කළ යුතු යැයි කියමින් චීනයේ පුරාවිද්‍යාත්මක ස්ථාන පවා විනාශ කළ මාඕ සේතුං වැන්නකු දේශීය වෛද්‍ය ක්‍රම නඟා සිටුවීමට මුල් වීම ම ආශ්චර්යවත් ය. කෙසේ හෝ එය සිදු විය.

චීනයේ සමාජවාදී විප්ලවයෙන් පසු මාඕ සේතුං සමාජයේ විවිධ පිරිස්වලට හිමිව තිබූ විශේෂ වරප්‍රසාද කප්පාදු කර දැමී ය. මීට සුඛෝපභෝගී ජීවිත ගත කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා අංශවලින් ප්‍රබල විරෝධයක් එල්ල වන්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නො වේ. 'විද්‍යාවේ ධනපති අංශයන්' මර්දනය කළ යුතු බව මාඕගේ සිතට නැඟෙන්නට මෙය ප්‍රබල හේතුවක් විය. ඒ සඳහා විකල්පය වන්නේ පැරණි සාම්ප්‍රදායික චීන වෙදකමට අතහිත දීමයි. මාඕ 1950 දී පමණ මේ පිළිබඳව කතාවක් පැවැත්වී ය. 1954 දී නිල වශයෙන් වැඩ පිළිවෙළ ඇරඹුණි. කටු චිකිත්සාව, 'මොක්සා දැවීම' ආදී ප්‍රතිකාර ක්‍රමවල තහනම් ඉවත් කරනු ලැබී ය. මෙසේ මාඕ යුගයේ සිට චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ පිබිදීමක් ඇති විය.

ලංකාවේ දේශීය වෙදකමට සිදුව ඇති ලෙසින් ම බටහිර වෛද්‍යවරුන්ගේ නොතිත් කෙනෙහිලිකම්වලට ලක් වීමට සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමයට ද සිදු විය. චීන වෛද්‍ය ක්‍රමයේ පදනම ඇඟ පුරා දිවෙන චී ශක්තිය යන සංකල්පයක් මත පදනම් වේ. බටහිර වෛද්‍යවරුන්ට එය බටහිර සංකල්ප අනුව අ‍ර්ථකථනය කිරීම අත්‍යවශ්‍ය ය. බටහිර වෛද්‍ය ක්‍රමය හුදෙක් තවත් එක් වෛද්‍ය ක්‍රමයක් පමණක් වන විට චීන වෛද්‍ය ක්‍රම බටහිර දැනුමේ වචනයෙන් විස්තර කර දිය යුත්තේ ඇයි? මේ බටහිර දැනුමේ ආධිපත්‍යයි. යිංයං, ඊඡිං ආදී සංකල්ප බටහිර විද්‍යාවෙන් පැහැදිලි කර නො දුන්නේ යැයි ඒවා ඉවත හෙළීමට බටහිර විද්‍යාවට ඇති විශේෂ අයිතිවාසිකම කුමක් ද? චීන වෛද්‍යවරයකු ඇමොක්සිසිලින්හි ක්‍රියාකාරිත්වය යිංයැං මඟින් පැහැදිලි කරන ලෙස බටහිර වෛද්‍යවරයකුට නියම කළහොත් කුමක් සිදු වේ ද?

කෙසේ නමුත් වාසනාවකට චීන රජය බටහිර වෛද්‍යවරුන්ගේ විරෝධය බරපතලව සැලකුවේ නැත. චීනයේ වෙදකම ආයුර්වේදය සමඟ ද සම්බන්ධතාවක් ඇත. ආරම්භයේ දී ආයුර්වේද පොත් එකොළහක් චීන බසට පරිවර්තනය වූ බව කියැවේ. චීන වෛද්‍ය ක්‍රමයට මූලික වූ වෛද්‍ය ශාස්ත්‍ර ක්‍රම බොහෝමයක් එරටට ගෙන ගියේ බෞද්ධ භික්ෂූන් ය. සැත්කම් කිරීම චීනයට ලැබුණේ බෞද්ධ භික්ෂූන්ගෙන් යැයි එරට සාම්ප්‍රදායික ග්‍රන්ථවල දැක් වුණ ද පුරාවිද්‍යාඥයන්ට හසු වූ ඉතා පැරණි ෂං යුගයට අයත් ඇටසැකිලි සමහරක ද සැත්කම් කරන ලද ලකුණු දකින්නට ඇත. ඇතැම් චීන වෙදපොත් බොහෝ වෛද්‍ය ක්‍රම ජීවක කෝමාරබච්චයන්ගේ (බුදුන්වහන්සේට ප්‍රතිකාර කළේ ඔහු ය.) නිර්මාණ බව දක්වයි.

චීන වෙදකමට එරෙහිව බොහෝ විට බටහිර වෛද්‍යවරුන් නඟන තර්කයක් වන්නේ ඒවායේ රසදිය ආදී බැර ලෝහ පවතින බවයි. සිංහල වෙදකමට හා ආයුර්වේදයට එරෙහිව ද මේ රසදිය භීතිකාව ඇතැම් විට මතු කරනු අසන්නට ලැබේ. මා දන්නා අයුරින් ආයුර්වේදයේ හා සිංහල වෙදකමේ රසදිය යොදා ගන්නේ එහි විෂ නැසීමේ ක්‍රියාවලියකට ලක් කිරීමෙනි. විෂ නැසීම බටහිර විද්‍යාවෙන් විස්තර කර දිය යුතු යැයි නියම කිරීමේ අයිතියක් බටහිර වෛද්‍ය ක්‍රමයට නැත. චීනයේ මෙවන් ක්‍රියාවලියක් ඇති දැයි මම නො දනිමි. කෙසේ වුවත් එක් ක්‍රමවේදයක දී විෂ වන්නක් තවත් ක්‍රමවේදයක දී විෂ නොවන්නක් විය හැකි ය. එලෙස ම මාත්‍රාව මත එහි බලපෑම ද තීරණය වනු ඇත.

සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය ක්‍රමයේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය අනුව එයට අවශ්‍ය වන්නේ අනෙක් වෛද්‍ය ක්‍රමවලට පහර ගැසිය හැකි පොටක් සෙවීම ය. එවැන්නක් හමු වූ විට එය වලංගු ද අවලංගු වී යයි ද යන්න සියුම්ව විමසීමටවත් ඉවසීමකින් තොරව එයින් අනෙක් වෛද්‍ය ක්‍රමයන්ට දමා ගසනු ලැබේ. දේශපාලන ආධිපත්‍යය සමඟ එම ප්‍රකාශයන්ට බලයක් ද ලැබේ. අනෙක් වෛද්‍ය ක්‍රමවල රසදිය ගැන කලබල වන බොහෝ බටහිර වෛද්‍යවරුන්ට බටහිර දන්ත වෛද්‍ය ක්‍රමයේ දත් පිරවීමට භාවිත කරන ඇමල්ගමයේ රසදිය හා රිදී ගැන සිහියට එන්නේත් නැත. දත් බැඳීමට චීන්නු ප්‍රසිද්ධ ය. බටහිර වෛද්‍ය ක්‍රමයට එක් කරගත්තේ ද චීන ශිල්පීය ක්‍රමය ය. කාමරංගාවල අහිතකර බව ගැන සිදුකළ එක ම ප්‍රකාශයකට පවා ඉමහත් ප්‍රසිද්ධියක් දීමට පෙළඹී සිටින පරිසරයක බටහිර බෙහෙත්වල අගුණ ගැන එවන් හඬක් නො නැඟෙන්නේ ඇයි? ලංකාවේ ප්‍රතිජීවක ඖෂධ භාවිතය විධිමත්ව සිදුවේ යැයි කාට නම් කිව හැකි ද? මේ වන විට මැලේසියාවේ ප්‍රතිජීවක ඖෂධ බොහෝ සංඛ්‍යාවක් අක්‍රියව ගොස් ඇත. මෙය ලෝකයේ අන් රටවලට කෙසේ බලපානු ඇද්ද? ප්‍රතිජීවක ඖෂධ සියල්ල අක්‍රියව ගියහොත් බටහිර වෙදකමේ 'ඇස්පනා පිට ප්‍රතිඵලයන්ට' කුමක් සිදු වේ ද? මේවා ගැන කතා කිරීමක් සිදු නොවන තරම් ය.

වියට්නාම් යුද්ධයේ දී හෝ චී මිංට ගැටලුවක් වූයේ යුද්ධය අතරතුර දී මැලේරියාව පැතිරී යාම ය. හෝ චී මිං මීට විසඳුමක් ඉල්ලා සිටියේ චීන අගමැති මාඕ සේතුංගෙන් ය. මාඕ අංක 523 නමින් ව්‍යාපෘතියක් අරඹා එම වගකීම ථූ යොව් යොව් නම් කාන්තාවට පැවරී ය. ඇය මැලේරියා මර්දන ඖෂධයක් සෙවීම සඳහා පැරණි චීන වෙද පොත් පීරමින් පරීක්ෂා කළා ය. එක්තරා ශාකයකින් නිපදවන ඔසුවක් ඉතා ප්‍රතිඵලදායී බව දුටු ඈ එම ශාකයෙන් සක්‍රිය සංඝටකය වෙන් කර ගැනීමට ද උත්සාහ කළා ය. එහෙත් සක්‍රිය සංඝඨකයක් ලැබුණේ නැත. පසුව ඇය වෙද පොත් පරීක්ෂා කරන විට දුටුවේ එම ඖෂධය පිළියෙළ කළ යුත්තේ ශීත ජලයේ බවයි. රත් කිරීම මඟින් සංඝඨක නිස්සාරණය කරන සාමාන්‍ය ක්‍රමවේදය ගැන සැක පහළ කළ ඈ අඩු උෂ්ණත්ව යටතේ සංයෝග නිස්සාරණය කළ හැකි ක්‍රමයක් නිර්මාණය කළා ය. මේ අවසන් ප්‍රතිඵලය වූයේ ආටිමෙසිනින් නම් ඖෂධයයි. එය දැනට මැලේරියාවට එරෙහිව පවතින ප්‍රබල ම ඖෂධයයි. ථූ යොව් යොව්ට 2015 දී නොබෙල් ත්‍යාගය ද හිමි විය.

දැන් අප අවදානය යොමු කළ යුත්තේ මෙහි කතා නො කරන අන්තය ගැනයි. මාඕ සේතුං චීන වෛද්‍ය ක්‍රමයට සහය නො දැක්වූවා නම් කුමක් වන්නට තිබුණි ද? මාඕ පවා දේශපාලනිකව මෙම ව්‍යාපෘතීන්ට සහය ලබා දුන්න ද විශ්වාසය තැබුවේ බටහිර වෛද්‍ය ක්‍රමයට ය. මා ඕ ගේ ප්‍රතිපත්තිය නිසා නොවන්නට ආටිමෙසිනින් තහනම් වෛද්‍ය ක්‍රමයක කෞතුක වස්තුවක් පමණක් වනු ඇත. බටහිර වෛද්‍ය ක්‍රමය සක්‍රිය සංඝඨකය සෙවීමට ඉතා විශාල ස්ථානයක් ලබා දෙයි. මෙතැන දී එය ද සාර්ථක විය. බොහෝ තැන්වල ඇති පරිදි ඖෂධය, ශාක ද්‍රව්‍යවල සංඝටකයක් නො වී සමස්ත ශාක කොටස ම වූයේ නම් කුමක් වන්නට තිබුණි ද? එසේ නම් බටහිර ලෝකයෙන් ආටිමෙසිනින් පිටමං වන්නට ඉඩ තිබුණි. අනෙක් අතට ථූ යොව් යොව් සාමාන්‍ය නිස්සාරණ ක්‍රමවේද වෙනස් කළා ය. එවන් වෙනසකට යොමු නොවී සම්මත ක්‍රමය අනුව පරීක්ෂණ කොට එම ඖෂධය බොරුවකැයි කීවා නම් කුමක් වන්නට තිබුණි ද? ලංකාවේ 'ආසනික් පරීක්ෂණයේ දී' ජලයේ ආසනික් සංයුතිය සෙවීමේ ක්‍රමවේදය සුළු වෙනසකට ලක් කොට කන්ඩෙන්සරයක් ද එක් කළ විට 'උගතුන්' ඊට දැක්වූ විරෝධය අපට හොඳින් මතක ය. සම්මතවල එල්ලී පහර ගැසීම අධිපතිවාදය ක්‍රියාත්මක වන එක ආකාරයකි.

කෙසේ නමුත් චීන රජයේ ඍජු ප්‍රතිපත්තිය හමුවේ මේ බාධා අඩුවන්නට ඇත. එහෙත් මෙවන් දේ හේතුවෙන් සැඟව යන ප්‍රතිකාරයන් චීනයේත් කොතෙකුත් ඇතිවාට සැක නැත.

මේ සියල්ල අපට පෙන්වා දෙන්නේ පැරණි ශාස්ත්‍රයන් නැවත ඉස්මතු කිරීමේත් ඒවාට ස්වාධීනව දියුණු වීමට ඉඩකඩ සපයා දීමේත් වැදගත්කම ය.

ඇස් පනා පිට ප්‍රතිඵල පෙන්වන කැඩුම් බිඳුම් වෙදකමක් අප සතුව තිබිය දීත් සමහර බටහිර වෛද්‍යවරුන් තාක්ෂණික කාරණා හා වෙදකම පටලවමින් සිය අධිකාරිමය බලය අයුතු ලෙස යොදා ගනිමින් ඉදිරිපත් කරනා බොළඳ හරසුන් තර්ක සමූහයකට යට වී එහි දියුණුවට මඟ අවුරා තිබීම අප හට ලැජ්ජාවට කරුණක් පමණක් නොව මහා ඛේදවාචකයක් ද වෙයි.


         - තමලු මලිත්ත පියදිගම 

Does the sun really revolve around the earth?

Does the sun really revolve around the earth?

          Thamalu M. Piyadigama 



There are several things we learn from primary school in our young age that are almost taken for granted without much questioning. The most amazing things out of those are that the earth is a globe and that the sun does not rotate around the earth but it is the earth which rotates around the sun. These two ideas are the initial persuasion that makes us believe in science over everything else - our own experience, religion, etc.  

Today most of the people believe that the earth rotates round the sun and take it to be an unbreakable absolute truth; a fact. “Earth goes around the sun. It’s generally accepted, scientifically proved and observed.” This is the attitude of the majority of the population. This is where our fundamental education has directed us to. We have no doubt that the earth goes around the sun.  

Hereby, I like to question you. What was the evidence they provided you to make you believe this idea? Remember. Remember the time you were in grade one. What was the evidence given? Our teachers gave us a lot of evidence to support that the earth is a globe. However, during our entire school career, we were not provided with any evidence by out teachers to the claim that the earth goes around the sun. It is just stated and taken for granted. What a pity. The strongest of beliefs people get from elementary science education is persuaded with no evidence at all. This is in contrast to how the educated people usually denounce the religious for believing in invisible gods without ‘sensory’ evidence. Can we say that the educated differ from those who believe in gods without providing sensory evidence?  

Domination of Western science in education and all spheres of modern life have made it the newest religion. Someone can argue that there are structural differences between Western Science and religions. Here, I do not want to go that far. However, there is a term, you may have heard that goes as ‘science in popular culture’. I reckon science in popular culture is completely a religion. Primary and secondary education, popular books, TV programmes and science fiction are some elements of science in popular culture. It does not consist of experimentation or mathematics in deep. When we consider the Sri Lankan situation most of the ‘educated’ people in media are only dealing with this popular culture. In this popular culture, the way that scientific ideas are persuaded upon the general public is not through reasoning. It is done through just institutional domination, marketing strategies and psychological tricks. Therefore, most of thoes who disbelieve in supernatural phenomena for the sake of science only does so because it is against the ‘new religion’ they are following.  

It’s time to get back to the topic. Does the earth really rotate around the sun? Here the most important word in the above statement is ‘really’. When we say the sun does not go around the earth, it means that what we observe every day is just an illusion. What we observe is dependent on how we move. Therefore, when we consider a set of observers looking at a moving object they may observe different motions. Then, all these motions cannot be the ‘real’ motion. If there exits any real motion, only one of those observations can be correct. Others are just illusions. We, who live on the earth sees the sun going around the earth while an observer on the sun see the earth going around the sun. Different observers may see different motions. The problem is, out of these motions which one is the ‘real’ motion.  

 Newton tried to answer this question. He said real motion is the motion with respect to empty space. In other words, the empty space is in absolute rest. Therefore ‘real’ motion is the motion with respect to the empty space. When you hear this idea you will feel that finally Newton successfully solved the problem of what would be the real motion. We, at first glance, tend to think Newton is correct and that the empty space is in absolute rest. But when we carefully analyze, we see that Newton’s argument is wrong. Think that you are moving with respect to empty space. Then the empty space should move with respect to you in the opposite direction. What! Empty space moves. There is nothing in the empty space to move. Therefore empty space can neither move nor be in rest in the ordinary sense. There is nothing called moving with respect to an empty space. This argument, originally made by the acclaimed Austrian physicist and philosopher Ernst Mach debunked Newton and his physics. Later Albert Einstein constructed his physics saying that there is no absolute motion. In other words there is no any ‘real motion’. Every observer is equal.  
According to Einstein’s theory the sun going around the earth and the earth going around the sun are two observations. None is more real, more correct or more preferable over the other. This quote is from one of  Einstein’s books.  
“The struggle, so violent in the early days of science, between the views of Ptolemy and Copernicus would then be quite meaningless. Either C.S. (Coordinate System) could be used with equal justification.

(The Evolution of Physics - A. Einstein, L. Infeld page 224)”

Here Ptolemy’s idea was that the sun goes around the earth while Copernicus said the earth goes around the sun.  

Therefore the two ideas; the sun going around earth and the earth going around the sun are just two observations. None is better than the other.

       - Thamalu Maliththa Piyadigama 

Srinivasa Ramanujan : Mathematical genious and the supernatural


Sirinivasa Ramanujan: Mathematical genius and the Supernatural
  • Does knowledge come from ‘scientific’ reasoning only?

By Thamalu Maliththa Piyadigama

Prof. G.H.Hardy of Cambridge University went to Putney by a taxi to see off his student who was ill. While they were chatting, Hardy mentioned the number of the taxi he came – 1729 – which seemed to be a dull one to him. "No," the student suddenly replied, "it is a very interesting number; it is the smallest number expressible as the sum of two cubes in two different ways." Hardy was impressed and it later came to be known in the mathematical world as the Hardy-Ramanujan number.
Professor G.H. Hardy was one of the greatest mathematicians in the 20th century. But who was that extraordinary student that made him amazed? It was he who had each integer as his personal friend, the man who knew infinity! - Srinivasa Ramanujan.
Srinivasa Ramanujan was a prestigious Indian mathematician. A film based on his life story was released in 2015 called 'The man who knew infinity.'(The movie was based on a more interesting book on him by the same name written by Robert Kanigel.) It was 130 years this year since the birth of Ramanujan on December 22, 1887.
According to the movie, Srinivasa Ramanujan grew up in Madras in British India in utmost poverty. He went to the village Kovil and stayed there for long hours doing his own mathematical research. He was jobless. He went everywhere in Madras showing his books to everyone in order to find a job and to find a person who could understand his work. But he found neither. Everyone asked for recommendations. Then, he met Mr. Narayana, who was fascinated by Ramanujan's work and offered Ramanujan his own job as a clerk in the accounts department of his office. Narayana noticed that Ramanujan never used the abacus (At that time the abacus was the calculating machine). His mental calculations were faster than the abacus. Mr. Narayana's idea was that Ramanujan should show his work to British mathematicians. Therefore Ramanujan wrote to H.F. Baker and G.H. Hardy. H.F. Baker neglected the letter.
One day, while Prof. Hardy was in his room at Trinity College, University of Cambridge, his servant came to him with a letter which had come from very far. Hardy initially thought the letter was a hoax as it was from a Hindu clerk worked in an accounts department, but had given meanings to negative values of the gamma function. Hardy was sure it was from a fellow mathematician, J.E. Littlewood. Hardy was flabbergasted when Littlewood rejected this and read the letter carefully as it was full of theorems. Some are known and some are new. He concluded that this should be real because no one would have had the imagination to create such complex patterns otherwise. Prof. Littlewood also read this letter and was amazed. However no proofs were included. Thereafter they invited Ramanujan to Cambridge as a student in spite of the objections of some other lecturers.
Ramanujan who was married soon after he had the job refused to go to England at first since Brahmins were forbidden to cross the sea by Hindu tradition (Ramanujan was a Brahmin). Later he changed his mind and went to England. In England he had a hard time being a vegetarian. In Cambridge, Hardy and Ramanujan started their cooperative work. Hardy also had a hard time persuading Ramanujan that proofs are necessary. What Hardy needed were proofs. What Ramanujan couldn't understand was why western mathematicians were wasting their time for step by step deductions while the answer is already in hand. What he wanted was to publish his theorems. This clash of opinions was seen throughout their journey. At last, Hardy shared the burden of proving Ramanujan's work and they published some papers together.
While these developments were taking place in the calm atmosphere of Cambridge, violence flared up in distant parts of Europe. The World War I, as we name it now was taking shape. Not a single person could escape the impact of the war. Many people of Cambridge went to the front line. Professor Littlewood was also among them. Professor Hardy was involved in the peace movement by Bertrand Russell. Ramanujan had a hard time too. Being a vegetarian in England at that time was necessarily a difficult in a time of war. The film depicts a bombardment on Cambridge also. At that time Hardy revealed to Ramanujan that Littlewood had found that Ramanujan's prime number conjecture to be false. Hardy used this moment to persuade Ramanujan that proofs were essential. He said intuition only does not give a proper picture. Ramanujan was in for a shock when he heard all this. However after that he acquired some rigor in his work. Next time Ramanujan conjectured a new statement on partition function. Hardy and Ramanujan studied it further and published.
Ramanujan's health was not good at all. He had a severe bout of tuberculosis. But he did not stop his work. Hardy thought Ramanujan should be offered the fellowship of Trinity College of Cambridge. But the proposal was refused because he was an Indian. Then Hardy requested the Royal Society to offer Ramanujan a fellowship. They accepted it and Ramanujan became a fellow of RS (as the second Indian Fellow). Thereafter Trinity College offered him a fellowship too. Ramanujan had the last laugh. He was the first Indian fellow of Trinity College.
What amazed Prof. Hardy the most was how Ramanujan do all these things? Though he had put it to intuition he felt that mere intuition is not enough for such complex mathematical theorems. Ramanujan's answer for this question was something Hardy never expected. Ramanujan had acquired knowledge through Goddess Namagiri (a version of Goddess Kali). Namagiri would speak to him and offer him equations when he was in bed or saying prayers, Ramanujan would say. She was the source of knowledge in Ramanujan. It was very difficult to Hardy to accept this as an atheist.
"An equation for me has no meaning,"  Ramanujan once said, "unless it expresses a thought of God."
Finally Ramanujan went back to India, where his sickness became severe and the angel of death solved the equation of his life too early. Ramanujan's final notebook was found later and its calculations were used to analyze the characteristics of black holes later.
My above discription of Ramanujan is based on the movie. There is a little tension between the film and the actual life story. For example, Ramanujan had published some of his work in the Indian Mathematics Journal and had some appraisers even before he went to Britain. The way he learned mathematics in his early life was not depicted in the film. The film though contains many famous sayings of Ramanujan, Russel and Hardy. For instance Hardy once told Russell: "If I could prove by logic that you would die in five minutes, I should be sorry you were going to die, but my sorrow would be very much mitigated by the pleasure in the proof".
The story of Ramanujan inspires us to rethink about our ideas on the supernatural and religiosity. In contemporary society religion is commonly labeled as a backward force. People try to pretend they disbelieve in religion and supernatural phenomena to maintain their social status. Educated people who follow a religious life tend to only take it as a rational practice excluding all social and spiritual aspects of it. Superstitions, astrology and occult practices have been totally rejected from educated society. People who dabble with those ideas are portrayed as fools by the educated. When the famous "Arsenic experiment" was done by Dr. Nalin de Silva and the team some years back, educated people tried to reject the results by poking fun at ‘God Natha.’
However, the story of Ramanujan urges us to think otherwise. This great mathematician, Ramanujan, (uneducated by common educational standards) asks all those educated people to respect folk wisdom.
Summing up, I recall a story of another great scientific mind in the last century - Niels Bohr, one of the scientists who initiated quantum mechanics. He usually kept a horse shoe on his table while teaching. The Horseshoe in western culture is a symbol of luck. A student asked, "Sir, Do educated people like you also believe in these horse shoe things?"

Bohr retorted at once, "I don't think the horseshoe will be concerned whether you believe it or not."

        - Thamalu Maliththa Piyadigama 

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි