සිංහල ව්‍යාකරණයට ප්‍රවාද (theory) නිර්මාණය කිරීම අතිශයින් වැදගත් කටයුත්තක් වෙයි. සමහරුන් ව්‍යාකරණය යනු බලෙන් සම්මත කරගත් නීති හා ආචාරධර්ම පද්ධතියක් ලෙස සැලකන බැවින් ඔවුහු ව්‍යාකරණය සඳහා ප්‍රවාද නිර්මාණය කිරීමක් ගැන සිහිනෙන් වත් නො සිතති. ඒ බොහෝ දෙනා කුමාරතුංග මුනිදාසයන් නිර්මාණය කළ නව ප්‍රවාද ගැන අසා නැත. නැතිනම් ඒ ප්‍රවාද මෑතදී නිර්මාණය වූ ඒවා බව දන්නේ නැත.
අද ඉදිරිපත් වෙන ව්‍යාකරණ නීති බොහෝ විට සංකල්ප වෙනස් නො කර හුදු වචන මාරු කිරීමකට සීමා වේ. එසේත් නැතිනම් සිංහලයට නො ගැලපෙන ඉංග්‍රීසි ව්‍යාකරණ නීතියක අනුකරණයකට හෝ චොම්ස්කි (Noam Chomsky ) ගේ ජාත්‍යන්තර ව්‍යාකරණයට සිංහල ව්‍යාකරණය ඌනනය කිරීමට දරන උත්සාහයකට සීමා වේ. මේවායින් සිංහල භාෂාවේ වර්ධනයට එතරම් පිටුවහලක් ලැබෙන බවක් නො පෙනේ.
අතීතයේ දී අධ්‍යාපනයේ පදනම වූයේ ව්‍යාකරණයයි. සිංහලයන් නිර්මාණය කළ වියුක්ත ම ශාස්ත්‍රය ව්‍යාකරණය වූ බැවින් එසේ වූයේ යැයි සිතමි. සියලු
ක්ෂේත්‍රවල අපේ ම වූ ප්‍රවාද නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය මේ යුගයේ තදින් ම දැනේ. ඒ සඳහා ආරම්භයක් සඳහා සුදුසු ම ක්ෂේත්‍රය ව්‍යාකරණයයි.
මෙහි දී අප මුලින් ම පැහැදිලි කරගත යුත්තේ ව්‍යාකරණයට ප්‍රවාද නිර්මාණය කිරීමේ දී කවර ආකාරයක න්‍යායක් (logic) හා ඥාන විභාගයක් /මී මංසාවක් (epistemology ) මත පදනම් විය යුතු ද යන්නයි.
ඓතිහාසිකව ම අපට හුරුපුරුදු සිව්කොන්නය (චතුස්කෝටිකය ) න්‍යාය වශයෙන් භාවිත කිරීම සුදුසු ය. ව්‍යාකරණය සඳහා උපමීමාංසාවක් සෑදීමේ අවශ්‍යතාව අප ඉදිරියේ පවතී. ආචාර්ය නලින් ද සිල්වා මහතා ඥානවිභාගය පිළිබඳ පැවසූ දේ මේ කාර්යයේ දී ගුරුකොට ගත හැකි ය. සිංහල ව්‍යාකරණ මීමාංසාවක/ඥානවිභාගයක ව්‍යාකරණය අර්ථ දැක්වෙන්නේ කෙසේ දැයි මගේ අදහස ඉරිදා රිවිරේ පළ වූ මගේ පළමු ලිපියේ දැක්වේ.
මෙහි දී ප්‍රවේශම් විය යුත්තේ බටහිර ව්‍යාකරණ මතවාද මත පදනම් වෙමින් සිංහලය දෙස බැලීමෙන් හා ආරම්භක අවස්ථාවේ දී විදේශීය ව්‍යාකරණ සමග සිංහල ව්‍යාකරණය සංසන්දනයෙන් වැලකීමට ය.
Subscribe to:
Post Comments (Atom)
අලුත් ම සටහන
බුද්ධිමතුන්ගේ සැකැස්ම - අන්තෝනියෝ ග්‍රාම්ෂි
බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්‍රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...
වැඩිපුර කියවූ ලිපි
-
(2017.06.11. ඉරිදා රිවිර) මිනිසුන් ගණන් කිරීම පටන් ගෙන ඇත්තේ එඬේර යුගයේ බව සඳහන් ය. එකල තමාගේ රංචුවේ සිටින සතුන් සංඛ්යාව ගණන් කර ගැනී...
-
ධර්මපාලතුමා ගේ චිකාගෝවේ ආගම් පාර්ලිමේන්තුවේ දී කරන ලද දේශනය මෙතැනින් Above link shows the speech of Hon. Anagarika Dharmapala , a Buddhis...
-
(ඉරිදා රිවිරට ලියූවකි.) කලින් ලිපියෙ දි මම කිව්වා ' කතා කරන භාෂාවටත් ව්යාකරණයක් තියෙනවා. හැබැයි ඒ ව්‍යාකරණය ලියන භාෂාවට වඩා වෙනස් ක...
-
I think it will be better if I begin this discussion explaining two fold Aristotlean dialectic logic which is in power now , due to th...
-
මුල් ලිපියට චින්තන අතර දැනුම් හුවමාරුව චින්තන අතර දැනුම් හුවමාරු වන ආකාර තුනක් වේ. ආරෝපණය : එක් චින්තනයක් දරන පිරිසක් තව...

No comments:
Post a Comment