සැම්සන් ගුණතිලක මහතාගේ පසුගිය ප්‍රතිචාරය මාගේ ලිපිවලට කිසිදු පිළිතුරක් නොසපයන්නාක් මෙන් ම එය බෙහෙවින් පිරී ඇත්තේ මේ සංවාදයට කිසිසේත් අදාළ නැති වැල්වටාරම් ගොන්නකිනි. සැම්සන් මහතා මේ කියන කරුණුවලට පිළිතුරක් අවශ්‍ය පාඨකයකුට අගෝස්තු 23 වන දා මාගේ ලිපිය නැවත කියවා බැලිය හැකි ය. 30 වන දා පත්‍රයේ සැම්සන් මහතා කියා ඇති දෑට පිළිතුරු එයින් ම සොයා ගත හැකි ය. දැන් මේ සංවාදය යම් කිසි දුරකට පැමිණ ඇති බැවින් මේ වන තෙක් ඉදිරිපත් වූ තර්ක ගැන පසු විපරමක් කරමු.
මා මුලින් සංවාදයට එළඹුණේ අභයසිංහ මහතා සමඟ ය. පසුව සැම්සන් මහතා සංවාදයට එක් විය. මට අවශ්‍ය වූයේ ජ්‍යෝතිෂ්‍යට විරුද්ධව හේතුවාදීන් ගෙන එන තර්ක අසාර්ථක බව පෙන්වීමටත් හේතුවාදීන්ගේ ශාස්ත්‍රීය වංචනිකත්වය හෙළි දරවු කිරීමටත් ය. මාගේ තර්කයේ ප්‍රධාන කොටස් දෙකකි.
1. පෘථිවි කේන්ද්‍රවාදයෙන් ද සූර්ය කේන්ද්‍රවාදයෙන් ලැබෙන නිරවද්‍යතාවයෙන් ම පිළිතුරු ලබා ගත හැකි බැවින්, පෘථිවි කේන්ද්‍රවාදය මත පදනම් වූ ජ්‍යෝතිෂ්‍ය මිථ්‍යාවකි යන ජනප්‍රිය තර්කය වලංගු නො වෙයි.
- සැම්සන් මහතා මේ බව පිළිගනියි. කේන්ද්‍රය සැදීම දක්වා මිථ්‍යාවක් නො වන බව ඔහු දැන් කියයි. පරිධියේ ඇති කරුණුවලට විරුද්ධ වෙමින් තමාට නො වැරදුණු බව කීමට සැම්සන් මහතා කිනම් උත්සාහයක් දැරුව ද ඔහු මගේ තර්කයේ මූලික හරය පිළිගෙන අවසන් ය. අපගේ ප්‍රස්තුතය සඳහා එය හොඳින් ම සෑහේ. කේන්ද්‍රය සෑදීම දක්වා මිථ්‍යාවක් නොවන බවට මේ වන විට අප එකඟ වී ඇත. දැන් ප්‍රශ්නය වන්නේ ඉන් ඵලාපල කිව හැකි ද යන්නයි.
- සැම්සන් මහතා මේ බව පිළිගනියි. කේන්ද්‍රය සැදීම දක්වා මිථ්‍යාවක් නො වන බව ඔහු දැන් කියයි. පරිධියේ ඇති කරුණුවලට විරුද්ධ වෙමින් තමාට නො වැරදුණු බව කීමට සැම්සන් මහතා කිනම් උත්සාහයක් දැරුව ද ඔහු මගේ තර්කයේ මූලික හරය පිළිගෙන අවසන් ය. අපගේ ප්‍රස්තුතය සඳහා එය හොඳින් ම සෑහේ. කේන්ද්‍රය සෑදීම දක්වා මිථ්‍යාවක් නොවන බවට මේ වන විට අප එකඟ වී ඇත. දැන් ප්‍රශ්නය වන්නේ ඉන් ඵලාපල කිව හැකි ද යන්නයි.
2. ග්‍රහ පද්ධතියේ චක්‍රීයතාවයන් පවතියි. භෞමික පරිසරයේ ද චක්‍රියතා පවතියි. මිනිස් සමාජයේ ද චක්‍රියතා පවතියි. ග්‍රහ පද්ධතියේ චක්‍රියතා හා මිනිස් සමාජයේ චක්‍රියතා අතර සමපාත වීම් හඳුනාගතහොත් ග්‍රහ පද්ධතියේ ගණනයන් ඇසුරෙන් මිනිස් හැසිරීම් හා ගතිලක්ෂණ පුරෝකථනය කළ හැකි ය. සාධාරණ වශයෙන් මෙවිට ඇති වන්නේ ජ්‍යෝතිෂ්‍යයකි. මීට ඉදිරිපත් කළ හැකි ප්‍රතිතර්කයක් වන්නේ මනස් ඇති මිනිසුන් මේ චක්‍රියතා බිඳ දමමින් කටයුතු කරනු ඇත යන්න ය. එහෙත් ලංකාවේ හේතුවාදියෝ මනස මොළයේ රසායනික ප්‍රතික්‍රියාවලට ඌනනය කරති. එවිට මිනිස් හැසිරීම් ද රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵල වේ. මෙවිට මිනිසුන් ස්වභාවයේ චක්‍රියතාවයට ම නතු වනු ඇත. මේ නිසා හේතුවාදය හා ජ්‍යෝතිෂ්‍ය අතර 'සමබිමක්' පවතිනවාටත් වඩා හේතුවාදී භූමියේ ජ්‍යෝතිෂ්‍යය සංස්ථාපනය කළ හැකි බව ම පෙනේ. (මනස මොළයට ඌනනය නො කරන විට කිව හැක්කේ ජ්‍යෝතිෂ්‍යය සාර්ථක වනු ඇත්තේ යම් සම්භාවිතාවක් යටතේ පමණක් බවයි.)
- මේ තර්කය නැවත නැවත සඳහන් කළ ද අභයසිංහ මහතා සංවාදය පුරා ම මෙය දුටු බවක්වත් ඇඟවූවේ නැත. සැම්සන් මහතා ද මේ තර්කය ගැන අල්පමාත්‍ර සඳහනක් වත් නො කර ලිස්සා යනු දක්නට ලැබේ. මගේ ප්‍රධාන තර්කය වන මෙය මේ සංවාදය පුරා ම අල්පමාත්‍ර අභියෝගයකින් හෝ පීඩාවක් නො ලැබ විරාජමානව සිටියේ ය. අතුරු කතා ගැන සියලු වාද විවාදවලින් ප්‍රයෝජනයක් ඇත්තේ ප්‍රධාන තර්කයට සාර්ථක පිළිතුරක් ලබා දුනහොත් පමණි. සැම්සන් මහතා ද ඊට අපොහොසත් බව පෙනෙන්නට තිබේ.
- මේ තර්කය නැවත නැවත සඳහන් කළ ද අභයසිංහ මහතා සංවාදය පුරා ම මෙය දුටු බවක්වත් ඇඟවූවේ නැත. සැම්සන් මහතා ද මේ තර්කය ගැන අල්පමාත්‍ර සඳහනක් වත් නො කර ලිස්සා යනු දක්නට ලැබේ. මගේ ප්‍රධාන තර්කය වන මෙය මේ සංවාදය පුරා ම අල්පමාත්‍ර අභියෝගයකින් හෝ පීඩාවක් නො ලැබ විරාජමානව සිටියේ ය. අතුරු කතා ගැන සියලු වාද විවාදවලින් ප්‍රයෝජනයක් ඇත්තේ ප්‍රධාන තර්කයට සාර්ථක පිළිතුරක් ලබා දුනහොත් පමණි. සැම්සන් මහතා ද ඊට අපොහොසත් බව පෙනෙන්නට තිබේ.
දැන් සංවාදයේ දී මතු වූ අමතර කරුණු වෙත එළඹෙමු. කාල්සන් පරීක්ෂණය පුස්සක් වී යන ආකාරය Ertel හා අනෙක් විවේචකයන්ගේ පත්‍රිකාත් කාල්සන්ගේ පත්‍රිකාත් ඇසුරින් මා අගෝස්තු 09 පත්‍රයේ සවිස්තරව පැහැදිලි කළෙමි. එහි ඇති කරුණු සම්බන්ධව කිසිදු පිළිතුරක් නො දෙන සැම්සන් මහතා Nature වැනි සාම්‍ය සමාලෝචිත ජර්නලයක පලවන පත්‍රිකාවල වැරදි තිබිය නො හැකි යැයි බොළඳ තර්කයක් ගෙනෙයි. එවැනි ජර්නලවල පළ කිරීමේ දී නැවත විමසා බැලෙන්නේ ආකෘතික කරුණු මිස සවිස්තරව සමස්ත පරීක්ෂණය නො වේ. ඊට හොඳ ම උදාහරණය වන්නේ කාල්සන් ආරාධනය පිළිගත් ජ්‍යෝතිෂ්‍යවේදීන්ගෙන් ( නිශ්චිතව සංඛ්‍යාව නො දක්වා ) 'කිහිප දෙනකු' පසුව එයින් ඉවත් වූ බව සඳහන් කරන විට නිශ්චිත සංඛ්‍යාව සඳහන් කර එවන ලෙස ඔහුට උපදෙස් නො ලැබීමෙන් ය. Ertel ආදීන් පෙන්වා දුන් කරුණු පමණක් නොව කාල්සන් ඔහුට දුන් පිළිතුරේ බොළඳකමත් පෙන්වා දී හමාර ව ඇති මොහොතක ඒවාට කරුණුමය පිළිතුරක් නො දී සැම්සන් මහතා ලියන හිස් වදන්වල කිසිදු ගත යුත්තක් නැත.
සුපුරුදු පරිදි තමාට විමර්ශනශීලීත්වක් නොමැති බව පෙන්වන සැම්සන් මහතා ස්ටීවන්ස් හෝකිං දේශනයක දී තමා ඉදිරිපත් කරන අදහසට ආරම්භයක් ගැනීමට කියූ වාගාලංකාරයක් (rhetoric) සන්දර්භයෙන් එළියට ගනිමින් විකෘති අර්ථකථනයක් දෙයි.මීට පසු ලිපිවල ද සැම්සන් මහතා කරුණු රහිතව පුනරුච්චාරණය කරන බිඳ වැටී අවසන් තර්කවලට පිළිතුරු දීම සීමා කොට හෝකිං ඇතුළු වියතුන් ජ්‍යොතිෂ්‍ය හා හේතුවාදය ගැන දැරූ මතවාද පාඨකයින්ට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
බෘනෝ ගැන සඳහන් කරන සැම්සන් මහතා සිය අගෝස්තු 16 ලිපියේ කියන්නේ බෘනෝ පුළුස්සා මරා දැම්මේ සූර්ය කේන්ද්‍රවාදය ගැන පැවසූ නිසා බවත් 'ඔවුන් දිවි පිදුවේ සිරගත වූයේ නිශ්ඵල අර්ථශුන්‍ය කරුණක් නිසා නො වේ.' යන්නත් ය. බෘනෝ වෙනුවෙන් හේතුවාදීන් හෙළන කඳුළු කිඹුල් කඳුළු වන්නේ බෘනෝ යනු ගුප්ත විද්‍යාඥයකු හා අරාබි ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයකු බැවිනි. ඔහුට කතෝලික පල්ලියෙන් එල්ල වූ චෝදනා අතර වූයේ ගුප්ත විද්‍යාවල නියැලීම හා පුනර්භවය පිළිගැනීම ආදී දේ බව මා මගේ අගෝස්තු 23 ලිපියේ සවිස්තරව පෙන්වා දුන්නෙමි. බෘනෝ දිවි පිදුවේ අර්ථ ශූන්‍ය කරුණක් නිසා නො වේ යන සැම්සන් මහතාගේ තර්කය පුනර්භවය විෂයෙහි ඔහු වෙත ම පරාවර්තනය වී ඇති විට ඊට පිළිතුරු නො දෙන සැම්සන් මහතා බෘනෝ තම සාක්කුවට දා ගන්නා හේතුවාදී තර්කය යළි යළිත් පුනරුච්චාරණය කරයි. ගුප්ත විද්‍යාඥයකු හා ජ්‍යෝතිෂ්‍යවේදියකු මෙන් ම බෘනෝ දාර්ශනිකයකු හා ගණිතඥයකු වුව ද බෘනෝ සම්බන්ධව ගැඹුරින් අධ්‍යයනය කළ විද්වතුන්ට අනුව බෘනෝ තාරකා විද්‍යඥයකු නම් නො වේ.
(Except for certain particular passages that excite our interest today, much of his work had little to do with astronomy. Indeed, Bruno was not an astronomer and demonstrated a very poor grasp of the subject in what he did write. The theme of his On the Infinite Universe and Worlds(De l'Infinito Universo et Mondi) is not Copernicanism but pantheism and animism, themes also developed in his The Ash Wednesday Supper (La Cena de le Ceneri). - Ohio state university web site. )
(Except for certain particular passages that excite our interest today, much of his work had little to do with astronomy. Indeed, Bruno was not an astronomer and demonstrated a very poor grasp of the subject in what he did write. The theme of his On the Infinite Universe and Worlds(De l'Infinito Universo et Mondi) is not Copernicanism but pantheism and animism, themes also developed in his The Ash Wednesday Supper (La Cena de le Ceneri). - Ohio state university web site. )
පල්ලියේ බලය බිඳ වැටුණේ බෘනෝට හා ගැලීලියෝට අත් වූ ඉරණමට ආ ජනතා විරෝධය නිසා ය යන්න ඉතිහාසය ගැන ප්‍රමාණවත් අධ්‍යයනයක් නොමැති සැම්සන් මහතාගේ සිහින ලෝකයක සිදු වූවක් විය යුතු ය. කතෝලික හා ක්‍රිස්තියානි වෙනස නො දන්නා නිලධාරීන් සිටින හේතුවාදී සංගමයේ සාමාජිකයෝ කතෝලික පල්ලියේ ආධිපත්‍යය බිඳ වැටුණේ මාටින් ලූතර්ගේ ව්‍යාපාරයෙන් බවවත් නො දනිති. සූර්ය කේන්ද්‍රවාදයට විරුද්ධ වූ ලූතර් කොපර්නිකස් හැඳින්වූයේ පිස්සකු ලෙසිනි. යුරෝපා ඉතිහාසය ගැන අධ්‍යයනය නො කර හිතලු ප්‍රකාශ නො කරන මෙන් සැම්සන් මහතාට පවසා සිටිමි. ජ්‍යෝතිෂ්‍යයට හා ගුප්ත විද්‍යාවට එරෙහිව තවමත් බටහිර විද්‍යාඥයින් තුළ පවතින නැඹුරුව කතෝලික පල්ලියේ බිහිසුණු දණ්ඩන නිසා ඇති වූවකි. ඒ බව කාල්සන්ගේ පරීක්ෂණ වාර්තාව බැලුවේ නම් සැම්සන් මහතාට ම වටහා ගත හැකි ය. astrology was the work of the devil - ජ්‍යෝතිෂ්‍යය යක්ෂයාගේ වැඩකි - කියමින් සරසවි සිසුන් දෙදෙනකු පරීක්ෂණයෙන් ඉවත් වී ඇත. මේ සෙවණැල්ල හේතුවාදීන් මත ද වැටී තිබීම කදිම උත්ප්‍රාසයකි.
අගෝස්තු 30 ලිපියේ දී සැම්සන් මහතා හේතුවාදය හා බුදු දහම අතර 'සමබිමක්' ගැන කීමට උත්සාහ දරයි. සැම්සන් මහතාගේ ආරම්භක ලිපිය වන ජූලි 12 ලිපියේ ඔහු කීවේ මෙවැන්නකි:
"එහෙත් ඔවුහු බෞද්ධ දර්ශනයේ පදනම වූ පුනර්භවය ප්‍රතික්ෂේප කළ හ."
"එහෙත් ඔවුහු බෞද්ධ දර්ශනයේ පදනම වූ පුනර්භවය ප්‍රතික්ෂේප කළ හ."
බෞද්ධ දර්ශනයේ පදනමට ම හේතුවාදීන් එරෙහි වන්නේ නම් සියලු වෙනස්කම් අතහැර සමානකම් සලකා සමබිම් සෙවීම තරම් විහිළුවක් තවත් නැත. හේතුවාදය හා බුදු දහම අතර සමබිම් සෙවීමට වඩා ඉන්ද්‍රියානුභූතවාදය (positivism), පශ්චාත්නූතනවාදය ආදී ඇතැම් බටහිර දර්ශන හා බුදු දහම අතර සමබිම් සොයා ගත හැකි ය. තීව්‍ර වෙනස්කම් නො සලකා සමානකම් සැලකීම යනු අර්ථ විරහිත ක්‍රියාවකි.
හේතුවාදීන්ට සමබිමක් සෙවීමට අවශ්‍ය නම් ඊට සුදුසු ශාස්තෘවරයකු ඇත. ඒ ෂඩ් ශාස්තෘවරුන් අතර සිටි අජිත කේශ කම්බල ය. සාමඤ්ඤඵල සූත්‍රය අනුව ඔහුගේ දර්ශනය මෙසේ ය:
කේශකම්බල අජිතයො මට මෙය කීහ: “මහරජ, දුන් දැයෙහි පල නැත. කළ මහායාගයෙහි පල නැත. කුශලාකුශල කර්මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත. පරලොවැ සිටියා හට මෙ ලොව නැත, මෙලොව සිටියා හට පරලොවෙක් නැත. මවට උපකාර අපකාර කිරිමෙහි ඵල විපාක නැත. පියාට උපකාර අපකාර කිරීමෙහි ඵල විපාක නැත. උප්පාදුක (මෙයින් සැව නැවත උපදනා) සත්ත්වයෝ නැත. සම්‍යග්ගත (නිවැරදි මඟින් ගිය) සම්‍යක්ප්‍රතිපන්න (නිසි මඟ පිළිපන්), මෙ ලොවත් පරලොවත් තුමු ම වෙසෙසින් දැන පසක් කොට (ලොවට) හෙළි කරන මහණබමුණු කෙනෙක් නැත. සතර මහාභූතයන්ගෙන් නිපන් මේ පුරුෂ තෙමෙ යම් විටෙක කළුරිය කෙරේ නම්, එ විටැ (මොහුගේ කයෙහි වු) පෘථිවිධාතුව බාහිර පෘථිවිධාතු රැස කරා යෙයි, එය අනුගමනය කරයි. ආපෝධාතුව බාහිර ආපෝධාතු රැස කරා යෙයි, එය අනුගමනය කරයි. තේජෝධාතුව බාහිර තේජෝධාතු රැස කරා යයි, එය අනුගමනය කරයි. වායුධාතුව බාහිර වායුධාතුව කරා යයි, එය අනුගමනය කරයි. ඇස් ආදී ඉන්ද්‍රිෙයා් අහසට පැන යෙත්. වැදහොත් ඇඳ පස්වනු කොටැති පුරුෂයෝ මළ සිරුර ගෙන යෙත්. සොහොන තෙක් පමණක් පදයෝ (ගුණාගුණ වචනයෝ) පැණෙත්. ඇට පරෙවිවන් වේ. ආගන්තුකසත්කාරාදී වශයෙන් දුන් දන් මළ සිරිරෙහි අළු කිස නිමහම් තෙක්ම වේ. (එයින් පසු එහි කිසිත් ඉතිරි නොවේ). දාන යනු අඥයන් විසින් පණවන ලද්දකි. යම් කෙනෙක් ආස්තික වාදය (පරලොවක් ඇතැයි කර්ම විපාක ඇතැයි යන ආදි වූ වාදය) කියත් නම්, එය ඔවුන්ගේ හිස් බොරුවෙකි, ප්‍රලාපයෙකි. අනුවණයෝ ද නුවණැත්තෝ ද යන හැම කය බිඳීමෙන් මුල සුන් වෙත්, වැනසෙත්, මරණින් මතු ඇති නොවෙත්”
හේතුවාදීන්ගේ අදහස් මොනවා දැයි මේ වන විට හොඳින් ම දන්නා පාඨකයින්ට හේතුවාදය සමඟ සමබිමක් ඇත්තේ බුදුන් වහන්සේට ද අජිත කේශකම්බලට ද යන්න දැන් තීරණය කළ හැකි ය. බුදු දහම සමඟ සමබිම් සෙවීමට පෙර හේතුවාදීන් විරුද්ධ වන බෞද්ධ ඉගැන්වීම් ලැයිස්තු ගත කර සිටින මෙන් සැම්සන් මහතාට අභියෝග කරමි.
බුදු දහමේ පෘථිවිය පැතලි බව කියූ බව කියන සැම්සන් මහතා මිළින්ද ප්‍රශ්නය කියවා නොමැති බව පෙනේ. ලිපිය දිගුවන නිසා මෙවර අදාළ කොටස් උපුටා නො දැක්වෙන නමුත් ඉදිරි ලිපියක දී මිළින්ද ප්‍රශ්නයේ සඳහන් වන පෘථිවි හැඩය ගැන සවිස්තර සඳහනක් දැක්වීමට බලාපොරොත්තු වෙමි.
බුදු දහමට පටහැනි තම මතය බුදු දහම සමඟ ඈඳීමට හේතුවාදීන් දරන වංචනික උත්සාහයෙන් අන්ධ නො වීමට පාඨකයින් විමර්ශනශීලී විය යුතු ය.
" ' හේතුවාදය' සැබෑ දැනුමේ අද්විතීය මූලාශ්‍රය ලෙස 'හේතුව' පිළිගැනීමට නැඹුරු වන ඥාන මාර්ගයයි." ලෙස සිය ආරම්භක ජූලි 12 ලිපියේ දී සැම්සන් මහතා ම හේතුවාදය හඳුන්වාදෙයි.
බුදු දහම හා හේතුවාදය අතර සමබිම් ගැන කියන හේතුවාදීන් නිතර උපුටා දක්වන කාලාම සූත්‍ර පරිවර්තනය ද වචන හළා පරිවර්තනය කිරීමකි. කාලාම සූත්‍රයේ බුදුන් වහන්සේ තර්කය මත හා න්‍යාය මත පදනම්ව යමක් නො පිළිගන්නා ලෙස කී බව සැම්සන් මහතා ඇතුළු හේතුවාදීන්ගේ ලේඛනවල දක්නට ලැබේ. මෙහි අඩුපාඩුව වන්නේ ඉහත අවස්ථා දෙකෙහි ම ඇති හේතු යන වචනය පරිවර්තනයේ දී හළා තිබීමයි. තර්කහේතු (තක්ක හේතු), න්‍යාය හේතු (නය හේතු) ලෙස බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දී ප්‍රතික්ෂේප කරන්නේ හේතුවාදීන් ගේ ඥාන මාර්ගයේ 'අද්විතීය මූලාශ්‍රය'යි.
බුදු දහමින් ප්‍රතික්ෂේපිත මතවාදයක් සමඟ බුදු දහමේ සමබිම් සෙවීමට නො ගොස් විමර්ශනශීලීත්වයෙන් පිරිහී තමා වැටී සිටින ප්‍රපාතයෙන් ගොඩ ඒමට උත්සුක වන මෙන් සැම්සන් මහතා කෙරෙහි මෙත් සිතින් යුතුව පවසමි.
No comments:
Post a Comment