Astronomy vs Astrology


Astronomy  vs  Astrology 


Thamalu  Maliththa  Piyadigama 
12.02.2018

Is popular science capable of dismissing astrology as mumbo-jumbo?

Two years ago, NASA published a blog post aimed at kids and against astrology, dropping hints that the astrological signs of everyone had been changed and that there are thirteen constellations in the zodiac instead of the twelve.
Ultimately the article boomeranged.

NASA is a ‘sacred place’ of ‘science in popular culture’ and many people are fond of quoting statements by NASA. The blog post was severely misinterpreted and quoted erroneously by the ‘rationalists’ and enemies of astrology.

Therefore NASA had to state their position clearly again. Using its academic power and authority against astrology, so-called superstitions and religions is not just limited to NASA. Some popular science writers such as Richard Dawkins also use propaganda against religion and astrology.

Can we say astrology is completely a myth? Is science really powerful enough to debunk astrology? We have to reexamine the arguments that those who are critical of astrology present to justify their claim.

The common attitude of the people who follow science in the popular culture is that astrology is a fable of fools who think that the earth is flat and the whole universe rotates around the earth.
This is clearly a straw man argument.

In fact, Western astrology developed according to the theories of Aristotle and Ptolemy. Aristotle is regarded as the first person in the Western world who stated that the earth was a globe.

On the other hand when we take Eastern astrology, the 53rd verse of the 12th Chapter of Surya Siddhantha, a fundamental book of Indian Astrology, clearly states that the earth is a globe.

“53. and everywhere upon the globe of the earth, men think their own place to be uppermost but since it is a globe in the ether, where should there be an upper, or where an underside of it?

“ 54. Owing to the littleness of their own bodies, men, looking in every direction from the position they occupy, behold this earth, although it is globular, as having the form of a wheel."

- Burgess, Ebenezer. “Translation of the Surya-Siddhanta, a text-book of Hindu astronomy: with notes and an appendix.”Minneapolis: Wizards Book Shelf, c1978. (1978).

Therefore it is crystal clear that the ancient astrologists knew that the earth is a globe. The word ‘Bhu Gola’ (Earth Globe) was in Vedas and Puranas from very early time in India. The Buddhist text Milinda Panha also implies that the earth is a globe introducing the time differences between the countries.

Geocentrism (which says the sun revolves around the earth) is not a point to blame astrology either. Geocentrism and Heliocentrism (which says the earth revolves around the sun) is equally justifiable in a modern relativistic perspective. Astrology needs only kinematical calculations (calculations on the paths and not on the forces). Therefore even if we stick to Newton’s classical physics, still there’s nothing to denounce astrology.

Work of Aryabhatta, a famous Indian astrologer and astronomer shows that he used a heliocentric model and even ellipses for some of his calculations. According to the origin legend of Surya Siddhantha the inventor of astrology (Maya Asura) got that knowledge from a God who had lived in the sun and reincarnated in the city of Romaka.

A possible interpretation of the core of this legend is that the first theories of astrology were created with respect to the sun and then they were transformed with respect to the earth. Apparently if astrologists want to calculate the fate of people who are living on earth, by watching the night sky, they have to do calculations with respect to the earth. Therefore, it seems quite stupid to ask astrologists to do calculations with respect to the sun.
The next argument against the astrology is the one that was mentioned in the NASA issue mentioned above.

There are two kinds of astrologies in the world: Sidereal and Tropical. In tropical astrology the sign system is based on the vernal equinox of the Northern Hemisphere while the Sidereal sign system is based on the positions according to the ‘fixed stars’.
Those who reject astrology use this difference cunningly. They blame the tropical system saying the astronomical constellations are shifting gradually from sign boundaries while blaming the Sidereal system saying the Vernal Equinox is shifting.
However, a closer look at these arguments. The idea of the sign is something defined in the corresponding astrological system.
A sign is not a constellation. It is a different concept. Therefore scientists should not just criticise astrology by mixing up the terms ‘sign’ and ‘constellation’.

Signs are given names of the constellations only because they are located close to that constellation. Therefore 13 constellations on the ecliptic do not require 13 astrological signs.  
On the other hand, astronomers also use a Sidereal System. Sometimes, you hear and read arguments of so-called Astronomical Pundits in Sri Lanka when we are about to celebrate the Sinhala New Year.

They show us diagrams and stellar maps to say that the sun goes to Aries on the 18th and not on the 15th.
They blame astrology and also the cultural values of Sinhalese while pretending they are to be the fathers of civilisation and modern knowledge.

“Sinhala New Year is a mythical festival,” most of them say. But most of these ‘pundits’ have missed the crucial point.
Yes, both astronomers and Sri Lankan astrologers use Sidereal System. But this does not say that the two sign systems are equal.
The astrological system is not strictly based on constellations. They divide the complete 360° angle of the ecliptic into 12 equal parts which are called signs. Astronomers work according to IAU (International Astronomical Union) sign system where they divide the ecliptic into thirteen uneven parts. It is clear that boundaries are different. That’s the reason why they find the Sun entering Aries on 18th April when they surf the internet. This has nothing to do with astrology. In astrology the boundaries are different.

Another point made by those who criticise astrology is that there is no force which is strong enough to affect people considering the huge distance from the stars and planets.

This argument is invalid because there is no need of such forces for the existence of astrology.
If the behaviour of human society can be expressed mathematically in some aspects, then there would be periodical functions in human society.

If these functions are coinciding with planetary motions then planetary motions can be used to predict the future. Therefore, science does not provide us a proper reason to reject astrology.
Early scientists, Galileo and Kepler were astrologers. Galileo had his chair in the University Padua to teach astrology to medical students.

Kepler tried to reform Western Astrology and invented a new astrology which he called ‘Science of Harmonics’.
He wrote a book on his new astrology. Giordano Bruno who is identified as a martyr of science by the popular culture never was a scientist but an astrologer and occultist.

I am not an astrologer. What I want to say is that the claims of ‘ science in popular culture’ against astrology are mostly uninformed and we cannot reject astrology in such a simple manner.

Thamalu  Maliththa  Piyadigama 

12.02.2018
Daily Mirror 

අනුන්ගේ ඡන්ද තමන්ගේ ගිණුමට වැටෙන ඡන්ද ක්‍රමය

අනුන්ගේ ඡන්ද තමන්ගේ ගිණුමට වැටෙන ඡන්ද ක්‍රමය

 මෙහි මුලින් දැක්වෙන්නේ ආසන සමානුපාතිකව බෙදෙන ආකාරය අනුව සිදු කරන දළ ගණනය කිරීමකි. එම විග්‍රහයෙන් පසු මැතිවරණ පණත අනුව සැබෑ ලෙස ම ගණනය කරන ආකාරය ද විමසමු. 

මෙවර ඡන්ද ක්‍රමයේ දී අඩු ඡන්ද ප්‍රමාණයක් ගත් පක්ෂවල ඡන්ද සංඛ්‍යාව ඉවත් කොට නොමැත. මේ නිසා මතුවූ ජනමතය විකෘතිව නිරූපණය වීමක් ගැන පෙන්වාදීමට අපි සූදානම් වෙමු. මෙයින් වෙනත් පක්ෂවල හෝ පක්ෂයක ඡන්ද ප්‍රමාණ තවත් පක්ෂයක ගිණුමට එක් වී එම පක්ෂයට වාසි සහගත තත්වයක් ඇති වීමේ විකෘතිය ඇති වී ඇත.


මේ සඳහා හොඳ ම උදාහරණය වන්නේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලයයි.

Party votes              %                    Ward              To be returned            Total

SLPP 31081        43.96                  15                         16                                 16
UNP 23740          33.58                  07                         12                                 12
UPFA 8223           11.63                 0                            4                                    4
JVP 6172               8.73                  0                            3                                    3
DUNF 782             1.11                   0                            1                                    1
UPA 701                0.99                   0                            0                                   0

Courtesy: Daily Mirror and Derana

ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 36කි.
එවිට DUNF සඳහා ලැබෙන මන්ත්‍රී ආසන් 36×1.11%=0.3996
එනම් 0.4 ක් පමණ ය. මෙය ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටයූ විට 0 කි. එහෙත් මන්ත්‍රී ආසන 1ක් හිමිව ඇත. එනම් 0.4, 1ට ලෙස ගණන් ගැනී ඇත. එමෙන් ම පැහැදිලිව ම පෙනෙන්නේ එක් මන්ත්‍රී ආසනයක් හිමිවීම සඳහා ඡන්ද 2000ක් පමණ අවශ්‍ය බව ය. එහෙත් 782ට මන්ත්‍රී ආසනයක් ලැබී ඇත. ඊට ඉතා ම ආසන්න UPAහි ඡන්ද 701ට මන්ත්‍රී ආසනයක් හිමිව නැත. මෙවන් විපරීතයක් ඇති වුණේ ඇයි? දැන් අපි විමසා බලමු.

පක්ෂය                                        ආසන                                           වැටයූ විට

SLPP                                         36× 43.96% =15.8256                         16
UNP                                           36×33.58% = 12.08                              12
UPFA                                         36×11.63%= 4.18                                  4
JVP                                            36×8.73%= 3.14                                    3
DUNF                                         36× 1.11%= 0.3996                              0
UPA                                            36× 0.99%= 0.3564                              0

සිදු වී ඇත්තේ කුමක් දැයි ඔබට වටහා ගැනීමට මෙය උපයෝගී කරගත හැකි ය.

එක් මන්ත්‍රී ආසනයක් අඩුව ගොස් ඇත. මෙසේ වන්නේ ඇයි? මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ප්‍රධාන පක්ෂවලට සමානුපාතිකව ආසන බෙදූ විට එම පක්ෂ අතර බෙදී ගොස් ඇත්තේ මන්ත්‍රී ආසන 35ක් පමණි. DUNF හා UPA ඡන්ද එකතු වූ විට තවත් ආසනයකට අනුරූප ඡන්ද ප්‍රමාණයක් පවතින බැවින් ප්‍රධාන පක්ෂවලට මන්ත්‍රී ආසන බෙදීමේ දී එක් ආසනයක් මඟ හැරී යයි. ඒ මන්ත්‍රී ධූරය DUNF හා UPA පක්ෂවල ඡන්ද එකතුවට අනුරූප වුඅව ද ඒ දෙකින් එකදු පක්ෂයකටවත් මන්ත්‍රී ආසනයක් දැරීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලැබී නැත. සිදුව ඇත්තේ පක්ෂ දෙකේ ඡන්ද එකතුවට ලැබුණු මන්ත්‍රී ධූරය සුළු ඡන්ද සංඛ්‍යාවකින් UPAට වඩා වැඩි DUNFට ලැබීමයි. 

කටවහරෙන් කිවහොත් UPA ට දුන් ඡන්ද 701 ද DUNF හි සාක්කුවට වැටී ඇත. එපමණක් නොව එසේ සාක්කුවට දැමීමෙන් පසු ද DUNFහි නව ප්‍රතිශතය 2.1% පමණි. මෙය මන්ත්‍රී ධූර 0.756 කි. එය වැටයූ විට 1 ලැබේ. ඒ 0.244ක් අතින් එක් කිරීමෙනි. එම නිසා UPAහි ඡන්ද ද DUNF හි ගිණුමට දමා තව මන්ත්‍රී ආසන 0.244ක් අතින් එක් කිරීමක් මේ ක්‍රමය මඟින් සිදුවේ. 

මෙය සුළු පක්ෂවලට සාධාරණයක් ඉටු වීමක් නොවේ. සුළු පක්ෂ ගණනාවක් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් මෙසේ ඒ සියලු පක්ෂවල ඡන්ද ඒවා අතරින් යාන්තමින් වැඩි ඡන්ද ගත් සුළු පක්ෂයට ලැබෙනු ඇත.

මැතිවරණ ක්‍රමවල දී ඉතා අඩු ඡන්ද සංඛ්‍යාවක් ලැබූ පක්ෂ හා අපේක්ෂකයන්ගේ ඡන්ද ගණනයෙන් ඉවත් කරන්නේ මේ විකෘතිය දුරු කිරීමට ය.

මේ සඳහා ගත හැකි පිළියම් කිහිපයක් පවතී. 


1. කොට්ඨාස අනුපාතිකව බෙදී ගිය විට නව ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවල බලය අස්ථාවර වීමේ ඉඩක් ඇති බැවින් වැඩි ම ඡන්ද අනුපාතය ලද පක්ෂයට මෙවන් අතහැරී යන මන්ත්‍රී ධූරය පිරිනැමීම.



2. කොට්ඨාස වැඩි සංඛ්‍යාවක් දිනන පක්ෂයට අමතර ආසනය පිරිනැමීම



3.කිසිවකුට ලබා ගත නො හැකි මන්ත්‍රී ආසනයක් වේ නම් එම මන්ත්‍රී ආසනය සභාවෙන් ඉවත් කිරීම. 



4. මුලින් කරන ගණනයට අනුව එකදු මන්ත්‍රී ආසනයක් හෝ ලබා ගත නො හැකි පක්ෂවල ඡන්ද සංඛ්‍යාවන් ගණනයෙන් ඉවත් කොට මන්ත්‍රී ආසන සමානුපාතිකව බෙදීම. 


එහෙත් හතරවෙනි ක්‍රමයෙන් මේ අවස්ථාවේ විසඳුමක් නො ලැබෙන්නේ එවර ද ලැබෙන ආසන ප්‍රමාණයට අමතර ඡන්ද සංඛ්‍යාව ආසන්නව සමානව බෙදී යන බැවිනි.

එම නිසා යෝග්‍ය විසඳුම් 1, 2 හා 3 වේ. මේ ඡන්ද ක්‍රමයේ ගැටලු රාශියක් මතු වි ය.
කාන්තා නියෝජනය සම්බන්ධ අර්බුදකාරි තත්වය, කොට්ඨාස අනුපාතිකව බෙදී යන විටෙක පළාත් පාලන ආයතනයේ බලය අස්ථාවර වීම, එල්ලෙන ආසන සඳහා අමතර මහජන මුදල් වැයවීම යනාදිය මේ අතර වේ.

මේ ගැටලු නිරාකරණය කරමින් මේ ක්‍රමවේදය ඉක්මණින් සංශෝධනය කළ යුතු ය.

සැ.යු. මෙහි පක්ෂ යනුවෙන් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අදහස් කෙරෙන අතර සුළු පක්ෂ යන්නෙන් මන්ත්‍රී ධූරයක් සඳහා උචිත ඡන්ද ප්‍රතිශතයක් නොමැති පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් අදහස් කෙරෙයි.


සැබෑ ගණනය කිරීමේ ක්‍රමය හා සැසඳීමක්

මීට මුහුණුපොතේ ප්‍රතිචාර දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා මැකොස නිල ෆේස්බුක් පිටුවේ එහි සැබෑ ගණනය කිරීම අපගේ උදාහරණයට අදාළව දක්වා තිබුණි. මේ එම නිල පිටුවෙන් උපුටා ගත් එම ඡායාරූපයයි.

ඒ අනුව මුළු ඡන්ද සංඛ්‍යාව සභික සංඛ්‍යාවෙන් බෙදා එන අගය තීරක අගය ලෙස ගනු ලැබේ. පක්ෂයක් ගත් ඡන්ද සංඛ්‍යාව තීරක අගයෙන් බෙදීමෙන් ලැබෙන අගයේ පූර්ණ සංඛ්‍යා කොටස අනුව මන්ත්‍රී ආසන ලබා දේ. ඉන්පසුව ඡන්ද සංඛ්‍යාව තීරක අගයෙන් බෙදූ විට ලැබෙන ශේෂය සලකා ඉතුරු වූ මන්ත්‍රී ආසන බෙදා දෙනු ලැබේ.

තීරක අගය = මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව/ මන්ත්‍රී ආසන ගණන
පක්ෂයක මන්ත්‍රී ආසන සංඛ්‍යාව=පක්ෂයේ ඡන්ද ප්‍රමාණය/ තීරක අගය
මීට අමතරව ශේෂයන් සලකා ලැබුණු මන්ත්‍රී ආසන සංඛ්‍යාව ද එක් වේ.

(තීරක අගයේ පූර්ණ සංඛ්‍යා කොටස පමණක් සලකන බව ඡායාරූපයෙන් පෙනේ. එම සුළු  වෙනස නො සැලකුවහොත් සූත්‍ර සුළු කිරීමෙන්
මන්ත්‍රී ආසන සංඛ්‍යාව = (පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව/මුළු වලංගු ඡන්ද ප්‍රමාණය)× ආසන ගණන ලෙස ලැබේ.)
යන මා මුලින් භාවිත කළ සූත්‍රය ආසන්නව ලැබේ.

පැහැදිලි වෙනස්කම ඇත්තේ පූර්ණ සංඛ්‍යා ගණනය කිරීමෙන් පසු ශේෂය සලකා මන්ත්‍රී ධූර වෙන් කිරීමයි.

මෙය මෙම මැතිවරණයට පෙර ද සභිකයන් බෙදූ ආකාරයයි.

මගේ අදහස වන්නේ මේ ක්‍රමවේදය නිසා මා ඉහත දැක්වූ ශුද්ධ සමානුපාතික ගණනයට සාපේක්ෂව සැලකිය යුතු අපගමනයක් සිදුවන බවයි. ඉතා අඩු ඡන්ද සංඛ්‍යාවක් ඇති පක්ෂවලට ශේෂය සලකා මන්ත්‍රී ආසන ලබා දීමෙන් භාගිකව විශාල අපගමනයක් ඇති වේ.

කුඩා පක්ෂ කිහිපයක් එක් වී මන්ත්‍රී ආසන එකකට හෝ කිහිපයකට අදාළ ප්‍රතිශතය සම්පූර්ණ කරගත හොත්  එම අගයන් ශේෂය අනුව තෝරන මන්ත්‍රී ආසනවලට එක් වනු ඇත. එයින් ඒ සියලු ඡන්දවල බලපෑමේ වාසිය වැඩිපුර ශේෂය ලැබූ කුමක් හෝ පක්ෂයකට ලැබෙනු ඇත.

මා සැලකූ විශේෂිත උදාහරණයේ ශේෂය අනුව තේරූ මන්ත්‍රී ආසන දෙකෙන් එකක් SLPPහි විශාල ශේෂය අගයට අනුරූප වන අතර අනෙක DUNF, UPA ඡන්ද එකතුවට අදාළ වේ. එම ඡන්ද සමස්තයේ වාසිය DUNF වෙත හිමිව ඇති බව පෙනේ. SLPP ශේෂය පවා DUNF සමස්ත ඡන්ද සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වැඩි ය.

එමනිසා ඉදිරි සංශෝධනයක දී මන්ත්‍රී ආසන බෙදන ක්‍රමවේදය මෙවන් අපගමන වළක්වාලන ක්‍රමයකට සංශෝධනය විය යුතු බව මගේ අදහසයි.




                              - තමලු මලිත්ත පියදිගම 





වඩදිය ඇති වන්නේ හඳ නිසා ද?

වඩදිය ඇති වන්නේ හඳ නිසා ද?

                     - තමලු මලිත්ත පියදිගම 




"මගේ අදහසට අනුව මීට පෙර සියල්ලන් ම උදම් රළ ගැන ප්‍රකාශ කොට තිබෙන අදහස් සාවද්‍ය ය. මේ අරුම පුදුම අදහස් පිළිගන්නා අය අතුරින් මා වඩාත් ම පුදුම වන්නේ කෙප්ලර් ගැන ය. ඔහු අන් බොහෝ අයට වඩා තීක්ෂ්ණ හා ස්වාධීන බුද්ධිමතෙකි. ඔහු පොළොවේ චලනය පිළිබඳව ද පිළිගත්තේ ය. එහෙත් පසුකාලීනව ඔහු සඳ මඟින් ජලයට බලපෑම් ඇති වන්නේ ය යන්න ඇතුළු ගුප්ත ප්‍රපංචයන්ට හා ළාමක මතවාදයන්ට කන් යොමා ඒවාට ආශක්ත විය."
      - ගැලීලියෝ 1632 දී.

ඉහත ඡේදය උපුටා ගන්නා ලද්දේ සාධාරණ සාපේක්ෂතාවාදය පිළිබඳව ඇති වැදගත් ම පාඨ ග්‍රන්ථයක් වන චාල්ස් මිස්නර්, කිප් තෝර්න් හා ජෝන් වීලර් යන විද්‍යාඥයන් තිදෙනා ලියූ Gravitation නම් ග්‍රන්ථයෙනි. කොවුර්ට අභියෝග කළ ලිපි පෙළ අතරතුර දී ද මම මේ ග්‍රන්ථය ගැන සඳහනක් කළෙමි. මෙහි දී විශේෂයෙන් පැවසිය යුතු කරුණ වන්නේ මෙයින් කිප් තෝර්න් හට මෙම වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමි වූ බව ය.

ගැලීලියෝ වඩදිය බාදිය ඇති වෙන්නේ සඳ නිසා ය යන්න තරයේ ප්‍රතික්ෂේප කළේ ය.
බේසමකට ජලය පුරවා එය එක්වර ම වේගයෙන් පසෙකට අදින්න. එවිට විරුද්ධ පැත්තේ ජලය ඉහළට යනු ඇත. ගැලීලියෝ පැවසූයේ පොළොව හිරු වටා යන විටත් මෙලෙස ම විරුද්ධ අතට ජලය තල්ලු වී එම පෙදෙසේ ජල මට්ටම ඉහළ යන බවයි. පොළොව තමා වටා කැරකීමේ දී මේ ජල මට්ටම ඉහළට ගිය පෙදෙස පොළොවේ විවිධ ප්‍රදේශ පසුකොට යයි. මෙවිට දිනකට වරක් ජල මට්ටටම ඉහළ යාමක් දක්නට ලැබෙන අතර විරුද්ධ දිශාවේ ජල මට්ටම පහළ යෑමක් දක්නට ලැබෙනු ඇත. මෙය වඩදිය හා බාදිය නම් වේ.

එහෙත් ගැලීලියෝට වැරදුණු බව පෙනී ගියේ වැනීසියට දිනකට වඩදිය දෙකක් හා බාදිය දෙකක් බැගින් එන බැවිනි. ගැලීලියෝට අනුව වඩදිය ඇති වන්නේ දිනකට වරකි.

අතීතයේ සිට ම වඩදිය හඳ සමඟ සම්බන්ධ කොට තිබුණි. මීට හේතුව වන්නේ අමාවක හා පසළොස්වක දිනවල වඩදිය වඩාත් උස් වීම හා පුර අටවකෙහි හා අව අටවකෙහි වඩදියේ උස වඩාත් අඩු වීමත් ය.
පළමුවරට වඩදිය බාදිය ඇතිවීම පිළිබඳව යාන්ත්‍රණයක් ලබා දෙන්නේ අයිසෙක් නිවුටන් ය. බොහෝ දෙනා ඒ යාන්ත්‍රණය සාවද්‍ය ලෙස අවබෝධ කරගෙන තිබේ. සමහරුන් සිතන්නේ චන්ද්‍රයා මුහුදු වතුර ඉහළට ඇදගන්නා බව ය. එහෙත් හඳට මුහුණලා ඇති පැත්තේ පමණක් නොව හඳට විරුද්ධ පැත්තේ ද වඩදිය ඇති වේ. බාදිය ඇති වන්නේ ඒ අතර ප්‍රදේශ දෙකෙහි ය. පෘථිවිය භ්‍රමණය වන විට මේ වඩදිය ප්‍රදේශ දෙක ම විවිධ වෙරළාසන්න රටවල්  දිනක් තුළ පසු කරයි. මේ නිසා දිනකට වඩදිය දෙකක් ඇති වේ. මේ වඩදිය දෙක අතර කාල පරතරය පැය 12 මිනිත්තු 25ක් පමණ වේ. මේ අමතර මිනිත්තු 25ට හේතු වන්නේ පෘථිවිය භ්‍රමණය වන අතරතුරේ දී සඳ ද තමාගේ පිහිටීම වෙනස් කර ගැනීමයි. සඳට මුහුණලා තිබූ පොළොව මත ලක්ෂ්‍යයක් භ්‍රමණය වී නැවත එතැනට ම එන විට ඒ අතරතුර දී හඳ එතැන පසු කොට මද දුරක් ඉදිරියට ගමන් කොට ඇත. නැවත හඳ 'අල්ලා ගැනීමට' තවත් මිනිත්තු 50ක් පමණ ගමන් කළ යුතු ය. දිනකට වඩදිය දෙකක් ඇතිවන නිසා මෙය දෙකට බෙදීමෙන් වඩදිය දෙකක් අතර කාලයට අමතර මිනිත්තු 25ක් එකතු වේ.

දැන් ඔබට කුතුහලයක් ඇතිවනු ඇත්තේ පොළොවේ හඳට ප්‍රතිවිරුද්ධ පැත්තේ ද වඩදිය ඇති වන්නේ කෙසේ ද යන්නයි. මේ ගැන පැහැදිලි කිරීමට අපි නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය භාවිත කරමු. නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය අනුව විශ්වයේ පවතින ඕනෑ ම වස්තු දෙකක් අතර ආකර්ෂණ බලයක් ඇති වේ. ඒය වස්තුවල ස්කන්ධ දෙකේ ගුණිතයට අනුරූපීව වැඩි වේ. දුරට (දුරේ වර්ගයට) අනුරූපීව අඩු වේ. මේ ගුරුත්වාකර්ෂණ බලයේ තවත් විශේෂයක් වන්නේ එම අන්තර්ක්‍රියාවට ලක්වන වස්තු දෙක එකිනෙකා සමාන බලයකින් ඇදගැනීමයි. පොළොව ඇපල් ගෙඩියක් ඇදගන්නා බලයට සමාන බලයකින් ඇපල් ගෙඩිය විසින් පොළොව ද තමා වෙත ඇද ගනී. එක හා සමාන බලයකින් ඇදගත්ත ද පොළොවේ ස්කන්ධය ඇපල් ගෙඩියට වඩා බොහෝ වැඩි නිසා එම බලයට පොළොව දක්වන ප්‍රතිචාරය ඉතා සුළු ය. අප හඳ හා පොළොව පිළිබඳව සිතුවහොත් හඳත් පොළොවත් සමාන බලයකින් එකිනෙකා ඇදගනී.

මෙහි දී මේ 'බලය' යනුවෙන් භෞතික විද්‍යාවේ අදහස් වන්නේ කුමක් දැයි පැහැදිලි කළ යුතු ය. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගැන්වූ කීර්තිමත් ව්‍යවහාරික ගණිතය මහාචාර්යවරයකු වන වැලන්ටයින් ජෝසප් මහතාගේ 'ගතිකය' ග්‍රන්ථයට අනුව බලයක් යනු වස්තු දෙකක් අතර සිදුවන බලපෑමකි, අන්තර්ක්‍රියාවකි. කේන්ද්‍රාපසාරී බලය යනුවෙන් බලයක් පිළිබඳව ඔබ අසා ඇති. බොහෝ 'විද්‍යාත්මක හේතු' ඉදිරිපත් කරන ලේඛකයෝ දැනුවත්ව හෝ නො දැනුවත්කම නිසා හෝ නිතර නිතර කේන්ද්‍රාපසාරී බලය යන සංකල්පය භාවිත කරති. කේන්ද්‍රාපසාරී බලය යනු සැබෑ බලයක් නො වේ. එය එක් වස්තුවකින් තවත් වස්තුවකට යෙදෙන බලයක් නොවේ. එය ගණිතමය සංකල්පයක් පමණි. වතුර බාල්දියක් වේගයෙන් හිස වටා සිරස් වෘත්තයක කැරකැවූ විට වතුර පහළට නො වැටෙන්නේ කේන්ද්‍රාපසාරී බලය නිසා ය යනුවෙන් කරන ප්‍රකාශවල ගත යුත්තක් නැත. කේන්ද්‍රාපසාරී බලය සංකල්පය ගොඩනඟන්නේ ම චලනය වන දෙයක් නිශ්චලව සැලකීම නිසා ය. මේවාට කල්පිත බල, භූත බල යැයි කියනු ලැබේ. (කේන්ද්‍රාභිසාරී බලයන් සත්‍ය බල වේ.)

වස්තුවක් තවත් වස්තුවක් මඟින් ආකර්ෂණය වී ඇති විට මුල් වස්තුව දෙවනි වස්තුව මතට නො වැටී සිටීමට නම් දෙවැනි වස්තුව වටා එය සුදුසු වේගයකින් පරිභ්‍රමණය විය යුතු ය. අප අහසට යවන චන්ද්‍රිකාත් පොළොවත් එකිනෙකා ඇදගත්ත ද එකිනෙක මතට නො වැටී සිටින්නේ මේ පරිභ්‍රමණය නිසා ය.

හඳ ද පොළොව ද එකිනෙකා ආකර්ෂණය කරන අතර හඳ හා පොළොව එකිනෙක මතට නො වැටී සිටින්නේ ස්කන්ධවල පොදු කේන්ද්‍රය වටා එක ම කෝණික ප්‍රවේගයෙන් පරිභ්‍රමණය වීමෙනි. මේ කේන්ද්‍රය ඇත්තේ පෘථිවි කේන්ද්‍රයේ සිට පෘථිවි අරයෙන් 3/4 ක් පමණ හඳ දෙසට වන්නට ය. සඳත් පෘථිවියත් දෙක ම මෙය වටා එක ම කෝණික වේගයෙන් පරිභ්‍රමණය වේ. මේ අතරතුර දී පෘථිවිය සිය අක්ෂය වටා ද කැරකැවෙයි. පොළොවේ හඳට ආසන්නව ඇති කොටස්වලට බලපාන ගුරුත්වාකර්ෂණ බලය හඳට ඈතින් ඇති කොටස්වලට දැනෙන ගුරුත්වාකර්ෂණ බලයට වඩා වැඩි ය. පොළොව ඉහත පොදු කේන්ද්‍රය වටා කැරකෙන්නේ මේ අගයන් දෙක අතර මැද ඇති සමස්ත පොළොවට බලපාන සාමාන්‍ය අගයට අනුරූපී වේගයකිනි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ හඳට ආසන්නයේ ඇති ස්ථාන වැඩියෙනුත් හඳට ඈතින් ඇති ස්ථාන අඩුවෙනුත් හඳ වෙත ආකර්ෂණය වීම ය. මේ නිසා පොළොවට සාපෙක්ෂව ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ ඒකාකාරී බව නැති වී යයි. මේ නිසා උදම් බල නමින් හඳුන්වන සංසිද්ධිය ඇති වේ. ජල පෘෂ්ඨයක් (ජලයේ මතුපිට) හැම විට ම පිහිටන්නේ එහි විභවය (ස්කන්ධය එකක් වූ අංශුවකට කිසියම් තැනක දී විභව ශක්තිය) ජල පෘෂ්ඨය මත සෑම ලක්ෂ්‍යක දී ම සමාන අගයක් ගන්නා පරිදි ය. මේ උදම් බල හේතුවෙන් සම විභව පෘෂ්ඨ ඇති වන්නේ දෙපසින් පිටතට නෙරා ගිය ආකාරයෙනි. සාගර ජලය ද මේ අනුව හැසිරේ. දෙපසේ ම වඩදිය ඇති වන්නේ මෙ නිසා ය.

එහෙත් ඉහත ඉදිරිපත් කළේ දළ විවරණයකි. පෘථිවිය සාගර ජලයෙන් සම්පූර්ණයෙන් ම වැසී නැති නිසාත් මුහුදු පතුළේ ගැඹුර තැනින් තැනට වෙනස් වන නිසාත් පෘථිවි භ්‍රමණය ද ඇතුළුව තවත් සාධක කිහිපයක් ම වඩදිය බාදිය සඳහා බලපායි. මේ හේතුකොට ගෙන රටින් රටට දිනකට වඩදිය ඇති වන වාර ගණන මෙන් ම වඩදිය බාදියේ උස ප්‍රමාණ ද වෙනස් වේ.

මෙම බලපෑම් නිසා පොළොවේ සමහර ස්ථානවල චන්ද්‍රයා නිසා ඇති වන වඩදිය බාදිය මට්ටම් ශූන්‍ය වන අතර මෙවන් ලක්ෂ්‍ය අසළ දී වඩදිය හා බාදිය තරංගයක් මෙන් අදාළ ලක්ෂ්‍යය වටා වමට හෝ දකුණට සෙමෙන් භ්‍රමණය වේ. ලංකාව ආසන්නයේ මුහුදේ ද මෙවන් ලක්ෂ්‍යයක් ඇත.

පෘථිවිය මත දී සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය චන්ද්‍රයාට වඩා වැඩි වුව ද උදම් බලය චන්ද්‍රයාට වඩා අඩු ය. එසේ වුවත් එය ද සැලකිය යුතු අගයකි. අමාවක හා පසළොස්වක දිනවල දී චන්ද්‍රයා හා සූර්යයා පෘථිවිය දෙපස හෝ එක ම පස පිහිටන බැවින් වඩදිය බාදිය වඩාත් හොඳින් ඇති වේ. අටවක දිනවල දී සඳේ බලපෑම හිරුගේ බලපෑමෙන් කැපී යාම නිසා වඩදියෙහි උස අඩු වේ.


මේ උදම් බලවල එක ම ප්‍රතිඵලය වඩදිය බාදිය පමණක් නො වේ. වායු ගෝලය මෙන් ම ශිලා ගෝලය (ඝන කොටස) ද මෙසේ හැඩය වෙනස් වීමට ලක්වේ. වායුගෝලය කිලෝමීටර ගණනකින් ද ශිලාගෝලය සෙන්ටිමීටර ගණනකින් ද මෙසේ හැඩය විකෘති වීමට ලක් වේ.

හඳේ හා පෘථිවියේ භ්‍රමණයට බාධා කිරීම ද මේ උදම් බල නිසා සිදු වේ. හඳේ එක ම පැත්තක් පොළොව දෙසට හැරී ඇත්තේ මේ උදම් බල මඟින් හඳේ භ්‍රමණයට බාධා වූ නිසා ය. (පොළොවේ හැම තැනට ම පෙනෙන්නේ හඳේ එක ම පැත්තකි.) පෘථිවියේ දවස ද කෙමෙන් දිගු වී යාමට උදම් බල බලපායි. ඩයිනෝසරයන් හිටි යුගයේ දවසකට තිබුණේ පැය 18කි. හඳ පෘථිවියෙන් ඈත් වී යාමට ද මේ උදම් බල බලපෑවේ ය.

මෙහි දක්වා ඇති විවරණයේ හඳ හා පොළොව මෙසේ චලනය වන්නේ යැයි කී පමණින් එසේ ම චලනය වන්නේ යැයි නො සැලකිය යුතු ය. නිවුටන්ගේ පද්ධතියේ මෙසේ ගත යුතු වුවද (එයත් ආසන්න කිරීමක් පමණි.) අයින්ස්ටයින්ගේ පද්ධතියේ දී ඕනෑ ම වස්තුවකට සාපේක්ෂ චලිතය සැලකිය හැකි ය. අයින්ස්ටයින්ගේ පද්ධතියේ දී ගුරුත්වාකර්ෂණය ද භූත/ කල්පිත බලයකි.



        - තමලු මලිත්ත පියදිගම

පැරණි ශාස්ත්‍ර

පැරණි ශාස්ත්‍ර


- තමලු මලිත්ත පියදිගම
ඇල්කෙමිස්ට් සඟරාව - ජනවාරි 


පැරණි ශාස්ත්‍ර ගැන කතා කිරීම ලෝකය පුරා දක්නට ලැබේ. බොහෝ දෙනා පැරණි ශාස්ත්‍ර පිළිබඳව උදම් ඇනුව ද ඒවාට ඓතිහාසිකව මිස වෙනත් වැදගත්කමක් ඇතැයි නො සිතති. නැතහොත් එවන් වැදගත්කමක් නැතැයි සිතීමට අප පොළඹවා ඇත. 'ලෝකයේ ඇත්තේ එක ම දැනුමක විකාශනයකි. අතීතයේ පැවති දැනුම පසු කර ගොස් වර්තමානයේ අප වඩා දියුණු දැනුමක් අත්පත් කරගෙන ඇත. පැරණි දැනුමෙන් දැන් ප්‍රයෝජනයක් නොමැත. ලෝකය පිළිබඳව සැබෑ තතු නොදත් කාලයේ නිර්මාණය කළ එම දැනුමෙන් අදට වැඩක් නැත. ඇත්තේ කෞතුක වැදගත්කමක් පමණකි. මානව විද්‍යඥයන්ගේ විෂය පථයට අදාළව මිස ශාස්ත්‍රීයව ඒවා අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවක් නො මැත.' මේ අපට කාවද්දා ඇති අදහසයි. බිසෝකොටුවේ තාක්ෂණය ගැන වර්ණනා කරන දේශහිතෛෂින් පවා යටිහිතින් සිතන්නේ එකල හෙළයා අද අප භාවිත කරන පිට් වෑල්වය නිපදවීමට තරම් විද්‍යා දැනුමකින් සමන්විත වූ බව ය. බිසෝකොටුව පිට් වෑල්වයක් නොවන බව දන්නා අය පවා සිතීමට පෙළඹෙන්නේ අද අප ඉගෙන ගන්නා තරල ගති විද්‍යාවේ මූලිකාංග අවුරුදු දහස් ගණනකට පෙර දැන සිටීමට අතීත හෙළයා සමත් වූ බවයි. රුවන්වැලි සෑයට සවි කළ වජ්‍ර චුම්භඨක ගැන ලිපි ලියන දේශප්‍රේමහු පවා 'එකල සිංහලයන්ගේ ස්ථිති විද්‍යුතය පිළිබඳ දැනුම නූතනය හා සමව පැවතියේ ය' ආදී වාක්‍ය ලිවීමට පෙළඹෙති. (මාක්ස්වාදීන්, පශ්චාත්නූතනවාදීන් හා 'උගතුන්' පිළිබඳ කතා කිරීම ම ඵලක් නැත. ඔවුන්ට නම් මහා සෑය ගඩොල් ගොඩකි. වැව් නිකම් හෑරූ වළවල් ය. බටහිරයන් ඒමට පෙර පෙරදිග සිට ඇත්තේ මිනිසුන් නොව සතුන් පමණ ය.)

මේ සියල්ලට යටින් ඇති අප මත පැටවූ අදහස වන්නේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව ය යන්න ය. එම අදහස අනුව අතීත තාක්ෂණයේත් වර්තමාන තාක්ෂණයේත් භාවිතයට ගැනී ඇත්තේ එක ම මූලධර්මයන් ය. එනිසා කළ යුත්තේ නූතන විද්‍යාව අනුව පැරණි නිර්මාණයන් වටහා ගැනීම ය.  සීගිරියේ වතුර මල්වල, වැව්වල බිසෝකොටුවේ ක්‍රියාකාරිත්වය අප සොයා ගත යුතු යැයි නිතර අසන්නට ලැබේ. ක්‍රියාකාරිත්වය යනුවෙන් මෙහි අදහස් කෙරෙන්නේ බටහිර විද්‍යා ප්‍රවාද, නියම හා සමීකරණවලින් මේවා ක්‍රියා කරන ආකාරය පෙන්වා දිය යුතු බව යැයි පැහැදිලි ය.
එහෙත් මේ මූලික අදහස කොතරම් දුරට නිවැරදි ද? බටහිර විද්‍යාවත් එදා පැවති විද්‍යාවත් එක ම විද්‍යාවක් ම ද? එම දෙකෙහි ම තිබූයේ එක ම මූලධර්ම ද? මෙසේ විය යුතු ම ද?

බටහිර විද්‍යාවේ ම ඉතිහාසය විමසීමෙන් මීට පිළිතුරක් සොයා ගත හැකි ය. ඇරිස්ටෝටල්ගේ භෞතික විද්‍යාවත්, නිවුටන්ගේ භෞතික විද්‍යාවත්, අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාවත් එක ම භෞතික විද්‍යාව නො වේ. එක ම දෙය මේ තුනේ විස්තර කෙරෙන්නේ සහමුලින් වෙනස් තුන් ආකාරයකට ය. මේවා ඇති වූයේ එකින් එක වර්ධනය වීමෙන් නො වේ. නිවුටන්ගේ භෞතික විද්‍යාව ඇරිස්ටෝටල්ගේ භෞතික විද්‍යාවේ වර්ධනයක්වත් අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාව නිවුටන්ගේ භෞතික විද්‍යාවේ වර්ධනයක්වත් නො වේ. තෝමස් කූන් නම් දාර්ශනිකයා මේ බව සිය The Structure of Scientific Revolution කෘතියේ පැහැදිලිව පෙන්වා දී ඇත. බටහිර විද්‍යාව තුළ ම පවා මෙසේ සහමුලින් වෙනස් පැහැදිලි කිරීම් පවතිද්දී, ඉන් පරිබාහිර අතීත සිංහල දැනුමේ බටහිර විද්‍යාවේ මූලධර්ම ඇතැයි කිව හැක්කේ කෙසේ ද?

ආචාර්ය නලින් ද සිල්වා මහතා මගේ ලෝකය කෘතිය රචනා කරමින් පෙන්වා දුන්නේ අපගේ සංකල්ප මෙන් ම සංවේදන ද මනස මත ම රඳා පවතින බව ය. එනම් සියලු සංකල්ප මනසින් නිර්මාණය වී ඇති බව ය. මෙවන් විටෙක නිරපේක්ෂ බාහිර ලෝකයක්, වාස්තවික යථාර්ථයක් කිසිසේත් ම නැත. අපගේ දැනුම අප මනසින් නිර්මාණය කරගන්නක් මිස අපෙන් වෙන්ව බාහිරව පැවතුණු යමක් නො වේ. බටහිර විද්‍යාව ඇතුළු සියලු දැනුම් මනසේ නිර්මාණ මිස වාස්තවික යථාර්ථයක් නො වේ. මේ විවිධ දැනුම් බිහිව ඇත්තේ විවිධ චින්තනවල ය. අපේ අතීත දැනුම සිංහල බෞද්ධ චින්තනයේ ද බටහිර විද්‍යාව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ද නිර්මාණය වී ඇත. නිවුටන්ගේ හා අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යා අතර පවතින වෙනසටත් වඩා තීව්‍ර වෙනසක් අපේ විද්‍යාවත් බටහිර විද්‍යාවත් අතර ඇත. බටහිර විද්‍යාව කොතරම් උගත්ත ද ලංකාවේ කිසිවකුට එය තුළ දැනුමක් නිපදවිය නො හැක්කේ මේ චින්තනයන්හි පවතින වෙනස හේතුවෙනි. අපට නැඟී සිටීමට අවශ්‍ය නම් අපගේ චින්තනයේ ගොඩනැඟුණු අපගේ දැනුමක් බිහිකළ යුතු ය; ඉස්මතු කරගත යුතු ය.

නලින් ද සිල්වා මහතා ආරම්භයේ දී ගවේෂකයෝ සංවිධානය මඟිනුත් අනතුරුව චින්තන පර්ශදය ඔස්සේත් සිංහල බෞද්ධ දැනුමක් නිර්මාණය කිරීම උදෙසා ක්‍රියා කරන විට එය වාමාංශිකයන්ගේ උපහාසයට ලක් විය. ජාතික චින්තනය යනු බර කරත්තයෙන් අනුරාධපුර යුගයට යෑමකැයි ඔවුහු උසුළු විසුළු කළ හ. බොහෝ මාර්ක්ස්වාදීන්ට අමතකව ඇත්තේ කොමියුනිස්ට් සමාජයක් වෙතට යන්නේ යැයි ඔවුන් කියන විට ප්‍රාග් කොමියුනිස්ට් සමාජ යනු කවරක් ද යන්නයි. ජාතිකවාදීන් යන්නේ අනුරාධපුර යුගයට නම් මාක්ස්වාදීන් කතා කරන්නේ ගල් යුගයට යෑමට නො වේ ද? බොහෝ මාක්ස්වාදීන් ප්‍රාග් කොමියුනිස්ට් සමාජ ගැන අසාවත් නැත. (ප්‍රාග් කොමියුනිස්ට් සමාජයක් යනු ගල් යුගය හෝ පූර්ව ගොවි යුගය හෝ නොව පැරණි සිංහල සමාජය වැනි සමාජ ක්‍රම යැයි කියන මාක්ස්වාදීන්ට මෙය අදාළ නො වේ.)

පසුගිය දා චීන රජය එරට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ ඖෂධවලට තිබූ සීමා මායිම් ලිහිල් කළේ ය. ඒ නිමිති කරගෙන චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම නැවත නැඟී සිටි අයුරු විමසා බැලීමට යොමු වෙමු. චීනයේ රාජාණ්ඩුව අවසන් වන විට බටහිර බලපෑම මත දේශීය වෛද්‍ය ක්‍රම හා ඖෂධ ගණනාවක් ම තහනමට ලක්ව තිබුණි. වර්තමානයේ ඉතා ප්‍රචලිත කටු චිකිත්සාව ද එලෙස ම තහනමට ලක්ව තිබුණි. චීනයේ පැරණි වෛද්‍ය ක්‍රමයන්ට නැවත හිස එසවීමට හැකි වූයේ කොමියුනිස්ට් චීනය බිහි වීමෙන් පසුව ය. අතීතය විනාශ කළ යුතු යැයි කියමින් චීනයේ පුරාවිද්‍යාත්මක ස්ථාන පවා විනාශ කළ මාඕ සේතුං වැන්නකු දේශීය වෛද්‍ය ක්‍රම නඟා සිටුවීමට මුල් වීම ම ආශ්චර්යවත් ය. කෙසේ හෝ එය සිදු විය.

චීනයේ සමාජවාදී විප්ලවයෙන් පසු මාඕ සේතුං සමාජයේ විවිධ පිරිස්වලට හිමිව තිබූ විශේෂ වරප්‍රසාද කප්පාදු කර දැමී ය. මීට සුඛෝපභෝගී ජීවිත ගත කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා අංශවලින් ප්‍රබල විරෝධයක් එල්ල වන්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නො වේ. 'විද්‍යාවේ ධනපති අංශයන්' මර්දනය කළ යුතු බව මාඕගේ සිතට නැඟෙන්නට මෙය ප්‍රබල හේතුවක් විය. ඒ සඳහා විකල්පය වන්නේ පැරණි සාම්ප්‍රදායික චීන වෙදකමට අතහිත දීමයි. මාඕ 1950 දී පමණ මේ පිළිබඳව කතාවක් පැවැත්වී ය. 1954 දී නිල වශයෙන් වැඩ පිළිවෙළ ඇරඹුණි. කටු චිකිත්සාව, 'මොක්සා දැවීම' ආදී ප්‍රතිකාර ක්‍රමවල තහනම් ඉවත් කරනු ලැබී ය. මෙසේ මාඕ යුගයේ සිට චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ පිබිදීමක් ඇති විය.

ලංකාවේ දේශීය වෙදකමට සිදුව ඇති ලෙසින් ම බටහිර වෛද්‍යවරුන්ගේ නොතිත් කෙනෙහිලිකම්වලට ලක් වීමට සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමයට ද සිදු විය. චීන වෛද්‍ය ක්‍රමයේ පදනම ඇඟ පුරා දිවෙන චී ශක්තිය යන සංකල්පයක් මත පදනම් වේ. බටහිර වෛද්‍යවරුන්ට එය බටහිර සංකල්ප අනුව අ‍ර්ථකථනය කිරීම අත්‍යවශ්‍ය ය. බටහිර වෛද්‍ය ක්‍රමය හුදෙක් තවත් එක් වෛද්‍ය ක්‍රමයක් පමණක් වන විට චීන වෛද්‍ය ක්‍රම බටහිර දැනුමේ වචනයෙන් විස්තර කර දිය යුත්තේ ඇයි? මේ බටහිර දැනුමේ ආධිපත්‍යයි. යිංයං, ඊඡිං ආදී සංකල්ප බටහිර විද්‍යාවෙන් පැහැදිලි කර නො දුන්නේ යැයි ඒවා ඉවත හෙළීමට බටහිර විද්‍යාවට ඇති විශේෂ අයිතිවාසිකම කුමක් ද? චීන වෛද්‍යවරයකු ඇමොක්සිසිලින්හි ක්‍රියාකාරිත්වය යිංයැං මඟින් පැහැදිලි කරන ලෙස බටහිර වෛද්‍යවරයකුට නියම කළහොත් කුමක් සිදු වේ ද?

කෙසේ නමුත් වාසනාවකට චීන රජය බටහිර වෛද්‍යවරුන්ගේ විරෝධය බරපතලව සැලකුවේ නැත. චීනයේ වෙදකම ආයුර්වේදය සමඟ ද සම්බන්ධතාවක් ඇත. ආරම්භයේ දී ආයුර්වේද පොත් එකොළහක් චීන බසට පරිවර්තනය වූ බව කියැවේ. චීන වෛද්‍ය ක්‍රමයට මූලික වූ වෛද්‍ය ශාස්ත්‍ර ක්‍රම බොහෝමයක් එරටට ගෙන ගියේ බෞද්ධ භික්ෂූන් ය. සැත්කම් කිරීම චීනයට ලැබුණේ බෞද්ධ භික්ෂූන්ගෙන් යැයි එරට සාම්ප්‍රදායික ග්‍රන්ථවල දැක් වුණ ද පුරාවිද්‍යාඥයන්ට හසු වූ ඉතා පැරණි ෂං යුගයට අයත් ඇටසැකිලි සමහරක ද සැත්කම් කරන ලද ලකුණු දකින්නට ඇත. ඇතැම් චීන වෙදපොත් බොහෝ වෛද්‍ය ක්‍රම ජීවක කෝමාරබච්චයන්ගේ (බුදුන්වහන්සේට ප්‍රතිකාර කළේ ඔහු ය.) නිර්මාණ බව දක්වයි.

චීන වෙදකමට එරෙහිව බොහෝ විට බටහිර වෛද්‍යවරුන් නඟන තර්කයක් වන්නේ ඒවායේ රසදිය ආදී බැර ලෝහ පවතින බවයි. සිංහල වෙදකමට හා ආයුර්වේදයට එරෙහිව ද මේ රසදිය භීතිකාව ඇතැම් විට මතු කරනු අසන්නට ලැබේ. මා දන්නා අයුරින් ආයුර්වේදයේ හා සිංහල වෙදකමේ රසදිය යොදා ගන්නේ එහි විෂ නැසීමේ ක්‍රියාවලියකට ලක් කිරීමෙනි. විෂ නැසීම බටහිර විද්‍යාවෙන් විස්තර කර දිය යුතු යැයි නියම කිරීමේ අයිතියක් බටහිර වෛද්‍ය ක්‍රමයට නැත. චීනයේ මෙවන් ක්‍රියාවලියක් ඇති දැයි මම නො දනිමි. කෙසේ වුවත් එක් ක්‍රමවේදයක දී විෂ වන්නක් තවත් ක්‍රමවේදයක දී විෂ නොවන්නක් විය හැකි ය. එලෙස ම මාත්‍රාව මත එහි බලපෑම ද තීරණය වනු ඇත.

සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය ක්‍රමයේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය අනුව එයට අවශ්‍ය වන්නේ අනෙක් වෛද්‍ය ක්‍රමවලට පහර ගැසිය හැකි පොටක් සෙවීම ය. එවැන්නක් හමු වූ විට එය වලංගු ද අවලංගු වී යයි ද යන්න සියුම්ව විමසීමටවත් ඉවසීමකින් තොරව එයින් අනෙක් වෛද්‍ය ක්‍රමයන්ට දමා ගසනු ලැබේ. දේශපාලන ආධිපත්‍යය සමඟ එම ප්‍රකාශයන්ට බලයක් ද ලැබේ. අනෙක් වෛද්‍ය ක්‍රමවල රසදිය ගැන කලබල වන බොහෝ බටහිර වෛද්‍යවරුන්ට බටහිර දන්ත වෛද්‍ය ක්‍රමයේ දත් පිරවීමට භාවිත කරන ඇමල්ගමයේ රසදිය හා රිදී ගැන සිහියට එන්නේත් නැත. දත් බැඳීමට චීන්නු ප්‍රසිද්ධ ය. බටහිර වෛද්‍ය ක්‍රමයට එක් කරගත්තේ ද චීන ශිල්පීය ක්‍රමය ය. කාමරංගාවල අහිතකර බව ගැන සිදුකළ එක ම ප්‍රකාශයකට පවා ඉමහත් ප්‍රසිද්ධියක් දීමට පෙළඹී සිටින පරිසරයක බටහිර බෙහෙත්වල අගුණ ගැන එවන් හඬක් නො නැඟෙන්නේ ඇයි? ලංකාවේ ප්‍රතිජීවක ඖෂධ භාවිතය විධිමත්ව සිදුවේ යැයි කාට නම් කිව හැකි ද? මේ වන විට මැලේසියාවේ ප්‍රතිජීවක ඖෂධ බොහෝ සංඛ්‍යාවක් අක්‍රියව ගොස් ඇත. මෙය ලෝකයේ අන් රටවලට කෙසේ බලපානු ඇද්ද? ප්‍රතිජීවක ඖෂධ සියල්ල අක්‍රියව ගියහොත් බටහිර වෙදකමේ 'ඇස්පනා පිට ප්‍රතිඵලයන්ට' කුමක් සිදු වේ ද? මේවා ගැන කතා කිරීමක් සිදු නොවන තරම් ය.

වියට්නාම් යුද්ධයේ දී හෝ චී මිංට ගැටලුවක් වූයේ යුද්ධය අතරතුර දී මැලේරියාව පැතිරී යාම ය. හෝ චී මිං මීට විසඳුමක් ඉල්ලා සිටියේ චීන අගමැති මාඕ සේතුංගෙන් ය. මාඕ අංක 523 නමින් ව්‍යාපෘතියක් අරඹා එම වගකීම ථූ යොව් යොව් නම් කාන්තාවට පැවරී ය. ඇය මැලේරියා මර්දන ඖෂධයක් සෙවීම සඳහා පැරණි චීන වෙද පොත් පීරමින් පරීක්ෂා කළා ය. එක්තරා ශාකයකින් නිපදවන ඔසුවක් ඉතා ප්‍රතිඵලදායී බව දුටු ඈ එම ශාකයෙන් සක්‍රිය සංඝටකය වෙන් කර ගැනීමට ද උත්සාහ කළා ය. එහෙත් සක්‍රිය සංඝඨකයක් ලැබුණේ නැත. පසුව ඇය වෙද පොත් පරීක්ෂා කරන විට දුටුවේ එම ඖෂධය පිළියෙළ කළ යුත්තේ ශීත ජලයේ බවයි. රත් කිරීම මඟින් සංඝඨක නිස්සාරණය කරන සාමාන්‍ය ක්‍රමවේදය ගැන සැක පහළ කළ ඈ අඩු උෂ්ණත්ව යටතේ සංයෝග නිස්සාරණය කළ හැකි ක්‍රමයක් නිර්මාණය කළා ය. මේ අවසන් ප්‍රතිඵලය වූයේ ආටිමෙසිනින් නම් ඖෂධයයි. එය දැනට මැලේරියාවට එරෙහිව පවතින ප්‍රබල ම ඖෂධයයි. ථූ යොව් යොව්ට 2015 දී නොබෙල් ත්‍යාගය ද හිමි විය.

දැන් අප අවදානය යොමු කළ යුත්තේ මෙහි කතා නො කරන අන්තය ගැනයි. මාඕ සේතුං චීන වෛද්‍ය ක්‍රමයට සහය නො දැක්වූවා නම් කුමක් වන්නට තිබුණි ද? මාඕ පවා දේශපාලනිකව මෙම ව්‍යාපෘතීන්ට සහය ලබා දුන්න ද විශ්වාසය තැබුවේ බටහිර වෛද්‍ය ක්‍රමයට ය. මා ඕ ගේ ප්‍රතිපත්තිය නිසා නොවන්නට ආටිමෙසිනින් තහනම් වෛද්‍ය ක්‍රමයක කෞතුක වස්තුවක් පමණක් වනු ඇත. බටහිර වෛද්‍ය ක්‍රමය සක්‍රිය සංඝඨකය සෙවීමට ඉතා විශාල ස්ථානයක් ලබා දෙයි. මෙතැන දී එය ද සාර්ථක විය. බොහෝ තැන්වල ඇති පරිදි ඖෂධය, ශාක ද්‍රව්‍යවල සංඝටකයක් නො වී සමස්ත ශාක කොටස ම වූයේ නම් කුමක් වන්නට තිබුණි ද? එසේ නම් බටහිර ලෝකයෙන් ආටිමෙසිනින් පිටමං වන්නට ඉඩ තිබුණි. අනෙක් අතට ථූ යොව් යොව් සාමාන්‍ය නිස්සාරණ ක්‍රමවේද වෙනස් කළා ය. එවන් වෙනසකට යොමු නොවී සම්මත ක්‍රමය අනුව පරීක්ෂණ කොට එම ඖෂධය බොරුවකැයි කීවා නම් කුමක් වන්නට තිබුණි ද? ලංකාවේ 'ආසනික් පරීක්ෂණයේ දී' ජලයේ ආසනික් සංයුතිය සෙවීමේ ක්‍රමවේදය සුළු වෙනසකට ලක් කොට කන්ඩෙන්සරයක් ද එක් කළ විට 'උගතුන්' ඊට දැක්වූ විරෝධය අපට හොඳින් මතක ය. සම්මතවල එල්ලී පහර ගැසීම අධිපතිවාදය ක්‍රියාත්මක වන එක ආකාරයකි.

කෙසේ නමුත් චීන රජයේ ඍජු ප්‍රතිපත්තිය හමුවේ මේ බාධා අඩුවන්නට ඇත. එහෙත් මෙවන් දේ හේතුවෙන් සැඟව යන ප්‍රතිකාරයන් චීනයේත් කොතෙකුත් ඇතිවාට සැක නැත.

මේ සියල්ල අපට පෙන්වා දෙන්නේ පැරණි ශාස්ත්‍රයන් නැවත ඉස්මතු කිරීමේත් ඒවාට ස්වාධීනව දියුණු වීමට ඉඩකඩ සපයා දීමේත් වැදගත්කම ය.

ඇස් පනා පිට ප්‍රතිඵල පෙන්වන කැඩුම් බිඳුම් වෙදකමක් අප සතුව තිබිය දීත් සමහර බටහිර වෛද්‍යවරුන් තාක්ෂණික කාරණා හා වෙදකම පටලවමින් සිය අධිකාරිමය බලය අයුතු ලෙස යොදා ගනිමින් ඉදිරිපත් කරනා බොළඳ හරසුන් තර්ක සමූහයකට යට වී එහි දියුණුවට මඟ අවුරා තිබීම අප හට ලැජ්ජාවට කරුණක් පමණක් නොව මහා ඛේදවාචකයක් ද වෙයි.


         - තමලු මලිත්ත පියදිගම 

Does the sun really revolve around the earth?

Does the sun really revolve around the earth?

          Thamalu M. Piyadigama 



There are several things we learn from primary school in our young age that are almost taken for granted without much questioning. The most amazing things out of those are that the earth is a globe and that the sun does not rotate around the earth but it is the earth which rotates around the sun. These two ideas are the initial persuasion that makes us believe in science over everything else - our own experience, religion, etc.  

Today most of the people believe that the earth rotates round the sun and take it to be an unbreakable absolute truth; a fact. “Earth goes around the sun. It’s generally accepted, scientifically proved and observed.” This is the attitude of the majority of the population. This is where our fundamental education has directed us to. We have no doubt that the earth goes around the sun.  

Hereby, I like to question you. What was the evidence they provided you to make you believe this idea? Remember. Remember the time you were in grade one. What was the evidence given? Our teachers gave us a lot of evidence to support that the earth is a globe. However, during our entire school career, we were not provided with any evidence by out teachers to the claim that the earth goes around the sun. It is just stated and taken for granted. What a pity. The strongest of beliefs people get from elementary science education is persuaded with no evidence at all. This is in contrast to how the educated people usually denounce the religious for believing in invisible gods without ‘sensory’ evidence. Can we say that the educated differ from those who believe in gods without providing sensory evidence?  

Domination of Western science in education and all spheres of modern life have made it the newest religion. Someone can argue that there are structural differences between Western Science and religions. Here, I do not want to go that far. However, there is a term, you may have heard that goes as ‘science in popular culture’. I reckon science in popular culture is completely a religion. Primary and secondary education, popular books, TV programmes and science fiction are some elements of science in popular culture. It does not consist of experimentation or mathematics in deep. When we consider the Sri Lankan situation most of the ‘educated’ people in media are only dealing with this popular culture. In this popular culture, the way that scientific ideas are persuaded upon the general public is not through reasoning. It is done through just institutional domination, marketing strategies and psychological tricks. Therefore, most of thoes who disbelieve in supernatural phenomena for the sake of science only does so because it is against the ‘new religion’ they are following.  

It’s time to get back to the topic. Does the earth really rotate around the sun? Here the most important word in the above statement is ‘really’. When we say the sun does not go around the earth, it means that what we observe every day is just an illusion. What we observe is dependent on how we move. Therefore, when we consider a set of observers looking at a moving object they may observe different motions. Then, all these motions cannot be the ‘real’ motion. If there exits any real motion, only one of those observations can be correct. Others are just illusions. We, who live on the earth sees the sun going around the earth while an observer on the sun see the earth going around the sun. Different observers may see different motions. The problem is, out of these motions which one is the ‘real’ motion.  

 Newton tried to answer this question. He said real motion is the motion with respect to empty space. In other words, the empty space is in absolute rest. Therefore ‘real’ motion is the motion with respect to the empty space. When you hear this idea you will feel that finally Newton successfully solved the problem of what would be the real motion. We, at first glance, tend to think Newton is correct and that the empty space is in absolute rest. But when we carefully analyze, we see that Newton’s argument is wrong. Think that you are moving with respect to empty space. Then the empty space should move with respect to you in the opposite direction. What! Empty space moves. There is nothing in the empty space to move. Therefore empty space can neither move nor be in rest in the ordinary sense. There is nothing called moving with respect to an empty space. This argument, originally made by the acclaimed Austrian physicist and philosopher Ernst Mach debunked Newton and his physics. Later Albert Einstein constructed his physics saying that there is no absolute motion. In other words there is no any ‘real motion’. Every observer is equal.  
According to Einstein’s theory the sun going around the earth and the earth going around the sun are two observations. None is more real, more correct or more preferable over the other. This quote is from one of  Einstein’s books.  
“The struggle, so violent in the early days of science, between the views of Ptolemy and Copernicus would then be quite meaningless. Either C.S. (Coordinate System) could be used with equal justification.

(The Evolution of Physics - A. Einstein, L. Infeld page 224)”

Here Ptolemy’s idea was that the sun goes around the earth while Copernicus said the earth goes around the sun.  

Therefore the two ideas; the sun going around earth and the earth going around the sun are just two observations. None is better than the other.

       - Thamalu Maliththa Piyadigama 

Srinivasa Ramanujan : Mathematical genious and the supernatural


Sirinivasa Ramanujan: Mathematical genius and the Supernatural
  • Does knowledge come from ‘scientific’ reasoning only?

By Thamalu Maliththa Piyadigama

Prof. G.H.Hardy of Cambridge University went to Putney by a taxi to see off his student who was ill. While they were chatting, Hardy mentioned the number of the taxi he came – 1729 – which seemed to be a dull one to him. "No," the student suddenly replied, "it is a very interesting number; it is the smallest number expressible as the sum of two cubes in two different ways." Hardy was impressed and it later came to be known in the mathematical world as the Hardy-Ramanujan number.
Professor G.H. Hardy was one of the greatest mathematicians in the 20th century. But who was that extraordinary student that made him amazed? It was he who had each integer as his personal friend, the man who knew infinity! - Srinivasa Ramanujan.
Srinivasa Ramanujan was a prestigious Indian mathematician. A film based on his life story was released in 2015 called 'The man who knew infinity.'(The movie was based on a more interesting book on him by the same name written by Robert Kanigel.) It was 130 years this year since the birth of Ramanujan on December 22, 1887.
According to the movie, Srinivasa Ramanujan grew up in Madras in British India in utmost poverty. He went to the village Kovil and stayed there for long hours doing his own mathematical research. He was jobless. He went everywhere in Madras showing his books to everyone in order to find a job and to find a person who could understand his work. But he found neither. Everyone asked for recommendations. Then, he met Mr. Narayana, who was fascinated by Ramanujan's work and offered Ramanujan his own job as a clerk in the accounts department of his office. Narayana noticed that Ramanujan never used the abacus (At that time the abacus was the calculating machine). His mental calculations were faster than the abacus. Mr. Narayana's idea was that Ramanujan should show his work to British mathematicians. Therefore Ramanujan wrote to H.F. Baker and G.H. Hardy. H.F. Baker neglected the letter.
One day, while Prof. Hardy was in his room at Trinity College, University of Cambridge, his servant came to him with a letter which had come from very far. Hardy initially thought the letter was a hoax as it was from a Hindu clerk worked in an accounts department, but had given meanings to negative values of the gamma function. Hardy was sure it was from a fellow mathematician, J.E. Littlewood. Hardy was flabbergasted when Littlewood rejected this and read the letter carefully as it was full of theorems. Some are known and some are new. He concluded that this should be real because no one would have had the imagination to create such complex patterns otherwise. Prof. Littlewood also read this letter and was amazed. However no proofs were included. Thereafter they invited Ramanujan to Cambridge as a student in spite of the objections of some other lecturers.
Ramanujan who was married soon after he had the job refused to go to England at first since Brahmins were forbidden to cross the sea by Hindu tradition (Ramanujan was a Brahmin). Later he changed his mind and went to England. In England he had a hard time being a vegetarian. In Cambridge, Hardy and Ramanujan started their cooperative work. Hardy also had a hard time persuading Ramanujan that proofs are necessary. What Hardy needed were proofs. What Ramanujan couldn't understand was why western mathematicians were wasting their time for step by step deductions while the answer is already in hand. What he wanted was to publish his theorems. This clash of opinions was seen throughout their journey. At last, Hardy shared the burden of proving Ramanujan's work and they published some papers together.
While these developments were taking place in the calm atmosphere of Cambridge, violence flared up in distant parts of Europe. The World War I, as we name it now was taking shape. Not a single person could escape the impact of the war. Many people of Cambridge went to the front line. Professor Littlewood was also among them. Professor Hardy was involved in the peace movement by Bertrand Russell. Ramanujan had a hard time too. Being a vegetarian in England at that time was necessarily a difficult in a time of war. The film depicts a bombardment on Cambridge also. At that time Hardy revealed to Ramanujan that Littlewood had found that Ramanujan's prime number conjecture to be false. Hardy used this moment to persuade Ramanujan that proofs were essential. He said intuition only does not give a proper picture. Ramanujan was in for a shock when he heard all this. However after that he acquired some rigor in his work. Next time Ramanujan conjectured a new statement on partition function. Hardy and Ramanujan studied it further and published.
Ramanujan's health was not good at all. He had a severe bout of tuberculosis. But he did not stop his work. Hardy thought Ramanujan should be offered the fellowship of Trinity College of Cambridge. But the proposal was refused because he was an Indian. Then Hardy requested the Royal Society to offer Ramanujan a fellowship. They accepted it and Ramanujan became a fellow of RS (as the second Indian Fellow). Thereafter Trinity College offered him a fellowship too. Ramanujan had the last laugh. He was the first Indian fellow of Trinity College.
What amazed Prof. Hardy the most was how Ramanujan do all these things? Though he had put it to intuition he felt that mere intuition is not enough for such complex mathematical theorems. Ramanujan's answer for this question was something Hardy never expected. Ramanujan had acquired knowledge through Goddess Namagiri (a version of Goddess Kali). Namagiri would speak to him and offer him equations when he was in bed or saying prayers, Ramanujan would say. She was the source of knowledge in Ramanujan. It was very difficult to Hardy to accept this as an atheist.
"An equation for me has no meaning,"  Ramanujan once said, "unless it expresses a thought of God."
Finally Ramanujan went back to India, where his sickness became severe and the angel of death solved the equation of his life too early. Ramanujan's final notebook was found later and its calculations were used to analyze the characteristics of black holes later.
My above discription of Ramanujan is based on the movie. There is a little tension between the film and the actual life story. For example, Ramanujan had published some of his work in the Indian Mathematics Journal and had some appraisers even before he went to Britain. The way he learned mathematics in his early life was not depicted in the film. The film though contains many famous sayings of Ramanujan, Russel and Hardy. For instance Hardy once told Russell: "If I could prove by logic that you would die in five minutes, I should be sorry you were going to die, but my sorrow would be very much mitigated by the pleasure in the proof".
The story of Ramanujan inspires us to rethink about our ideas on the supernatural and religiosity. In contemporary society religion is commonly labeled as a backward force. People try to pretend they disbelieve in religion and supernatural phenomena to maintain their social status. Educated people who follow a religious life tend to only take it as a rational practice excluding all social and spiritual aspects of it. Superstitions, astrology and occult practices have been totally rejected from educated society. People who dabble with those ideas are portrayed as fools by the educated. When the famous "Arsenic experiment" was done by Dr. Nalin de Silva and the team some years back, educated people tried to reject the results by poking fun at ‘God Natha.’
However, the story of Ramanujan urges us to think otherwise. This great mathematician, Ramanujan, (uneducated by common educational standards) asks all those educated people to respect folk wisdom.
Summing up, I recall a story of another great scientific mind in the last century - Niels Bohr, one of the scientists who initiated quantum mechanics. He usually kept a horse shoe on his table while teaching. The Horseshoe in western culture is a symbol of luck. A student asked, "Sir, Do educated people like you also believe in these horse shoe things?"

Bohr retorted at once, "I don't think the horseshoe will be concerned whether you believe it or not."

        - Thamalu Maliththa Piyadigama 

ගැලීලියෝ කෙප්ලර් කේන්දර බැලූ හැටි

2017.12.20  විදුසර

             උගුලෙන් ගැලවිය හැකි එක ම මඟ


 ගැලීලියෝ තමා සඳහා නිර්මාණය කරගත් කේන්දර සටහන

පුරා මාස හතක් ඇදී ගිය සංවාදයක් එහි අවසානය කරා එළඹී ඇත. පසුගිය සතියේ සැම්සන් මහතා සිය අවසන් ලිපිය ලියා තිබේ. මෙවර මගේ ලිපියෙන් සැම්සන් මහතා ප්‍රශ්න කළ නො හැකි වුවත් ඔහුගේ පසුගිය සතියේ ලිපියේද පවතින සාවද්‍ය කරුණු ගොන්න හෙළිදරවු කිරීම පාඨකයන් වෙනුවෙන් මා හට ඇති වගකීමකි. මෙනිසා ඉතා කෙටියෙන් සැම්සන් මහතාගේ ලිපියේ සාවද්‍ය කරුණු විමසීමට බලාපොරොත්තු වෙමි.

තරුවල පිහිටුම් වෙනස් වීම (stellar paradox) පිළිබඳ කරුණ සලකන විට මාස හයක දී ආසන්න තරුවල පිහිටීම් වෙනස් වීම මැනීමට ප්‍රබල උපකරණ අවශ්‍ය නොවේ යන සැම්සන් මහතාගේ ප්‍රකාශය අසත්‍යයකි. හිරුට ළඟින් ම ඇති තාරකාව වන ප්‍රොක්සිමා සෙන්චූරි තරුවේ මෙම කෝණය පවා විකලා 0.7687ක් පමණි. මෙය ඉතා ප්‍රබල උපකරණ මඟින් මිස නිරීක්ෂණය කිරීමට අපහසු ය. අනෙක් තාරකාවල මෙම අගය මීටත් වඩා කුඩා ය. අනෙක් අතට මේ සංසිද්ධිය පවා පෘථිවියට සාපේක්ෂ ඛගෝලයේ චලිතය මඟින් පහසුවෙන් පැහැදිලි කළ හැක්කකි. ඍතු භේදය පෘථිවි කේන්ද්‍රවාදය මඟින් පැහැදිලි කළ හැකි ආකාරය මම මීට පෙර දැක්වූයෙමි. සැම්සන් මහතා සූර්යයා පෘථිවිය වටා චලනය වීම අසත්‍යයක් බව පූර්ව උපකල්පනය කොට එම කරුණ මත ම ඍතු ඇති වීම එයින් පැහැදිලි කළ නො හැකි යැයි පවසමින් නැවත එය ම පෘථිවි කේන්ද්‍රවාදය අසත්‍ය බව කීමට උදාහරණයක් ලෙස ලබා දීම විසම චක්‍රයක හිරවීමකි. විසම චක්‍රයන්වල හිරවීම ශාස්ත්‍රීය අන්ධභාවය ඇති කරන්නකි. ජ්‍යෝතිෂ්‍ය නිර්මාණය කළ ඍෂිවරුන්ට තිබුණේ අල්ප දැනුමකි වැනි ප්‍රකාශ ද එලෙසින් ම කිසිදු ගැඹුරු අධ්‍යයනයකින් තොරව හිතුමතයේ කියන දේ පමණක් බවට සැක නැත. අපිචක්‍රක්‍රමය යල් පැන ගිය ක්‍රමයක් බවට ඔහු පවසන්නේ සාවද්‍ය කරුණකි. අපිචක්‍ර යනු ග්‍රහලෝක චලිතයේ ෆූරියර් ශ්‍රේණියයි. එය යල් පැන ගොස් නැත. ඍජුව ඉතා සංකීර්ණ ගණනයන් පවා පහසුවෙන් කිරීමට මෙය ඉතා හොඳ ක්‍රමවේදයකි. ග්‍රහයන් මිනිසුන් උපන් වෙලාවල් මතක තබා ගනිතැයි යන්න සැම්සන් මහතාගේ මනසේ පහළ වූ විපරීත සිතුවිල්ලක් මිස ජ්‍යෝතිෂ්‍ය පද්ධතිවල පැමිණෙන්නක් නො වේ. 1950 ආසන්න කාලයේ දී පාසල් අධ්‍යාපනය ලැබූ සුළුතරයක් පමණක් පොළොව ගෝලාකාර බව දැන සිටියේ නම් ඊට හේතුව වන්නේ විදේශීය ආක්‍රමණ නිසා අපගේ පැවති දේශීය අධ්‍යාපන ක්‍රමය පරිහානියට ගොස් තිබීම පමණි. එය බෞද්ධ මතය ලෙස හුවා දැක්වීම කෙතරම් අසාධාරණ ද? පැරණි සිංහල බෞද්ධයන් පොළොව ගෝලාකාර බව දැන සිටියේ යැයි මා පෙන්වූයේ ඉහළ මට්ටමේ පැරණි ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙකකින් උදාහරණ දක්වමිනි.

මා වරක් බ්ලොග් අඩවියක් ගැන සඳහන් කළේ සැම්සන් මහතාට තමන් වැපුරූ දෙයෙහි ප්‍රතිඵල ලෙස නෙළන්නට වී ඇති ආන්තික ප්‍රචණ්ඩත්වය ගැන පෙන්වා දීමට මිස එයින් කරුණු දැක්වීමට නොවේ. එය මා නිශ්චිතව ම නො දැක්වුවේ මෙම සංවාදයේ ඔහු නොමැති බැවින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් නොමැති තැනක ඔහුගේ නම සඳහන් කිරීම ආචාරධර්මීයව සුදුසු නොවන නිසා ය. මේ බව නොතේරෙන්නා සේ රංගනයක යෙදෙන සැම්සන් මහතා එය මගේ තර්කයන්ට මූලාශ්‍රයක් ලෙස හුවා දැක්වීමේ අසාර්ථක උත්සාහයක යෙදී ඇත.

මෙවන් සංවාදයක් ඇති වූයේ ඇයි දැයි මින්පසුව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි. බටහිර අධිරාජ්‍යවාදීන් අප රට යටත් කරගත් පසුව තම බලය පවත්වා ගැනීමට විවිධ උපක්‍රම අනුගමනය කළ හ. ඍජු ආධිපත්‍යය නොමැති අදත් ඔවුහු එම උපක්‍රම යොදති. දේශපාලන, ආර්ථික, සංස්කෘතික යන අංශ ඔස්සේ අධිරාජ්‍යවාදී බලපෑම් එල්ල කිරීම ගැන බොහෝ දෙනා දැනුවත් ය. ඊට එරෙහිව පෙළගැසීමට මිනිස්සු එකතු වෙති. අවාසනාවකට බටහිර ආධිපත්‍යය ගොඩනඟන සූක්ෂ්ම ම ආකාරය බොහෝ දෙනාට වැටහෙන්නේ නැත. ඒ දැනුම් ආධිපත්‍යයයි. මේ බව මුල් වරට හෙළිදරවු කොට දුන්නේ ආචාර්ය නලින් ද සිල්වා මහතා ය. ඒ විදුසර හා දිවයින පුවත්පත්වලිනි. බටහිරයන් ඔවුන්ගේ විද්‍යාව හා අනෙක් ශාස්ත්‍ර අපට උගන්වන්නේ අප කෙරෙහි අනුකම්පාවෙන් නො වේ. බටහිරයන්ගේ විද්‍යාව හා ශාස්ත්‍ර ගොඩනැඟී ඇත්තේ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත ය. එය අපගේ චින්තනයෙන් වෙනස් ය. එහෙයින් අපට මේ ආගන්තුක විද්‍යාවන්හි පතුළට කිඳා බැස නිර්මාණකරණයේ යෙදිය නො හැකි ය. අපට කළ හැක්කේ මතුපිට සුළු කාර්යයන් කිරීම පමණකි. බටහිර විද්‍යාවට සාදා දී ඇති ආධිපත්‍ය තුළ නිමිද්‍රව්‍ය, අමුද්‍රව්‍ය, ඖෂධ, තාක්ෂණය ආදී සියල්ල ආනයනය කෙරේ. මේ නිසා ඇති වී තිබෙන ප්‍රශ්නවල නිමක් නැත. යටත් විජිත පිහිට වූ මුල් කාලයේ ඇතැම් ඉංග්‍රීසින් ස්වදේශිකයන්ට බ්‍රිතාන්‍ය අධ්‍යාපනය දීමට එරෙහි විය. එහි දී පත්කර එවූ කමිටුවේ ප්‍රධානී මැකෝලි ස්වාමිවරයා එම අදහස ප්‍රතික්ෂේප කොට බටහිර අධ්‍යාපනය නියම කරමින් පැවසුවේ යටත් විජිතවල ලෙයින් හා හමින් ස්වදේශිකයන් වන සිතුම් පැතුම්වලින් හා සංස්කෘතියෙන් යුරෝපීයයන් වන ජන කොටසක් බිහි කළ යුතු බවයි. මෙය අර්බුදයේ එක් පැතිකඩකි. ආර්ථික ආධිපත්‍යය පවා දැනුම් ආධිපත්‍ය මත තීරණය වේ.

"ආර්ථික විද්‍යාඥයන් අපට පවසන්නේ භාණ්ඩයක මිල නියම වන්නේ වෙළෙඳ පොළෙහි බව ය. මිනිසාගෙන් ස්වායත්තව, ස්වාධීනව, වෙළෙඳ පොළෙහි නියම ක්‍රියාත්මක වන්නේ යැයි ඔවුහු අපට පවසති. ඉල්ලුම සැපයුම වැනි දෑ පදනම් කර ගෙන ගමේ වෙළඳ පොළෙහි සිට ලෝක වෙළෙඳ පොළ දක්වා සෑම තැනකදී ම මිල නියම වන බව අපට කියා දෙනු ලැබේ.එහෙත් එය මුසාවකි. ලෝක වෙළෙඳ පොළෙහි මිල නියම නොවේ. එහි දී සිදු වන්නේ මිල නියම කිරීමකි. මිල නියම කිරීම යනු මිල නියම වීම නොවේ. මිල නියම කෙරෙන්නේ මිනිසුන්ගේ මැදිහත් වීමෙනි. එහිදී ඉල්ලුම සැපයුමට වඩා බලපාන්නේ ලෝක අධිරාජ්‍යවාදයයි."

            නිදහස දිනා ගැනීම , නලින් ද සිල්වා

(මේ හා සමගාමී අදහසක් ප්‍රෙබිෂ් හා සිංගර් යන ආර්ථික විශේෂඥයන්ගේ වාර්තා අනුව ද ලැබී ඇත)

අපට උගන්වන තාක්ෂණය පවා කාර්යක්ෂම නැත. සැබෑ තාක්ෂණික විධික්‍රම පවතින්නේ ව්‍යාපාරවල වෙළඳ රහස් ලෙස ය. බටහිර දැනුමෙන් අපට වැඩක් ගත නොහැකි බව බටහිරයෝ දනිති.

මේ උගුලෙන් ගැලවිය හැකි එක ම මඟ අපේ චින්තනය අනුව අපට හුරු පුරුදු අපේ විද්‍යාවන් ශාස්ත්‍රයන් තාක්ෂණයන් බිහිකිරීමයි. තිබූ මෙවන් දේ නැවත මතු කිරීමයි. අපගේ පැරණි ශාස්ත්‍රයන් අධ්‍යාත්මික වේ. ඒවා ජ්‍යෝතිෂ්‍යය හා ගුප්ත යැයි කියන විද්‍යා සමඟ ද බැඳී පවතී. අපගේ විද්‍යාවන් ගොඩනැඟීම පියවර කිහිපයකින් යුතු ය.


*අපගේ න්‍යාය (logic) හා ඥානවිභාගය (epistemology) හඳුනා ගැනීම

*පැරණි ශාස්ත්‍රවල මූලික මූලාශ්‍ර එක් රැස් කිරීම
*එම මූලාශ්‍ර නැවත මුද්‍රණය කිරීම, පරිවර්තනය කිරීම, ප්‍රචලිත කිරීම අධ්‍යයනය කිරීම
*ජ්‍යෝතිෂ්‍ය, ගුප්ත විද්‍යා හා අධ්‍යාත්මික ප්‍රපංච සමඟ බැඳුණු ශාස්ත්‍ර අධ්‍යයනය
*ජනප්‍රවාදවල කියැවෙන දැනුම් හා තාක්ෂණයන් ගවේෂණය
* අප විසින් නව දැනුම් නිර්මාණය කිරීම
* වෙනත් සංස්කෘතිවල දැනුම් අවශෝෂණය කිරීම 
* අපගේ පැරණි ශාස්ත්‍ර සංශෝධයන්ට ලක් කරමින් නව දැනුම් නිපදවීම

මේ කටයුතු සාර්ථක කරගැනීමට අප අපගේ අතීත දැනුම වෙත යා යුතු ය.

බටහිර විද්‍යාව එක්තරා යුගයක ඉස්මතු වූයේ එවකට බටහිර සමාජයේ ගල්ගැසී තිබූ සමහර ඇදහිලි ප්‍රශ්න කිරීමෙනි. එයින් ඇරඹුණු බටහිර විද්‍යාව ක්‍රමයෙන් වර්ධනය වූ අතර උත්ප්‍රාසාත්මක ලෙස අද වන විට සිදු වී ඇත්තේ එය ද ගල් ගැසී ගිය තවත් ඇදහිල්ලක් බවට ම පත් වීමයි. එපමණක් නොව එය අධිරාජ්‍යවාදීන්ගේ මර්දක අවියක් ද වී ඇත.

මේ මධ්‍යකාලීන පල්ලිවලවත් නොතිබූ තරමට ම සීමාන්තික වූ විමර්ශනශීලීත්වයක් ඇති විද්‍යා පල්ලියේ මෙරට නියෝජිතයන් සේ පෙනී සිටින්නේ භෞතිකවාදී පිරිස් ය. ඔවුහු තමන් බටහිර විද්‍යාවේ නියෝජිතයන් බව පෙන්වාලමින් දේශීය පද්ධතිවලට පහර දෙති. හාස්‍ය ජනක ලෙස ඔවුන් එම පද්ධති හැඳින ගන්නේ අහුමුළුවලින් අල්ලා ගැනීමෙනි. බටහිර විද්‍යාව භක්තියෙන් ඇදහූව ද මොවුන්ට බටහිර විද්‍යාව පිළිබඳවවත් නිසි අවබෝධයක් නැත. මූලාශ්‍ර විකෘති කිරීමේ සිට සාවද්‍ය තර්ක හා අභියෝග එල්ල කිරීම දක්වාත් පුද්ගල නාම ප්‍රකාශන නාම හා නිලතල යොදා ගනිමින් ඒවා අධිකාරීත්වයෙන් පැටවීම දක්වා නොපණත්කම්වල මොවුහු නිරත වෙති. මොවුන්ගෙන් සමහරුන් වාචිකව අධිරාජ්‍ය විරෝධීන් වුව ද අවසාන අර්ථයෙන් මොවුන් සියල්ලන් ම අධිරාජ්‍යවාදීන්ගේ අතකොලු බවට පත්වී ඇත. එහෙයින් මොවුන්ගේ අධානග්‍රාහී බව, බොළඳකම හා මොවුන් අතින් කෙරෙන මූලාශ්‍ර විකෘති හා සාවද්‍ය කරුණු හා තර්ක දැක්වීම් හෙළි දරවු කිරීම දේශීය දැනුම් පද්ධතියක් කරා යන ගමනේ එක් මූලික පියවරකි. මොවුන් බෞද්ධ මූලාශ්‍ර ද විකෘති කරන බැවින් බුදු දහමේ සුරක්ෂිතභාවය සඳහාත් මෙය ඉතා වැදගත් ය.

ශාස්ත්‍රීය මට්ටමෙන් භෞතිකවාදී දර්ශනය හදාළ හා එය පිළිගත් කිහිප දෙනකු සමඟ අප කලක පටන් සමාජ මාධ්‍ය අවකාශයේ  සංවාදයේ නිරත වීමු. එහි දී අපට පෙනී ගියේ සාමාන්‍ය ජනතාවගේ දර්ශන පිළිබඳ දැනුම ඉතා අවම මට්ටමක පවතින බවත් මේ වන විට ඉතිහාසයේ කුණු බක්කියට ම විසි වී ඇති හේතුවාදයේ අසාර්ථක බව පිළිබඳවත් සාමාන්‍ය ජනතාව නො දැනුවත් බව ය. භෞතිකවාදී යැයි කියන බොහෝ දෙනා ඉතා බොළඳ ගණයේ ඇති කොවුර්ගේ අභියෝග පවා ඉතා වැදගත් තර්ක බව සිතා සිටිති. සාමාන්‍ය ජනයාට මාධ්‍යවලින් විද්වතුන් ලෙස දකින්නට ලැබෙන්නේ ද දර්ශනය හෝ විද්‍යාව ගැන ප්‍රමාණවත් අධ්‍යයනයක් නො කළ එහෙන් මෙහෙන් අහුලාගත් දැයින් හිතු මතයේ අදහස් ප්‍රකාශ කරන ව්‍යවහාරික වෘත්තීන්වල නාමය භාවිත කරමින් සමාජ තත්වයක් ගොඩ නඟා ගත් පිරිසක් මිස සැබෑ අධ්‍යයනයක් කළ පිරිසක් නො වේ. මෙහි ප්‍රතිඵලය ලෙස භෞතිකවාදී සංවාදය ලෙස සාමාන්‍ය ජනයා හැඳිනගන්නේ ඉබාගාතේ කෙරෙන කේන්දර පුනර්භව විරෝධයකි. මෙවන් පිරිස් විද්වතුන් සේ හුවා දැක්වෙන විට අනෙක් පසින් ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යාව පිළිබඳ ද මෙවන් නිසි අධ්‍යයනයෙන් තොර පිරිස්වලට මාධ්‍ය ඔස්සේ දොරගුලු විවෘත විය. මේ එක තැන පල් වෙන සංවාද රැල්ලෙන් ජනතාව මුදා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

හේතුවාදීන් සමඟ සංවාද කිරීම දර්ශනය විධිමත්ව උගත් බොහෝ දෙනා සලකන්නේ කිලිටි රාජකාරියක් ලෙසිනි. එහෙත් මා විශ්වාස කරන්නේ සාමාන්‍ය ජනතාව අතරට නොගොසින් සීමිත පිරිසක් අතර සංවාද කිරීම අපගේ යුතුකම නොවන බවයි. සාමාන්‍ය ජනතාව කොටු වී සිටින මේ සිරගෙය බිඳ දමා ඔවුන්ට ආලෝකය සැපයීම අපගේ වගකීමකි. මීට ආරම්භයක් වශයෙන් මා විදුසර තෝරා ගත්තේ එය ලංකාවේ අනාගත පරපුරට බලපෑම් කළ හැකි එමෙන් ම බුද්ධිමත් ශිෂ්‍යයින් වෙත ආමන්ත්‍රණය කිරීමට යොදා ගත හැකි විමර්ශනශීලී පාඨක පිරිසක් එක් රොක් වී සිටිනා පුවත්පතක් නිසාවෙනි. ලංකාවේ හේතුවාදීන්ගේ ප්‍රධාන මාතෘකාව ජ්‍යෝතිෂ්‍ය විරෝධයයි. කේ.ආර්. අභයසිංහ මහතා මෙහි පළ කළ "ජ්‍යෝතිෂ්‍යය මුළාවක් ම ය" ලිපියට ඉතා කෙටි පිළිතුරු ලිපියක් මා සැපයූයේ ඒ අනුව ය. එම ප්‍රතිචාරය සංවාදයක් බවට හරවමින් විදුසර පාඨකයන්ගේ දැනුමේ නිම් වළලු පුළුල් වීමට අවස්ථාවක් සැපයීම පිළිබඳව අභයසිංහ මහතාට අප සියල්ලන්ගේ ම කෘතඥතාව හිමි විය යුතු ය. ඉන්පසුව සංවාදයට එක් වූ සැම්සන් ගුණතිලක මහතාට ද මාහට සහය දක්වමින් සංවාදයට එළඹුණු දිලුම් සෙනවිරත්න මහතාට ද මාගේ ස්තූතිය හිමි වේ. අභයසිංහ මහතා මට කිසිසේත් අදාළ නොවන ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර්ගේ අභියෝග පිළිබඳ නිතර නිතර සඳහන් කිරීම හේතුවෙන් මේ සංවාදය අතරතුර දී මා සතිඅන්ත ජාතික පුවත්පතක කොවුර්ගේ අභියෝගවල අශාස්ත්‍රීයභාවය හෙළි දරවු කරමින් ලිපි පෙළක් පළ කළෙමි. ඒ කාර්යයට මා යොමු කිරීම පිළිබඳව ඒ මහතාට ස්තූතිවන්ත වෙමි. මාස හතක සංවාදයකින් පසු පාඨකයන්ට දැන ගත හැකි වූයේ කුමක් දැයි මීළඟට අපි විමසා බලමු.

සංවාදයට එළඹෙමින් මා පියවර දෙකකින් තර්ක කළෙමි. පළමු පියවර වූයේ පෘථිවි කේන්ද්‍රවාදය ද සූර්ය කේන්ද්‍රවාදය හා සමාන නිරවද්‍යතාවයෙන් ම ප්‍රතිඵල ලබා දෙන බැවින් පෘථිවි කේන්ද්‍රවාදය මත ගොඩනැඟුණු නිසා ජ්‍යෝතිෂ්‍යය බැහැර කළ නො හැකි යන්න ය. දෙවැනි පියවර වූයේ ජ්‍යෝතිෂ්‍යයේ සිදු කෙරෙන්නේ මිනිස් සමාජයේ චක්‍රීය හැසිරීම් ආකාශ වස්තූන්ගේ චක්‍රීය චලිත රටා සමඟ ගැළපීමක් බවයි. වෙනත් අයුරකින් කියන්නේ නම් මිනිස් සමාජයේ ඇතැම් හැසිරීම් කාලයේ ශ්‍රිත ලෙස පවතී. අප කාලය මනින්නේ ආකාශ වස්තුවල චලිතයන් පාදක කර ගනිමින් (උදා දිනය, වසර) බැවින් අවසානයේ මෙම ශ්‍රිත ග්‍රහ චලිතයන්හි ශ්‍රිත ම වේ. එනම් ග්‍රහ පිහිටීම් අනුව අනාවැකි කීමේ හැකියාවක් ඇත. ඒ බව හේතුවාදීන්ට බැහැර කළ නො හැකි ය. හේතුවාදීන් කියන පරිදි මනස මොළයේ ප්‍රතිඵලයක් නම් මෙහි පදනම ඉතා දැඩි ලෙස ශක්තිමත් වේ. එ නිසා හේතුවාදීන්ට නම් කෙසේවත් ම ජ්‍යොතිෂයට විරුද්ධ විය නො හැකි ය.

මින් පළමු පියවරට අපගේ ප්‍රතිවාදී පාර්ශ්වය එකඟ විය. දෙවන පියවරට පිළිතුරක් මේ මාස හතේ දී ම ලැබුණේ නැත. එය නො දුටුවා සේ ම සිටීම ප්‍රශ්න කළ විට එය නව කල්පිතයක් ලෙස නම් කරමින් ඒ සඳහා මවෙත සුබ පැතුමක් ද සැම්සන් මහතාගෙන් ලැබුණි. එය කල්පිතයක් නොව ව්‍යුත්පන්නයක් බව මා පෙන්වා දුන් පසු ඊට ප්‍රතිචාරයක් දැක්වීමට හේතුවාදී පාර්ශ්වය අපොහොසත් විය. මේ අපගේ සංවාදයේ අරටුවයි. මාස හතක් තිස්සේ ම ඒ අරටුව අසළකින්වත් පොරෝ පහරක් වැදුණේ නැත.

මෙසේ ජ්‍යෝතිෂ්‍යයේ සෛද්ධාන්තික විභවය පිළිබඳ කේන්ද්‍රීය තර්කය නිරුපද්‍රිතව තිබිය දී සංවාදය සිදුවූයේ පරිධියේ කරුණුවල ය. එයින් කිසිසේත් ම පාඨකයන්ට අවැඩක් නොවන්නට ඇත. අතීත පෙරදිග ජනයා පොළොව ගෝලාකාර බව දැන සිටි බව, ෂෝන් කාල්සන් පරීක්ෂණ ආදී ජ්‍යෝතිෂ්‍ය විරෝධී පරීක්ෂණවල අසාර්ථකත්වය, සූර්ය කේන්ද්‍රවාදය පෘථිවි කේන්ද්‍රවාදයට වඩා නිවැරදි හෝ දියුණු නොවන බව, සාපේක්ෂතාවාදය, ගුප්ත විද්‍යාව බෘනෝගේ මරණය හා කොපර්නිකස් ගැලීලියෝ සම්බන්ධ සැබෑ ඉතිහාසය අපිචක්‍ර සූර්ය සිද්ධාන්තය පිළිබඳ දැනුම් සම්භාරයක් පාඨකයන්ට ලැබෙන්නට ඇත. මේ සංවාදයෙන් ජ්‍යෝතිෂ්‍ය විරෝධියකුට තම මතය සනාථ කිරීමට උපයෝගී කරගත හැකි තර්ක කීයක් ලැබෙන්නට ඇති ද? එය පාඨකයන්ට සිතා බැලීමට ප්‍රශ්නයක් සේ ඉතුරු කරමි.

හේතුවාදීන් මූලාශ්‍ර විකෘති කරන ආකාරයත් නක්ඛත්ත ජාතකය කාලාම සූත්‍රය විකෘති ලෙස අර්ථ දක්වන ආකාරයත් මෙහි දී හෙළි දරවු වූ අතර දාර්ශනික තලයේ හේතුවාදයේ භෞතිකවාදයේ පරාජය ගැනත් පාඨකයන්ට අවබෝධයක් ලැබෙන්නට ඇත. ශාක පුනර්භවයට පත් නොවන්නේ ඇයි ද යන්නට මා දුන් පිළිතුරට ද අභියෝග එල්ල වූයේ නැත.

කෙසේ නමුත් හේතුවාදීන්ගේ පෘථිවි කේන්ද්‍රවාද විරෝධී හා ජ්‍යෝතිෂ්‍ය විරෝධී සුපුරුදු තර්ක කිහිපයක් මෙහි ඉස්මතු වූයේ නැත. එකක් නම් රාහු හා කේතු යනු කල්පිත ග්‍රහයන් ය යන්නයි. මොවුන්ට අමතක වන්නේ අප භාවිත කරන විද්‍යුත් මෙවලම් නිර්මාණය කිරීමේ දී ධන සිට ඍණට ගලන කල්පිත ධාරාවක (සම්මත ධාරාවක) සංකල්පය යොදා ගත් බවයි. අර්ධ සන්නායකවල ඇති කුහර ද එවැනි කල්පිත සංකල්පයකි. පෘථිවි කේන්ද්‍රවාදයට විරුද්ධව ආලෝකය යොදා ගෙන කළ පරීක්ෂණ ප්‍රතිඵල සියල්ල ම මයිකල්සන් මෝර්ලි පරීක්ෂණය හා සාපේක්ෂතාවාදය හේතුවෙන් වර්තමානයේ දී ප්‍රතික්ෂේපව ගොස් තිබේ. කොරියෝලිස් බල පිළිබඳ තර්ක සාපේක්ෂතාවාදයේ එන කොරියෝලිස් ක්ෂේත්‍රය ආදී සංකල්ප මඟින් අවලංගුව ගොස් ඇත. සිකුරු ග්‍රහයාගේ කලා පිළිබඳව ප්‍රශ්නය ඇති වූයේ ග්‍රහ කක්ෂ භෞතික පථ යැයි සිතූ ටොලමි ඒවා එකිනෙක කැපී නොයන සේ ඇඳීමේ අරමුණ උදෙසා ම කක්ෂ විකෘති කළ නිසා ය. කක්ෂය නිවැරදිව ඇන්දේ නම් මෙයින් පෘථිවි කේන්ද්‍රවාදයට කිසිදු අර්බුදයක් නැත. බුදුන් වහන්සේ ජ්‍යෝතිෂ්‍ය තිරශ්චීන විද්‍යාවක් යැයි දේශනා කළ බව ද අසත්‍යයකි. උන් වහන්සේ තිරශ්චීන විද්‍යාව ලෙස හැඳින්වූයේ පැවිද්දන් මේවායේ යෙදෙමින් මුදල් ඉපයීමයි. එම ලැයිස්තුවේ ජ්‍යෝතිෂ්‍ය පමණක් නොව වෙදකම් සැත්කම් භෞතික විද්‍යාව සත්ත්ව විද්‍යාව තාරකා විද්‍යාව වැනි විෂයන් පවා ඇත.

පෙරදිග ජ්‍යෝතිෂ්‍යයේ අපිචක්‍ර ක්‍රමය බටහිර ජ්‍යෝතිෂ්‍යයට වෙනස් ය. දැන් සංවාදය අවසානයට එළඹී ඇති බැවින් එය මේ තුළ සඳහන් නො කොට වෙන ම සන්සන්දනාත්මක ලිපියක් ලෙස ඉදිරිපත් කරමි. සූර්ය සිද්ධාන්තය ග්‍රන්ථයේ පරිච්ඡේද කිහිපයක මා පොරොන්දු වූ පරිවර්තනය එම ලිපියේ ම පළකරමි.

ටස්කනි ඩියුක්වරයාගේ ගැලීලියෝ සෑදූ කේන්දරය

හමාර කිරීමට මත්තෙන් කිව යුත්තේ සූර්ය කේන්ද්‍රවාදයෙන් ජ්‍යෝතිෂ්‍යයට තර්ජනයක් නැති බව අමුතුවෙන් පැහැදිලි කිරීමට පවා දෙයක් නැති බවයි. මේ ඉතාලියේ සිටි ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ ප්‍රකාශයකි.

Mercury rising is very strong for all things, and Jupiter which is conjunct gives knowledge and bounty, simplicity, humanity, erudition and prudence.

මේ ජ්‍යෝතිෂ්‍යවේදියා වෙන කවරකුත් නොව පාදුවා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට එකල වෙදකම් කිරීමට අවශ්‍ය වූ ජ්‍යෝතිෂ්‍යය ඉගැන්වූ ගැලීලියෝ ගැලීලි ය. මා මේ උපුටා ගත්තේ ගැලීලියෝ සිය බාල දියණියගේ ජන්ම පත්‍රය විග්‍රහ කළ සටහනෙන් කොටසකි. ගැලීලියෝ ටස්කනිහි ඩියුක්වරයාගේ ජන්ම පත්‍රය විග්‍රහ කළ සටහන ද මා සතුව ඇත. ගැලීලියෝ තමා අනාවරණය කරගත් බ්‍රහස්පති චන්ද්‍රයන් ඇසුරෙන් ද අනාවැකි කියූ බව මින් පෙනේ. (විස්තර සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ The Inspiration of Astronomical Phenomena සම්මන්ත්‍රණයට Nick Kollerstrom ඉදිරිපත් කළ How Galileo Dedicated the Moons of
Jupiter to Cosimo II de Medici පත්‍රිකාව බලන්න) ගැලීලියෝ බ්‍රහස්පති ගැන සඳහන් කරමින් ලිවූ  Sidereus Nuncius ග්‍රන්ථය ඇරඹෙන්නේ බ්‍රහස්පතිගේ සුබ ඵල, අසුබ ඵල ගුණ දැක්වීමෙනි.  ගැලීලියෝ පමණක් නොව ජොහැනස් කෙප්ලර් ද එකල සිටි ප්‍රමුඛ පෙළේ ජ්‍යෝතිෂ්‍යවේදියෙකි. ඔහු නව පැරණි ජ්‍යෝතිෂ්‍යයෙන් මිදී නව ජ්‍යෝතිෂ්‍ය පද්ධතියක් සකසමින් එය Science of harmonics ලෙස නම් කළේ ය. මේ උපුටා ගැනීම ඔහුගෙනි.


'The soul of the newly born baby is marked for life by the pattern of the stars at the moment it comes into the world, unconsciously remembers it, and remains sensitive to the return of configurations of a similar kind.' 


Kepler, Harmonics Mundi, chapter 7
ආරම්භක සූර්ය කේන්ද්‍රවාදීහු ද ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයෝ ය.

ලෝකයේ විවිධ ජ්‍යෝතිෂ්‍ය පද්ධති පවතී. සාධාරණව ජ්‍යෝතිෂ්‍යයෙන් සිදුවන්නේ මා මගේ මූලික තර්කයේ සඳහන් කළ දේ ය. එය බිඳ දැමීමට ශක්තියක් හේතුවාදයට නම් කිසි ලෙසකින්වත් ඇතැයි නො සිතමි.

මේ සංවාදය අවසානයේ පාඨකයන් වෙත දීමට මට ඇති පණිවිඩය වන්නේ අපගේ චින්තනයේ දැනුම් පද්ධතියක් වෙත යාමේ දී ඊට බාධක ලෙස පෙනෙන බොහෝ දේ ව්‍යාජ මවා පෙන්වීම් හා විකෘති කිරීම් පමණක් බවයි. අවශ්‍ය උනන්දුව ඇතිනම් බටහිර ආධිපත්‍යයෙන් පෙන්වන ඉතිහාස කතා, සත්‍ය බවට ඔප්පු වී ඇත්තාක් මෙන් ස්ථිර ලෙස අප වෙත ඉදිරිපත් කරන කරුණු ආදිය ගැඹුරෙන් විමසා බිඳ හෙළා දමමින් අපගේ පැරණි දැනුම් අධ්‍යයනය කිරීමට හැකි බවයි. බටහිර විලාසිතාවන්ට යට වී ජ්‍යෝතිෂ්‍ය හෝ ගුප්ත විද්‍යාව දෙස ශාස්ත්‍රීය ඇසකින් නො බලමින් ඒවාට ගරහමින් වීරයකු හා බුද්ධිමතකු විය හැකි ය යන සිතුවිල්ල හා මෙම ආධිපත්‍යයට යට වීම නිසා ඒවා ගැන අධ්‍යයනයට මැලිවීම ඔබ තුළින් තුරන් කර දැමිය හැකි නම් අප මේ වෙළී සිටිනා අධිරාජ්‍යවාදී මර උගුල පුපුරවාහැර නිදහස් නිවහල් ස්වයංපෝෂිත රටක් දකිනා දිනය වැඩි ඈතක නොවනු ඇත.

Sargedrioගේ ගැලීලියෝ සෑදූ කේන්දරය

පුරා මාස හතක් අප හා රැඳී සිටි නොයෙක්වර අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් අප දිරිමත් කළ පාඨකයන්ට ස්තූතිය පළ කිරීමට මේ අවස්ථාව යොදා ගනිමි.

බටහිර විද්‍යාව ගොඩනැඟුණු ආකාරය, එහි ආධිපත්‍යය හා විද්‍යාත්මක ක්‍රමය නමින් මවා පෙන්වන ව්‍යාජයේ සැබෑ මුහුණුවර පිළිබඳව වටහා ගැනීමට ඇති අගනා පොත් කිහිපයක් ලෙස නලින් ද සිල්වා මහතාගේ මගේ ලෝකය, විද්‍යා කතන්දර, අපේ ප්‍රවාද යන ග්‍රන්ථ ද පෝල් ෆයරාබන්ඩ් මහතාගේ Against Method ග්‍රන්ථය හා Farewell to Reason ග්‍රන්ථය ද, ජෙරමි ලෙන්ට් මහතාගේ Patterning Instinct ග්‍රන්ථය ද විමර්ශනශීලී පාඨකයන්ගේ අවධානයට යොමු කරන්නේ ඔවුන්ගේ දැනුම වර්ධනය උදෙසා ය.

විශේෂ සටහන: පත්‍රයේ ඉඩකඩ කළමනාකරණය කරගනිමින් අපගේ දීර්ඝ ලිපිවලට පවා ඉඩ ලබා දෙමින් මෙම සංවාදයට සිය සහයෝගය දැක්වූ විදුසර කර්තෘතුමාට හා කාර්යය මණ්ඩලයට ද අපගේ ප්‍රණාමය හිමි වේ.



                        - තමලු මලිත්ත පියදිගම 

අලුත් ම සටහන

බුද්ධිමතුන්ගේ සැකැස්ම - අන්තෝනියෝ ග්‍රාම්ෂි

  බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්‍රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම   බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...

වැඩිපුර කියවූ ලිපි