ගෝඨාභයට පණිවිඩයක්: රට බේරාගත් මහින්ද පැරදුණේ ඇයි?


ගෝඨාභයට පණිවිඩයක්: රට බේරාගත් මහින්ද පැරදුණේ ඇයි?


ජනාධිපතිවරණය පිළිබඳව මගේ ස්ථාවරය


මහින්ද පැරදුණේ වංචා දූෂණ නිසා ය හෝ ඒවා ගැන කට කතා නිසා ය යන විවරණ දෙක ම දුර්වල මට්ටමේ විවරණ ය. දූෂණ චෝදනා කවර ආණ්ඩුවකටත් එල්ල වෙන ඒවා ය. අර කියන රත්තරන් අස්සයන් අවුරුදු පහට ම හමුවුණේ ද නැත. ඉතා මෝඩ පහේ යූඑන්පීකාරයකු අහුවෙන්න හොරකම් නොකරන බව ද බිම් මට්ටමේ අඳබාල ජවිපේ සාමාජිකයන් ඩීල් බයිලාව ද යොදා ගනිමින් මෙය පැහැදිලි කරනු ඇත. මේ ආණ්ඩුවට අවුරුදු පහට ම හොයන්න බැරි වුණු දේවල් මිනිස්සු විශ්වාසනීයව දැනගත්තේ කෙසේ ද යන දේ පිළිබඳව මේ අදේශපාලනික යූඑන්පීකාරයා සැලකිලිමත් වන්නේ නැත. ඩීල් තිබේ නම් එක් පාර්ශ්වයක් පමණක් නරක වෙන හේතුව අඳබාල ජවිපේ සාමාජිකයාට ද තේරෙන්නේ නැත. (අපි කාටවත් කඩේ යන්නේ නෑ කියන මෝඩ ම ජවිපේ සාමාජිකයන්ට ෆොන්සේකාට ජනාධිපතිවරණයට හා ඊට පසුවත් පාප්ප බාල්දි උස්සන් කඩේ ගිය ආකාරය මත ම නැත.)

මේ වංචා දූෂණ හෝ වෙනත් නම්වලින් මතුපිටට පැමිණියේ වෙනත් අර්බුදයකි. වෙනත් ආතතියකි.

ඉස්සර අපිට රටක් රාජ්ජයක් තිබුණි. සුද්දෝ අපෙන් රට ලියාගෙන අපේ රටත් රාජ්ජයත් නැති කළ හ. අපි උන්ට දුන්නේ නම් අපේ රට රාජ්ජය රැකගෙන ආණ්ඩු කරන්න ය. උඩරට ගිවිසුම ඉරා දැමූ සුද්දෝ කෝල්බෲක් ප්‍රතිසංස්කරණයේ සිට අපේ රාජ්ජය විනාස කොට උන්ගේ රාජ්ජයක් මේ රටේ පිහිටවූ හ. අපේ අධ්‍යාපනය, සෞඛ්‍ය, වගාව, වෙළඳාම නැති කොට සියල්ල උන්ගේ ක්‍රියාපිළිවෙළ අනුව මූලධර්ම අනුව සිදුවන උන්ගේ රාජ්ජයක් ඇති විය. පසුව අපට අපේ රට ලැබුණත් අපේ රාජ්ජය නම් නොලැබුණි. අපට ලැබුණේ උන්ගේ රාජ්ජයකි. අප උන්ගේ රාජ්ජය කොයි විදිහට අරගෙන ගියත් අපට සෙතක් නො වේ. එන්න එන්නට උන් ම බලවත් වීම අප උන්ට පරාධීන වීමට සිදුවේ. කෙසේ නමුත් අපි අපේ රාජ්ජයක් නැති අපේ රටේ කල් ගෙවමු.

එංගලන්තය හා ඉන්දියාවත් බටහිර අධිපතිවාදී සංස්ථාපනයත් නැති කළ අපේ රාජ්ජය පමණක් නොව අපේ රට ද නැති කිරීමට උත්සාහ කරති. උන් කිරි දී හදාගත් ප්‍රභාකරන් ද නිරාගමික තක්කඩි තරුණ පරපුරේ කලාකරුවන් හිවල් සමාජය මෙරට සිංහල බෞද්ධ රටක් නොවේ කියන මංගල සමරවීරලා, චන්ද්‍රිකා කුමාරතුංගලා ආදී එකී මෙකී නරුමයන් පිරිවරාගත් බලවේග අපට අපේ රට ද නැතිකිරීමට යත්න දරති.

ප්‍රභාකරන්ගේ බරපතළ තර්ජනයෙන් විනාශයට යා නො දී අපේ රට එයින් රැකගත්තේ මහින්ද ය. ජනතාව ද ඔහුට ගරු බුහුමන් දැක්වී ය. එහෙත් පාලන කාලය අතරතුරේ දී ජනතාව ඔහු ගැන යම් අයුරකින් කළකිරුණි.

ප්‍රශ්නය වූයේ අපේ රට බේරාගත් මහින්දට පාලනය කරන්නට ඇත්තේ අපේ රට උඩ උන්ගේ රාජ්ජයක් වීම ය. උන්ගේ රාජ්ජය අපේ යහපත පිණිස පවතින්නක් නො වේ. ඒ රාජ්ජයේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික පිළිවෙත අපට එරෙහිව යයි. මේ රාජ්ජයේ හා රටේ පරස්පරය උඩ උන්ගේ රාජ්ජය මෙහෙයවන මහින්දගේ කුමක් දෝ ප්‍රශ්නයක් පවතින බව ජනතාවට දැනුණි. එය වෙනත් වෙනත් ආකාරවලින් එළිපිටට ආව ද එහි පතුළේ ඇත්තේ මෙම ප්‍රශ්නයයි.

මේ ආතතියෙන් වාසිගත් විජාතික බලවේගයන් රටට සතුරු දේශපාලන බලයක් ඇති කළ හ. විජාතික බලවේගවල මෙහෙයවීම හේතුවෙනුත් මංගල සමරවීරලා වැනි තක්කඩියන් හා ආර්ථික විශේෂඥයන්, විද්වතුන් ආදී වශයෙන් හදුන්වා ගන්නා තවත් තක්කඩියන් පිරිසකුත් අන්තවාදීන්ට කප්පන් දීමෙනුත් හැසිරවෙන රටට සතුරු එජාප ය ද ජාතිකත්ව විරෝධය දේශපාලන මාවත ලෙස හඳුනාගත් මාක්ස්වාදී ලිබරල්වාදීන් හීනමාන කලාකරුවන් ඇතුළු තක්කඩියන් පිරිවරාගත් ජවිපෙය ද රටට සතුරු බලවේග ලෙස පෙළ ගැසී ඇත.

ගෝඨාභය වටා සිටින කඳවුරේ තවමත් වැඩි බලය රටට හිතකර පිරිස් අතේ පැවතුණ ද එම කඳවු‍ර තුළ ද විජාතික මතධාරී තක්කඩියන් හා සැඟවී සිටින දෙපිටකාට්ටුවන් සැලකිය යුතු පිරිසක් ඇති බව කිව යුතු ය. විශේෂයෙන් ම මේවන විට පොහොට්ටුවේ වැඩි බලය එවන් පිරිස් වෙත ඇති බව ද සඳහන් කළ යුතුයි. වාසනාවකට ගෝඨාභය වටා ඇති කඳවුර යන්න පොහොට්ටුව මඟින් ම මෙහෙයවෙන්නක් නො වේ. එනිසා සමස්ත කඳවුර පිළිබඳ සුබවාදී හැඟීමක් ඇත.

ගෝඨාභය මහතාගෙන් ඉල්ලා සිටීමට ඇත්තේ පොහොට්ටුව ලකුණෙන් ඡන්දයට ඉදිරිපත් වුවද පොහොට්ටුවේ සාමාජිකත්වය නො ගන්නා ලෙස ය. ඒ සමඟ ම ඔබේ කඳවුරේ සිටින තක්කඩියන් ද බැහැර කර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු. (ඔබ සමඟ මුල් ම කාලයේ සිටි එවන් අයකු ඒ පිළිබඳව ඔබට විරෝධය පළකරන අවදියේ අප සමඟ වාදයට ආ අනුගාමිකයන් අනාථ කොට රුසියාවට පැනගොස් දැන් රඟන භූමිකාව ම ඔබට මේ සඳහා පූර්වාදර්ශයකි.)

කනගාටුදායක ලෙස ඔබට ද මෙහෙයවීමට ලබා දෙන්නේ අපේ රට උඩ ඇති උන්ගේ රාජ්ජයකි. රටට සතුරන් පරාජය වුව ද උන්ගේ රාජ්ජය ඔබ මෙහෙයවන විට ස්වභාවික ලෙස ම ජනතාව තුළ කළකිරීම් ඇති වීමට බොහෝ ඉඩ ඇත. එබැවින් ඔබෙන් ඉල්ලා සිටින්නේ අපේ රට ද රැකගෙන ඒ මත ඇති උන්ගේ රාජ්ජය අවසන් කොට අපේ රාජ්ජයක් පටන් ගැනීමට පෙරමුණ ගන්නා ලෙසයි. ඒ සඳහා ඔබට හැකියාව තිබුණ ද එතරම් ශක්තිමත් පදනමක් කඳවුර තුළින් නැඟ ඒවි ද යන්න ගැන ඇත්තේ බොඳ වූ බලාපොරොත්තුවකි.

ඔබෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා පියවර කීපයක් හෝ ගන්නා ලෙස ය. එවිට ඔබගේ නාමය අපේ රාජ්ජයේ සදාකල් නොමැකෙනු ඇත්තේ ය.

ජනතාවට පැවසිය යුතුව ඇත්තේ එජාප, ජවිපේ හා පොහොට්ටුවේ  බලය හිමි විජාතික මතධාරී කුඩා කණ්ඩායම ලෙස පරාජය කළ යුතු විජාතික බලවේග තුනක් ඇති බවයි. මේ බලවේග පරාජය කළ හැක්කේ එජාපය හා ජවිපෙය තීරණාත්මක ලෙස පරාජය කොට ගෝඨාභය ජනපතිධූරයට පත් කිරීමෙන් හා ඉන්පසු එජාපය හා ජවිපෙය තීරණාත්මක ලෙස බලයෙන් ඉවත් කරමින් ම පොහොට්ටුවේ ආධිපත්‍යය දරන විජාතික මතධාරී කණ්ඩායමේ දේශපාලන ආධිපත්‍යය බිඳ හෙළමින් ශක්තිමත් ජාතිකත්ව දේශපාලන පදනමක් ඇති කිරීමෙනි. (ගෝඨා පරාජය වුවහොත් දේශපාලනය සම්පූර්ණයෙන් මේ කණ්ඩායම් තුන අතට ගොස් සිංහල බෞද්ධ ජන පදනමේ හඬ ඉහළට නොයන ඉතා අහිතකර තත්වයක් ඇතිවනු ඇත.)

අවසාන වශයෙන් මා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය දිනවීමෙනුත් ඉන්පසු තුන් වැදෑරුම් විජාතික බලවේග පරාජය කෙරෙන ශක්තිමත් බලවේගයක් ගොඩනැඟීමෙනුත් අපේ රාජ්ජය නැවත ඇති කරගැනීමට පෙළගැසෙන ලෙසයි.

- තමලු මලිත්ත පියදිගම

6 comments:

  1. විජාතික බලවේග පරාජය කරන්න කියලා ඇමරිකන් පුරවැසි පුතෙක් සිටින, ඇමරිකන් පුරවැසි බිරිඳක් සිටින, ඇමරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින මෙම ලියවිල්ල දුටුවම මට හිනා ගිහිං කෙළ ඉස්මොල්ලේ ගිහිං මාර අමාරු උනා.

    ReplyDelete
  2. ගෝඨාභය හා පවුල සිංහල බෞද්ධ නම් ජාතිය යන සංකල්පය තිබිය දී ප්‍රංශ විප්ලයේ අබ්බගාත සිවික් ජාතිකත්වයේ ප්‍රකාශනයක් වෙන පුරවැසිභාවකින් අබමල් රේණුවක දේශපාලනික අදාළත්වයක් නැත.

    ReplyDelete
  3. ඇමරිකානු පුරවැසිකම ගන්න බයිබලය උඩ අත තියලා කිතුනු දෙවියන්ගෙන් ශක්තිය ඉල්ලපු, ආගම මාරු කරපු ඩයල් එකක් සිංහල බුද්දාගම රැක ගයි කියලා හිතං ලංකාවේ උන්දලා ලියන පොස්ටු දැක්කම තවත් හිනා ගියා. මැරෙයි බොලේ මෙහෙම හිනා ගියොත්.

    ReplyDelete
  4. අනුර කුමාර වාගෙ උගත් බුද්දිමත් ජවසම්පන්න පොරක් ඉද්දි,වයසක නුගත් බොරුවෙන්ම ගොඩයන්න මහල්ලෙක් මොනවට ජනාදිපති කරන්නද.

    ReplyDelete
  5. මම ෆඝා්ඨාට චන්දේ දෙනවා තමයි.
    හැබැයි එයාලාගේ වැරදි ගොඩක් තියෙනවා.

    යුද්දේ ඉවරවුන ගමන් පලාත්සභාව වත් අහෝසිකලේ නෑ.
    දෙමළ ජාතිවාදය පරාජයකරන්න වැඩක් කලේ නෑ.

    2012 කාන්තා දිනයදා ගබ්සාව නීතිගතකරන්න සියල්ල සැලසුම්කරලා අන්තිම මොහොතේ නතරකලා.
    ඔය වැරදි කීපයක්.
    කොහෙමහරි මෙයා දිනුවොත් මහරජානෙනි කියන්නනම් හොඳමනෑ හැකිතාක් විවේචනය කල යුතුයි.
    නලින් ද සිල්වා වුනත් 2010න් පස්සේ මහින්දට අසීමිතව කඩේගියා කියලා කියන්න වෙනවා.

    ReplyDelete
  6. පියදිගම??? Uba adu jathiye ekek neda?
    Ape Gota awata passe athi karana Sinhala rajje thopi apahu himi thanata danawa.

    ReplyDelete

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි