පරිණාමන ප්‍රශ්නයට මාක්ස්ගේ පිළිතුරේ අර්බුදය Transformation Problem

 

 මාක්ස් පරිණාමන ප්‍රශ්නයට දෙන විසඳුමේ අර්බුදය බලා ගැනීම සඳහා ඉයන් ස්ටීඩ්මන් ලබා දෙන මෙම නිදසුන සලකා බලමු.



යකඩ, රන් හා ඉරිඟු නිෂ්පාදන පමණක් පවතින කුඩා ආදර්ශ ආර්ථිකයක් සලකන්න. මේ ආර්ථිකයේ එක් එක් කර්මාන්ත සඳහා අවශ්‍ය වන ශ්‍රම ප්‍රමාණ හා යකඩ ප්‍රමාණ (උපකරණ ආදී කාර්මික භාණ්ඩ වෙනුවෙන්) පහත දැක්වේ. සංඛ්‍යා ඇත්තේ එක් එක් වෙළෙඳ භාණ්ඩයේ ඒකකවලින් හා ශ්‍රමය සඳහා ශ්‍රම-කාලයෙනි.

 

 

 යකඩ, රන්, ඉරිඟුවල වටිනාකම (ගැබ්වුණු වියුක්ත ශ්‍රම ප්‍රමාණය) පහත පරිදි ගනිමු.

 

 අපට පහත සමීකරණ ගොඩනඟා විසඳිය හැකිය. මෙය ඕනෑම සංකීර්ණ ආර්ථිකයකට සෛද්ධාන්තිකව කළ හැක්කකි.

 

දැන් මේ ලැබුණු විසඳුම් ඇසුරෙන් එක් එක් කර්මාන්තයට අවශ්‍ය ප්‍රාග්ධනයේ හා ශ්‍රමයේ වටිනාකම් මෙසේ සොයාගත හැකි ය.

 

 ඉහත වගුවේ ගෙවූ ශ්‍රමය හා නොගෙවූ ශ්‍රමය ලෙස ශ්‍රම සංරචක අගයන් සොයා ගත්තේ පහත ආකාරයෙනි.


මෙතෙක් ගණනයෙන් ශ්‍රමික වැටුප් ගැන කිසිවක් කියවුණේ නැත. මාක්ස්ට අනුව ශ්‍රම-කාල ඒකක 80ට වඩා අඩු වැටුප් ගෙවීමෙන් අතිරික්ත වටිනාකම හා එනයින් ලාභය උපදී..

වැටුප් වශයෙන් ශ්‍රමිකයන් නඩත්තු කොට ශ්‍රම ශක්තිය ලබා ගැනීමට ඉරිඟු ඒකක පහක් වැය වේ යැයි ගනිමු. එවිට වටිනාකම වශයෙන් එම අගය ශ්‍රම-කාල ඒකක 20කි.


 නොගෙවූ ශ්‍රමය ශ්‍රම-කාල ඒකක 60ක් වන අතර එය ගෙවූ ශ්‍රමය මෙන් තුන් ගුණයකි. ලාභ රේට්ටුව ගණනය කොට බැලූවිට එය 5/11ක් ලෙස ලැබේ..

  දැන් මාක්ස්ට අනුව සියලු ශ්‍රම-අධික හා ප්‍රාග්ධන-අධික කර්මාන්ත සඳහා ලාභ රේට්ටු සමාන වන ලෙස පරිණාමනයක් සිදු වේ. 

එම නිසා අපි සමස්තය සලකා සෙවූ ලාභ රේට්ටුව එක් එක් කර්මාන්තයට යෙදීමෙන් මෙසේ එක් එක් වෙළෙඳ භාණ්ඩ ඒකකයේ මිල ලැබේ.. 

 

 ඉහත ඇත්තේ සාරාංශ ලෙස මාක්ස්ගේ ආකාරයේ ගණනය කිරීමයි.


අපට මෙහි අර්බුද කීපයක් දැකි ය හැකි ය.

1. මිල හා වටිනාකම අතර වෙනසක් ඇත (මෙය මාක්ස්ගේ පුරෝකථනයයි)

2. ලාභ රේට්ටුව යනු මාක්ස් ම කියන පරිදි මිල මට්ටම් අතර සම්බන්ධයකි. එහෙත් මාක්ස් මෙහි ගණනය කරන්නේ වටිනාකම් අතර සම්බන්ධයකි. එහෙත් පරිණාමනය නිසා තවදුරටත් වටිනාකම මිලට තුල්‍ය නොවේ. (වටිනාකමට වැඩි මිලට විකුණන ඒවායින් අමතර ලාභයක් ද වටිනාකමට අඩු මිලට විකුණන ඒවායින් ලාභයේ අඩුවක් ද සිදුවේ)

3. මාක්ස්ගේ පිරිවැය ගණනය වැරදිය. මිල වටිනාකමෙන් වෙනස් වන නිසා පිරිවැය මිල අනුව සැකසිය යුතු ය.

4. වටිනාකම සහමුලින් අමතක කොට මිල භාවිත කොට සමීකරණ ලියුවහොත් එමඟින් ද මිල ලබා ගත හැකි ය.


දැන් මේ අර්බුද විසඳා සමීකරණ නැවත ලියමු.. යකඩ හා ඉරිඟු සඳහා මාක්ස් යෝජනා කරන පරිණාමන සාධක (transformation factors)  පිළිවෙළින් ki හා kc ලෙස ගනිමු. එවිට සමීකරණ පහත පරිදි ලැබේ..


 ඉහත සුළු කිරීමෙන් පෙනෙන්නේ නිවැරැදි සමීකරණ ලියූ පසු පරිණාමන සාධක දෙක ම ශුන්‍ය බවට පත්වන බවයි.. එනම් වෙළෙඳභාණ්ඩ මිලට විකිණීමෙන් මෙවන් පද්ධතියක් පැවැතිය නොහැකි බවයි. මෙය විසංවාදයකි (contradiction).


මේ තර්ක කිරීම ම සංකීර්ණ ආර්ථික පද්ධති සඳහා සමීකරණ රාශියක් ලියා ඒවා න්‍යාස (matrices) ලෙස දැක්වීමෙන් කළ හැකි ය.

ඉහත දැක්වූ පරිදි ගණිතමයව විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ මාක්ස් පරිණාමන ගැටලුවට දුන් විසඳුම අසාර්ථක බවයි..


පරිණාමන ගැටලුවට මේවන විට විසඳුම් බොහෝමයක් යෝජනා වී ඇති නමුත් ඒ සියල්ල ම ගණිතමයව අසාර්ථක ය. පරිණමන ප්‍රශ්නය පැන නඟින්නේ වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය පිළිගතහොත් පමණි. එම නිසා පරිණාමන ප්‍රශ්නය හා ඊට ගෙනෙන අසාර්ථක විසඳුම් යෝජනා පෙන්වන්නේ වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යායේ දුර්වලතාවයයි..

 

No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි