Exit Way Out කණ්ඩායමට පිළිතුර
Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පරිච්ඡේදයට විවේචනයක් කොට ඇත. මෙහි දී මගේ බොහෝ ස්ථාවර ඔවුන් ද පිළිගෙන ඇති අතර පොත ඉදිරියේ ලංකාවේ වාමාංශිකයන් පරාජයව ඇති බව ඔවුන්ගේ ද නිරීක්ෂණයයි.
උපුටා ගැනීම 1:
“මෙම තමලුගේ අදහස පිළිබඳව අපගේ මතය ඉදිරිපත් කිරීමේදී, එනම් අප වාමාංශිකයින් හෝ මාක්ස්වාදීන් නොවන්නෙමු. අප භෞතිකවාදීන් හෝ විඥානවාදීන්ද නොවන්නෙමු. අප විමුක්ති දේශපාලනය අරමුණු කරගනිමින් මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් විශ්ලේෂණියව ( Marxian) බාරගන්නා පිරිසකි. එබැවින් මාක්ස්වදය ලෙස සෝවියට් රුසියාව හරහා පැමිණි මාක්ස්වාදයත්, ද්‍රව්‍යවාදී භෞතිකවාදයත්, එය බාරගනිමින් ඒ වෙනුවෙන් පෙනීසිටින මාක්ස්වාදීන් සහ වාමාංශිකයිනුත්, මාක්ස් ධනවාදී ආර්ථික විද්‍යාවට විකල්ප ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේය යන්න පවසන්නනුත් එක මිටට තබා පරාජය කිරීම සහ ප්‍රතික්ෂේප කිරීමේ වෙනුවෙන් මැදිහත් වන්නන් ය. එම අර්තයෙන් අප තමලු සමග එකඟතාවය ඵල කරන මුත් ඔහුගේ සමස්ත දේශපාලනයේදී අප ඔහුගෙන් වෙනස් වන්නේ කෙසේද යන්න පසක් කල යුතුය.
එහිදී තමලු සිදුකරනු ලබන මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් අප පිළිගන්නා අර්ථයෙන් නිවැරදි නොවීම විසින් අපට තමලු සමග අභිමුඛ වීමට බලකර සිටියි. මේ මොහොතේ තමලු විසින් මාක්ස්වාදීන්ට, සමාජවාදීන්ට, වාමාංශිකයින්ට, මාක්ස් ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේයැයි පවසන්නන්ට ප්‍රභල විවේචනයක් කලද ඔවුන් කිසිම හාවක් හූවක් නැතිව සිටීනා තත්වයක් තුල අප තමලු සමග අභිමුඛ වන්නේ ඔවුන් බේරාගැනීමට නොවේ. ඔවුන් දැනටම නිරුත්තරව පරාජය බාරගෙන සිටියි. එසේනම්, අපගේ උත්සහය අප මාක්ස්ගේ ඉදිරිපත්කිරීම් විශ්ලේෂණීය අර්තයෙන් භාරගන්නේ කුමන හේතුවකටද යන්න පසක් කිරීමටය. එය මේ මොහොතේ අප්ගේ කාර්‍යභාරයකි.”
මින් පසු මගේ පොතෙහි ඇති අදහස්වලට එකඟ වීම් හා පොතේ අදහස සාරාංශ කිරීම් සමූහයක් ඇති අතර හුදෙක් ඔවුන් කියා ඇති අදහස පැහැදිලි කර ගැනීම සඳහා Exit way out කණ්ඩායමෙන් පහත කාරණය විමසා සිටීමට සිදුවේ.
පහත නිරීක්ෂණය වැරදි ය:
උපුටා ගැනීම 2: “මෙය තව දුරටත් සනාත කිරීමට තමලු එංගල්ස්ගේ “සොභාදහමේ දයලෙත්තිකය” මාක්ස්ගේ ප්‍රකාශයට සම්බන්ද කරයි. එමගින් ඔහු ඉදිරිපත් කරන්නේ එංගල්ස් ගෙන් එන අපෝහකය ප්‍රවාදය මාක්ස් පිළිගත් බවත් එය මාක්ස්ගේ ආර්ථික විචාරයට එකතු කල බවත් ය. ඇත්තටම අපට අනුවද මෙම සොභාදහමේ දයලෙත්තිකය ඒංගල්ස්ගේ, ප්ලෙකනොව්ගේ, අපනසියෙව්ගේ, එම්. නේස්තූර්හ් වැන්නන්ගේ විකාරයකි. මෙය රුසියව හරහා මක්ස්වාදීන් සහ වාමංශිකයින් පිළිගත් ළදරු වලිප්පුවකි. තාමලු මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් වලට අපෝහකය සම්බන්ද කරගත් බව මෙසේ පවසයි.
// කෙසේ නමුත් මාක්ස්ගේ දස් කපිටාල්හී දේශපාලන ආර්ථිකය සම්බන්ද ගනුදෙනුව ඒංගල්ස්ගේ ස්වභාවික විද්‍යාව සමඟ ගනුදෙනුවට මදක් කිට්ටුය.// ( පිටුව 6)
// ස්මිත්ගේ ශ්‍රම න්‍යාය පිරිසිදුව දක්වන රිකාඩො එයින් ඇතිවන පරස්පර කිහිපයක් සදහන් කරයි. ඒ පරස්පර නිරවුල් කර ගැනීම රිකාඩෝගේ ව්‍යාපෘතිය සාර්තක වීමට අවශ්‍ය ය. මාක්ස් මෙය අපෝහකය ගැන ඔහුගේ අදහස් සමඟ එක් කරයි// ( පිටුව 6)”
මා කියා ඇත්තේ මෙය නො වේ. ඒංගල්ස්ගේ හා මාක්ස්ගේ අපෝහක භාවිතය එකක් යැයි මා මෙහි කියා නැත. මා කියන්නේ ඒංගල්ස් ස්වභාවික විද්‍යාව අපෝහකයෙන් විග්‍රහ කිරීමට උත්සාහ කළ ලෙස මාක්ස් ද ‘දේශපාලන ආර්ථිකය’ විෂය අපෝහකයෙන් විහ්‍රහ කිරීමට උත්සාහයක් දැරූ බව පමණි. මා පැහැදිලිව දෙදෙනාගේ ක්‍රියාකාරීත්වයේ වෙනස පොතේ 8 වෙනි පිටුවේ අග දක්වා ඇත.
ඉන්පසු පහත එන වැරදි නිරීක්ෂණය සිදුවන්නේ ‘ඇත්තෙන් ම’, ‘ඇත්ත ලෝකයේ’, ‘සැබෑ පැවැත්මක්’ යන ව්‍යවහාර පාරභෞතික පැවැත්මක් (metaphysical existence/being) සමඟ පටලවා ගැනීම නිසා ය. ඔවුන් ‘යථ’ භාවිත කරන්නේ කාගේ අර්ථයෙන් ද යන්නත් මෙහි දී ඇසීමට සිදු වේ. ‘යථ’ යනු මනසින් පරිබාහිරව පවතින යථාර්ථයක් ද? ජේසුස් වහන්සේ ගැන ජිජැක්ගේ කතාවේ තේරුම මොකක් ද? මේ වචන භාවිතය exit way out කණ්ඩායම නිවැරදිව කරන බවට සහතික විය හැකි ද?
ලැකෝන් ජිජැක් ආදීන් කෙසේ වෙතත් මාක්ස් wirklich (real) යන වචනය භාවිත කරන ආකාරය ඔවුන් කියන ආකාරය නො වේ. මාක්ස් real කියන්නේ ඉන්ද්‍රිය ගෝචර හා හිතින් මවා ගත හැකි ලෝකයට ය. (‘සුමනසිරි ලියනගේගේ සංයුක්ත වියුක්ත පටලැවිල්ල වීඩියෝව බලන්න.’) පාරභෞතික ලෝකයක් ගැන නො වේ. (මාක්ස් පාරභෞතික යථාර්ථයක් විශ්වාස කළේ ද යන්න වෙන ම සාකච්ඡාවකි.) පහත ඔවුන් උපුටා ගන්වන දෑ අර්ථකථනය කොට ඇති ආකාරය නොමඟ යාමකි.
“මෙලෙස තමලු මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් අපෝහකය සමඟ ගැට ගසා මාක්ස් භාෂාවෙන් ගොඩනගන ලද ලෝකයක් වෙනුවට ඇත්ත භෞතික ලෝකයක් නැතහොත් ද්‍රව්‍යවදී යතාර්තයක් පවතින බව පිළිගෙන් තමන්ගේ විචාරය ඉදිරිපත් කර ඇති බව සහ එබැවින් මාක්ස් ඉදිරිපත් කලේ බොරුවක්, නැතහොත නිශේදනය කල යුත්තක් බව ඔප්පු කිරීමට උත්සහා දරයි. ඒ මෙසේය.
// ආර්ථික මතවදයේ පවතින පරස්පර ප්‍රවාද සංශෝදනය කොට සංවර්ධනය කොට විසඳාගත යුතුය යනුවෙන් නොගෙන මාක්ස් ඇත්තෙන්ම සමජයේ එම පරස්පර පවතින ලෙස ගනියි.//
// මාක්ස් අපෝහකය නිසා, ප්‍රතිවිරුද්ධත්වයන් ගැන තමාට ඇති ආශාව නිසා, රිකඩෝගේ ප්‍රවාද පරස්පර සහිතව එලෙසින්ම පිළිගනියි. රිකාඩෝට අනුව ඇත්ත ලොකයේ පරස්පර තිබිය නොහැකි වුවද මාක්ස්ට අනුව ඇත්ත ලෝකයේ පරස්පර තිබිය හැකි අතර ඒ පරස්පර වර්ධනය වී එක් අවස්තාවකකින් පසුව ගුනාත්මකව සන්තතියකට පෙරළී යයි// ( 6 පිටුව)
// මාක්ස්ගේ දේශපාලන ආර්ථිකයට විචාරය හෙවත් රිකාඩෝගේ පරස්පර සැබෑ පැවැත්මක් ලෙස දකින්නට යන යොජනාව අලුත් ආර්ථික විද්‍යාවක් ලෙස අර්ථ දැක්වීම වරදකි.// ( 8 පිටුව).”
Exit way out කණ්ඩායම ඉවසිල්ලෙන් යුතුව දෙවන පරිච්ඡේදයත් කියවූයේ නම් 14 සහ 15 වැනි පිටුවල මෙහි අදහස් පාරභෞතික අර්ථයක් නො දක්වන බව විස්තර කොට දක්වා තිබෙනු දැක ගත හැකි ය.
පහත උපුටා ගැනීම වැරදි ය: “එලෙස තමලුට අලුත් ගොඩනැවීමක් නොමැතිනම් තමලු දන්නා එකකින් තව එකක් විග්‍රහ කල යුතුය. එලෙස තමලු දන්නේ පවතින ලිබරල් එකය. එයට අනුව මාක්ස් ඉදිරිපත් කල විචාරය වැරදිය. එසේනම් පවතින එක තුල තමලු පයගසාගෙන මාක්ස්ව නිශේධනය කිරීමක් කරයි. එබැවින් තමලු යනු තවදුරටත් ලිබරල් ආත්මයකි.”
අලුත් ගොඩනැංවීමක් නොමැතිව යමක් විවේචනය කළ නො හැකි ය යන්න ම වැරදි ය. මෙය Exit way out කණ්ඩායම ම කලින් කියූ පරිදි මාක්ස් ආර්ථික විද්‍යාවක්/ දේශපාලන ආර්ථිකයක් ගොඩනැඟූවේ නැති නමුත් එය විවේචනය කළේ ය යන ඔවුන්ගේ ම ප්‍රකාශය අභියෝගයට ලක් කරයි. කෙසේ වෙතත් ලෝකයේ ඇත්තේ ‘ලිබරල් එක’ පමණක් නොවන අතර ‘ලිබරල් එක’ට විරුද්ධ වූයේ මාක්ස් පමණක් නො වේ. ජොවෑන් රොබින්සන්ගේ විවේචන මාක්ස්ගේ විවේචනවලට වඩා අතිශයින් දරුණු ය. මාක්ස් ස්මිත්ගේ රිකාඩෝගේ ඔළුව අතගායි. ජොවෑන් රොබින්සන් ආර්ථික විද්‍යාව ම රැවටිල්ලක් බව කීවා ය. ආර්ථික විද්‍යාඥයන් යනු සියල්ලන්ට පෙනෙන ලෙස හාවකු තොප්පිය අස්සට දමා ඉන්පසු එම තොප්පියෙන් හාවා අරගෙන පෙන්වන මැජික්කාරයන් පිරිසකැයි ඔච්චම් කළා ය. මාක්ස් මේ අහලකවත් නැත. මගේ පොතේ රොබින්සන්, ස්‍රෆ්ෆා, ස්ටීඩ්මන්, රෛෂල්ට්, ඔකිෂෝ, හාන්ස් බක්හවුස්, හෛන්‍රිෂ් ආදී ‘ලිබරල් එක’ට විරුද්ධ අය මාක්ස්ට කරන විවේචන මත පදනම් වී ඇත.
පහත උපුටා ගැනීම බලන්න: “ ප්‍රවාද වල පරස්පර නිවැරදි කිරීමෙන් ගැටලුව විසදාගත හැකිය යන ලිබරල් මතය සනාත කරන්නෙකි.” ඔහු සැඟවීමට තිස්සේම උත්සහ දරන ලිබරල් ආත්මය මෙම පොත හරහා නැවත එලියට ප්‍රකාශමාන වී ඇත.”
ප්‍රශ්නය වන්නේ එසේ කළ හැකි ද යන්න නො වේ. මේ වන විට ආර්ථික විද්‍යාඥයන් එසේ කොට පෙන්වා හමාර ය. එසේ පෙන්වීමට පෙර නම් මෙය ‘මතය’ ලෙස කිව හැකි ය. දැන් ඔවුන් ඒ බව පෙන්වා හමාර නිසා ප්‍රවාදවල පරස්පර නිවැරදි කළ හැකි ය යන්න පිළිගැනීමට සිදු වේ. මෙහි තෝරා ගැනීමක් දැන් නැත.
“මාක්ස් ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේ නැත යනුවෙන් මුලින් මතෘකාවක් යොදන මොහු මාක්ස් ස්මිත්ට ඩේවිඩ් රිකාඩෝට විරුද්ධව සහ සමගාමීව යන ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේදැයි විමසයි. එහි පරමාර්තය මාක්ස් ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේය යන්නය.”
මාතෘකාවේ ම ඇත්තේ ‘නැත’ කියා ය. පරමාර්ථය කළේ ය යන්න වන්නේ කෙසේ ද? මෙය වැරදි තර්කයකි.
“එබැවින් ඔහුට අනුව මාක්ස් ලිබරල් ආර්ථික ගොඩනැගිමට සමානව ආර්ථික ගොඩනැංවීමක් කර නැති බැවින් ඔහු ආර්ථික විද්‍යාර්ථයෙක් නොවන බව පවසනවා මිස අප පෙනීසිටින අර්තයෙන් මක්ස් ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේ නැත යන්න ඉදිරිපත් කරනවා නොවේ. ඇත්ත්ටම ලිබරල් ඇකඩමිකයකුගේ තැන සිට මාක්ස් ලිබරල් ආර්ථික ගොඩනැංවීමට ආසන්න ලෙසවත් දෙයක් කර නැත යන තක්කඩි ප්‍රවේශය ඔහු විසින් ගෙන ඇත”
එය කරුණක් ලෙස නිවැරදි යැයි ඔවුනුත් පිළිගන්නවා නම් තක්කඩි ප්‍රවේශයක් වන්නේ කෙසේ ද?
“මාක්ස්ව ද්‍රව්‍යවාදියකුගේ සහ භෞතිකවාදියකුගේ තැන සිරකිරීමට ගත් අසාර්තක උත්සහයයි. අපට අනුව මාක්ස් එවැන්නකු නොවේ.” මෙවැන්නක් නොමැති බව කලින් පිළිතුරු දී ඇත.
“එමනිසා මාක්ස් ධනවදයේ පරස්පර ලෙසල ගෙන එන කරුණු හුදෙක් ප්‍රවාද වල පරස්පරතා නොව ධනවදි නිශ්පාදන ක්‍රියාවලියෙහිම පරස්පරයන් ය. මාක්ස් එසේ පවසන දේ සෝවියට් අර්තයෙන් භෞතිකවාදයක් හෝ ද්‍රව්‍යවදයක් උවද මාක්ස් මින් අර්තවත් කරන්නේ මිනිසා ක්‍රියා කරන්නේම ඔවුන් විසින් ගොඩනගාගන්නා ලද යතාර්තයක බවයි. ඇත්ත ලෝකයක් මිනිසාට හමු නොවෙයි. මිනිසා තමන් භෂාවෙන් හදුනාගත් ලෝකයක් තුල වැඩ කිරීම යනු පරස්පරයකි”
මෙය මා කියන කතාවට අදාළ නො වේ. මිනිසා ඔවුන් ගොඩනැඟූ ලෝකයක සිටීමෙන් යම් කාලයක පවතින ශාස්ත්‍රීය ප්‍රවාදයකට අනුව අනිවාර්යයෙන් එම ලෝකය වැඩ කරන බව නො කිය වේ. ගුරුත්වාකර්ෂණය නිවුටන්ගේ නිර්මාණයකි. නිවුටන්ගේ කාලයේ ලෝකය නිවුටන් ඇතුළු සමකාලීනයන්ගේ නිර්මාණයකි. එසේ වූවා කියා ඒ ලෝකයේ බුධ ග්‍රහයා නිවුටන් නියම අනුව ම හැසිර්‍රීම සිදු වන්නේ නැත. එහෙයින් මේ විවේචනය මා කියන දේට අදාළ නැත.
“ධනවදී ආර්ථික මොඩලයද ක්‍රියාත්මක වන්නේ එම පරස්පරය තුලයි. එම පරස්පරය සමනය කල නොහැකිය” මේ කතා කරන්නේ එම පරස්පර ගැන නොව රිකාඩෝ කියූ පරස්පර ගැන ය. මම නැවත මගෙන් උපුටා දැක්වුවහොත්,
"ආර්ථිකය සම්බන්ධව මේ ප්‍රවේශයේ ප්‍රධාන අර්බූදයක් පවතී. අපෝහකය අනුව වර්තමාන සමාජයේ නිසගයෙන් පරස්පර පැවතිය යුතු බව පිළිගත්තද ඒ පරස්පර රිකඩෝ දැක්වූ පරස්පරම බව කීමට හේතුවක් නැත. පරස්පර සඳහා මක්ස්ගේ ලැදියව මත ඔහු එකල දුටු මේ පරස්පරවල එල්ලීම මිස මේ පරස්පරම සනාථ කිරීමට මාක්ස් හෝ පසුකලීනයකු හෝ සමත් වන්නේ නැත. අපෝහකය පිළිගත්තද රිකාඩෝ කී පරස්පර ඔහුගේ ප්‍රවදයේ පවතින අර්බූද යැයි කියා එය නිරවුල් කිරීමට බාධාවක් නැත. ඇත්තෙන්ම පසුව ආර්ථික විද්‍යාවේ සිදුවූයේ ද එයයි. රිකඩොගේ පරස්පර නොමැති ප්‍රවද නිර්මාණය විය"
//අප තමලුගෙන් අහන්නේ මිනිසුන් හට කෙදිනක හෝ ඇත්ත යතර්තයක් හමුවෙනවාද යන්නයි. එසේනම් ඒ කවදාද යන්නත් විමසිය යුතුය.// හමු නො වේ.
මේ ඔවුන්ගේ මාක්ස්ගේ යෙදුමක් පරිවර්තනයකි. ඔවුන්ය අනුව මට එය හමු වී නැත. මේ කොටස දස් කපිටාල් හි ප්‍රසිද්ධතම කොටසකි. එය හමු නොවූවා යන්න ම විහිළුවකි. // මාගේ දයලෙත්තික වික්‍රමය හෙගේලියානු විධික්‍රමයෙන් වෙනස් වනවා පමණක් නොව එහි සෘජු විරෝධය ද වෙයි. හෙගල්ට මානව මොළයෙහි ජීව ක්‍රියාවලිය, එනම්, චින්තන ක්‍රියවලිය සැබෑ ලෝකයෙහි විශ්වකර්මයා ය. ඔහු ” අදහස” යන නාමය යටතේ චින්තන ක්‍රියාවලිය ස්වාදීන වස්තුවක් බවට පවා පත්කරයි. ඔහුට සැබෑ ලෝකය ” අදහසෙහි” බාහිර, ප්‍රපංචමය ස්වරූපය පමණි. ඊට ඉදුරා පටහැණි පරිදි මට පරමාදර්ශය යනු අන් කිසිවක් නොව මානව මනැස තුළ පරාවර්තනය වූ, චින්තන ස්වරූප බවට පරිවර්තනය වූ ද්‍රව්‍යමය ලෝකයම ය. //
(ඔවුන්ගේ මේ පරිවර්තයයේ අවුල් තැන් ඇත.)
ඔවුන්ගේ ලිපියෙන් පහත උපුටා ගැනීම බලන්න.
“මෙමගින් මාක්ස් කියා සිටින්නේ කුමක්ද? හෙගේලියානු අර්තයට අනුව සැබෑ ලෝකය ( ද්‍රවයමය ලෝකය) යනු මානව මොලයෙහි ජීව ක්‍රියාවලිය නැතිනම් චින්තන ක්‍රියාවලිය ( සහජඥානය) විසින් විශ්මකර්ම ලෙස නිර්මාණය කර ඇති බවයි. ඔහුගේ අර්තයෙන් අදහස යන නාමය පවා චින්තන ක්‍රියාවලියට අයත් ස්වාධීන වස්තුවකි. එනම් ඔහුට සැබෑ ලොකය යනු අදහසෙහි ( චින්ත්නයේ) බාහිර ප්‍රපංචමය ස්වරූපයකි යනුවෙනි. ඊට ඉදුරාම පටහැනිව මාක්ස් කියන්නේ තමන්ට පරමාදර්ශය යනු අන් කිසිවක් නොව මානව මනැස තුල පරාවර්තනය වූ ( රූප, ශබ්ද, ගන්ද, රස, වස්තු සහ ක්‍රියාකාරකම් ලෙස , මෙහි වස්තු යනු හදුනා නොගත් විශ්වයකි) චින්තන ස්වරූපය බවට පරිවර්තනය වූ ද්‍රව්‍යමය ලොකය ය. එනනම් පෙර කී පරාවර්තනයන් චින්තනමය ස්වරූපයට පරිවර්තනය වූ, නැතහොත් භාෂාමය ලෙස පරිකල්පනය කරන ලද ද්‍රව්‍යමය ලෝකයකි ලෙසය. එනම් එසේ පරිකල්පනය නොකල ද්‍රව්‍ය හරහා චින්තනය ලැබෙන වස්තුවේ එහිම වූ ගුනයක් හෝ සහජඥානයේහී ආකෘතියක් මාක්ස් නොහඟවයි. මෙය භෞතිකවාදයෙන් ( ද්‍රව්‍යවාදයෙන්) ඉදුරාම වෙනස් ස්තාවරයකි. තමලු මෙය මගහැර ගියේ කෙසේද? සොවියට් ද්‍රව්‍යවදයක් ගැන කතා කරන මාක්ස්වාදීන්ට මෙය අහුවන්නේ නැත. එපමණක් නොව මක්ස් ෆොයාබග් තිසීස තුලින් තවත් එය තහවුරු කරයි. එනම්, ෆොයාබග් පළමු තිසීසයේ මෙසේ සදහන් කරයි.”
Ideal පරමාදර්ශය ලෙස පරිවර්තනය කිරීම නිවැරදි ද? Exit way out කණ්ඩායමට අනුව ඇත්තේ මිනිසුන් ගොඩනැඟූ ලෝකයකි. එහෙත් ඔවුන්ගේ මාක්ස් පරිවර්තනයට අනුව නම් ද්‍රව්‍යමය ලෝකයක් ඇති අතර එය පරාවර්තනය වනවා පමණි. පරිකල්පනය නොකළ ද්‍රව්‍ය හරහා චින්තතනය ලැබෙන ගුණ ආදී පටලැවිලි වාක්‍ය පැත්තකින් තියමු. පරිකල්පනය නොකර පවතින ද්‍රව්‍ය පවතී ද? එසේ නම් ඒ බව දන්නේ කෙසේ ද? මේවාට Exit way out කණ්ඩායමට උත්තර තිබේ ද?
මේ ෆොයබාහ් තීසිස පරිවර්තනය කිසි ම තේරුමක් ලබා නොදෙන බාගෙට ලියූ වාක්‍යවලින් සමන්විත බවක් පෙනේ. කෙසේ වෙතත් ඉහත දක්වා ඇති ලෙස මගේ විග්‍රහය සඳහා ෆොයබාඃ තීසසයෙන් බලපෑමක් නැත. මම ෆොයබාඃ තීසසයේ අදාළ කරුණු ගැන දෙවන පරිච්ඡේදයේ සැකෙවින් දක්වා ඇත.
// ෆොයාබග් ඇතුලු මෙතෙක් පවතින සියලු භෞතිකවාදයන්ගේ මූලික වරද වී ඇත්තේ දෙය, යථාර්ථය, ඉන්ද්‍රීය ගෝචරත්වය සංකල්පගත වී ඇත්තේ වස්තුවෙහි හෝ සහජඥනයේහී හෝ ( intuition) ආකෘතියක් ( ආකාරයක්) තුල පමණක් වන මුත් එය එසේ වන්නේ මිනිස් ඉන්ද්‍රීයමූලික ක්‍රියාකාරීත්වය ලෙස, ව්‍යවහාරික ලෙස, ආත්මීය ලෙස නොවේ. එතැන් සිට එය භෞතිකවාදයට හත්පසින්ම වෙනස් භාවයකින් ( ආකාරයකින්), එහි ක්‍රියාකාරී පැත්ත ( අංශය) විඥානවාදය විසින් වියුක්තව වර්ධනය කෙරුනේ, සත්තකින්ම විඥානවාදය එවැනි ඉන්ද්‍රීයමූලික ක්‍රියාකාරීත්වයක් හෝ යථ (real) නොදන්නවා යන්නෙහි සිට ය. ෆොයාබාග්ට සත්‍යවශයෙන්ම සංකල්පිත වස්තූන්ගෙන් වෙනස් වන ඉන්ද්‍රීයගෝචර වස්තූන් අවශ්‍ය කරනමුත් ඔහු තේරුම් නොගන්නා දෙය නම් මිනිස් ක්‍රියාකාරීත්වය යනු වාස්තවික ක්‍රියාකාරීත්වය බවයි. එම නිසා ” ක්‍රිස්තියානියෙහි සාරය” තුළ න්‍යායික අකාරය නියම ( සත්‍යමය) වශයෙන් එකම මිනිස් ආකරය හැටියට පමණක් සලකන්නේ වයවහරය සංකල්පගත වී ඇත්තේ සහ ස්තාපිත වී ඇත්තේ එහි අපිරිසිදු යුදෙව් විද්‍යාමාන වීම තුළය යන්න සලකන අතරතුරය. එම නිසා ඔහු ග්‍රහණය කරනොගන්නේ ව්‍යවහාරික – විවේචනාත්මක ක්‍රියාකාරීත්වයෙහි ” විප්ලවකාරී ” අර්ථාන්විත භාවයයි.// යනුවෙනි.
මෙබඳු දෙයක් ඉන්පසු කියා ඇත. “මෙම ප්‍රශ්නය පසුව ඇසීමට ඉතිරි කරමින් තමලුගේ ඊලඟ බොරුවට ප්‍රවේශ වන්නේනමු, මාක්ස්ගේ දයලෙත්තිකය සහ තමලු මාක්ස් ඔහුගේ ආර්ථික විචාරයන්ට පාදම කරගත් අපෝහකය. සාවද්‍ය කි. එංගල්ස් සොබාදහමේ දයලෙත්තිකය ලෙස ගෙන ආ විකාරය වන්නේ තමලු පවසන ලෙස වස්තුවක හෝ වස්තූන් දෙකක ප්‍රතිපක්ෂයන්ගේ ප්‍රතිවිරෝධය සහ අන්තර් ක්‍රියාකාරීතවයි. මෙම ප්‍රතිවිරෝධය හෝ අන්තර ක්‍රියාකාරීත්වය ප්‍රමාණාත්මකව වර්ධනය වී යම් මොහොතක ගුනාත්මක වෙනසක්ට ( තමලුගේ ලෙස සහවාදයක් හෝ සංවාදයක්) ( පිටුව 5) ලක්වේ. එතනින් පසුව එය පැවති ප්‍රපංචය නොව වෙනත් එකකි. එංගල්ස්ගෙන් පසුව ප්ලෙකනොව්, අෆනාසියෙව් ආදීන් සෝවියට් රුසියාව හරහා වර්ධනය කල විකාරය මෙයයි. ඛේදවාචකය යනු එය තමලුට මාක්ස් ඉදිරිපත් කල එකයැයි පැවසීමට සිදුවීමයි. එය මාක්ස්ව කියවා ගැනීමේදී සිදු වූ තවත් ගැටළුවකි.
මාක්ස් දයලෙත්තිකය ලෙස හදුන්වන්නේ, මිනිසුන්ගේ ඉන්ද්‍රීයමූලික, ව්‍යවහාරික සහ ආත්මීය ක්‍රියාකාරීත්වයයි. එය ඇත්තවශයෙන්ම මාක්ස් ඉදිරිපත් කරන්නේ මෙසේය.
…
මෙමගින් මාක්ස් පවසන්නේ මිනිස් ක්‍රියාකාරීත්වය සිදුවන්නේ ව්‍යවහාරිකව බවමය. එනම්, මාක්ස් පවසන්නේ මිනිසුන්ගේ එක් ව්‍යවහාරික ක්‍රියාවක ප්‍රතිඵලය ඔවුන්ගේ ඊලඟ ක්‍රියාකාරීත්වයට මූලාරම්භය සපයන බවයි. …. සියලු විද්‍යාවන්ද දයලෙත්තිකය. දැනුමද දයලෙත්තිකය, මේවා සත්භාවාත්මකය.
මෙනයින් ගත්කල මාක්ස්ගේ දයලෙත්තිකය යනු තමලු මාක්ස්ව කොටුකිර්‍ර්මට ව්‍යාජ ලෙස ගෙන එන එංගල්ස්ගේ සොබාදහමේ දයලෙත්තිකය නොවේ.”
මාක්ස් කොහේ හෝ ‘තමන්ගේ අපෝහකය’ මෙය ය කියා නිශ්චිතව යමක් දක්වා නැත. හෙගල්ගෙන් හා ෆොයබාඃගෙන් තම අදහස් වෙනස් වන ආකාර පමණක් කියා ඇත. එමෙන් ම විවිධ තැන්වල විධික්‍රම ගැන කියා ඇත. එක් එක් අය ඒවායින් තමාට කැමති දේ මාක්ස්ගේ අපෝහකය නම් මෙය ය යනුවෙන් ඉදිරිපත් කිරීම සිදු වේ.
කෙසේ නමුත් මාක්ස් ‘අපෝහකය’ යනු මෙය ය කියා දැක්වූ කොටස් දර්ශනයේ දරිද්‍රතාවේ ඇත.
What constitutes dialectical movement is the coexistence of two contradictory sides, their conflict and their fusion into a new category. The very setting of the problem of eliminating the bad side cuts short the dialectic movement. It is not the category which is posed and opposed to itself, by its contradictory nature, it is M. Proudhon who gets excited, perplexed and frets and fumes between the two sides of the category.
මෙය මාක්ස්ගේ මුල් ම යුගයේ ලියැවිල්ලකි. කෙසේ නමුත් මේවා ඒංගල්ස්ට සීමා නො වේ.
අනික් අතට, මේ Exit way out කණ්ඩායම මා දැක නැතැයි කී දස් කපිටාල් දෙවන ජර්මන් සංස්කරණයට මාක්ස් ලියූ පසුවදනේ අග කොටසයි. ඔවුන්ට අග කොටස නොපෙනුණාදැයි සැක සිතේ.
"In its mystified form, dialectic became the fashion in Germany, because it seemed to transfigure and to glorify the existing state of things. In its rational form it is a scandal and abomination to bourgeoisdom and its doctrinaire professors, because it includes in its comprehension and affirmative recognition of the existing state of things, at the same time also, the recognition of the negation of that state, of its inevitable breaking up; because it regards every historically developed social form as in fluid movement, and therefore takes into account its transient nature not less than its momentary existence; because it lets nothing impose upon it, and is in its essence critical and revolutionary.
The contradictions inherent in the movement of capitalist society
impress themselves upon the practical bourgeois most strikingly in the
changes of the periodic cycle, through which modern industry runs, and
whose crowning point is the universal crisis. That crisis is once again
approaching, although as yet but in its preliminary stage; and by the universality
of its theatre and the intensity of its action it will drum dialectics
even into the heads of the mushroom-upstarts of the new, holy Prusso-German
empire."