ඔක්සිජන්වලට එරෙහිව පරිසරය බේරා ගනිමු

 ඔක්සිජන්වලට එරෙහිව පරිසරය බේරා ගනිමු






මේ දිනවල මාධව රුවන්පතිරණගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරක් ලෙස සංවර්ධනය සමඟ පරිසරය ගැන මේ ලිපිය ලියැවේ..

මුලින් ම ගෝඨාභයගේ සංවර්ධනය පිළිබඳ මගේ ස්ථාවරය කලින් තිබූ එක ම බව කිව යුතු ය. ගෝඨාභයගේ සංවර්ධනය බටහිර නූතනත්ව සංවර්ධන ආකෘතියකි. අප ඒ වැඩපිළිවෙළ නියෝජනය කරන්නේ නැත. දැන් මීළඟට අසන ප්‍රශ්නය වන්නේ එමඟින් අපේ අරමුණුවලට හානියක් සිදු නො වේ ද යන්නයි.. මා දකින පරිදි මේ ආකෘතිය ලංකාවේ මහා සාර්ථකත්වයකට යා හැක්කක් නොවන බවයි.. ඒ නිසා මහා අමුතු පුදුම සහගත සංවර්ධනයක් සිදු නොවනු ඇත... ඒ නිසා මෙය කිසිසේත් අපගේ අරමුණුවලට තර්ජනයක් නොවනු ඇත.. උපරිම ලෙස ආර්ථිකයේ කුඩා සීමිත වර්ධනයක් හා යාන්ත්‍රණ විධිමත් වීමක් සිදු විය හැකි ය. එහෙත් එක් සුළු ඉහළ මට්ටමක් දක්වා යාමෙන් පසු මේ ආකෘතියේ සීමාව එළඹී මෙය එතන සිර වී යනු ඇත.. මෙය ජනතාවට පෙනීම වඩාත් හොඳ ය... ජනතාව සිතා සිටින්නේ රට සංවර්ධනය නොවන්නේ හොරකම් වංචා දූෂණ නිසා බව ය. හොරකම් වංචා දූෂණ නැතුවත් මේ විධිවලින් සංවර්ධනය කළ නො හැකි ය... ඒ නිසා ක්‍රියාවලිය විධිමත් වී වංචා දූෂණ රහිතව මෙය අසාර්ථක වී යෑම ජනතාව ඉන් ඉදිරිය බැලීමට යොමු කරවන්නකි.. බැර කර්මාන්ත වෙනුවට මෘදුකාංග ආදී කර්මාන්ත, ග්‍රාමීය කර්මාන්ත නැංවීම, කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම හා ඒවාට රාජ්‍ය මැදිහත් වීම යන දේ ප්‍රමාණවත් නොවනු ඇත. මෘදුකාංග සමාගම් ආවරණය කරන්නේ පැතිරුණු වෙළඳපොළ මිස තාක්ෂණික දියුණුව නොවේ. (ලංකාවේ මෘදුකාංග නිෂ්පාදනය යනු සාදා ඇති මෙවලම් භාවිත කොට ගොඩනැංවීම් - implementation - කිරීම මිස උපාංග ගොඩනංවා ගැනීම නො වේ. ව්‍යාපාරික අවස්ථාව පවා ඒ හා සමක අවස්ථාවන් කලින් නිර්මාණය කරගෙන තිබුණු නමුත් ලෝකයේ අනෙක් සමාගම්වලින් ආවරණය නොවුණු වෙළඳපොළ කලාප අල්ලා ගැනීමයි. පොඩි පොඩි පර්යේෂණ යැයි කරන ඒවායින් එතරම් දෙයක් වන්නේ නැත. ඒවා කරන්නේ මොකක්වත් හදාගැනීමේ අරමුණින් ම නො වේ.) කුඩා කර්මාන්ත ලෝකයේ ඉදිරියේ දී ඇතිවන ආර්ථික අර්බුදයන් හමුවේ කඩා වැටීම හෝ ඇගලුම් ක්ෂේත්‍රයේ මෙන් මහා පරිමාණ සමාගම් දෙක තුනකට සාමූහනය වී යාම හෝ සිදුවනු ඇත.

කෙසේ හෝ මේ ආර්ථික වැඩපිළිවෙළෙහි අංග දෙකක් පවතී. 
1. ආර්ථිකය දියුණු කිරීම සඳහා මෘදුකාංග හා සේවා කර්මාන්ත
2. ග්‍රාමීය කර්මාන්ත හා කෘෂිකර්මය..

පළමුවැන්න කළ යුත්තක් හා දෙවැන්න අත්හැර නොගත යුත්තක් ලෙස මේ වැඩපිළිවෙළ සලකයි. එනම් දෙවැන්න කොටි වලිගයකි. අත් හැරීමට කැමති වුව ද ඒවා අත හැරීම හොඳ නැත. ඒ නිසා අල්ලාගෙන සිටියි.. රනිල් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මෙන් ම SBD ද සිල්වාගේ ආර්ථික න්‍යාය අනුව ද මේ දෙවනි කාණ්ඩය ඍජුව අතහැර දමා පළමුවැන්න කළ යුතු ය. දීප්තිගේ වචනයෙන් "වී වෙනුවට රෝස" ය. ගෝඨාභය-මහින්ද පාලනයන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය "රෝස වවද්දී වී අත නො හරිමු" යන්නයි.. 

එහිදී මහින්ද සංචාරක ව්‍යාපාරය ආදී දේ ගැනත් ගෝඨාභය තොරතුරු තාක්ෂණ කර්මාන්තය ආදී දේ ගැනත් විශ්වාසය තබයි. කෙසේ නමුත් හරය වන්නේ ආර්ථිකය දියුණු කිරීමට 'රෝස' අත් අරින්න බැරි නිසා 'වී' යන්න ය. මෙය "වී වෙනුවට රෝස"වලට වඩා හොඳ යැයි කොවිඩ් නිසා ගුවන් තොටුපොළ වසා දැමූ පසු එස්.බී.ඩී.වාදීන් ද කියන්නට පටන් ගෙන ඇත.. එහෙයින් අද වන විට මේ පිරිස් සියල්ලන් ම සිටින්නේ ගෝඨාභය ආකෘතියේ ය. හදිසි වසංගත ඇති විය හැකි නිසා අකැමැති වුවත් වීත් වැවිය යුතු ය. මෑතකාලීන කෘෂි භෝග සංවර්ධනය කිරීමේ රජයේ ව්‍යාපෘතියක දක්වා තිබුණේ වී වැවීමේ ආර්ථික NPV අගය ඍණ බවත් මූල්‍යමය NPV අගය ධන බවත් ය. තේරෙන භාෂාවෙන් මේ කියන්නේ වී වැවීම සහනාධාර, බදු ආදියෙන් නිර්මාණය කොට ඇති කෘත්‍රිම වෙළඳපොළ තත්ත්ව තුළ ලාභදායී වුව ද ඒ කෘත්‍රිම තත්ව ඉවත් කළ විට ආර්ථිකව පාඩු දායී බව ය. මේ ගණනයන්ගේ පදනම බැලීම සඳහා මූලාශ්‍ර කිසිවක් අදාළ ව්‍යාපෘති ශක්‍යතා අධ්‍යයන වාර්තාවේ තිබුණේ නැත.

දැන් පරිසරය හා සංවර්ධනය ගැන කතාවට එමු.. දැන් වැඩිපුර ම කතා වෙන්නේ නෙළුව මාර්ගය ගැනයි.. කලකට පෙර කතා වුණේ ඔක්සිජන් එපා කීම හා රාජ්‍ය නිලධාරිනිය ගැනයි.

මේ සිද්ධි දෙක සමඟ මේ ගැන කතා කරමු.

නූතනත්වය ආරම්භයේ දී පරිසරය යනු මිනිසා විසින් ජයගනු ලැබිය යුතුව ඇති දෙයක් ලෙස සැලකිණි. පැරණි කලා නිර්මාණ නවකතා ආදියේ ආකල්පය එය ය. රෝමාන්තිකවාදයේ හා ස්ටාලින්ගේ සමාජ සත්තා යථාර්ථවාදයේ දී ද ප්‍රධාන කොටසක් වන්නේ පරිසරය සමඟ සටන් කොට ජයගන්නා මිනිසාගේ අරගලය නිරූපණයයි.

ලංකාවේ ද ගීත වූයේ කම්හල් ඇතුළේ යදම් යගුළු හා ගුගුම් දිදී කැරකී එන දුම් වලාවලින් එන ආසිරි වැස්ස ගැන ය. වන පෙත් එළිවේ කම්හල් ඉදිවේ යනුවෙනි.

පරිසරය හා සටන් කොට සංවර්ධනය ජයගත යුතු ය යන්න මීට දශක කිහිපයකට පෙර ප්‍රගතිශීලී ආකල්පය විය.

පසුව ඔක්සිජන් ඕනෑ කතිකාවත ආවේ ය. ඒ අනුව අපි සංවර්ධනයට කැමති වුවත් පරිසරය අමතක කරන විට ඔක්සිජන් නැතිවීම පරිසර උෂ්ණත්වය වැඩි වීම වැනි අයහපත් ප්‍රතිඵල ඇති වී මිනිසාට හානි වේ..

ඒ නිසා පරිසරය රැකගත යුතු ය. මෙහි ද ගෝඨාභය-මහින්ද ආර්ථික දැක්මේ මෙන් කළ යුතු දෙයක් හා අත හැරිය නො හැකි කොටි වලිගයක් පවතී.. අපේ අවශ්‍යතාව සංවර්ධනයයි.. වල්ගය හැරියොත් කොටියකු වී පරිසරය සපා කන නිසා එය අත හැරිය නො හැකි ය.. සංරක්ෂණය යන වචනය ම බොහෝ විට නරුම වචනයකි.. අයින් නොකර බැරි නිසා තබා ගැනීම මෙහි අර්ථයයි..

දැන් පිට්ටනිය හා ඔක්සිජන්වලට එමු. පිට්ටනිය ජනතාවගේ අවශ්‍යතාවකි.. එහෙත් ඔක්සිජන්, කඩොලාන හෝ වනාන්තර ඉල්ලා ජනතාව උද්ඝෝෂණය කරන්නේ නැත. මේ බටහිර නූතනත්වයයි. ළමයින්ට සෙල්ලම් කරන්න පිට්ටනියක් මිස රිංගලා දං හිඹුටු මාදං කන්න කැලයක් ඕනේ නැත. පලතුරු කඩෙන් ගත හැකිය. ඒවා වතුවල වැවෙයි. නූතනත්වය යටතේ පිට්ටනිය ජනතාවගේ අවශ්‍යතාවකි. 

ඔක්සිජන් එන්නේ "විද්වතුන්ගෙනි". ඔක්සිජන් දැකීමට ඇල්ලීමට නොහැකි ය. එය පට්ටපල් බොරුවකි. දැන් මා ඉස්කෝලේ ගියේ නැත්දැයි අහන අයගෙන්, හුස්ම ගන්නේ නැත් ද අහන අයගෙන් අහන්නට තියෙන්නේ ඔක්සිජන්වල තියෙනවා කියන එකසර ඉලෙක්ට්‍රෝන තියෙන්නේ p කාක්ෂිකවලද? sp2 මුහුම් කාක්ෂිකවල ද නැත්නම් මෙහෙම කාක්ෂික හෝ එකසර ඉලෙක්ට්‍රෝන නැති ද කියා හරියට ම හොයා ගෙන ඇවිත් කියන ලෙසයි... ඔබ හුස්ම ගන්නේ මොන ඔක්සිජන් ද? ඒ ප්‍රශ්නවලින් ඔබට හුස්ම ගැනීමට බාධාවක් ඇතැයි නො සිතමි.. ඔබ හුස්ම ගනියි.. ඒ හුස්ම ගන්නේ ඔක්සිජන් යැයි කියන්නේ "විද්වතුන් ය". දැන් විද්වතුන් ඔක්සිජන් ප්ලාන්ට් ලෙස ගස් අවශ්‍ය බව සිතති. ගස් ඕනේ යැයි කියන්නේ විද්වතුන් ගැන විශ්වාසය තබා පට්ටපල් බොරු වූ ඔක්සිජන් ගැන විශ්වාසය තබා ය.

දැන් මේ ගැන තවත් විද්වත් මත ඇත. මේ පරිසර අර්බුද නව කාර්මික රටවල් අඩපණ කිරීමේ ව්‍යාජ ප්‍රචාරයකි. ගස්වලින් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය නොගිණිය හැකි ය. ඔක්සිජන් වැඩි ප්‍රතිශතය ලබා දෙන්නේ ජලජ ශාකයි..(මූලාශ්‍රය නැෂනල් ජියොග්‍රැෆික්)

දැන් මේවා ද විද්වත් අදහස් ය. වනාන්තරවලින් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය නොගිණිය හැකි ය කීවිට අපට ඒවා එසේ නො වේ යැයි කිව හැකි ද? ඒවා විද්වත් මතයන් ය. ඒවා පට්ටපල් බොරු නිසා විද්වතුන්ගේ පිළිවෙත අනුව පරීක්ෂණ කොට මිස අපට හොයා බලා මේවායේ හරි වැරැද්ද බලා ගත නො හැකිය.

පරිසර සංරක්ෂණවාදයේ ප්‍රශ්නය මෙය ය. පරිසරය අතහැර බැරිකමට එය රැකගැනීමට කියා දේවල් කරනු ලැබේ..

ඔක්සිජන් ප්ලාන්ට්කාරයන්ට විරුද්ධ විය යුත්තේ මේ නිසා ය. තව ටික කාලෙකින් ජාත්‍යන්තර බලවත් රාජ්‍යයන්ට හා සමාගම්වලට හිතූ හිතූ ආකාරයට පරීක්ෂණවලින් මොවුන්ගේ දිවවල් නැමිය හැකි ය. පට්ටපල් බොරුවක් මත පදනම් වී කරන සංරක්ෂණය යනු ව්‍යාජයකි.

දැන් නෙළුව පාරට එමු.. නෙළුව පාරේ හෝටල් තිබුණා හෝ නැතා ඒ ප්‍රදේශයේ මිනිසකුගෙන් ඇසුවහොත් ඒ පාර අවශ්‍ය බව කියනු ඇත.

සිංහරාජ සීමාව හරහා යයි ද ආදී ප්‍රශ්න නෛතික ප්‍රශ්න ය. ඒවා වෙන ම විසඳාගත යුතු ය.

මෙහි දේශපාලනික වශයෙන් සංරක්ෂණවාදීන් ගෙනෙන තර්කය පාර නිසා ඒ ප්‍රදේශය තවත් සංවර්ධනයට නතු වී වන විනාශය සිදුවනු ඇති බව ය.

එහෙත් මේ පරිසර සංවිධාන මහත්තුරු ද අර කැලෑ කැපීම රෝමාන්තික වූ කාලයේ එළිපෙහෙළි වූ කොළඹ ඛනිජ තෙල්වලින් දුවන වාහනවලින් යමින් ජීවත් වෙති. පාසල් විශ්වවිද්‍යාල අනෙක් වෙළඳ ආයතන ආදිය අහෝසි කර දැමීමට ඔවුහු එකඟ නොවනවා පමණක් නොව ඔවුන් කියන්නේ ඒවා තව තවත් හොඳින් ශක්තිමත් කළ යුතු බව ය.

දැන් නෙළුවේ ජනයා කියන්නේ තමන්ට සංවර්ධනය නො දීම අසාධාරණ බව ය.

දැන් නෙළුවවාසීන් කුමක් කළ යුතු ද? එක්කෝ නෙළුවවාසීන් "ඌන සංවර්ධන" තත්වයේ තැබිය යුතු ය. මීට අර මහත්තුරු එකඟ නොවනු ඇත.

ඉතින් සංරක්ෂණවාදීන් දෙන විකල්පය මේවායින් ජනයා ඉවත් කොට නාගරිකව පදිංචි කරවීම ය. එවිට සංවර්ධන ප්‍රතිලාභ ලැබී කැලෑව ආරක්ෂා වනු ඇතැයි ඔවුහු සිතති.

සරලව ම පරිසර සංරක්ෂණය යනු ඇමරිකාව වල් නො වැදීම සඳහා ලංකාවේ කැලෑ තබා ගැනීම ය. කොළඹ මෙසේ ම තබා ගැනීම සඳහා නෙළුවේ කැලය තබා ගැනීම ය.

බටහිර නූතනත්වය විසින් ජනතාවගේ ඍජු අවශ්‍යතාව අධික පරිභෝජනය බවට පත් කොට ඇති අතර පරිසර සංරක්ෂණය වැනි දේ එහි අතහැරිය නොහැකි කොටි වලිග ලෙස පවතී.. ඒ කතාව එන්නේ පට්ටපල් බොරුවක් ලෙස ය. මේවා පහසුවෙන් "විද්වතුන්ට" අවශ්‍ය ලෙස භාවිත කළ හැකි උගුල් ය.

කැලෑ ආසන්න ගම්වල ජනතාව අලින්ගෙන් පීඩා විඳිති. ඔවුන්ගෙන් ඒ ගැන ඇසූ විට කියන්නේ අලි සමූලඝාතනය කළ යුතු බව ය (මට මතක විදිහට නයනක රන්වැල්ල ඇසූ විටෙක මිනිසුන් මෙසේ කී බව ලියා තිබුණි. නයනක රන්වැල්ල ම දැයි හරියට ම මතක නැත.). කෙසේ හෝ ඊළඟ ප්‍රශ්නය විදිහට අසා තිබුණේ එතකොට ඉස්සරහට ළමයෙකුට අලියා කියලා දෙන්නේ කොහොම ද යන්න ය. එවිට පිළිතුර වූයේ ඒකට ෆොටෝ එකක් ඇති යන්න ය. පරිසරවේදීන් සැලකිලිමත් වන්නේ ද අධ්‍යාපනය ගැන ය. 

දැන් නාගරික ප්‍රදේශවල ජනතාව රිය අනතුරුවලින් මරණයට පත් වෙති. අලින්ගෙන් සිදුවන මරණවලට වඩා මේ ප්‍රමාණය වැඩි යැයි ද අලින්ගෙන් සිදුවන හානි ප්‍රමාණයට වඩා වාහන නිසා සිදුවන හානි ප්‍රමාණය වැඩි විය හැකි ය (සමීක්ෂණයක් කොට බලන්න.)

එහෙත් රථවාහන තහනම් කරමු යැයි ඒ ජනතාවගෙන් මතු වන්නේ නැත. තහනම් කිරීමට ගියහොත් මහා පරිමාණ විරෝධයක් මතු වන්නේ සාමාන්‍ය ජනතාව තුළිනි.

වාහනය නූතනත්වයේ උපාංගයකි. අලියා අත අරින්න බැරි නිසා තියන් ඉන්නා එකෙකි! නූතනත්වයේ වාහනයක හැප්පී මැරී යාම අලියක ගසා මැරීම වැනි දුක්ඛිත මරණයක් නොව 'නම්බුකාර' මරණයකි. අලින් නැති ලෝකයක් හිතුවත් කාර් නැති ලෝකයක් යනු මේ මිනිසුන්ට භයංකාර හීනයකි.

සිංහල බෞද්ධ රාජ්‍යයක් යනු මිනිසුන්ට කැලෑ ඕනෑ වූ සමාජයකි. ඒ විද්වතුන්ගේ "පට්ටපල් බොරු" මත පදනම් වී අත හරින්නට බැරි කොටි වලිගයක් ලෙස සැලකීම නිසා නොව මිනිසුන්ගේ ජීවිතයේ කොටසක් වන බැවිනි. එවිට මිනිසුන් ම කැලෑ තබා ගනු ඇත. 

දැන් මෙවන් රාජ්‍යයක් සෑදීම සඳහා බාධාවක් හෝ උදවුවක් ගෝඨාභයගේ සංවර්ධන ආකෘතියෙන් සිදු වේ ද යන්න ගැන මගේ අදහස මෙසේ ය.

නූතනත්වය සංවර්ධනය ජාතිකවාදය සඳහා උදවුවක් යැයි මට සිතෙන්නේ නැත. අනික් අතට ගෝඨාභය ආණ්ඩුවෙන් මහා සංවර්ධන වික්‍රමයක් කළ හැකි යැයි සිතෙන්නේ නැත. එහි සංවර්ධන ආකෘතියේ ම ප්‍රශ්නයක් පවතී.. එහෙයින් මේ විවිධ ගැටුම් අතරතුර දී මේ ආණ්ඩුවට අත් කරගන්නා සීමිත සංවර්ධනයේ අමුතු වාසියක් හෝ පාඩුවක් ජාතිකවාදයට වේ යැයි මට පෙනෙන්නේ නැත. එනම් එතරම් හොඳක් නරකක් සිදුවනු ඇත. ගෝඨාභය ආණ්ඩුවෙන් එන වාසිය ඇත්තේ දේශපාලනිකව ය.

නූතනත්ව සංවර්ධනයේ ඇති උපාංග භාවිත කිරීම පිළිබඳව මාගේ විරෝධයක් නැත. විරුද්ධ වෙන්නේ මේ සංවර්ධනය සිදුවන ඉහත දැක්වූ ආකාරයට ය.

අනික් අතට නූතනත්ව සංවර්ධනය නිසා විවේකය වැඩි වේ යනා දී දේ මට හිතෙන්නේ නැත. මිනිසුන් පාන්දර නැගිට ගොවිතැනට ආදී දේවල්වලට යාම යන්ත්‍ර සූත්‍ර නිසා නැති වී ජීවිතයේ විවේකය වැඩි වන බව කියන බොහෝ දෙනා උදේ පාන්දර නැගිට සෙනඟ පිරුණු බස්වල එල්ලී මිරිකී වැඩට යති. අවුරුදු ගණන් පාසල් විශ්වවිද්‍යාලවල විප්‍රකාර විෂය නිර්දේශ සමඟ පොර බදති. එක ම දේ උදේ ම ගොවිතැනට යාම ප්‍රාථමික හා මෙය එසේ නැත යැයි සිතීම ය.

තාක්ෂණය ආදියෙන් ප්‍රශ්න විසඳන බව සැබෑ ය. එහෙත් ඒ විසඳන ප්‍රශ්නවලින් සාතිශය බහුතරය තාක්ෂණය නිසා ම ඇති වූ ප්‍රශ්නය..

මා සිතන සිංහල බෞද්ධ රාජ්‍යයෙහි ද තාක්ෂණය භාවිත කරනු ඇති අතර එය වැඩි දියුණු කෙරෙනු ඇත. එහෙත් තාක්ෂණය නිසා ම ප්‍රශ්න හද හදා ඒවා විසඳීමට තාක්ෂණය ගෙන ඒමේ විසම චක්‍රය වෙත නොයනු ඇත.

ගෝඨාභය පාලනයේ ජාතිකත්වය ස්වාධීන රටක රාජ්‍ය මැදිහත් වීම සහිත කෘෂිකර්මය හා කුඩා කර්මාන්ත "ආරක්ෂා කිරීම" සහිතව බටහිර වාණිජවාදී සංවර්ධනයක් වනු ඇත. සුපුරුදු වචනයෙන් ආසියාතික වටිනාකම් සහිත බටහිර නූතනත්වයේ රාජ්‍යයක් එහි අරමුණ වනු ඇත.

ඇත්තෙන් ම සාර්ථකව මෙවැන්නක් පූර්ණව බිහි කරගැනීම නම් සිංහල බෞද්ධ රාජ්‍යයකට බාධාවක් වනු ඇත. එහෙත් මේ ගැන බිය වීමට කරුණක් නැත. ඒ සඳහා ගෙන යන ආකෘතියේ ම ඇති සීමා මායිම් නිසා මහා විස්මජනක වෙනසක් සිදු නොවනු ඇත. එනම් එක් සීමාවකින් පසු මේ සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථක නොවනු ඇත. බාධාවක් නොවන සුළු සුළු දේ හා නොගිණිය හැකි වාසි පාඩු ලැබෙනු ඇත. එහෙත් දේශපාලනිකව ගෝඨාභය ආණ්ඩුව සිංහල බෞද්ධ රාජ්‍යයක් කරා යාම පිණිස වාසි සහගත ය.

අවසාන වශයෙන් කිවයුත්තේ සිංහල බෞද්ධ රාජ්‍යයක දී මිනිසුන්ගේ දිවි පැවැත්මේ දැනට වඩා අමුතු වෙනසක් සිදු නොවන බව අදහස් කරන ජාතිකවාදියකු කවරක් කියන්නේ දැයි මට නො වැටහේ.

ජාතිකවාදයේ දී ස්වාධීන ජාතික රාජ්‍යයක් පිහිටුවා එහි සංවර්ධනය සඳහා ඕනෑ ම ආර්ථික තාක්ෂණික උපක්‍රමයක් භාව්ත කිරීම වලංගු යැයි කීම ප්‍රංශ සිවික් ජාතිකවාදයේ ලක්ෂණයකි.

කවුරුන් හෝ සිංහල බෞද්ධ රාජ්‍යයක් දේශපාලනිකව ගොඩනංවා එයට ඕනෑම සංවර්ධන මාදිලියක් (නූතන බටහිර සංවර්ධනය වුවත්) යොදා ගත හැකි ය කියන්නේ නම් මට එය වැටහෙන්නේ පරස්පරයක් ලෙසයි.

මේ කතාව තව සරල කළහොත් මෙසේ දැක්විය හැකි ය.

"අපේ චින්තනයේ දැනුමක් නිපදවිය යුතු ය, එය කළ හැකි ය. එහෙත් එවන් දැනුමක් නොමැතිව බටහිර දැනුමින් ම වුවද සාර්ථකත්වය උදාකරගැනීමට හැකි ය."

මෙය තර්කයක් සේ පිළිගතහොත් එයින් කියැවෙන්නේ අපේ චින්තනයේ දැනුම නිපදවීම යනු අමතර වැඩක් බවයි.. එයින් කිසි ප්‍රයෝජනයක් නැත... එය හුදෙක් අභිමානය හෝ විනෝදය සඳහා කරන වැඩකි. රට ස්වාධීනව ස්වෛරීව තබා ගැනීම සෑහේ.. අපේ දැනුමකින් කරන දේ ම බටහිර දැනුමෙන් වුව ද කළ හැකි ය.
එසේ නම් අපේ දැනුමක් අලුතෙන් ගොඩ නැංවීමට මහන්සි වන එකේ තේරුමක් ම නැත..

මෙතන මට පෙනෙන්නේ සංරක්ෂණවාදීන්ගේ තර්කයයි. බටහිර දැනුමෙන් ම වැඩකරගත හැකි නමුත් අපේ දැනුම හා එවන් දැනුමක් සෑදීම වලංගු ය යන ප්‍රවේශය ආරක්ෂා කොට ගත යුතු ය. එනම් මෙය තනිකර සංස්කෘතිය රැකගැනීමේ වර්ගයේ කෞතුකාගාර ව්‍යාපෘතියකි... සිංහල වෙදකම බටහිර වෛද්‍ය ක්‍රමයට අවශෝෂණය කරගෙන භාවිත කිරීම හොඳ වුවත් අපේ ප්‍රෞඩත්වය උදෙසා වෙදකම පවත්වාගෙන යා යුතු ය වැන්නකි...

මගේ සිංහල බෞද්ධ ජාතිකත්ව ප්‍රවේශය එසේ නො වේ. මා දකින්නේ,

1. බටහිර දැනුම හා සංවර්ධනය ලංකාවේ සාර්ථක කරගත නො හැකි ය.
2. යුරෝපයේ සාර්ථක වූ එම පද්ධතිය ද දැන් කඩා වැටෙමින් පවතී.
3. එම නිසා අප අපේ සාර්ථකත්වයක් උදෙසා අපේ දැනුමකට හා අපේ දිවි පැවැත්මකට යා යුතු ය.
4. අත්‍යන්තයෙන් ම එම දිවි පැවැත්ම වර්තමාන නූතනත්ව සමාජයේ ජීවිතයේ සිට පරිකල්පනය කිරීමට උත්සාහ කළ විට කැලඹීමක් ඇති කරන්නක් වීම අනිවාර්ය ය.
(උදාහරණ ලෙස සිංහල බෞද්ධ රාජ්‍යයේ දිවි පැවැත්ම යනු හුදෙක් පාසල්වල අත් බෙහෙත් ඉගැන්වීම වැනි ඊළඟ අවුරුද්දට පණතක් ගෙනත් සරලව ස්ථාපනය කළ හැකි කැලඹිලිකාරී නොවන දෙයක් වනු ඇත.

උදාහරණයක් ලෙස මා සිංහල බෞද්ධ රාජ්‍යය ලෙස දකින්නේ බටහිර ඇලොපති වෛද්‍ය ක්‍රමය මෙරටින් අතු ගා දැමීම වැනි වැඩ ය. - මේ කියන්නේ නීතියෙන් තහනම් කිරීම නො වේ. එය මිනිසුන් පොදුවේ භාවිත වන වෛද්‍යක්‍රමයක් නොවන තැනට පත් කිරීම ගැන ය. ඒ සඳහා ගමනේ දී වෛද්‍ය අධිකාරීත්වය තර්ජනයක් වන තැනේ දී ඒවා නීතියෙන් අඩපණ කිරීම, තහනම් කිරීම, අධෛර්යවත් කිරීම වැනි ක්‍රියාමාර්ග අවශ්‍ය වුවහොත් භාවිත කිරීමට මගේ විරෝධයක් නැත.- මෙවන් දේ මෙසේ කැලඹිලිකාරී නො වී පරිකල්පනය කළ නො හැකි ය.. මිනිස්සු මරන්න ද යන්නේ කියලා මෙයට අනිත් අතට අසන අය බොහෝ සිටිය හැකි ය. ඇත්තෙන් ම සිංහල බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත වූ පසුව මෙසේ ඇසූ මිනිසුන්ව සලකනු ඇත්තේ ජීවිත වැඩි පුර සුවපත් වීම වැළකීමට තැත් කළ කාලකණ්ණින් වශයෙනි. එහෙත් ඊට පෙර මොවුන් පෙනිය හැක්කේ ප්‍රායෝගික මිනිසුන් වශයෙනි.. පහසුවෙන් ප්‍රායෝගික ලෙස දැන් ම ම පෙනෙන කිසිදු ජීවන ක්‍රමයක් සිංහල බෞද්ධ රාජ්‍යයට අයත් යැයි මම නො සිතමි. මේ දැන් ම ප්‍රායෝගික වන ඕනෑ නම් දැන් වුණත් රජයකට කළ හැකි ය කියා සාමාන්‍ය මිනිසුන්ට හිතෙන ඒවා තියෙන්නේ මේ බටහිර නූතනත්ව තුළ ම මිස සිංහල බෞද්ධ රාජ්‍යයේ නොවේ.

එතෙක් ගෝඨාභය වැනි ආණ්ඩු මඟින් දේශපාලනිකව ජාතිකත්ව හැඟීම වර්ධනය කිරීම, ස්වාධීනත්වය රැක ගැනීම හා දේශපාලන ස්ථාවරත්වයක් ලබා දී තිබෙනු ඇත. මෙය මේවා එක්ක එල්ලී එල්ලී ඉන්නට වෙනවාට වඩා සිංහල බෞද්ධ රාජ්‍යයක් කරා යොමු වීමට පහසුවකි.

දිලිත්ගේ යෝජනාව

 දිලිත් ජයවීර අමුතු යෝජනාවක් කර තිබෙන බැවින් මේ ගැන යමක් ලිවිය යුතු ම ය. නැතිනම් මේවාට අපත් කැමති යැයි සිතීමට ඉඩ ඇති නිසා මෙය ලියා තබමි. බෙදා හරින ලෙස ද ඉල්ලමි.


දිලිත් ජයවීර මහතා අලි සබ්‍රි වෙත අධිකරණ ඇමති ධූරය යෝජනා කර තිබේ.. මෙයට එක හෙළා ම අප විරුද්ධ බව සඳහන් කළ යුතු ය. 


අලි සබ්‍රි ජනාධිපතිවරයාට සහය වූ අයකු ලෙස මන්ත්‍රීධූරයක් දීම වරදක් නො වේ. මට ඔහු ගැන එතරම් පැහැදීමක් නැතත් ඒ සඳහා මගේ අකැමැත්තක් නැත. එහෙත් අධිකරණ ඇමති ධූරය දීම සඳහා දිලිත්ගේ යෝජනාව තරයේ ම ප්‍රතික්ෂේප කරමු.


පළමුව පෞද්ගලික නීතිඥවරයා අධිකරණ ඇමති කිරීම හොඳ පූර්වාදර්ශයක් නො වේ..


අනෙක් අතට ඡන්ද ව්‍යාපාරය තුළ සිදු වී සිද්ධි දෙකක් නිසා අලි සබ්‍රි පිළිබඳව විශ්වාසය පළුදු වී ඇත.


1. මා අකැමැති ම පුද්ගලයකු වන්නේ මධුමාධවයි.. එහෙත් ඔහුව නිහඬ කිරීම සිදුවූයේ ඔහුගේ පක්ෂයේ ගම්මන්පිලට ද උඩින් ගොස් අලි සබ්‍රිගේ මැදිහත් වීම නිසා ය.. අනෙක් අතට මධු මාධවගේ වැඩ කටයුතු ගැන ප්‍රසාදයක් නැතත් එවේලේ අදාළ කරගත් කතාවේ ඇති ප්‍රශ්නයක් මට නම් පෙනෙන්නේ නැත.


2. සිංහල වෙනුවට ශ්‍රී ලාංකික උප්පැන්න සහතිකයේ යෙදීම මාරයි යන්න අලි සබ්‍රි ද මූලික වී කළ ප්‍රචාරයකි..


මේ නිසා ඔහු ගැන පැහැදීම අපට පළුදු වී ඇත. යම් තනතුරක් දීමට විරුද්ධ නැතත් ඔහුට පැමිණි මුල් මොහොතේ ම අධිකාරණ ඇමති ධූරය වැන්නක් දීමට අප තරයේ විරුද්ධ ය. 


මෙය මෙසේ ම ලියුවේ මෙය දිලිත් ජයවීර යෝජනා කර ඇති බව දුටු බැවිනි. ඒ නිසා එය සැලකිය යුතු බරකින් සලකන්නට ඉඩ තිබේ..


මේ නිසා අප තරයේ ම ඊට විරුද්ධ බව සටහන් කර තබමි.


                 - තමලු


විසංවාදයට විකල්ප පැවැත්ම Alterity to Contradiction


විසංවාදයට විකල්ප පැවැත්ම         

 - තමලු මලිත්ත පියදිගම



අනිවාර්ය වූ දෙයක් (necessary entity) ප්‍රතික්ෂේප කරන්නකුට විසංවාදය පරම වශයෙන් සිදු නොහැකි යැයි ප්‍රතික්ෂේප කොට දැමිය හැකි ද?

මෙයසූගේ දර්ශනය අනුව ආපාතිකත්වය (contingency) (ඇතැම් විට සත්‍ය වීමටත් තවත් විටක අසත්‍ය වීමටත් ඇති හැකියාව) පරමවශයෙන් අනිවාර්යය ය. මේ නිසා සියලු විට පැවැතිය යුතු දෙයක් තිබිය නො හැකි ය. මේ අනිවාර්ය වූ දෙයක පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමයි.

විසංවාදී (contradiction) දෙයක් අනිවාර්ය දෙයක් වේ යැයි කිව හැකි නම් අනිවාර්ය දේ ප්‍රතික්ෂේප කරන්නකුට විසංවාදී දේ ප්‍රතික්ෂේප කළ හැකි ය.

විසංවාදී දෙයක් තවත් දෙයකට පරිවර්තනය විය නො හැකි ද? එනම් විසංවාදී දෙයකට එහි නො වීම ලෙස වෙනත් දෙයක් නොපවතී ද?

1. යම් වස්තුවක් එක් ගති ගුණයකින් විසංවාදී වී තවත් ගති ගුණයකින් එසේ නො විය හැකි ය.

එවිට එම වස්තුවට මුල් ගති ගුණයේ පැවැත්ම හා නොපැවැත්ම දෙක ම තිබුණ ද දෙවනි ගති ගුණය එසේ නැති නිසා වෙනස් විය හැකි ය. වෙනෙකකට පරිවර්තනය විය හැකි ය.

එම නිසා විසංවාදී වස්තුවක් අනිවාර්ය නො වේ.

මෙවන් වස්තුවක් බැහැර කිරීමට මෙයසූට තර්කයක් නැත. ඔහු කියන්නේ මෙවන් ආකාර වස්තු ගැන සංගත අදහසක් මෙතෙක් ඉදිරිපත්ව නැති බවයි. පාර-සංගත තර්ක ශාස්ත්‍රය වස්තුවක් ගැන ප්‍රතිවිරුද්ධ ප්‍රස්තුත එකට පැවැත්ම පමණක් මිස එක ම වස්තුවේ ප්‍රතිවිරුද්ධ ගුණ තිබීමක් ගැන නොකියන බව ඔහු කියයි.

චතුස්කෝටිකය පිළිබඳ සාක්ච්ඡාව අත් හළ ද ක්වොන්ටම් භෞතික විද්‍යාව යනු සංගත වූත් විසංවාදී වූත් ප්‍රයෝජ්‍යතාවක් ඇති ආනුභවිකව පරීක්ෂා කර බැලිය හැකි පිළිතුරු ලබා දෙන එවන් පද්ධතියකි.

සාමාන්‍යයෙන් සම්භාවිතාව ආපතිකත්වය (contingency) සම්බන්ධ කතාවකි. වස්තුවකට යම් යම් අවස්ථා සමූහයකින් එක් අවස්ථාවක් ගත හැකි ය. ඒ සියලු අවස්ථා ගැනීමේ සම්භාවිතා තිබීම යනු එක ම වස්තුවේ වාර විශාල ගණනක් හෝ සමරූපී වස්තු විශාල ගණනක විවිධ අවස්ථා ආපතිකව ලබා ගන්නා අවස්ථාවල අනුපාතයි.

දැන් ක්වොන්ටම් භෞතිකය එසේ නො වේ. සඟල සිදුරු පරීක්ෂණයේ සිදුරු දෙක ම විවෘත විට ඒ ඒ සිදුරුවලින් යාමේ සම්භාවිතාව යනු ඉලෙක්ට්‍රෝන විශාල ගණනකින් එක් එක් ඉලෙක්ට්‍රෝනය එක් එක් සිදුරෙන් යෑමෙන් ඇතිවන අනුපාතය නො වේ. එක ම ඉලෙක්ට්‍රෝනය සිදුරු දෙකින් ම යෑමේ ප්‍රතිඵල ඒ ඒ අනුපාතයෙන් ඇති කරයි.

ක්වොන්ටම් භෞතිකයේ සම්භාවිතාව විසංවාදයේ මිම්මකි. එනම් එක ම ඉලෙක්ට්‍රෝනය සිදුරු දෙකින් ම යා හැකි ය. එහෙත් ඒ තැන් දෙකේ ඉලෙක්ට්‍රෝනයේ පිටපත් දෙකක් නොපවතී. ඇත්තේ එක ඉලෙක්ට්‍රෝනයකි.

දැන් මෙවන් පද්ධතියක් ඇති විට එය මඟ හැර යාම මෙයසුගේ වරදකි.

2. මෙයසුට අනුව මෙතෙක් විස්තර කොට ඇති විසංවාදී පද්ධති තාර්කිකව අසංගත (inconsistence) ද වේ. එනම් විසංවාදයක් ඇත් නම් එහි සියලු ම දේ විසංවාදී වේ.

දැන් මෙයසූ බැහැර කරන්නේ විසංවාදී පද්ධති නොව අසංගත පද්ධතිය.

අසංගත පද්ධතියක් වෙනස් නොවීම අනිවාර්ය ද?

මෙයසූ උදාහරණයට ගන්නේ සියල්ල ඇති වී නැති වෙන ඕඝයක් (flux) වූ පද්ධතියකි.

ඔහුට අනුව පැවැත්ම නොපැවැත්ම දෙක ම මෙහි එකවිට ඇති නිසා පවතින විට ද නොපවතියි, නොපවතින විට ද පවතියි.

එම නිසා මෙය වෙනත් යමකට පෙරළීමට නො හැකි ය. කවර විටකත් එය පවතින බැවින් එය අනිවාර්යතාවකි. එම නිසා එය බැහැර කළ හැකි ය.

මෙය අසාර්ථක තර්කයකි. මෙවන් අසංගත පද්ධතියක විස්තරය හඳුනා ගැනීම හා සමඟ ම එය ශුද්ධ පැවැත්මෙන් හා ශුද්ධ නොපැවැත්මෙන් වෙන් කර ගැනෙයි. එනම් මෙවන් පද්ධතියක හා ශුද්ධ පැවැත්ම හෝ නොපැවැත්ම ලෙස හඳුනා ගන්නා පද්ධතියක පැහැදිලි විභේදනයක් ඇත. එහෙයින් මේ අසංගත පද්ධතියට අසංගත නොවන ශුද්ධ පැවැත්මේ හෝ නො පැවැත්මේ පද්ධතියක් විය හැකි ය.

පැවැත්ම හා නොපැවැත්ම එක විට පවතින පද්ධතියක් එක්වර ම ශුද්ධ පැවැත්ම පමණක් වන සේ නොපැවැත්ම රහිත අන්‍ය ස්වභාවයකට පත්වීම හෝ පැවැත්මේ සංරචකය සිඳී ගොස් ශුද්ධ නොපැවැත්මේ අන්‍ය ස්වභාවයකට පත් වීම සිදු විය හැකි ය. මෙවන් අන්‍ය ස්වභාව ඇති නිසා අසංගත පද්ධතියක් අනිවාර්ය නො වේ.

මෙය චතුස්කෝටිකයේ අගයන් හා කෝටික පිළිබඳව කතාව ය. චතුස්කෝටිකයේ අගයන් දෙකෙහි එක් අගයක් ලබාගත් අගයන් දෙක ම ලබා ගත් අගයන් කිසිවක් ලබා නො ගත් සේ විකල්ප (කෝටික) සතරක් ඇත. විසංවාදී හෝ අසංගත අවස්ථා අනිවාර්යතා නො වේ.

මෙයසුගේ විශ්වාසය

මෙයසුගේ විශ්වාසය



මෙයසු, ග්‍රැහැම් හාමන් සමඟ කරන සංවාදයක තමා මනසින් බාහිර ලෝකයක් 'විශ්වාස' නොකරන බවත් එය පවතින බව තමා 'දන්නා' බවත් කියයි.

මෙහි ඇති පෙරළි කොමාවලින් පෙනෙන්නේ හුදෙක් විශ්වාසයක් හා දැනුම යන්න පෙන්වීමේ මෙයසුගේ වුවමනාව බවත් එය දැනුම විශ්වාසයක් නොවන බව කීමක් නොවන බවත් මෙයසුගේ ලංකා නියෝජිතයන් පිළිගන්නේ නැත.

අපි මේ මතය තර්කය සඳහා පිළිගනිමු. දැනුම හා විශ්වාසය බහිෂ්කාරකය. ඒවා දෙකකි. දැනුම විශ්වාසයක් නො වේ.

මෙයසූට මනසින් බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව සාධනයක් පවතී. ඒ සාධනය අනුව ඔහු මනසින් බාහිර ලෝකයක් පවතින බව දනී. ඔහු එය විශ්වාස නොකරයි.

මේ සාධනය සත්‍ය දැයි ඇසූ විට ඒ එසේ යැයි මෙයසූ පවසනු ඇත. 

දැන් අප මෙයසුගෙන් මෙසේ අසමු.

මනසින් බාහිර ලෝකයක් ඇති බවට ඔබේ සාධනය සාවද්‍ය බව අනාගතයේ පෙනී යා නො හැකි ද? එසේ නැතිනම් වෙන අයකු එම සාධනයේ අඩු පාඩුවක් සොයා පෙන්වීමට ඉඩකඩක් ඇති ද?

මෙයසූට මෙසේ කිව හැකි ය. මෙම සාධනය නිවැරැදි ය. අඩුපාඩු වැරදි නැත.

දැන් අප ඍජුව ප්‍රශ්න කරන්නේ මෙවැනි අඩුපාඩුවක් තමා ම සොයා ගැනීම හෝ පෙන්වා දීම අනාගතයේ පරම වශයෙන් විය නො හැකි බව මෙයසූ කියන්නේ ද යන්නයි.

එහි පිළිතුර ඔවු නම් අපට පෙරළා තර්ක කළ හැක්කේ මෙයසූට තමාගේ තර්කවලට වලංගු විවේචන ඒමේ හෝ සංස්කරණය වීමේ හැකියාව පිළිගැනීම දෘෂ්ටිවාදී සූදානම නොමැති බවයි. එවිට මෙයසූ දර්ශනවාදී ශික්ෂණය තුළ ස්ථානගත කිරීම ප්‍රශ්නකාරී වේ. මේ ස්ථාවරය බොහෝ විට ආගම අර්ථකථනය කිරීමට යෙදීම මෙයසූ අර්බුදයට ලක් කරයි.

එහෙත් මේ ආකාරයේ ප්‍රශ්නයක් ඇති වේ යැයි මම විශ්වාස නො කරමි. මෙයසූ ශාස්ත්‍රාලයීය සම්ප්‍රදායට එකඟ වෙමින් යම් අයකුට හෝ තමාට තම සාධනවල අඩු පාඩු පෙනීමේ හා පෙන්වීමේ ඉඩකඩ යනු පවතින්නක් හා තමා ඒ සඳහා විවෘත බව කියනු ඇත.

දැන් වංගීසගේ අර්ථකථනය අනුව මෙයසුගේ බාහිර ලෝකයක පැවැත්ම අදහස දැනුමක් වන අතර එය මෙයසුගේ විශ්වාසයක් නො වේ. දැන් මේ දෘෂ්ටිවාදී විවෘත භාවය සමඟ මෙය අප විග්‍රහ කරගත යුත්තේ කෙසේ ද?

සාධනයේ වරදක් පෙනීමේ පෙන්වීමේ විය හැකියාව පිළිගැනීම යනු තමාට බාහිර ලෝකය පිළිබඳව කියූ දේ ඒ ගැන දැනුමක් නො වීමේ හැකියාව පිළිගැනීමකි. එවිට තමාගේ ක්‍රියාකාරීත්වය බාහිර ලෝකය පිළිබඳව ප්‍රස්තුතයක් විශ්වාස කිරීමකි.

පැහැදිලිව ම මෙයසූ බාහිර ලෝකයක පැවැත්ම විශ්වාස කරයි. ඔහුගේ ඒ විශ්වාසය සාධාරණ යැයි කීමට ඔහුට සාධනයක් පවතී. මේ සාධනය සත්‍ය බව ඔහු විශ්වාස කරයි. ඒ සාධනයේ අඩුපාඩු හෝ වැරදි තිබීමේ හා ඒවා අනාගතයේ පෙනීමේ හෝ පෙන්වා දීමේ හැකියාව විවෘතව තබා ගන්නා තුරු ඔහුට ඇත්තේ විශ්වාසය සාධාරණ යැයි කීමට ප්‍රබල සාක්ෂ්‍ය ඇති බැවින් තමාගේ විශ්වාසය දැනුමක් බව ය. එම සාධාරණ යැයි කීමට ඇති සාක්ෂ්‍ය වෙනස් වීමෙන් තමා මෙතෙක් කළ විශ්වාසය තව දුරටත් දැනුමක් ලෙස සැලකීමට නො හැකි බව ඔහුට කිව හැකි ය.

එවිට එය දැනුමක් ලෙස සැලකූ කාලයේ ඔහු කර සිටින්නේ එය විශ්වාස කිරීමකි. අනෙක් අතට සාධනය වැරදි හෝ අඩුපාඩු සහගත බවට පෙන්වූවා යැයි කියමු. එවිට මෙයසුගේ අදහස තවදුරටත් දැනුමක් නො වේ. එහෙත් විශ්වාසය එතෙකින් බිඳ වැටෙන්නේ නැත. බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව තම පැරණි සාධනය බිඳ වැටුණ ද තමා පෙර මෙන් ම තවදුරටත් එය විශ්වාස කරන බවත් එම වැරදි මඟ හැර අලුත් සාධනයක් සඳහා උත්සාහ කරන බවත් කිව හැකි ය.

එහෙයින් අපට දැකිය හැක්කේ දැනුම ද විශ්වාසයක් ලෙස ම පවතින බව ය. දැනුමට ඊට අමතරව එය පිළිගැනීම සඳහා සංගත සාක්ෂ්‍ය හා සාධන තිබිය හැකි ය. එසේ තිබීම විශ්වාසයට අනුපූරකයක් වනවා මිස විශ්වාසයක් නොවන්නක් කරවන්නේ නැත.

  • අනෙක් අතට දැනුමක් වීම සඳහා හේතුවුණු සාධනය කෙරෙහි ඇත්තේ විශ්වාසයකි. එහි සාවද්‍යතා සඳහා දෘෂ්ටිවාදී ඉඩකඩ තබා ගැනීම යනු එය විශ්වාසයක් බවට පත් වීමයි. එවිට් එම සාධනයෙන් යුක්ති යුක්ත කෙරෙන දැනුම විශ්වාසයක් නො වන්නේ කෙසේ ද? ඒ දැනුමට සාධනයක් ඇති බව සැබෑ ය. සාධනයක් තිබීමෙන් එය විශ්වාසයක් නො වී තිබෙන්නේ නැත. සාධනය කෙරෙහි ඇත්තේ ද විශ්වාසයක් හෙයිනි.

පහත ප්‍රශ්නෝත්තරවලින් මෙය ඉවර කරමු.

- දැනුම විශ්වාසයක් ද?

දැනුම විශ්වාසයක් නොවේ. ඒ දෙක දෙකකි.

- මෙයසූගේ බාහිර ලෝකය ගැන අදහස දැනුමක් ද විශ්වාසයක් ද?

එය දැනුමකි. ඔහුට ඒ ගැන සාධනයක් පවතී.

- මෙයසුගේ සාධනය අඩුපාඩු සහගත හෝ වැරදි බව අනාගතයේ පෙනීමේ හෝ පෙන්වීමේ ඉඩකඩක් තිබීමේ හැකියාවට ඔබ දෘෂ්ටිවාදීව විවෘත ද?

ඔව්.

- එසේ නම්, ඒ ඉඩකඩ යටතේ එවන් අවස්ථාවක අඩුපාඩු පෙන්වා දෙනු ලැබේ නම් බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව අදහස දැනුමක් බව තව දුරටත් කිව හැකි ද?

නැත. එය දැනුමක් නො වේ. ඔහුගේ අදහස අසත්‍ය බව එයින් ම කිව නො හැකි ය. තවත් සාධනයක් ගෙන ඒමට ඔහුට ඉඩකඩ පවතී. එහෙත් එතෙක් එය දැනුමක් නො වේ.

- එවන් ඉඩකඩක් යටතේ එසේ පෙන්වා දෙනු ලැබූ විට එතෙක් කල් මෙයසූ බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව දැන සිටි බව කිව හැකි ද?

නො හැකි ය. ඔහුගේ සාධනය වැරදි නිසා එය දැනුමක් නො වේ.

- එවිට එම කාලය තුළ ඔහු බාහිර ලෝකයක් විශ්වාස නොකළේ ද?

ඔහු බාහිර ලෝකයක් විශ්වාස කළේ ය. ඔහුගේ සාධනය සත්‍ය යැයි ඔහු විශ්වාස කළේ ය. මේ නිසා තමා බාහිර ලෝකයක් ඇතැයි දන්නවා යැයි විශ්වාසයක ද සිටියේ ය.

- දැන් මෙයසූ බාහිර ලෝකයක පැවැත්ම දන්නවා යැයි සිතා සිටි කාලය තුළ ම බාහිර ලෝකයක පැවැත්මක් විශ්වාස කර තිබෙනවා නො වේ ද? මේ නිසා විශ්වාසය හා දැනුම බහිෂ්කාරක යැයි කිව හැකි ද? සාධනයන් හා සාක්ෂ්‍ය අඩුපාඩු සහගත වීමේ දෘෂ්ටිවාදී ඉඩකඩ පිළිගැනීම යනු ම තමාගේ දැනුම විශ්වාසයක් වීමේ ඉඩකඩ පිළිගැනීම නො වේ ද? 

එවිට දැනුම විශ්වාසයක් නොවන්නේ කෙසේ ද? 

දැනුම සාක්ෂ්‍ය හා සාධන මඟින් අනුපූරනය වූ විශ්වාසයක් පමණි.

ගුරුත්ව හීනය

ඔන්න ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා මයි ඒක නෑ කියන්නේ මොන බූරුවෙක් ද කියල හිතන ලංකාවේ එකෙක් හීනයක් දකිනවා. හීනෙන් නිවුටන් අයින්ස්ටයින් එක්ක බර කතාවක.


අයින්ස්ටයින්: ගුරුත්වාකර්ෂණ බලයක් නෑ.

නිවුටන්: යකෝ එතකොට ඇපල් ගෙඩිය උඩ යන්නේ නැතුව ත්වරණයකින් බිමට වැටෙන්නේ ඇයි?

අයින්ස්ටයින්: වස්තුවකට බලයක් නැතිව ගමන් කළ නො හැකි ද?

නිවුටන්: ඔව්. ඒකාකාර ප්‍රවේගයෙන් නම් යන්න පුළුවන්. (මගේ පළවෙනි නියමය)

අයින්ස්ටයින්: බලයක් නැතුව ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ කොහොම ද?

නිවුටන්: ඒක තමා අවකාශයේ හැටි.

අයින්ස්ටයින්: ඕයා දන්නේ කොහොම ද අවකාශයේ හැටි ඒකාකාර ප්‍රවේගයෙන් යන එක මයි වෙන විදිහක් නෙවේ කියලා.

නිවුටන්: ආ.. ඒ... මං මේ නිකම් හිතුවා.

අයින්ස්ටයින්: එතකොට මේ ඇපල් ගෙඩිය පහළට යන්නෙ ම අවකාශයේ හා කාලයේ සාමාන්‍ය ස්වභාවය නිසා වෙන්න බැරි ද?

නිවුටන්: සිරාවට! මට ඒක කල්පනා වුණේ නෑනේ.

දැන් හීනේ දකින ලංකාවේ එකාට ඉවසිල්ලක් නෑ. මිනිහා කඩන් පැන්නා සංවාදෙ මැද්දට

ලං:  ඒකාකාර වේගයෙන් වස්තු බලයක් නැති විට යන්නේ. පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා.

නිවුටන්: සිරාවට! මම දන්නෙත් නෑනේ.

අයින්ස්ටයින්: මොනවා ද ඒ පරීක්ෂණ.

ලං: ආ.. ආ.. මේ... මේ..

අයින්ස්ටයින්: බලයක් නැති විට වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ කාට සාපේක්ෂව ද?

ලං: පොළොවට. කියල නැත්නම් පොළොවට සාපේක්ෂව කියලා අපේ ටියුෂන් සරුත් කීවා.

නිවුටන්: පොළොවට!! මිනිහෝ මං පොළොව වටේ ඉර යනවයි කීවා කියල ද කියන්නේ.

ලං: නෑ නෑ. ඒ ඒ ගාණට ගැළපෙන රාමුවට සාපේක්ෂව ගන්න ඕනේ.

අයින්ස්ටයින්: කොහොම ද ඒ හරියන රාමුව හොයන්නේ.

ලං: අර... මේ...

නිවුටන්: ප්‍රශ්නයක් ආපු ගමන් උඹේ සර්ගෙන් අහන්න කියල ද කියන්නේ මොකක් ද රාමුව කියලා.

අයින්ස්ටයින්: ඇත්තට ම නිවුටන් කීවේ මොන රාමුවට සාපේක්ෂව ද ඕක.

නිවුටන්: හිස් අවකාශයට සාපේක්ෂව.

අයින්ස්ටයින්: එහෙම ද? එතකොට වස්තුවක් හිස් අවකාශයට සාපේක්ෂව චලනය වෙද්දී  වස්තුවට සාපේක්ෂව හිස් අවකාශයට වෙන්නේ මොකක් ද?

නිවුටන්: අනිත් අතට චලනය වෙනවා.

අයින්ස්ටයින්: හිස් නම් චලනය වෙන්නේ මොකක් ද?

නිවුටන්: (ඔළුව කසමින්) ඒක අවුලක් තමා. අදෘශ්‍යමාන ද්‍රව්‍යයක් ඊතරයක් අවකාශයේ තියෙනවා කියලා ගත්තොත් වැඩේ හරි වගේ නේ ද?

අයින්ස්ටයින්: එතකොට ආලෝකය

නිවුටන්: ඊතරයට සාපේක්ෂව තමයි යන්න ඕනේ.

අයින්ස්ටයින්: එහෙනම් එක එක්කෙනාට සාපේක්ෂව ආලෝකයේ ප්‍රවේග වෙනස් වෙන්න ඕනේ.  ඒ වුණාට මයිකල්සන් හා මෝර්ලි ඔය පරීක්ෂණය කරලා බැලුවා. හැමෝට ම එන දෘශ්‍ය වේගය එක ම අගයක්.

නිවුටන්: එහෙනම් හිස් අවකාශය කතාව අවුලක් බව පිළිගන්නවා.

අයින්ස්ටයින්: එහෙම රාමුවක් නැත්නම් හිස් අවකාශයේ වස්තු මෙහෙම යනවා කියලා නිශ්චිතව කියන්න ඔයාට කොහොමත් බෑනේ. පළවෙනි නියමය ම අවුල් ජාලාවක්. උඹට කියන්න තිබ්බේ බලයක් නැති සියලු වස්තු නිදහසේ වැටේ කියලා.

ලං: ඒ වුණාට නිවුටන්ගේ සූත්‍ර හරි නේ ඒකෙන් හදපු පාලම් කඩන් වැටෙන්න එපැයි. හඳට රොකට් යන්නේ කොහොම ද? සූත්‍ර හරිනේ.

අයින්ස්ටයින්: නෑ වැරදියි.

නිවුටන්ගේ සූත්‍රයෙන් බුධ ග්‍රහයාගේ කක්ෂය ඉර වටේ කැරකීම තේරුම් ගන්න බෑ.

ආලෝකය එක ම ප්‍රවේගයක් තියාගෙන ස්කන්ධ ආසන්නයෙ නැවෙන විදිහ තේරුම් ගන්නත් බෑ.

ආලෝකය විශාල ස්කන්ධයකින් ඉවතට යද්දී ශක්තිය අඩුවෙන්නේ ඇයි සංඛ්‍යාතය අඩු වෙන්නේ කොහොම ද වගේ ඒවා කොහොමත් නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණයෙන් පැහැදිලි කරන්න ම බෑ.

නිවුටන්: එතකොට අයින්ස්ටයින් ඔයත් සමහර තැන්වල ගුරුත්වය වචනය පාවිච්චි කළා නේ. ඉතින් අවකාශයේ කාලයේ සාමාන්‍ය ස්වභාවය තමයි වස්තු මෙහෙම වැටෙන එක කියලා කෙලින් ම ගත්ත නම් ආයෙ අර වචනෙ පාවිච්චි කළේ ඇයි? ගුරුත්වජ කාච, ගුරුත්වජ තරංග.

අයින්ස්ටයින්: ඒ ඉතින් උඹ හදපු අවුල් තමා. උඹ කීවනේ බලයක් නැති වස්තු ඒකාකාර ප්‍රවේගවලින් මයි යන්නේ කියලා. මම කියන්නේ එහෙම් ම වෙන්න ඕනේ නෑ කියලා. ඔය උඹ කියන විදිහේ ස්වභාවයක් තියෙන අවකාශවලට පැතලි අවකාශකාල කියලා මම කිවුවා අවකාශකාලය පැතලි ස්වභාවය නොදක්වා වක්‍ර වෙන්න පුළුවන් කියලා. එහෙම පැතලි ස්වභාවය නො දැක්වීමට ගුරුත්වය වචනය නිකම් කීවට කමක් නෑ කියලා නම් මම කීවා. ඒ උඹ කියන අමුතු බලයක් හෝ අලුත් දෙයක් තියෙනවා කියන තේරුමක් නෙවේ.

හරියට නිරුවත වගේ. මිනිස්සු ඇඳුම් නිර්මාණය කරලා හැමෝ ම අඳින්න ගත්තට පස්සෙයි නිරුවත කියලා එකක් ආවේ. එතකම් ඒක සාමාන්‍ය ස්වභාවය. ඇඳුම් තමා කෘත්‍රිම. නිරුවත් මුවෝ, ගෝන්නු කියලා එකක් නෑනෙ. ඒ සාමාන්‍ය ස්වභාවය. උඹ කෘත්‍රිමව ඒකාකාර ප්‍රවේගයක් අනිවාර්ය කරලා ගෙනල්ලා ඒක පේන්නේ නැති තැන්වලට බලයක් කියලා එකක් ගෙනවා. උඹේ ගුරුත්වාකර්ෂණය ඇඳුම අනිවාර්යයි කියලා මුවෝ ගෝන්නු ඇඳන් ඉන්න ඇඳුම ට්‍රාන්ස්පේරන්ට් කියනවා වගේ කතාවක්. මං කියන්නේ ඇඳුම කියන්නේ අනිවාර්ය එකක් නෙවේ කියලා. ඒක ඇඳීම නො ඇඳීම සාමාන්‍ය ස්වභාවය.

ඉතින් මුවෝ ගෝන්නුන්ට නිරුවත් කියලා කීවට මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මම නිරුවත් කියන්නේ ට්‍රාන්ස්පේරන්‍ට් ඇඳුමකට නෙවේ.

ලං: එහෙම කොහොම ද? මගේ සර්ගේ ඉන්ද්‍රියන්ටත් දැනෙනවා ගුරුත්වාකර්ෂණය. තොපි දෙන්නා මේ බැල්කනියෙන් පහළට පැනපියව් ගුරුත්වාකර්ෂණය තියෙනවා ද බලන්න.

නිවුටන්: මගේ ප්‍රවාදය අනුවත් වැටෙන එකාට ගුරුත්වාකර්ෂණය තිබුණත් දැනෙන්න විදිහක් නෑ. ඉඳගෙන ගාණ හදන කෙනාට තමා ගුරුත්වාකර්ෂණයේ ප්‍රතිඵල තියෙන්නේ. උඹ පැනපන් අපි ගාණ හදන්නම්..

ලං: ඔන්න මම පනිනවා එකායි දෙකායි තුනායි...

ලං: පොළොවේ වැදුණෝ ගුරුත්වාකර්ෂණය තියෙනෝ රිදුණෝ..

නිවුටන් හා අයින්ස්ටයින් (උඩ සිට) : ඔය ගුරුත්වාකර්ෂණය නෙවෙයි ඕයි, ආවේගය!

ලං: අම්මෝ!!

ලංකාවේ එකාගේ බිරිඳ:
උඹ මොකෝ මේ කෑ මොර දෙන්නේ. මට ගුරුත්වාකර්ෂණය දැනුණා මං නැතෝ කියාගෙන.

ලං: එතකොට මං ගුරුත්වාකර්ෂණය දැනුණා කියලා හිතං ඉඳලා තියෙන්නේ හීනෙන් ද??

කොරෝනා ගණිතය Math behind COVID-19

Covid-19 වගේ රෝගවල $R_0$ කියලා අංකයක් මේවාට ගණිතමය ආකෘති හදද්දී ඕනෙ වෙනවා.

$R_0$ reproductive number කියලා කියන්නේ එක රෝග ආසාදිතයෙක් ලෙඩේ නො හැදුණු මිනිස්සු යම් කිසි ගාණක් හම්බුණොත් ඒකෙන් කී දෙනෙක්ට සාමාන්‍යයෙන් ලෙඩේ හැදෙන්න පුළුවන් වෙයි ද කියන එක.

එතකොට සාමාන්‍යයෙන් ඔක්කොම මිනිස්සුන්ගෙන් කලින් ලෙඩේ හැදිලා නැති අයගේ අනුපාතය කීය ද කියන එක තමයි S කියලා කියන්නේ.

දැන් මිනිහෙක්‍ට හම්බුවෙන මිනිස්සු ඔක්කොම නිරෝගී නම් ඒ අයගෙන් $R_0$කට ලෙඩේ බෝවෙනවා. හැබැයි ඒ හම්බුණ මිනිස්සුන්ගෙන් S භාගයක් තමයි ඇත්තට ම නිරෝගී. එතකොට ලෙඩේ හැදෙන්නේ හම්බුණ මිනිස්සුන්ගෙන් $R_0S$ භාගයකට. මේ ගුණිතය 1 නම් දැනට රෝගී මිනිස්සු ගාණට සමාන ප්‍රමාණයකට තමයි ලෙඩේ බෝවෙන්නේ. එක්කෙනෙක් ලෙඩේ බෝ කරන්නේ හරියට ම තවත් එක්කෙනෙක්ට විතරයි. මේක endemic අවස්ථාව

මේ ගුණිතය 1ට වැඩි නම් එක්කෙනෙක් ගොඩකට රෝගය පතුරවන නිසා (ඝාතීය) වේගයෙන් පැතිරිලා යනවා. 1ට අඩු නම්  රෝගය අඩු වෙලා යනවා.

(උපකල්පන: ජනතාව රෝගීන් සමාකාරව පැතිරේ. රෝගය දෙවතාවක් නොවැළඳේ)

දැන් අපි COVID-19 ගැන කතා කරමු.
මේකේ $R_0$ අගයට 1.7 සිට 3 දක්වා අගයන් දෙනවා. බොහෝ අගයන් 2.28 කියන S Zhang ඉදිරිපත් කළ අගයට කිට්ටු නිසා මේ අගය අපි දැනට පාවිච්චි කරමු.

දැන් රෝගය endemic වෙන්න නම් $R_0S = 1$. $S= \frac{1}{R_0}$.

එතකොට S අගය 0.44ක් එනවා. ඒ කියන්නේ කිසි දා රෝගය නො වැළඳුණු ප්‍රමාණය මුළු ජනගහණයෙන් 0.44ක් වෙන්න ඕනේ. රෝගය මර්දනය වෙන්න නම් ඔය ප්‍රමාණය ඊට වඩා අඩු වෙන්න ඕනේ.

එතකොට එක් වරක් රෝගය වැළඳිලා තියෙන මුළු ප්‍රමාණය (q) 

          = 1- S = 0.56ක්

මේ කියන්නේ ජනගණයෙන් 56%කට වඩා රෝගය වැළඳුණාට පස්සෙයි මේක ස්වභාවිකව අඩු වෙලා යන්නේ.

මේ q අගයට තමා Herd immunity කියලා කියන්නේ.

මේ වගේ රෝග මොඩල් කරන්න SIR මොඩලය තියෙනවා (දැන් ඒකේ වැඩි දියුණු කරපු SEIR භාවිත වෙනවා)

මුළු ජනගහණය (N) = රෝගීන් (I) + රෝගය නොවැළඳුණු (S) + රෝගය සැදී සුවවුණු (R)
.....................................(1)

දැන් රෝගය නොවැළඳුණු අය අඩු වීමේ වේගය නොවැළඳුණු අය ප්‍රමාණයට සමානුපාතිකයි

dS/dt = - λ(I) S

මේ λ නියතය රෝගීන් අනුපාතයට (I/N) සමානුපාතිකයි

λ (I) = βIS

dS/dt = -  βIS/N

දැන් රෝගය සැදී සුවවුණු පිරිස වැඩිවන වේගය රෝගීන් ගාණට සමානුපාතිකයි.

dR/dt = γ I

දැන් (1) සමීකරණය අවකලනය කළහම

රෝගීන් සංඛ්‍යාව වැඩිවන වේගය

dI/dt = - dS/dt - dR/dt βIS/N-  γI

මේ නියත උඩ තමයි. ආකෘතිය හැදෙන්නේ.

SEIR මොඩල හදපු පත්‍රිකා කිහිපයක් දැනටත් තියෙනවා.

                       - තමලු මලිත්ත පියදිගම















ගෝඨාභයට පණිවිඩයක්: රට බේරාගත් මහින්ද පැරදුණේ ඇයි?


ගෝඨාභයට පණිවිඩයක්: රට බේරාගත් මහින්ද පැරදුණේ ඇයි?


ජනාධිපතිවරණය පිළිබඳව මගේ ස්ථාවරය


මහින්ද පැරදුණේ වංචා දූෂණ නිසා ය හෝ ඒවා ගැන කට කතා නිසා ය යන විවරණ දෙක ම දුර්වල මට්ටමේ විවරණ ය. දූෂණ චෝදනා කවර ආණ්ඩුවකටත් එල්ල වෙන ඒවා ය. අර කියන රත්තරන් අස්සයන් අවුරුදු පහට ම හමුවුණේ ද නැත. ඉතා මෝඩ පහේ යූඑන්පීකාරයකු අහුවෙන්න හොරකම් නොකරන බව ද බිම් මට්ටමේ අඳබාල ජවිපේ සාමාජිකයන් ඩීල් බයිලාව ද යොදා ගනිමින් මෙය පැහැදිලි කරනු ඇත. මේ ආණ්ඩුවට අවුරුදු පහට ම හොයන්න බැරි වුණු දේවල් මිනිස්සු විශ්වාසනීයව දැනගත්තේ කෙසේ ද යන දේ පිළිබඳව මේ අදේශපාලනික යූඑන්පීකාරයා සැලකිලිමත් වන්නේ නැත. ඩීල් තිබේ නම් එක් පාර්ශ්වයක් පමණක් නරක වෙන හේතුව අඳබාල ජවිපේ සාමාජිකයාට ද තේරෙන්නේ නැත. (අපි කාටවත් කඩේ යන්නේ නෑ කියන මෝඩ ම ජවිපේ සාමාජිකයන්ට ෆොන්සේකාට ජනාධිපතිවරණයට හා ඊට පසුවත් පාප්ප බාල්දි උස්සන් කඩේ ගිය ආකාරය මත ම නැත.)

මේ වංචා දූෂණ හෝ වෙනත් නම්වලින් මතුපිටට පැමිණියේ වෙනත් අර්බුදයකි. වෙනත් ආතතියකි.

ඉස්සර අපිට රටක් රාජ්ජයක් තිබුණි. සුද්දෝ අපෙන් රට ලියාගෙන අපේ රටත් රාජ්ජයත් නැති කළ හ. අපි උන්ට දුන්නේ නම් අපේ රට රාජ්ජය රැකගෙන ආණ්ඩු කරන්න ය. උඩරට ගිවිසුම ඉරා දැමූ සුද්දෝ කෝල්බෲක් ප්‍රතිසංස්කරණයේ සිට අපේ රාජ්ජය විනාස කොට උන්ගේ රාජ්ජයක් මේ රටේ පිහිටවූ හ. අපේ අධ්‍යාපනය, සෞඛ්‍ය, වගාව, වෙළඳාම නැති කොට සියල්ල උන්ගේ ක්‍රියාපිළිවෙළ අනුව මූලධර්ම අනුව සිදුවන උන්ගේ රාජ්ජයක් ඇති විය. පසුව අපට අපේ රට ලැබුණත් අපේ රාජ්ජය නම් නොලැබුණි. අපට ලැබුණේ උන්ගේ රාජ්ජයකි. අප උන්ගේ රාජ්ජය කොයි විදිහට අරගෙන ගියත් අපට සෙතක් නො වේ. එන්න එන්නට උන් ම බලවත් වීම අප උන්ට පරාධීන වීමට සිදුවේ. කෙසේ නමුත් අපි අපේ රාජ්ජයක් නැති අපේ රටේ කල් ගෙවමු.

එංගලන්තය හා ඉන්දියාවත් බටහිර අධිපතිවාදී සංස්ථාපනයත් නැති කළ අපේ රාජ්ජය පමණක් නොව අපේ රට ද නැති කිරීමට උත්සාහ කරති. උන් කිරි දී හදාගත් ප්‍රභාකරන් ද නිරාගමික තක්කඩි තරුණ පරපුරේ කලාකරුවන් හිවල් සමාජය මෙරට සිංහල බෞද්ධ රටක් නොවේ කියන මංගල සමරවීරලා, චන්ද්‍රිකා කුමාරතුංගලා ආදී එකී මෙකී නරුමයන් පිරිවරාගත් බලවේග අපට අපේ රට ද නැතිකිරීමට යත්න දරති.

ප්‍රභාකරන්ගේ බරපතළ තර්ජනයෙන් විනාශයට යා නො දී අපේ රට එයින් රැකගත්තේ මහින්ද ය. ජනතාව ද ඔහුට ගරු බුහුමන් දැක්වී ය. එහෙත් පාලන කාලය අතරතුරේ දී ජනතාව ඔහු ගැන යම් අයුරකින් කළකිරුණි.

ප්‍රශ්නය වූයේ අපේ රට බේරාගත් මහින්දට පාලනය කරන්නට ඇත්තේ අපේ රට උඩ උන්ගේ රාජ්ජයක් වීම ය. උන්ගේ රාජ්ජය අපේ යහපත පිණිස පවතින්නක් නො වේ. ඒ රාජ්ජයේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික පිළිවෙත අපට එරෙහිව යයි. මේ රාජ්ජයේ හා රටේ පරස්පරය උඩ උන්ගේ රාජ්ජය මෙහෙයවන මහින්දගේ කුමක් දෝ ප්‍රශ්නයක් පවතින බව ජනතාවට දැනුණි. එය වෙනත් වෙනත් ආකාරවලින් එළිපිටට ආව ද එහි පතුළේ ඇත්තේ මෙම ප්‍රශ්නයයි.

මේ ආතතියෙන් වාසිගත් විජාතික බලවේගයන් රටට සතුරු දේශපාලන බලයක් ඇති කළ හ. විජාතික බලවේගවල මෙහෙයවීම හේතුවෙනුත් මංගල සමරවීරලා වැනි තක්කඩියන් හා ආර්ථික විශේෂඥයන්, විද්වතුන් ආදී වශයෙන් හදුන්වා ගන්නා තවත් තක්කඩියන් පිරිසකුත් අන්තවාදීන්ට කප්පන් දීමෙනුත් හැසිරවෙන රටට සතුරු එජාප ය ද ජාතිකත්ව විරෝධය දේශපාලන මාවත ලෙස හඳුනාගත් මාක්ස්වාදී ලිබරල්වාදීන් හීනමාන කලාකරුවන් ඇතුළු තක්කඩියන් පිරිවරාගත් ජවිපෙය ද රටට සතුරු බලවේග ලෙස පෙළ ගැසී ඇත.

ගෝඨාභය වටා සිටින කඳවුරේ තවමත් වැඩි බලය රටට හිතකර පිරිස් අතේ පැවතුණ ද එම කඳවු‍ර තුළ ද විජාතික මතධාරී තක්කඩියන් හා සැඟවී සිටින දෙපිටකාට්ටුවන් සැලකිය යුතු පිරිසක් ඇති බව කිව යුතු ය. විශේෂයෙන් ම මේවන විට පොහොට්ටුවේ වැඩි බලය එවන් පිරිස් වෙත ඇති බව ද සඳහන් කළ යුතුයි. වාසනාවකට ගෝඨාභය වටා ඇති කඳවුර යන්න පොහොට්ටුව මඟින් ම මෙහෙයවෙන්නක් නො වේ. එනිසා සමස්ත කඳවුර පිළිබඳ සුබවාදී හැඟීමක් ඇත.

ගෝඨාභය මහතාගෙන් ඉල්ලා සිටීමට ඇත්තේ පොහොට්ටුව ලකුණෙන් ඡන්දයට ඉදිරිපත් වුවද පොහොට්ටුවේ සාමාජිකත්වය නො ගන්නා ලෙස ය. ඒ සමඟ ම ඔබේ කඳවුරේ සිටින තක්කඩියන් ද බැහැර කර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු. (ඔබ සමඟ මුල් ම කාලයේ සිටි එවන් අයකු ඒ පිළිබඳව ඔබට විරෝධය පළකරන අවදියේ අප සමඟ වාදයට ආ අනුගාමිකයන් අනාථ කොට රුසියාවට පැනගොස් දැන් රඟන භූමිකාව ම ඔබට මේ සඳහා පූර්වාදර්ශයකි.)

කනගාටුදායක ලෙස ඔබට ද මෙහෙයවීමට ලබා දෙන්නේ අපේ රට උඩ ඇති උන්ගේ රාජ්ජයකි. රටට සතුරන් පරාජය වුව ද උන්ගේ රාජ්ජය ඔබ මෙහෙයවන විට ස්වභාවික ලෙස ම ජනතාව තුළ කළකිරීම් ඇති වීමට බොහෝ ඉඩ ඇත. එබැවින් ඔබෙන් ඉල්ලා සිටින්නේ අපේ රට ද රැකගෙන ඒ මත ඇති උන්ගේ රාජ්ජය අවසන් කොට අපේ රාජ්ජයක් පටන් ගැනීමට පෙරමුණ ගන්නා ලෙසයි. ඒ සඳහා ඔබට හැකියාව තිබුණ ද එතරම් ශක්තිමත් පදනමක් කඳවුර තුළින් නැඟ ඒවි ද යන්න ගැන ඇත්තේ බොඳ වූ බලාපොරොත්තුවකි.

ඔබෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා පියවර කීපයක් හෝ ගන්නා ලෙස ය. එවිට ඔබගේ නාමය අපේ රාජ්ජයේ සදාකල් නොමැකෙනු ඇත්තේ ය.

ජනතාවට පැවසිය යුතුව ඇත්තේ එජාප, ජවිපේ හා පොහොට්ටුවේ  බලය හිමි විජාතික මතධාරී කුඩා කණ්ඩායම ලෙස පරාජය කළ යුතු විජාතික බලවේග තුනක් ඇති බවයි. මේ බලවේග පරාජය කළ හැක්කේ එජාපය හා ජවිපෙය තීරණාත්මක ලෙස පරාජය කොට ගෝඨාභය ජනපතිධූරයට පත් කිරීමෙන් හා ඉන්පසු එජාපය හා ජවිපෙය තීරණාත්මක ලෙස බලයෙන් ඉවත් කරමින් ම පොහොට්ටුවේ ආධිපත්‍යය දරන විජාතික මතධාරී කණ්ඩායමේ දේශපාලන ආධිපත්‍යය බිඳ හෙළමින් ශක්තිමත් ජාතිකත්ව දේශපාලන පදනමක් ඇති කිරීමෙනි. (ගෝඨා පරාජය වුවහොත් දේශපාලනය සම්පූර්ණයෙන් මේ කණ්ඩායම් තුන අතට ගොස් සිංහල බෞද්ධ ජන පදනමේ හඬ ඉහළට නොයන ඉතා අහිතකර තත්වයක් ඇතිවනු ඇත.)

අවසාන වශයෙන් මා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය දිනවීමෙනුත් ඉන්පසු තුන් වැදෑරුම් විජාතික බලවේග පරාජය කෙරෙන ශක්තිමත් බලවේගයක් ගොඩනැඟීමෙනුත් අපේ රාජ්ජය නැවත ඇති කරගැනීමට පෙළගැසෙන ලෙසයි.

- තමලු මලිත්ත පියදිගම

අනුරට සහය දිය යුතු ඇයි? ජෙලි බබාලානු විවරණයක්

අනුරට සහය දිය යුතු ඇයි? ජෙලි බබාලානු විවරණයක්


අනුර කුමාරට ඡන්දය දිය යුත්තේ ඇයි යනුවෙන් ජවිපේ සාමාජිකයන් හා නිර්මාල් දේවසිරි ඇතුළු විකල්ප වාමාංශිකයන් ගොඩ නඟන තර්කවල පදනම අවබෝධ කරගැනීම සඳහා උපයෝගී කරගත හැකි එක් වැදගත් ප්‍රවේශයක් පිළිබඳව මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙයි. මේ ප්‍රවේශයට ජෙලි බබාලානු විවරණය යන නම හිමි වන්නේ මොරටුව සරසවියේ ජෙලි බබාලා නමින් ප්‍රකට ජවිපේ ශිෂ්‍ය කණ්ඩායම තම ස්ථාවරය දක්වන ආකාරය මීට දක්වන සමීපතාව නිසා ය.

ජොනාතන් ස්විෆ්ට් යුරෝපා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ හා වාණිජවාදයේ නිරුවත විදාරණය කළේ එංගලන්තය හා ප්‍රංශයට ආකෘතිකව සමාන කුඩා අඟුටු මිටි සමාජයන් (ලිලිපුට්ටෝ) නිර්මාණය කොට ඒ මත යුරෝපා ලිබරල් සමාජයේ ප්‍රශ්න හා දේශපාලනයේ ප්‍රවණතාවල කුඩා ආකෘතියක් නිර්මාණය කිරීමෙනි. මෙ ලෙසින් ම ජවිපේ හා සම්බන්ධ කඳවුරේ දේශපාලනය අවබෝධ කර ගැනීමට සිඟිති ආදර්ශයක් ලෙස ජවිපේ ජෙලි බබා කණ්ඩායම විමසා බැලීම සුදුසු ය.

සිසු විරු දින සැමරුම සූදානම් කිරීමේ දී එකල උපක්‍රමිකව (සැබෑ අනන්‍යතාව සඟවමින්) ශිෂ්‍ය සංගම් බලය හිමිකරගෙන සිටි ජෙලි බබාලා බහුජන ව්‍යාපාරයක් වන ශිෂ්‍ය ව්‍යාපාරය හා ජවිපේ 89 කැරැල්ල අතර පරතරයක් නිර්මාණය කොට පෙන්වීමට (තම ජවිපේ අනන්‍යතාව සඟවා තබා ගැනීම හා ඒ අතරතුර තම දේශපාලනික උපක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා ජෙලි බබාලාට මෙම පරතරය නිර්මාණය කිරීම අතිශයින් අත්‍යවශ්‍ය විය.) බොහෝ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ජවිපේ ක්‍රියාකාරිකයන් ද වූ අතර ඝාතනයට පත් වූ ඇතැමෙක් ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් නිසා ද ඇතැමෙක් ජවිපේ පහර දීම් හා ප්‍රතිප්‍රහාර අතරතුර දී ද ඝාතනය විය. එ නිසා මේ පරතරය නිර්මාණය කිරීමේ අනිවාර්ය බාධකයක් වනු ඇත්තේ ජවිපේ පහරදීම් අතරතුර දී ඝාතනය වූ පිරිස් ද මෙම ලැයිස්තුවල සිටීමයි.

88, 89 කාලය වන විට ශිෂ්‍ය ව්‍යාපාරය පැවතුණේ ජවිපේ, ජාතිකවාදීන් (ජාතික චින්තන කණ්ඩායම) හා පරණ වම (ලං.ජ.සං, ස්වාධීන ශිෂ්‍ය සංගමය වැනි පිරිස්) යන බලවේග කිහිපයේ නායකත්වයෙනි. මෙහි දී ප්‍රධාන බෙදුමක් ලෙස ඊළාම් විරෝධය හා ඊළාම්වාදී වීම දක්නට හැකි විය. ජවිපේ හා ජාතික චින්තන කණ්ඩායම ඊළාම් විරෝධී ස්ථාවරය ද පැරණි වම ඊළාම්වාදී ස්ථාවරය ද  දැක්වී ය. ජවිපේ පරණ වම මර්දනය කිරීමට ගත් ප්‍රධාන ප්‍රවේශය ද වූයේ පරණ වමේ ඊළාම්වාදීත්වයයි.

ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය යනු ම ජවිපේ දෘෂ්ටිවාදයෙන් ලියැවුණු ඉතිහාසයක්ව ඇත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පිහිටවූ මැල්කම් විජිතපාලලා ඇතුළු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී ශිෂ්‍ය සංගමයේ නායකත්වය හෝ අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් පිළිබඳව හෝ මීළඟ නායකත්වය ලබා දුන් ජාතික ශිෂ්‍ය සංගමයේ කොමියුනිස්ට් පාක්ෂිකයන් ගැන හෝ වචනයක්වත් කතා නොකෙරී ජවිපේ ශාන්ත බණ්ඩාරගෙන් පටන්ගෙන අන්තරයේ නිල ඉතිහාසය කියා දීම කවර සරසවියේත් දක්නට ලැබේ. මේ අමතක කර දමා ඇති ප්‍රාග් ඓතිහාසිකත්වයට අමතරව ඝාතනය වීමේ වාසිය උපයෝගී කරගනිමින් අසූව දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරය පූර්ණ වශයෙන් ජවිපේ ගිණුමට බැර කිරීම ද එක් පිරිසක් පමණක් නැවත නැවත සිහිපත් කිරීමෙන් සිදු වේ. ජවිපේ අතින් ඝාතනය වූ අනෙක් කණ්ඩායම්වල ශිෂ්‍යයන් පවා අමතක කර දමා ඇත.

කාලාන්තරයක් ජවිපේ බලය ද ගිලිහී තිබූ මොරටුවෙහි දැනට සිටින්නන් ඝාතනයට ලක් වූ මොරටු සිසුන් ලෙස දන්නේ ක්ලිෆඩ් පෙරේරා, නිමල් ලියනගේ හා නිමල් බාලසූරිය පමණි. දැන් මැදි වයසේ සිටින එකල ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සිහිපත් කරන මොරටුවේ ඝාතනයට ලක් වූ ඉදිරිගාමී ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ගැන මොරටුවේ වත්මන් සිසුන් දන්නේ ම නැත. (89න් පසු බිඳ වැටී ගිය අන්තරය නැවත පිහිටුවීමට මොරටුවෙහි කපිල පීරිස්ලා, සංජීවලා ඇතුළු ජාතිකවාදී පිරිස් ගත් උත්සාහය චම්පක රණවකගේ ජනතා මිතුරෝ කණ්ඩායම හා සංජීවට පහර දෙමින් චම්පක රණවකගේ කණ්ඩායම ගෙන ගිය මැර දේශපාලනික ආධිපත්‍යය පිළිබඳව කිසිවක් නොදන්නා බොහෝ සිසුන් මොරටුව අන්තරයෙන් ඉවත් වූ සිද්ධිය පිළිබඳව වැඩිහිටි සිසුන්ගෙන් අසා ඇත්තේ සාවද්‍ය කතාන්දර ය.)

මේ සියල්ල පසෙක තබා දැන් අපි පෙර කී සිදුවීමට යමු. අපි ජෙලි බබාලාගෙන් ප්‍රශ්න කොට සිටියේ ජවිපේ විසින් ඝාතනය කරන ලද මොරටුවේ ජයවර්ධන දිසානායක (වසන්ත දිසානායකගේ බාල සොහොයුරා) වැනි ලං.ජ.සං. සිසුන්, නව ප්‍රවණතාවයේ සිසුන්, නසසපයේ සිසුන්, දයා පතිරණ වැනි පිරිස් ගැන කතා නොකරන පදනම කුමක් ද යන්නයි. (මේ වන විට ජවිපේ අනුශාසකයින් ඊළාම් විරෝධීන් නොව දයා පතිරණලාගේ 'ගෝලයන්' වූ නිර්මාල් දේවසිරි වැනි පුද්ගලයින් ය. එ නිසා ජවිපෙට දැන් ඊළාම්වාදය ගැන කියා අත පිහිදා ගත නො හැකි ය.).

අනෙක් ප්‍රශ්නය වූයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය හඳුන්වා දීමේ අරමුණින් කෙරෙන සැමරුමක ඝාතනය වූවන් පමණක් සිහිපත් කෙරෙන්නේ ඇයි ද යන්න ය. එයින් ඝාතනය නොවූවන්ගේ දායකත්වය ඉතිහාසයෙන් අතු ගෑවෙයි.

මේ දෙවනි ප්‍රශ්නයට දිය හැකි කොතෙකුත් පිළිතුරු තිබුණ ද එක් ජෙලි බබකු ඉදිරිපත් වී ලබා දුන්නේ අපූරු පිළිතුරකි.

" දැන් ඒ අය මැරිලානෙ. ඒ නිසා ඒ අයගේ මතය වෙනස් වෙන්නේ නෑනේ. දැන් ඉන්න අය මතය වෙනස් කරලා හරි මතය වෙනස් වෙලා හරි නිදහස් අධ්‍යාපනයට විරුද්ධව පෙනී හිටියොත්!"

තමන් ම සමරන්නට යන ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ට ම එල්ල කරන අපහාසයක ද ස්වරූපය බැලූ බැල්මට දරනා මෙම ප්‍රකාශයේ සැඟවී ඇති අර්ථය විමසා බලමු.

මතය වෙනස් වීමේ ඉඩකඩ ඇති ගතික සජීවී පුද්ගලයින්ට වඩා සංකේතරූප කරගැනීමට උචිත වන්නේ ගල් කොට දැමූ අජීවී මළ සිරුරු ය. එනිසා ම ප්‍රතිරූප ගොඩනැංවිය යුත්තේ මරණයට පත්වූවන්ගෙනි.

මෙම ජෙලි බබාලානු විග්‍රහයෙන් වර්තමාන ජවිපේ AKD දේශපාලනය විමසා බලමු.
මෙවර අනුර කුමාර පැමිණෙන්නේ සමාජවාදයක් හෝ කොමියුනිස්ට්වාදයක් ගෙන ඒමට නොවේ. මෙවර අනුර කුමාරගේ දේශපාලනය යනු සුචරිතවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් (puritan democratism) සඳහා පෙනී සිටින සදාචාරවාදී ප්‍රවේශයකි. ඍජුව ම අනුර කුමාර යනු ක්‍රොම්වෙල්ටත් එහා ගිය එලිසබෙතනු සුචරිතවාදයේ ප්‍රතිමූර්තියකි. (අනුර කුමාර යනු නගර ගිනි නොතියන මිනී නොමරන ක්‍රොම්වෙල් කෙනෙකි. සුපිරිසුදු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අකලංක කුමාරයෙකි.)

බොහෝ වාමාංශිකයන් කියන්නේ අනුර කුමාර සිහිනෙන්වත් නො දිනන බව ය. දිනීම යනු ඔවුන්ගේ බලාපොත්තුව නො වේ. ඔවුන්ට අවශ්‍ය මතයක් ප්‍රකාශ කිරීමට යැයි කියනු ලැබේ.

දැන් අපි අර ජෙලි බබා ආදර්ශය මෙතැනට රැගෙන එමු. 2015 දී ජවිපෙ හිතවාදී විකල්ප වාමාංශික බලවේග ඍජුව ද අන්න සතා මෙන්න පොල්ල ක්‍රමයෙන් ජවිපෙ ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනික සුචරිතවාදය හා 'දේශපාලනික නිවැරදිභාවයේ' දේශපාලනය  (political corectness politics  හරි සිංහල නමක් සිතා ගත නොහැකි ය. ) නිරූපණය කෙරෙන යහපාලනය යන වචනයෙන්, ජයග්‍රහණය කළ හැකි (එසේ වූ) සජීවී දේශපාලන ප්‍රපංචයක් නිර්මාණය කළ හ. මහ බැංකුව කොල්ල කා පටන් ගත් එය අවසන් වූයේ නිර්මාල් දේවසිරිගේ වචනයෙන් විකල්ප වම්මුන්ගේ කලිසම් සම්පූර්ණයෙන් ගලවා දමමිනි.

මෙවර එයින් උගත් පාඩම් අනුව ජවිපෙය හා විකල්ප වම්මු ජෙලි බබා තියරියට ගොස් තිබේ. දිනිය නොහැකි අනුර කුමාර නම් අජීවී මළකඳක් සුචරිතවාදයේ අකලංක කුමාරයා ලෙස තෝරාගෙන ඇත.

මේ AKD ව්‍යාපාරය සාර්ථක කිරීමට නම් අනුර කුමාරගේ අජීවී භාවය රැකගත යුතු ය. මේ සඳහා අනුර පරාජිතව ම තබා ගැනීම යන පහසු ඉලක්කයක් ඇත. අරුම පුදුම අයුරින් හෝ අනුර දිනුවහොත් ජෙලි බබා තියරිය අනුව කලිසම්වල බඳ පටි නැවත වරක් බුරුල් වනු ඇත.

තවමත් ඇති එක් අවදානමක් වන්නේ කුමක් හෝ පෙරළියකින් මේ අකලංක කුමාරයා, සෝවියට් දේශය නම් දිව්‍යමය මහා අනෙකා මිය යාමෙන් පසුව අනන්‍යතා අර්බුදයකට ලක් වී අසරණ වූ ශ්‍රීලාංකික වම්මුන්ට මේ වන විට ලැබී ඇති යක්ෂමය මහා අනෙකා සමග එක් වීමට ඇති හැකියාවයි. මේ සඳහා මේ අනුර කුමාර බලවේගය යක්ෂයාට වැඩක් නොවන මට්ටමකින් තබා ගැනීම ද අවශ්‍ය වෙයි.

දැන් දැන් පෙනී යන්නේ විකල්ප වම්මු මේ බව දැන සිටින බවයි. ඒ නිසා ම ප්‍රතිරූපගත මළකඳ ඔසවාගෙන යන විකල්ප වම්මුන් බහුතරයකගේ ඡන්ද පෙට්ටිය අසළ ආවරණවලින් වැසී ගිය කළ හෙළි දරවු වන 'සැබෑ' ස්වරූපයන් අවබෝධ කර ගැනීමට රහස් කවුළුවක් අවශ්‍ය නො වේ.

සටහන:

       සෝවියට් දේශය යහතින් පැවති කාලයේ වාම ස්ථාවරය වූයේ දැන් ධනවාදය වර්ධනය වී අවසන්ව බිඳ වැටෙමින් පවතිණ බවයි. එනම් සෝවියට් දේශය යනු ළඟා සිය යුතු එක් විය යුතු දිව්‍යමය මහා අනෙකකු වෙත පාර පෙන්වන්නකි. සෝවියට් දේශය බිඳ වැටුණු පසු ඓතිහාසික භෞතිකවාදීන්ට උරුම වන්නේ සෝවියට් දේශය යනු අපගමනයක් බවත් ධනවාදය බිඳ වැටීමට පෙර තවත් වර්ධනය වීමට ඇති බවත් ය. එහෙයින් වර්තමාන වම්මුන්ට ධනවාදයේ ඉදිරියට යාමට රුකුල් දීමට සිදුවේ. හොඳ ධනවාදයක්/ ප්‍රජාතන්ත්‍රවාදයක් ඔවුන්ගේ තේමාව ය. මෙහි දී ධනවාදීන් සමඟ පෑහීමෙන් ඇතිවන අනන්‍යතා අර්බුදය මකා ගැනීමට ඔවුන්ට මේ වන විට තවත් මහා අනෙකකු ලැබී ඇත. ලෝකය පුරා ජාතිකවාදී ප්‍රවණතාවන් මේ මහා අනෙකා ය. මෙවර ඔවුන් තෝරා ගෙන ඇත්තේ වෙන් වීම ලකුණු කිරීමට වෙර දරන යක්ෂමය මහා අනෙකා ය. ලංකාවේ වම්මුන්ගේ පිනට පහළ වූ යක්ෂයා මේ මොහොතේ දී සංකේතවත් කෙරෙන පුද්ගල රූපය හඳුනා ගැනීම අපහසු නැත. ඇතැම් වම්මුන් ඍජුව  ම ඔහුට යක්ෂයා යැයි කියා සිටින බැවිනි.

                   - තමලු මලිත්ත පියදිගම


         

කාලය පැරණි වෙබ් අඩවිය වෙතට පිවිසීමට මගක් To Kalaya old website

නලින් ද සිල්වා මහතාගේ මේ වන විට අක්‍රිය තත්වයේ ඇති කාලය පැරණි වෙබ් අඩවිය 
(2016ට පෙර ලිපි) වෙතට නැවත පිවිසීම සඳහා පහත සබැඳිය භාවිත කළ හැකි ය.

https://web.archive.org/web/20150404132129/http://www.kalaya.org/home.html

වීඩියෝ හා ශ්‍රවණ ගොනු නැවත සක්‍රිය කළ හැකි ආකාරයක් නො දනිමි. ඒ පිළිබඳව දන්නා අයකු වේ නම් දැනුම් දෙන්න. ලිපි කියවීමට හා බාගත කිරීමට මෙයින් හැකි ය. බ්‍රවුසරයේ Adobe Flash සක්‍රිය කර ගැනීම අවශ්‍ය විය හැකි ය.



Grammatical Aspects in Tenseless Theory of Sinhala Language


Grammatical Aspects in Tenseless Theory of Sinhala Language
T.M. Piyadigama
University of Moratuwa

Abstract 

Studying tense-and-aspect systems is a major area in linguistic studies. There are no examples for grammatical aspects in Sinhala language mentioned in the academic literature on grammar. There were several stages of the development of tense theories. In my previous work "There are no tenses in Sinhala Language" I verified that all the tense theories for Sinhala language fail and the verb categories which are misunderstood as tenses are actually not tenses. This article summarizes the result of my previous work and describes my novel formulation in formal linguistic terms. The result is to understand the aspectual nature of the Sinhala verbs.

Introduction 

Tense and aspect are closely related but different concepts. Tense denotes a temporal reference to an event, situation or act represented by a verb. (For example, past-present-future, past-non past e.t.c.). Aspect denotes how which is expressed by the verb extends over time. There are two major aspects generally identified perfective and imperfective. Perfective aspect verbs represent the idea, situation or act expressed by it as a whole while imperfective aspect represents the internal composition of which is expressed. To explain further, imperfect aspect impress whether the expressed idea, situation or act is progressing, repeating or habitual. 

History of Sinhala Grammar

There are two stages of tense theories in Sinhala Language. 
1. Three tense theory (Past, Present, Future)
2. Two tense theory (Past, non Past - sometimes past, future)

Three tense theory can be found since earliest grammar books (Siyabaslakara and Sidath Sanagarawa). Mr. Cumaratunge Munidasa, an elegant researcher in Sinhala language, identified that early three tense theory is flawed and formulated a two tense theory. 

The author of this article understood two tense theory is also flawed and proposed a tenseless theory in his article "There are no tenses in Sinhala language" published in Divaina newspaper. Readers interested in the argumentation to refute two tense theory and the historical evolution of the subject are advised to refer the above article.

The tenseless theory does not reject the division of verbal categories proposed by Mr. Cumaratunge but diverges with his tense based interpretation of those categories. Tenseless theory renames the so-called past and non-past categories as nimitha and animitha considering the actual functionality.

Tenseless theory of Sinhala Language

Tenseless theory suggests two verb categories: nimitha and animitha.

Following example explains these categories for verb stem duva -දුව- (run) in singular third person masculine gender

Nimitha
divii (ya) - දිවී (ය) - nimitha pure verb 
divve (ya) - දිව්වේ (ය) - nimitha noun based verb 

Animitha 
duva (ya) = duvayi - දුවා ය = දුවයි - animitha pure verb 
duvanne (ya) - දුවන්නේ (ය) - animitha noun based verb

The next and most important step of the theory is to explain functionality of these two categories.

Animitha is used for event, situation or act to denote,
1. that it is progressive or continuous.
2. that is repetitive.
3. that it is possible to happen (or a possible alterity)
4. that it is a common state of a specific era.
(4th case is not a necessary. Same meaning can be obtained with nimitha. But animitha has also been used in literature. First three forms are necessary and the meaning will change if nimitha is used.)

5. Animitha is used in newspaper headlines. 

Nimitha is used in all other occasions (where the act, event or situation expressed by the verb is taken whole as one unit).

5th case was introduced to newspaper tradition by Mr. Munidasa himself in accordance with the the English tradition of using simple present since the animitha category was misunderstood as present tense at that time. 5th case is now popular as a common practice so I included that also with other four.

Mr. Munidasa also elegantly identified 4th case before me and reported in his book 'Vyakarana Vivaranaya'. Being unaware of first three cases and being in the tense theory domain, he interpreted the 4th case as an exception to his two tense theory. The fact that there are exceptions to the tense theory is understood even in the three tense theory era because 'Sidath Sangarawa' and other several grammar books provide examples to the existence of exceptions ('Kiriya Perali') though an interpretation or analysis in the nature of those exeptions was never presented. The existence of exeptions was identified, accepted and then paradoxically neglected before the tenseless theory. The article "There is no tenses in Sinhala Language" discusses the nature of the exceptions and identifies them as a result of a flawed theory.

Examples for Nimitha Animitha Functionality 

Animitha

1st case: Continuous or progressive 
Eeye ude ma ohu dakina wita ohu pasalata (duwayi).
- ඊයේ උදේ මා ඔහු දකින විට ඔහු පාසලට (දුවයි).-
He was running to school when I saw him yesterday.

2nd case: Repetitive 
Gaswala kola (wateyi).
-ගස්වල කොළ (වැටෙයි).-
Leaves of the trees fall / fell repetitively.

3rd case: Possible alterity
Anith pakshayen illuwe nam ohu giya wara chandayen (dinanne) ya. 
- අනිත් පක්ෂයෙන් ඉල්ලුවේ නම් ඔහු ගියවර ඡන්දය (දිනන්නේ) ය.-
he would have won the last election if he represented the other party.

4th case: Common state of a specific era.
Gal yugaye minissu gal guhawala jeewath (wethi).
ගල් යුගයේ මිනිස්සු ගල් ගුහාවල ජීවත් (වෙති).
People of Stone age lived in caves.

5th case: Headlines
Yuddaya (arambeyi).
යුද්ධය (ඇරඹෙයි).
War begins.


Nimitha

Thaththa gedara (awe) ya.
තාත්තා ගෙදර (ආවේ) ය.
Father came home. 

The nimitha or animitha verbs are in parentheses.



Aspectual Nature of Nimitha Animitha 

Nimitha and animitha verb categories have an aspectual basis rather than a tense basis. 

Functionality of nimitha, to consider the expressed action, situation, event as a unit, is the nature of perfective aspect.

Animitha is related to imperfective aspect. 1st and 2nd cases are related to continuous and habitual (repetitive) aspect respectively. These two aspects are subcategories under imperfective aspect. The third and fourth cases also related to aspect and clearly distinct from tense. Non of these five cases represents a time reference. First four cases express how the event, situation or act extends over time. Therefore the tenseless theory of Sinhala language not only refute grammatical tenses but also identifies grammatical aspects in Sinhala language. 

I refrained from strictly translating nimitha and animitha to perfective and imperfective respectively because third case cannot be classified into conventional imperfective aspect. 

Special Remarks

The term grammatical tense means the grammatical morphological tense in this article. This terminology persisted in  two tense and three tense theories. Though tenseless theory is discussed here in this traditional discourse the tenseless theory can be broadened to understand the complete domain. As a summary, non morphological tenses also do not exist in Sinhala language and the nimitha animitha verb formation in various forms can be identified. This will be explained in our next steps.

Refuting the greatest misconception in Sinhala Grammar (and another misconception in the field of tense and aspect systems - undoubtedly dealt with misconception and conflations throughout the history) we can now clearly say that Sinhala is a tenseless language. Burmese, Dyirbal, Chinese, Malay are some other tenseless languages identified upto now.

References

Piyadigama T.M., There are no grammatical tenses in Sinhala language 2017.07.21, 2017.07.28, Divaina newspaper Watamadala

Copyrighted: Thamalu Maliththa Piyadigama
























වංගීස සමඟ විවාදයට පසු වදනක්.


වංගීස සමඟ විවාදය නරඹන සමහරුන්ට මූලික ප්‍රශ්න දෙකක් ඇති බව පෙනේ. පළමු වැන්න නිවන මෙයයි යනුවෙන් ආරම්භයෙන් ම නො කියා ජනප්‍රිය ථෙරවාද  සම්ප්‍රදාය තුළ ඇති ගැටලුවක් ගැන කීමට කාලය ගත කළේ ඇයි ද යන්නයි. දෙවැන්න වංගීස නිවන පට්ට ම පට්ටපල් බොරුවක් කීමට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකීමයි. 

පළමු ප්‍රශ්නය ගැන කිවයුත්තේ මේ වන විට ලංකාවේ සමාජයේ විවිධ පුද්ගලයින් නිවන ලෙස විවිධ සංකල්ප නම් කර ඇති බවත් සමහර සංකල්ප නිවනේ නමින් තදින් ව්‍යාප්‍ත වී ඇති බවත් ය. මේ තත්වය බුදු දහම සාමාන්‍ය කතා බහ තුළ දැනගන්නන්ට පමණක් නොව බුදු දහම 'හදාරන්නට' යන්නන්ට ද පොදු වී ඇති බවයි. අනෙක් අතට අභිධර්මය හදාරන අය අභිධර්මයේ මෙසේ කියැවේ යනුවෙන් කියන්නේ මෑත කාලයේ ලියූ පොත්වලින් පෙන්වමිනි. එමෙන් ම මේ පොත් ලියූ අය හා ඒවා ඇසුරෙන් ධර්ම දේශනයේ යෙදෙන අය මගඵල දරන බවට දැඩි සේ විශ්වාස කරන පිරිස් ද බහුල ය.

බුදු දහම පිළිනොගන්නා අයට ද නිවන යන වචනයේ තේරුම් ලෙස ලැබෙන්නේ ජනප්‍රියව පවතින මෙවන් අදහස් කිහිපයකි. උදාහරණයක් ලෙස වංගීස පසුගිය වාරයක සඳහන් කළ කරුණ වූයේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන්ගේ නිවන බුදු දහමේ නිවන නොවන බවත් ඇතැම් බෞද්ධ කණ්ඩායම්වල පිරිස් නිවන පිළිබඳව නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන් හා ගැටෙන්නේ එනිසා බවත් ය. වැඩි දුරටත් වංගීස තමාට තේරෙන විදිහට ඔවුන් හරි බවත් කීවේ ය.

වංගීසට නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ නිවන බුදු දහමේ නිවන ම ද නැද්ද යන්න සම්බන්ධව තර්ක කිරීමට අවශ්‍යතාවයක් නැති වුවත් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන්ට එය මඟ හැර යා නො හැකි ය. නිවන යනු මෙසේ යැයි අප කියන විට බොහෝ හුරු පුරුදු පරිදි ඇතැම් බෞද්ධයෝ "ඕක වැරදියි. මෙහෙමයි තියෙන්නේ." කියා තමන් ඉහළින් සලකන මෑතකාලීන අභිධර්ම විවරණයක පිටු අපට පෙන්වති. නැතිනම් අර හාමුදුරුවෝ මෙහෙම කීවා යැයි කියති. මේ ඇතැම්මු මේ කෘති හා දේශනා කෙරේ දරා සිටින්නේ මූලාශ්‍ර ලෙස පමණක් නො වේ. අධික භක්තියකින් යුතුව ය. එනිසා නිවන පිළිබඳ ප්‍රකාශ කිරීමේ දී මේ කණ්ඩායම්වල මතය භයානක ලෙස බලපායි. එනිසා මේ ජනප්‍රිය මූලාශ්‍රවල නිවන පිළිබඳ අපට වෙනස් කතාවක් ඇත්තේ කෙසේ දැයි විස්තර කළ යුතු ය. මේ ජනප්‍රිය අදහස් ගණනාවේ ඇති නිවන නම් ප්‍රතික්ෂේප වී යාම වැළැක්විය හැකි නො වේ. එහෙත් බුදු දහමේ නිවන මේ අදහස් නො වේ. ක්‍රි.ව. එක්දාහේ පමණ ලියවුණු එක්තරා මතභේදකාරී විවරණ ග්‍රන්ථයක් (එක් අතකින් එය ඍජුව හෝ වක්‍රව බටහිර අධ්‍යාපනය ලැබූවන්ට ප්‍රිය වීම නිසාත් ඉතා වැඩියෙන් විස්තරාත්මක බවක් පෙන්වීම නිසාත්) මත වර්තමානයේ අභිධර්මය ගැන ලියන කියන දෑ ලියවීම නිසාත් ඒවා තවදුරටත් බටහිර සංකල්පවලට ගැලැප්පීමට යාම නිසාත් ඇති වූ අර්බුදයකි. ඉතින් නිවන යනු මේ අදහස් ය කියා ම දැනගෙන සිටින බුදු දහම නොපිළිගන්නා කණ්ඩායම් අප නිවන ගැන කියන දේ ද මේ ජනප්‍රිය නිවන් සමඟ පටලවා ගනිමින් අර්ථ විරහිත ප්‍රකාශන බව සිතීමට ඉඩ තිබේ. එනිසා මුලින් ම  ගැන ජනප්‍රිය අදහස්වලින් වෙන්විය යුතු ය. ඉන්පසුව නිවන පිළිබඳව බුදු දහමේ අදහස අප කියන්න බවට කරුණු දැක්විය යුතු ය.

යමක සූත්‍රය ගැන මා විස්තර කළේ එබැවිනි. අපට අනුව හා මුල් ථෙරවාද බුදු දහමට අනුව නිවන කෙසේ විස්තර වේ දැයි යමක සූත්‍රයෙන් මම විස්තර කළෙමි. නිවන පිළිබඳව ප්‍රශ්නය මඟ හරින්නේ යැයි උඩින් පල්ලෙන් වීඩියෝව බලමින් සිතන අය යමක සූත්‍රය ඇසුරෙන් මා කළ විග්‍රහය ඇති කොටස නැවත සිහියෙන් යුතුව අසා බැලිය යුතු ය. ජනප්‍රියව ඇති නිවන ගැන අදහස් බොරු බවට කිසි ම ප්‍රතිතර්කයක් නැත. අප බොරු හෝ පට්ටපල් බොරු නොවන බව කියන්නේ මේ අප විස්තර කරන මුල් ථෙරවාද බුදු සමයේ කියැවෙන නිවන ය. මෙයින් නිවන යනු 'ඇත්තකයි' නො කියැවේ. නිවන බොරු හෝ පට්ටපල් බොරු යටතට නො වැටේ.
 සමහරු කලබල වන දෙවන කරුණ මෙතැන දී වංගීස පට්ටම පට්ටපල් බොරු යනුවෙන් අලුත් ප්‍රවර්ගයක් යෝජනා කිරීමයි. මා මීට පිළිතුරු නො දුන්නේ මේ පියවරත් සමඟ ම අවුරුදු දෙකක් පුරා ම පැවති වංගීසගේ තර්ක කිරීමේ සීමාව සනිටුහන් වී අවසන් වන බැවිනි. එනම් තුන්වන ප්‍රවර්ගයක් යෝජනා කිරීමෙන් ම ඔහු නිවන බොරු හා පට්ටපල් බොරු ප්‍රවර්ග දෙකට ඇතුළත් කිරීමේ උත්සාහය අත් හැරීමට එකඟ වී අවසන් බැවිනි. එමෙන් ම මාගේ නිවන පිළිබඳව විග්‍රහයත් එය පළමු ප්‍රවර්ග දෙකට නොවැටෙන බවට විග්‍රහයත් පිළිගෙන අවසන් ය.

දැන් මේ වංගීස යෝජනා කරන පට්ටම පට්ටපල් බොරු යන ප්‍රවර්ගය ගැන මා අමුතු කැලඹිල්ලකට පත් විය යුතු ද? වංගීස ඒ පට්ටම පට්ටපල් බොරු යනු කවර ආකාරයේ දැයි විස්තර කළේ ම මා නිවන ගැන කළ විස්තරය කියමින් මේවගේ ඒවා පට්ටම පට්ටපල් බොරු යනුවෙන් නම් කරන බව ය. ඉතින් පට්ට ම පට්ටපල් බොරු යනුවෙන් කීමෙන් නිවන ගැන මා අර කළ විස්තරයට වඩා අලුත් දෙයක් වංගීස කියා නැත. ඉතින් ඒ මගේ ම විස්තරය පිළිබඳව මම කුමකට කැලඹීමකට පත් විය යුතු ද? වංගීස අතින් වූ එක ම දෙය නිකම් ම අලු ත් ලේබලයක් ඇලවීම පමණි. අනිත් අතට වංගීස ම කියූ පරිදි මේ ලේබලය ඔහු ගසන්නේ අනේක විධ වචන (හැඟවුම්) අතරින් අර ප්‍රවර්ග දෙකට අයත් නොවන මෙම වචනයට (හැඟවුමට) ය. වචනයට ලේබලය වැදීමෙන් නම් ඉතින් කොහොමටත් ප්‍රශ්නයක් නැත. අනෙක් අතට සමපේක්ෂී භෞතිකවාදයේ facticity සිට factiality වෙත යන ගමනට මේ ප්‍රකාශය බරපතලව ගතහොත් ඇතිවන පාරාවළල්ල ගැන අධ්‍යයනය කිරීම සිත් ගන්නා සුලු ය.

 apophatic theology ගැන හෙවත් නිශේධාත්මක දේවධර්මය ගැන කලින් ද අප සාකච්ඡා කර තිබේ. පැවැත්ම යන වචනය ඉවත් කිරීමෙන් පමණක් එය ප්‍රතික්ෂේප කිරීමේ නොහැකියාව නැති වෙන්නේ නැත.    සාපේක්ෂතාවාදය යනු රේසරයකට ඌනනය වන්නක් නො වේ. මේ දේවධර්මවල දෙවියන්ගේ පැවැත්ම නොකියවුණ ද දෙවියන් පැන නඟිනා ස්ථානයන් ස්ථාපනය වන අයුරු ඇත. ඒවා අනුව ඒවා කිරීමට හැකියාවන් ද ලැබෙනු ඇත. සියල්ල ප්‍රතික්ෂේප කළ හැක්කේ දැනුමේ සීමාව පිළිබඳ තර්කයෙන් ම බව කියන්නේ කෙසේ ද?

දාර්ශනිකයන්ගේ මහා අනෙකාට පමණක් නොව බර්ක්ලේගේ දෙවියන්ට වුවද පැවැත්ම අනිවාර්ය නොවුණත් ඒවා පැන නඟින එසේත් නැත්නම් ඒවා එම මතවාදවල පිහිටන ඊට දායක වන ස්ථාන අනුව ප්‍රතික්ෂේප කිරීම් කිරීම අපහසු නො වේ. 

මූලික ප්‍රශ්නය වනුයේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය විඥානවාදයට හෝ රේසරයකට (මෙයසූගේ වචන ද ගතහොත් razor of correlation circle) ලඝුව වටහා ගැනීමේ ප්‍රවේශයේ පටු බව වටහා ගැනීමයි.

නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ ආරම්භක ආකරය වන ක්‍රියාවලි පිළිබඳව වැඩි කාලයක් වැය කළේ සමපේක්ෂී භෞතිකවාදී ධාරාව ම විඥානවාදයෙන් වෙන්ව හඳුනාගන්නා ප්‍රබල සහසම්බන්ධතාවාදයට සමීප තැනකින් ඇරඹෙන ප්‍රවාදයක් දිගින් දිගට ම භෞතිකවාදයෙන් හා විඥානවාදයෙන් ඛණ්ඩනය ප්‍රකාශ කොට සිටින ස්වකීය වර්ධනය තුළ එක් කාල සීමාවක දී විඥානවාදයේ වාග් කෝෂය වෙත දක්වන අනුරූපීතා සමානතාවන් ලෙස හඳුනා ගැනීමෙන් ඇති වන සාවද්‍ය හඳුනා ගැනීම නිරූපණය කිරීමට ය.

අලුත් ම සටහන

බුද්ධිමතුන්ගේ සැකැස්ම - අන්තෝනියෝ ග්‍රාම්ෂි

  බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්‍රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම   බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...

වැඩිපුර කියවූ ලිපි