විද්‍යා ප්‍රබන්ධ සිනමාව තුළ විද්‍යාඥයන්ගේ පැසසුමට ලක් වන චිත්‍රපට ඇත්තේ අතළොස්සක් තරම් ය. බොහෝ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට තුළ විද්‍යාත්මක කරුණුවල ගැටලු පවතී. Intestellar චිත්‍රපටය මේ අතරින් විශේෂ වන්නේ විද්‍යාත්මක කරුණුවල නිවැරදිභාවය පිළිබඳව බොහෝ දෙනා විසින් අගය කරනු ලැබීමයි. එක් අතකින් මේ පිළිබඳ පුදුම විය යුතු නැත. මේ චිත්‍රපටයට භෞතික විද්‍යා උපදෙස් ලබා දුන්නේ නොබෝ දා නොබෙල් ත්‍යාගය හිමි කරගත් කිප් තෝර්න් ය. විද්‍යා ප්‍රබන්ධ සිනමාව හුදු විද්‍යා ප්‍රකාශනයක් නො වී කලාවක් වන්නේ ඒ තුළ ගැබ් වන සෞන්දර්යය නිසා ය. කලාවක් වශයෙන් විද්‍යා ප්‍රබන්ධය තුළ ඇති එක්තරා සුවිශේෂියත්වයක් වන්නේ කාන්ට් පවසන උත්කෘෂ්ටභාවයන් (sublime) දෙකෙහි ම තීව්‍ර ප්‍රකාශනයක් වීමට විද්‍යා ප්‍රබන්ධයට ඇති හැකියාව නිසා ය. සෞන්දර්ය පිළිබඳ ඔහුගේ මතවාදයේ දී එක් උත්කෘෂ්ටභාවයක් වන ගණිතමය (mathematical sublime) උත්කෘෂ්ටභාවය ඇතිවන්නේ මිනිස් වර්ගයා යනු අපගේ පරිකල්පන සීමාව ඉක්මවා යන අතිදැවැන්ත විශ්වයක සිටින ස්වභාව ධර්මයේ නියාමයන්ගෙන් පාලනය වන ඉතා කුඩා ප්‍රජාවක් යැයි දකින අතරතුරේ දී සිය තර්ක බුද්ධිය මඟින් සහය ලත් පරිකල්පනයෙන් සමස්ත විශ්වයේ ම රහස් දැනගැනීමට ඇති මිනිසාට ඇති අපරිමිත හැකියාව වින්දනය කිරීමෙනි. දෙවැන්න වන ගතික උත්කෘෂ්ටභාවය (dynamical sumblime) ඇති වන්නේ ස්වභාව ධර්මයේ බලාධිකාරියෙන් මිදී සිටීමට තර්ක බුද්ධියෙන් සහය ලත් මිනිස් වර්ගයාට ඇති හැකියාව වින්දනය කිරීමෙනි. මෙහි පළමුවැනි උත්කෘෂ්ටභාවය ප්‍රධාන වශයෙන් විද්‍යාව මඟින් ද දෙවැන්න තාක්ෂණය මඟින් ද ඇති වේ. මේ ස්වභාව ධර්මය සමඟ අරගලයේ දී මෙම හැකියාවන් දෙකෙහි සීමා මායිම් පෙනී යාමෙන් ඇතිවන බලාපොරොත්තු කඩ වීම ද මේ උත්කෘෂ්ටභාවය තුළින් පැන නඟී. කාන්ට්ගේ මේ මතවාද බොහෝ අඩුපාඩු සහිත බව පෙනෙන්නට තිබුණ ද 'බටහිර මිනිසා' ලෝක සෞන්දර්යය දකින ආකාරය ගැන මෙය ඉතා හොඳ අර්ථකථනයකි. විද්‍යා ප්‍රබන්ධ මේ උත්කෘෂ්ටභාවයන් දෙක ම සමීපව ඇසුරු කෙරේ.
විද්‍යා ප්‍රබන්ධයක් ලෙස Intestellarහි වැදගත්කම රඳා පවතින්නේ මේ 'තර්ක බුද්ධියේ උත්කෘෂ්ටභාවය' ඔප්නැංවීමේ බටහිර කලාවෙන් යම්කිසි ඛණ්ඩනය වීමක් මේ සිනමා කෘතිය දක්වන නිසා ය. ඒ වෙනුවට එහි විරුද්ධ අන්තයට යමින් දේවාරූඪ ආදී පැරණි සමාජවල දැනුම් මාර්ගවලට නව අර්ථකථනයක් සැපයීම මෙහි දී සිදු කෙරේ. බලාපොරොත්තු විය හැකි පරිදි ම Intestellarහි ඇති භෞතික විද්‍යාව ගැන පොත් පත් පවා මුද්‍රණය වුව ද, එහි මේ නැඹුරුව පිළිබඳව බටහිර සමාජයේ වැඩි කතා බහක් ඇති වූයේ නැත.
මෙහි අධ්‍යක්ෂකවරයා වන Christopher Nolan යනු අමුතුවෙන් හඳුන්වාදිය යුතු නොවන තරම් ස්වකීය දක්ෂතාවය ප්‍රදර්ශනය කළ අයෙකි. Memento , Inception , The Dark Knight, The Dark Knight Rises වැනි චිත්‍රපට ඉතා ජනප්‍රිය විය. මෙහි තිරපිටපට ලියූ ඔහුගේ සොහොයුරු Jonathan Nolan මේ සඳහා ම භෞතික විද්‍යාව ද හැදෑරුවේ ය. දැන් අපි චිත්‍රපටයේ කතා වින්‍යාසය වෙතට හැරෙමු.
මිහිතලය විනාශව ගොස් ඇත. පරිසර දූෂණය උපරිමයට එළඹී ඇත. ආහාර හිඟයක් ඇතිව තිබෙන අතර නිතර නිතර වැලි කුණාටු ඇති වේ. අනෙක් ව්‍යාපෘතීන් නවත්වා දමමින් සියලු දෙනා ම පාහේ ගොවියන් වී ඇත. ඉතා විශාල වගා භූමි පැවතුණ ද ඵලදාව ඉතා අඩු ය. නාසා ආයතනය වසා දමා ඇති අතර සියලු මුදල් වෙන් කරන්නේ වගා කිරීම් සඳහා ය. පාසල් පෙළ පොත් සංශෝධනය කොට ඇති අතර අභ්‍යාවකාශ තරණය පිළිබඳ උනන්දුවන්නන් අධෛර්ය කිරීමට සඳ ගමන ව්‍යාජයක් බව උගන්වන පශ්චාත් සත්‍ය සමාජයක් ඇති වී තිබේ. ජෝසප් කූපර් (කූප්) නාසා ආයතනයේ ගගනගාමියකුව සිට ගොවියකු බවට පත් වූ අයෙකි. ඔහු එය ප්‍රිය කරන්නේ නැත. කූප්ගේ දුව වන මර්පි විද්‍යාවට උනන්දුවක් දක්වන්නියකි. ඇය නිරීක්ෂණය කරන්නේ ඇගේ නිවසේ පොත් රාක්කය අසළ අත්භූත දෑ සිදුවන බවයි. පොත් පත් රටාවකට බිම වැටීම සිදුවේ. පසුව ඔවුන් තේරුම් ගන්නේ පොත් රාක්කය මඟින් මෝර්ස් කේතය (අතීතයේ ටෙලිග්‍රාප් පණිවිඩ යැවූ තිත් හා ඉරිවලින් සමන්විත කේතය) යොදාගෙන පණිවිඩ එවන බවයි. මර්පි සිතන්නේ මේ භූතයකුගේ ක්‍රියාකාරකම් බවයි. දිනක් වැලි කුණාටුවක් ඇති වේ. එහි දී කාමරයේ බිම මත රටාවකට අනුව වැලි පතිත වී ඇති බව මර්පි දකියි. කූප් එය පරීක්ෂා කොට මෙය ගුරුත්වාකර්ෂණ අසමතුලිතතාවක් බව දැන ගනියි. වැලි පතිත වූ රටාවෙන් ලබා දුන්නේ අක්ශාංශ දේශාංශ පිහිටුමකි. ඔවුන් එම පිහිටුමට ගිය පසු දැන ගන්නේ එතැන නාසා ආයතනය තවමත් රහසිගතව ක්‍රියාත්මක වන බවයි.
නාසා ආයතනයේ දී ඔවුහු ඔවුන් අත්දුටු අත්භූත හැසිරීම් යම්කිසි පිටසක්වල පිරිසකගේ ක්‍රියාකාරිත්වය බව දැන ගනිති. එම ජීවීන් ශනි ග්‍රහයා අසළ දී පණු කුහරයක් (අවකාශ කාලයේ එක් තැනක සිට තවත් තැනකට ක්ෂණිකව යා හැකි කෙටි මාර්ගයක් ) සාදා ඇත. එය තුළින් ගොස් කළු කුහරයක් අසළ ඇති ග්‍රහලෝක සමූහයක් අධ්‍යයනය කිරීමට නාසා විද්‍යාඥයන් සමත් වී ඇත. ඉන් තුනක් පිළිබඳ ධනාත්මක දත්ත ලැබී ඇත. නාසාවේ මහාචාර්ය බ්‍රෑන්ඩ් ව්‍යාපෘති දෙකක් සැලසුම් කරයි. පළමුවැන්න ගුරුත්වාකර්ෂණය හැසිරවිය හැකි ආකාරය සොයා ගැනීම ය. අනෙක මිනිස් සෛල වෙනත් ග්‍රහලෝකයකට ගෙන ගොස් එහි නව මිනිස් වාසයක් බිහි කිරීම ය. එම ග්‍රහලෝක වෙත ගොස් පරීක්ෂා කොට දෙවන ව්‍යාපෘතිය සම්පූර්ණ කොට ඒමට කූප්ට පැවරේ. ඒ අතරතුර දී මර්පි නාසාවේ විද්‍යාඥවරියක වේ. මේ අතර ඔවුන් අවබෝධ කරගන්නේ එම ග්‍රහලෝකවලින් දෙකක් ම ජීවය සඳහා සුදුසු නොවන බවයි. මේ අතරතුර ඔවුන් දැනගන්නේ ගුරුත්ව සමීකරණය විසඳීමට නම් කළු කුහරයක් තුළ ක්වොන්ටම් දත්ත අවශ්‍ය බවයි. කළු කුහරයක් තුළට ගමන් කිරීමේ අවධානම ගන්නා කූප් කළු කුහරය තුළට යානය පදවයි. අධික දුර නිසා සන්නිවේදන කටයුතු සඳහා දිගු කාලයක් ගතවන බැවින් කූප්ගේ තීරණය ගැන මර්පි දන්නේ නැත. කළුකුහරය තුළදී කූප් දැනගන්නේ ඔහුට එහි සිට නිවසේ පොත් රාක්කයට විවිධ කාලවල දී ගුරුත්වයෙන් බලපෑම් කළ හැකි බවයි. මර්පි ගේ භූතයා ඔහු ම ය. පිටත් වීමට පෙර මර්පිට ලබා දුන් අත් ඔරලෝසුවට ඔහු කළු කුහරය තුළ ක්වොන්ටම් විද්‍යා දත්ත මෝස් කේතය මඟින් ලබා දේ. මර්පි එය ලබාගෙන ගුරුත්ව සමීකරණය විසඳා පෘථිවියෙන් මිනිසුන් ඉවත් කොටගෙන යහපත් පරිසරයක් ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිර්මාණය කරයි. දත්ත ලැබුණු ආකාරය ගැන ඇය කියන කතාව මිනිස්සු විශ්වාස නො කරති. ඔවුන් සිතන්නේ මේ ඇගේ තර්ක බුද්ධියේ අග්‍ර ඵලයක් බවයි. අවසානයේ කූප් ඇය වෙත එන විට ඇය සිටින්නේ වියපත්ව මරණාසන්න මොහොතෙහි ය. එහෙත් කාලය සෙමෙන් ගතවන කළුකුහරය අසල සිටි නිසා කූප්ට එතරම් කාලයක් ගත වී නැත.
දැන් අපි මෙම කතාව විග්‍රහ කරමු. අතීත මිනිසුන් මෙන් ම මෑතකාලීන ඉන්දියාවේ සිටි රාමානුජන් ද කීවේ තමාට දැනුම ලබා දුන්නේ දෙවියන් බවයි. බොහෝ දෙනා මේවා නො පිළිගනිති. ලංකාවේ දී නාථ දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම බොහෝ දෙනාගේ හාස්‍යයට ලක් විය. බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාව දැනුමේ මාර්ගය ලෙස දකින්නේ තර්ක බුද්ධිය ය. එහෙත් මේ තර්ක බුද්ධියේ මාර්ගය පිළිබඳව අපේක්ෂා භංගත්වයට පත්වීමට සිදුවන අවස්ථා වර්තමානයේ කොතෙකුත් පවතී. සුප්‍රකට ආසනික් පරීක්ෂාවේ දී සිදු වූයේ ද අපගේ සීමාවෙන් එපිටට යන දේ පිළිබඳව වෙනස් ඉන්ද්‍රිය පද්ධතින් හා විභවයන් ඇති ප්‍රාණියකුගෙන් තොරතුරු ලබා ගැනීම ය. Intestellarහි කළුකුහරය තුළ ඇති දත්ත ලබා ගැනීම ද එවැන්නකි. මර්පි දකින භූතයා කවුදැයි කතාවේ දී හෙළිකෙරේ. එසේ හෙළි නො කෙරුණේ නම් අපට කිව හැකි එක ම දේ වන්නේ මර්පි අදෘශ්‍යමාන ප්‍රාණියකුගෙන් දැනුම ලබා ගත් බවයි. අනෙක් අතට මේ සියල්ල සැලසුම් කළ ජීවීන් කවු දැයි කතාවේ දී හෙළි නො කෙරේ. මේ කරුණු මත Intestellar මඟින් ප්‍රතිනිර්මාණය වී ඇත්තේ උත්තර ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගන්නා පෙරදිග ක්‍රමවේදයයි.
දෙවියන් සමඟ සන්නිවේදනයෙන් දැනුම ලබා ගත හැකි නම් වහ වහා දැනුම ලබා ගෙන සිංහල බෞද්ධ විද්‍යාවක් හා තාක්ෂණයක් ගොඩනඟන්න යන්න අභියෝගයක් ලෙස බොහෝ භෞතිකවාදීන්ගේ හා පශ්චාත්නූතනවාදීන්ගේ මුවින් පිට වේ. මේ තර්කයට Intestellar කදිම පිළිතුරු දෙකක් ලබා දෙයි. අදෘශ්‍යමාන බලවේගයක් හරහා ලද මේ දැනුමින් ප්‍රයෝජනයක් ගත හැකි වූයේ මෙය ලැබුණේ නාසාවේ විද්‍යාඥවරියක වූ මර්පිට නිසා ය. අදෘශ්‍යමාන බලවේගයට සන්නිවේදනයේ යෙදිය හැකි වූයේත් යම් සීමා මායිම් සහිත ආකාරයකට ය. මර්පිට මේ සඳහා අවශ්‍ය බුද්ධිමය කුශලතාව නො තිබුණේ නම් කුමක් වන්නට තිබුණි ද?
අනෙක් අතට අදෘශ්‍යමාන බලවේගය කූප්ව කළු කුහරය වෙත ගෙන්වන්නේ ඍජුව ම මර්පිට දත්ත ලබා දෙන ආකාරය ඊට තේරුම් ගත නො හැකි හෙයින් ය. මින් පෙනෙන්නේ ඉතා වැදගත් තොරතුරු ලබා දීමේ දී පෞද්ගලික සම්බන්ධකම් පවා වැදගත් බවයි. මේ ලබා දී ඇත්තේ දත්ත මිස ප්‍රවාද හෝ සංකල්ප නො වේ. සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ සන්නිවේදනය මීට වඩා අතිශයින් සංකීර්ණ වනු ඇත.
අනෙක් අතට අදෘශ්‍යමාන බලවේගය කූප්ව කළු කුහරය වෙත ගෙන්වන්නේ ඍජුව ම මර්පිට දත්ත ලබා දෙන ආකාරය ඊට තේරුම් ගත නො හැකි හෙයින් ය. මින් පෙනෙන්නේ ඉතා වැදගත් තොරතුරු ලබා දීමේ දී පෞද්ගලික සම්බන්ධකම් පවා වැදගත් බවයි. මේ ලබා දී ඇත්තේ දත්ත මිස ප්‍රවාද හෝ සංකල්ප නො වේ. සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ සන්නිවේදනය මීට වඩා අතිශයින් සංකීර්ණ වනු ඇත.
මේ නිසා දෙවියන් ආදී පාරභෞතික මාර්ගවලින් දැනුම ලබා ගැනීම යනු වලංගු හා වැදගත් මාධ්‍යයක් වුවත් එමඟින් දවසින් දෙකෙන් ලෝකය උඩු යටිකුරු කළ හැකි යැයි නො සිතිය යුතු ය. එසේ දැනුම ලබා ගන්නට, ලබාගන්නා දේ වටහා ගන්නට මෙන් ම ඉන් ප්‍රවාද ගොඩනඟා තාක්ෂණික භාවිතයන් කිරීමට විවිධ හැකියාවන් ගණනාවකින් පරිපාකයට පත් වූවන් සිටිය යුතු ය. දිගු කාලයක් ශ්‍රමයක් කැප කළ යුතු ය.
අදෘශ්‍යමාන බලවේගයකින් දැනුම ලබා ගැනීමක් ගැන පවසන Intestellar එනිසා ම අසාර්ථක යැයි කීමට කිසිවකු නොපෙළඹුණු අතර එය විශිෂ්ට නිර්මාණයක් ලෙස අගය කෙරුණි.
එහෙත් කෘෂිකාර්මික වකුගඩු රෝගය ගැන පරීක්ෂණය සමච්චලයට ලක් කිරීමට එක ම හේතුව වූයේ නාථ දෙවියන් ය. මෙය විවේචනය කළ බොහෝ දෙනා පරීක්ෂණ පත්‍රිකාවවත් කියවූ අය නො වෙති. මෙම පරීක්ෂණයේ දී, චිත්‍රපටයේ මර්පිගේ කාර්යයටත් වැඩි කාර්යභාරයක් කළ පුද්ගලයින්ගේ වටිනාකම පිළිබඳව කෑ කොක්සන් ගසන්නන් ඇහැක් ඇර බැලුවේ නැත.
මිතුර මෙවැනි ලිපි වල අකුරු සාමාන්‍ය ප්‍රමාණයෙන් තබා පැහැදිලිව ඡේද බෙදුවේ නම්. මෙය මීට වඩා පැහැදිලි වේවි.. ස්තූතී
ReplyDeletehttps://ranwanmakara.blogspot.com/
- ජෑ මා කාලී -