හැම ගුප්ත දේට ම වඩා ගුප්ත දේ පිරුණු බටහිර විද්‍යාව

2017  සැප්තැම්බර් 02 ඉරිදා රිවිර
සහේතු: අපි කොවුර්ගේ ඊළඟ අභියෝගයට යමු. වසා ඇති මුදල් නෝට්ටුවක කේත අංකය කියන්න.

ප්‍රබෝධ: තව තියෙනවා ඔහොම අභියෝගයක්

සහේතු: ඔව්. සැඟවූ වස්තුවක් හඳුනාගන්න.

ප්‍රබෝධ: කීප සැරයක් ම කීවා වගේ කොවුර් එක හා ඉතා ආසන්න අභියෝග වෙන වෙන ම ඉදිරිපත් කිරීමෙන් අභියෝග සංඛ්‍යාව පුම්බලා පෙන්නලා තියෙනවා. තව අභියෝගයක් තියෙනවා කුටියක සිර කිරීම ගැන ඒකට උත්තරයත් මේ එක්ක ම දෙන්නම්

සහේතු: ඔව් අගුළු ලූ සිරකුටියකින් මිදී පලා ගොස් පෙන්වන්න.

ප්‍රබෝධ: මම මේ ගැන ආකාර කිහිපයකට පිළිතුරු දෙන්න කැමතියි. මම කියන්නේ මේවා සිදු කිරීමේ හැකියාව ප්‍රතික්ෂේප කරන්න තරම් සාධක නැති බව. නැතුව මේවා කරන්නේ මේ විදිහට මයි කියලා මම කියන්නේ නෑ.

සහේතු: ඔබේ පළමු පිළිතුර කුමක් ද?

ප්‍රබෝධ: මුලින් ම මම කතා කරන්නම් හතරවෙනි අවකාශ මානය කියන අදහස ගැන. අපි දන්නවා අපිට පෙනෙන ලෝකයේ අවකාශ මාන තුනයි තියෙන්නේ. දිග , පළල , උස. මේවා එකකට එකක් ඍජුකෝණීයි. සමහරු කාලය තවත් මානයක් විදිහට අරගන්නවා. මේ කියන්න යන කතාවෙන් කියැවෙන්නේ මේ මානවලට අමතරව තවත් මාන තියෙන්න පුළුවන් කියන එක. මේක බොහෝ කතා වුණ අදහසක්. කඩදාසියක් ද්විමානයි කියන්න පුළුවන් (ආසන්නව). දැන් කඩදාසිය උඩ රවුමක් අඳින්න. දැන් කඩදාසිය ඔස්සේ ම ගියොත් මුලින් රවුමෙන් එළියේ හිටියොත් ‍රවුමේ දාරය පහු නො කර ඇතුළට යන්න බෑ. ඇතුළේ හිටියොත් එළියට යන්න බෑ. ඒත් කඩදාසියෙන් ඉහළ ත්‍රිමාණයට ආවොත් රවුමේ ඇතුළ පිට දෙක ම එකවර පේනවා.ඇතුළෙන් එළියට , එළියෙන් ඇතුළට යන්න පුළුවන් රවුමේ දාරයේ ගැටෙන්නේ නැතුව. ත්‍රිමාණය මඟින් ද්විමානයේ මායිම් නොසලකා ගියා වගේ ඔය විදිහට ම ත්‍රිමාණයට අමතර තවත් මානයක් තිබුණොත් ඒ මානය භාවිත කරලා බිත්තරයක ඇතුළ බලන්න පුළුවන්, ශරීරය විවර නො කර ශල්‍ය කර්ම කරන්න පුළුවන් වගේ කතා කියනවා. මේවා ගැන ගොඩක් ලියපු කෙනෙක් ආතර් සී. ක්ලාක්. හේතුවාදීන් බොහෝ දෙනෙක් ඔහු සමඟ ගත් ඡායාරූප ප්‍රචාරය කිරීමටත් උනන්දුවක් දක්වනවා. ආතර් සී. ක්ලාක්ගේ පළමුවෙනි රූපවාහිනි වැඩසටහනත් අධිගණය ගැන (මාන හතරක් ඇති ඝනය). තන්තුවාදයෙත් මෙවැනි වෙනත් මාන ගැන කියැවෙනවා.
වෙනත් මාන දකින්න පුළුවන් කෙනෙකුට මුදල් නෝට්ටුව හා සැඟවුණු භාණ්ඩය සොයා ගැනීම එමඟින් කළ හැකියි. අගුළු දැමූ කාමරයෙනුත් එලෙස නිදහස් වෙන්න පුළුවන්, නව මානයන් පාලනය කිරීමේ හැකියාවක් ලබා ගත්තොත්. අනික ඒ වගේ වෙනත් මානවල ඉන්න ජීවීන් (එහෙම ඉන්නවා නම්) එක්ක ගනුදෙනු කළ හැකි මානසික ශක්තියක් තිබුණත් මුදල් නෝට්ටුවේ අංකය, සැඟවුණු වස්තුව හඳුනාගන්න පුළුවන්.

සහේතු: අනෙක් තර්කත් කෙටියෙන් සඳහන් කරමු.

ප්‍රබෝධ: මම කීවා පරමාණුවල ඉතා වැඩි කොටස හිස් අවකාශ කියලා. පදාර්ථය තියෙන්නේ අතිශයින් කුඩා ප්‍රමාණයක්. අපි මේ දැඩියි කියා හිතන් ඉන්න දේවල්වල එහෙම් පිටින් ම වගේ තියෙන්නේ හිස් තැන්. ඉතින් නිසි පරිදි පරමාණු සකසා ගත්තොත් ඔය හිඩැස් අතරින් රිංගලා යන්න පුළුවන්. හරියට කාඩ් අතර හිඩැස් තියෙන විදිහට සකසපු කාඩ් කුට්ටම් දෙකක් ගත්තොත් අපිට එකක් අනික තුළින් යවන්න පුළුවන්. මේ විදිහට සිර කළ කුටියකින් ගැළවී යෑමේ හැකියාව අපිට බැහැර කරන්න බෑ.
ඊළඟ දේ තමයි මුදල් නෝට්ටුව ප්‍රශ්නය සාකච්ඡා වෙද්දී අපි එක දර්ශනයක් උඩ විතරක් රැඳෙන්න බෑ. ගුප්ත විද්‍යා මේ මේ දර්ශනය මත ම විග්‍රහ කළ යුතුයි කියලා නියම කරන්න බෑ. දැන් ඉන්ද්‍රියානුභූතවාදය කියන දර්ශනවාදය අනුව නිරීක්ෂණය නො කරන විට යමක් පවතින්නේ නෑ. මේ අදහස ක්වොන්ටම් භෞතිකයේ දී තීරණාත්මක ලෙස වැදගත් වෙනවා.
උදාහරණයක් විදිහට ෂ්‍රෝඩිංගර්ගේ බළලා ප්‍රශ්නයේ එක විවරණයක කියැවෙනවා නිරීක්ෂණය නො කරන විට පෙට්ටියක් තුළ සිටින බළලා මැරී මෙන් ම ජීවත් වෙමින් සිටින බව. නිරීක්ෂණය කරද්දියි ඉන් එකක් නිර්ණය වෙන්නේ.
හියු එවරිට් කියන විද්‍යාඥයාගේ තවත් විවරණයක් අනුව මැරුණු බළලෙකුයි ජීවිත් වෙන බළලෙකුයි ඉන්න සමාන්තර ලෝක දෙකක් එකට පැටලිලයි තියෙන්නේ. අපි නිරීක්ෂණය කිරීමේ දී ඉන් එක ලෝකයකට ඇතුළු වෙනවා.
දැන් මේක මුදල් නෝට්ටුවට යෙදුවොත් කොහොම ද? මුදල් නෝට්ටුව වසා තිබෙද්දී ඊට නිශ්චිත අංකයක් නෑ. අංක ඔක්කොම මිශ්‍රව තියෙනවා. නිරීක්ෂණය කරද්දියි අංකය හටගන්නේ.
එහෙම නැත්නම් අනිත් විවරණය අනුව සියලු අංක තියෙන මුදල් නෝට්ටු සමාන්තර ලෝක ගණනාවක කවර ඇතුළේ තියෙනවා. මේ ඔක්කොම එකට පැටලිලා තියෙන්නේ. දැන් කවරය විවෘත කරලා නිරීක්ෂණය කරද්දියි ඒකෙන් එක ලෝකෙකට ඇතුළු වෙලා
නිශ්චිත අංකයක් ලැබෙන්නේ.
දැන් වසා ඇති විට මුදල් නෝට්ටුවට කේත අංකයක් නෑ කියලා හරි කේත අංක ගණනාවක් තියෙනවා කියලා හරි කීවොත් මොක ද වෙන්නේ. ඒ උත්තරය අභියෝග කරන්න හේතුවාදයට කිසි ම ශක්තිමත් තර්කයක් නෑ. හේතුවාදීන්ට තියෙන්නේ තමා ඇතුළු කළ මුදල් නෝට්ටුව ම ඒ තුළ එලෙස ම තිබෙනවා, ඒක අපෙන් ස්වායත්ත යථාර්ථයක් කියලා හුදු විශ්වාස කිරීමක් පමණයි.
ඔය විශ්වාසය අපිට බොහෝ තැන්වල දී ගැටලු ඇති නො කළාට ක්වොන්ටම් භෞතිකයේ දී තීරණාත්මක ගැටලු ඇති කරනවා. හැකිනම් මේ ක්වොන්ටම් භෞතිකයට සාර්ථක හේතුවාදී විවරණයක් මුලින් ලබා දීලා එන්න. මේවා ගුප්තයි වගේ පේන්න පුළුවන්. ඒත් අනෙක් හැම ගුප්ත දේට ම වඩා ගුප්ත දේවල් බටහිර විද්‍යාවේ තිබෙන බව අමතක කරන්න එපා.

සහේතු: ඊළඟ අභියෝගය ශරීරය එක තැනක තබා තවත් තැනකින් පෙනී සිටින්න.

ප්‍රබෝධ: මේක කරන්න පුළුවන් යම් සීමාවක් තුළ. චුල්ලපන්ථක හාමුදුරුවන්ගේ කතා වස්තුව බලන්න. ශරීර කිහිපයක් මවා ගත්තත් ඒවා ක්‍රියාකරවිය හැක්කේ එකකට පසු එකක්. බුදු වරයකුට පමණයි අනෙක් අයට පරතරය නො දැනෙන තරම් වේගයෙන් ශරීර කිහිපයක් ක්‍රියාත්මක කළ හැක්කේ. අනික මෙය පුදුමයක් නෙවෙයි. චිත්ත සංඥාවලින් වැඩ කරන රොබෝවන් නිපදවලා තියෙනවා. එයත් ශරීරය එක් තැනක තිබිය දී වෙනත් තැනක දෘශ්‍යමාන වීමක්. ද්‍රව්‍යමය නොවන මාධ්‍ය ඔස්සේත් මෙවැනි දේ කළ හැකියි.
තවත් හොඳ ම උදාහරණයක් පුනර්භවය. පුනර්භවයේ දීත් එක් තැනක සිරුර අතහැර වෙනත් තැනක ඉපදීම සිදුවෙනවා.

සහේතු: ඊළඟ අභියෝගය සැත්කමකින් කපා වෙන් කළ අවයවයක් අඟලකට වඩා දිගු කොට පෙන්වන්න.

ප්‍රබෝධ: ශල්‍යකර්මයකින් කපා වෙන් කළ අතක් කියන්නේ පූර්ණ ස්වාභාවික දෙයක් නෙවෙයි. මෙවන් දේවලින් අභියෝග කිරීමේ තේරුමක් නෑ. අනෙක ශරීරයේ බොහෝ අංග මෙහෙම වර්ධනය වෙනවා. එනිසා අපිට එවැන්නක් පෙන්වුවත් එමඟින් නිගමනයක් ගැනීමට බැහැ.

සහේතු: මීළඟ අභියෝගය කකුළේ දිය පට්ටා ඇති නො වී මිනිත්තු බාගයක් ගල් අඟුරු මත කකුළ නිසලව තබාගෙන සිටින්න.

ප්‍රබෝධ: දැන් කවුරුවත් ඔහොම මිනිත්තු බාගයක් ම පුළුවන් කියනවා ද? ඔය ගිනි පෑගීම ගැන කොවුර්ගේ අභියෝගය වගේ ම හේතුවාදී සංගමය කළ පරීක්ෂණත් තියෙනවා. මම මෙතනදී කතා කරන්නේ කොවුර්ගේ අභියෝගය ගැන. අනික් ඒවා ගැන කතා කිරීම අපේ මූලික මාතෘකාවට අදාළ නෑ. මේ අභියෝගය පැහැදිලි ව ම තේරුමක් නෑ. ගිනි පෑගීම සඳහා දෙවියන්ගේ බලය ලැබෙන බව කීවිට ඊට අදාළ ක්‍රම වේදයෙන් බැහැරට ගිහින් මිනිත්තු බාගයක් කකුළ නිසලව තබා ගෙන ඉන්න කියන එක නිවැරදි අභියෝග කිරීමක් නෙවෙයි. අපි බලන්න ඕනේ අනෙක් අයට වඩා දෙවියන්ගෙන් උදව්වක් තියෙනවා ද කියන එක.

සහේතු: මීළඟ අභියෝගය චිත්ත බලයෙන් වස්තු චලනය කර හෝ නැවීමට ලක් කොට හෝ පෙන්වන්න.
ප්‍රබෝධ: මුල් ම දේ චලිතය කියන්නේ ම අපි මනසින් අත්දකින දෙයක්. කුඩා කාලයේ වාහනයක යද්දී ගස් පිටිපස්සට දුවනවා අපි දැකලා තියෙනවා. පාසල්වල දී අපි ඉගෙන ගන්නවා එසේ පෙනීම ස්වභාවිකයි. අපට පේන්නේ අපට සාපේක්ෂ චලිතය කියලා. හැබෑ ප්‍රශ්නය ඕක නෙවෙයි. හැබෑ ප්‍රශ්නය එහෙනම් ඇයි වයසින් වැඩෙද්දී ඕක පේන එක නවතින්නේ කියන එක. චලිතයන් මනසින් තීරණය වෙන බව මින් පේනවා.
අනික් දේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ සඟල සිදුරු පරීක්ෂණය කියලා පරීක්ෂණයක් තියෙනවා. ඒකේ පෙනෙනවා අපි ඉලෙක්ට්‍රෝන ගමන් කරන සිදුර සොයන්න උත්සාහ කරන විටයි එසේ නොවන විටයි ඉලෙක්ට්‍රෝන හැසිරිලා තියෙන්නේ සහමුලින් ම වෙනස් විදිහට බව. මෙහි තවත් ආකාර කිහිපයක් තියෙනව. මේවායින් කියැවෙන්නේ අපේ මනස මඟින් ක්වොන්ටම් අංශුවල හැසිරීම වෙනස් කළ හැකි බව. ඉතින් දියුණු කළ මනසකින් මහේක්ෂ අංශුවලටත් ඒවැනි  කරන්න බැහැයි කියන්න තියෙන තර්කය මොකක් ද?

ලබන සතියට: ජ්‍යෝතිෂ්‍ය හා හස්තශාස්ත්‍රය

                         - තමලු මලිත්ත පියදිගම 

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔබගේ උත්සාහයන් අගය කල යුතුයි. මා නිවැරදි නම් ඔබත් නලින් සර් ගේ අනුගාමිකයෙක්. ගැටලුව වන්නේ ඇයි ඔබලා තවමත් එකම තැන. මතුපිටට පෙනෙන අපේ පැරනි දේ අල්ලාගෙන තවම බටහිර විද්‍යාවට විරුද්ධව වාද කරමින් කල ගත කරන්නේ කියන එක. අපි නම් මින් ඉදිරියට ගියා . අවශ්‍ය සියලු දේ බුදු දහම තුල පවතිනවා. දෙවියන්වත් ජෝතිෂ්‍යයවත් අපට අදාලත් නැහැ වැඩකුත් නැහැ. සාමාන්‍යයෙන් පැවසෙන පරිදි පටිච්ඡ සමුප්පාදය අවබෝධ කර ගත් පුද්ගලයාට ලෝකය යන්න අතැඹුලක් සේ පැහැදිලී. ඇත්තටම පටිච්ඡ සමුප්පාදය තමා ප්‍රධානම දේ. අපිත් එය දැක තිබුනේ නැහැ. ඔබ ඔය කරන ක්‍රියාවන් කොතරම් අගනා වුනත් කවදාවත් ඔයින් ඇති වන පලක් නැහැ ඔබලා පරන දැනුමක් මතම යැපෙන්න හදන නිසා.පරන දේවල් ඒ විදියටම රැකගන්න උත්සාහ කරන නිසා. එය සාධාරනීකරනය කරන්න යොදා ගන්නේ බටහිර විද්‍යාවේ ඇති අඩුපාඩුමයි. අනිත් වැරැද්ද නලින් සර් ඇතුලු ඔහුගේ අනුගාමිකයන් බොහෝ දෙනෙක් කිසිවිදියකින් වත් අනිත් මත වලට සලකන්නේ නැහැ. ඔවුන්ගේ මත සැමදාම එකම තැන පල්වෙන්නේ ඒ නිසා. ඔබ හෙට සිංහලයකු ලෙස යම් අලුත් දැනුමක් නිර්මාණය කරන්න. පසුව බලන්න ඔබට වැඩිපුරම තඩි බාන්නේ කවුද කියල. ඔබ මෙච්චර කල් හිටියේ ඔවුන් සමග බවත් බටහිරයන් සමග ඔබට එතරම් ගැටලුවක් නොමැති බවත් වැටහේවි. බෞද්ධයන් ලෙස අපිට කිසිවක් බදා අල්ලා ගත යුතු නැහැ. අපිට ඒ කිසිවක් අවශ්‍ය නෑ. වෙලාවක් තිබෙ නම් ඇවිත් හමුවන්න. තනියම හරි පිරිසක් සමග හරි. මම දෙන්නම් අලුත් දැනුම් පද්ධතියක්ම. මේ ටික ලිව්වේ ඔබ ලිපි ලිවීම සදහා සිදුකර ඇති කැප කිරීමත් ඔබේ සමහර අදහස් ඉතා අගය කරන නිසාත් බව පැවසිය යුතුමයි.

    ReplyDelete
  3. මට මේ ගැන අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නය පටිච්ච සමුප්පාදය දැනුමක් ද කියන එක. පටිච්ච සමුප්පාදය දැනුමින් මිදීම වෙත යොමු වන්නක්. ලෞකික ශාස්ත්‍ර ගොඩනැංවීම ඊට වෙනස්.අපි පැරණි දැනුම පිළිබඳ සොයනවා. ඉස්මතු කරනවා. ඒ මත ම රැඳෙන්නේ නෑ. අපි අලුත් දැනුම් නිර්මාණය කොට නැහැ කියන එක පිළිගන්න බෑ. උදාහරණයක් විදිහට මට පෙන්වන්න පුළුවන් මා ඉදිරිපත් කළ නිමිත අනිමිත සංකල්පය. බටහිර ආධිපත්‍යයෙන් මිදිය යුතු ය යන්නෙන් අපට ඇති ප්‍රධාන ප්‍රශ්නය බටහිර පුද්ගලයන් ය යන්නක් අදහස් වන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. see this is exactly what i meant. මම පටිච්ඡ සමුප්පාදය තුල පිලිතුරු පවතින බව පැවසුවහම ඔබ අසනවා පටිච්ඡ සමුප්පාදය දැනුමක්ද කියා. පටිච්ච සමුප්පදාය තුල මුලු මහත ලෝකයේම හරය පවතිනවා. ලෞකික ජීවීතය සදහා අපි කල යුත්තේ තිබෙන දෙයින් නව දැනුම නිර්මාණය කිරීම. කොකේකෙන් හරි කෙක්කෙන් හරි. නැතුව තිබෙන දේ බලාගෙන හිදීමෙන් නොවෙයි. පටිච්ඡ සමුප්පාදය අපට නව දැනුම් වල නිවරද්‍යතාවය පරීක්ෂා කරන්නත් උපකාරී වෙනවා. නිර්මාණශීලීත්වයට අපටත් යම් යම් දේ අවශ්‍යයයි. http://nosalenamanasa.blogspot.com/2017/12/blog-post.html නමුත් ඇයි මේ දෙවිවරු අල්ලාගෙන අනාවැකි ියන්නයි ජෝතිෂ්‍යය ඔප්පු කරන්නයි හේතූවාදින්ගේ තර්ක බිදින්නයි ... මොකටද මේවා. කාටවත් මේවායින් ඇති වැඩක් නැහැ. නාථ දෙවියන්ගේ කතාව පට්ට බොරුවක් බෞද්යෙක් ලෙස මා දන්නවා එය සිදුවිය නොහැකි බව. මේ කොහෙවත් ඉන්න තක්කඩි පූසාරිලත් එක්ක කතා කරන්න දෙවිවරු එන්නේ නැහැ. බුද්ධිය අතින් මිනිසුන්ට සම වෙන්න දෙවිවරුන්ට සමහර විට බැහැ. බුදු වෙන්න පුලුවන් මිනිසකුට පමනයි. අපිට දෙවියන්ගෙන් දැනුම අවශ්‍ය නැහැ. චන්දන පසුව මට කියා සිටියා ඔහු ඒ ගැන නලින් සර්ව දැනුවත් කල බව. නමුත් මට පේන්නේ නැහැ එහෙම. ජෝතිශ්‍ය දෙවිවරු මත යැපෙනවා යනු තමුන් අතර මන් වී ඇති බවයි. බටහිර විද්‍යාවට මහා පිපිරුමෙන් එහාට පෙන්නන්න බෑ වගේ මෙතෙනදී දෙවියන්ගෙන් ලැබුනු දැනුම කතාවෙන් පිලිතුර සම්පූර්ණ වෙනවද ? බටහිර විද්‍යාවට අභියෝග කරන්න පුලුවන් නව ප්‍රායෝගි දැනුමකින් හැර එහි අඩුපාඩු දැකීමෙන් වත් අපේ පැරනි සියලු දේ සාධාරණීකරනය කර කර සිටීමෙන් වත් නොවේ.

      Delete
    2. තමලු සියල්ල සියල්ල අන්‍යා්න්‍යව බැදී ඇති බව පෙන්වීම තමා සියලු ගැටලු වලට පිලිතුර. එය සත්‍යයක්. එහෙම වන්නේ ඇයි සහ එය පැහැදිලි කිරීමට න්‍යායාත්මක අප දන්නවා. ප්‍රායේගික පැත්ත පිලිබදවත් දන්නවා. ගණිතමය මොඩලය සදහා උදව් කිරීමට ඔබට හැකිද ? 

      Delete

අලුත් ම සටහන

වෑකන්දේ කළු පතිරණ Black Panther

වෑකන්දේ කළු පතිරණ               -  තමලු  Alchemist Magazine  Marvel ආයතනයේ නිර්මාණයක් වූ Black Panther චිත්‍රකථා චරි...

වැඩිපුර කියවූ ලිපි