ඔන්න ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා මයි ඒක නෑ කියන්නේ මොන බූරුවෙක් ද කියල හිතන ලංකාවේ එකෙක් හීනයක් දකිනවා. හීනෙන් නිවුටන් අයින්ස්ටයින් එක්ක බර කතාවක.
අයින්ස්ටයින්: ගුරුත්වාකර්ෂණ බලයක් නෑ.
නිවුටන්: යකෝ එතකොට ඇපල් ගෙඩිය උඩ යන්නේ නැතුව ත්වරණයකින් බිමට වැටෙන්නේ ඇයි?
අයින්ස්ටයින්: වස්තුවකට බලයක් නැතිව ගමන් කළ නො හැකි ද?
නිවුටන්: ඔව්. ඒකාකාර ප්‍රවේගයෙන් නම් යන්න පුළුවන්. (මගේ පළවෙනි නියමය)
අයින්ස්ටයින්: බලයක් නැතුව ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ කොහොම ද?
නිවුටන්: ඒක තමා අවකාශයේ හැටි.
අයින්ස්ටයින්: ඕයා දන්නේ කොහොම ද අවකාශයේ හැටි ඒකාකාර ප්‍රවේගයෙන් යන එක මයි වෙන විදිහක් නෙවේ කියලා.
නිවුටන්: ආ.. ඒ... මං මේ නිකම් හිතුවා.
අයින්ස්ටයින්: එතකොට මේ ඇපල් ගෙඩිය පහළට යන්නෙ ම අවකාශයේ හා කාලයේ සාමාන්‍ය ස්වභාවය නිසා වෙන්න බැරි ද?
නිවුටන්: සිරාවට! මට ඒක කල්පනා වුණේ නෑනේ.
දැන් හීනේ දකින ලංකාවේ එකාට ඉවසිල්ලක් නෑ. මිනිහා කඩන් පැන්නා සංවාදෙ මැද්දට
ලං: ඒකාකාර වේගයෙන් වස්තු බලයක් නැති විට යන්නේ. පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා.
නිවුටන්: සිරාවට! මම දන්නෙත් නෑනේ.
අයින්ස්ටයින්: මොනවා ද ඒ පරීක්ෂණ.
ලං: ආ.. ආ.. මේ... මේ..
අයින්ස්ටයින්: බලයක් නැති විට වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ කාට සාපේක්ෂව ද?
ලං: පොළොවට. කියල නැත්නම් පොළොවට සාපේක්ෂව කියලා අපේ ටියුෂන් සරුත් කීවා.
නිවුටන්: පොළොවට!! මිනිහෝ මං පොළොව වටේ ඉර යනවයි කීවා කියල ද කියන්නේ.
ලං: නෑ නෑ. ඒ ඒ ගාණට ගැළපෙන රාමුවට සාපේක්ෂව ගන්න ඕනේ.
අයින්ස්ටයින්: කොහොම ද ඒ හරියන රාමුව හොයන්නේ.
ලං: අර... මේ...
නිවුටන්: ප්‍රශ්නයක් ආපු ගමන් උඹේ සර්ගෙන් අහන්න කියල ද කියන්නේ මොකක් ද රාමුව කියලා.
අයින්ස්ටයින්: ඇත්තට ම නිවුටන් කීවේ මොන රාමුවට සාපේක්ෂව ද ඕක.
නිවුටන්: හිස් අවකාශයට සාපේක්ෂව.
අයින්ස්ටයින්: එහෙම ද? එතකොට වස්තුවක් හිස් අවකාශයට සාපේක්ෂව චලනය වෙද්දී වස්තුවට සාපේක්ෂව හිස් අවකාශයට වෙන්නේ මොකක් ද?
නිවුටන්: අනිත් අතට චලනය වෙනවා.
අයින්ස්ටයින්: හිස් නම් චලනය වෙන්නේ මොකක් ද?
නිවුටන්: (ඔළුව කසමින්) ඒක අවුලක් තමා. අදෘශ්‍යමාන ද්‍රව්‍යයක් ඊතරයක් අවකාශයේ තියෙනවා කියලා ගත්තොත් වැඩේ හරි වගේ නේ ද?
අයින්ස්ටයින්: එතකොට ආලෝකය
නිවුටන්: ඊතරයට සාපේක්ෂව තමයි යන්න ඕනේ.
අයින්ස්ටයින්: එහෙනම් එක එක්කෙනාට සාපේක්ෂව ආලෝකයේ ප්‍රවේග වෙනස් වෙන්න ඕනේ. ඒ වුණාට මයිකල්සන් හා මෝර්ලි ඔය පරීක්ෂණය කරලා බැලුවා. හැමෝට ම එන දෘශ්‍ය වේගය එක ම අගයක්.
නිවුටන්: එහෙනම් හිස් අවකාශය කතාව අවුලක් බව පිළිගන්නවා.
අයින්ස්ටයින්: එහෙම රාමුවක් නැත්නම් හිස් අවකාශයේ වස්තු මෙහෙම යනවා කියලා නිශ්චිතව කියන්න ඔයාට කොහොමත් බෑනේ. පළවෙනි නියමය ම අවුල් ජාලාවක්. උඹට කියන්න තිබ්බේ බලයක් නැති සියලු වස්තු නිදහසේ වැටේ කියලා.
ලං: ඒ වුණාට නිවුටන්ගේ සූත්‍ර හරි නේ ඒකෙන් හදපු පාලම් කඩන් වැටෙන්න එපැයි. හඳට රොකට් යන්නේ කොහොම ද? සූත්‍ර හරිනේ.
අයින්ස්ටයින්: නෑ වැරදියි.
නිවුටන්ගේ සූත්‍රයෙන් බුධ ග්‍රහයාගේ කක්ෂය ඉර වටේ කැරකීම තේරුම් ගන්න බෑ.
ආලෝකය එක ම ප්‍රවේගයක් තියාගෙන ස්කන්ධ ආසන්නයෙ නැවෙන විදිහ තේරුම් ගන්නත් බෑ.
ආලෝකය විශාල ස්කන්ධයකින් ඉවතට යද්දී ශක්තිය අඩුවෙන්නේ ඇයි සංඛ්‍යාතය අඩු වෙන්නේ කොහොම ද වගේ ඒවා කොහොමත් නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණයෙන් පැහැදිලි කරන්න ම බෑ.
නිවුටන්: එතකොට අයින්ස්ටයින් ඔයත් සමහර තැන්වල ගුරුත්වය වචනය පාවිච්චි කළා නේ. ඉතින් අවකාශයේ කාලයේ සාමාන්‍ය ස්වභාවය තමයි වස්තු මෙහෙම වැටෙන එක කියලා කෙලින් ම ගත්ත නම් ආයෙ අර වචනෙ පාවිච්චි කළේ ඇයි? ගුරුත්වජ කාච, ගුරුත්වජ තරංග.
අයින්ස්ටයින්: ඒ ඉතින් උඹ හදපු අවුල් තමා. උඹ කීවනේ බලයක් නැති වස්තු ඒකාකාර ප්‍රවේගවලින් මයි යන්නේ කියලා. මම කියන්නේ එහෙම් ම වෙන්න ඕනේ නෑ කියලා. ඔය උඹ කියන විදිහේ ස්වභාවයක් තියෙන අවකාශවලට පැතලි අවකාශකාල කියලා මම කිවුවා අවකාශකාලය පැතලි ස්වභාවය නොදක්වා වක්‍ර වෙන්න පුළුවන් කියලා. එහෙම පැතලි ස්වභාවය නො දැක්වීමට ගුරුත්වය වචනය නිකම් කීවට කමක් නෑ කියලා නම් මම කීවා. ඒ උඹ කියන අමුතු බලයක් හෝ අලුත් දෙයක් තියෙනවා කියන තේරුමක් නෙවේ.
හරියට නිරුවත වගේ. මිනිස්සු ඇඳුම් නිර්මාණය කරලා හැමෝ ම අඳින්න ගත්තට පස්සෙයි නිරුවත කියලා එකක් ආවේ. එතකම් ඒක සාමාන්‍ය ස්වභාවය. ඇඳුම් තමා කෘත්‍රිම. නිරුවත් මුවෝ, ගෝන්නු කියලා එකක් නෑනෙ. ඒ සාමාන්‍ය ස්වභාවය. උඹ කෘත්‍රිමව ඒකාකාර ප්‍රවේගයක් අනිවාර්ය කරලා ගෙනල්ලා ඒක පේන්නේ නැති තැන්වලට බලයක් කියලා එකක් ගෙනවා. උඹේ ගුරුත්වාකර්ෂණය ඇඳුම අනිවාර්යයි කියලා මුවෝ ගෝන්නු ඇඳන් ඉන්න ඇඳුම ට්‍රාන්ස්පේරන්ට් කියනවා වගේ කතාවක්. මං කියන්නේ ඇඳුම කියන්නේ අනිවාර්ය එකක් නෙවේ කියලා. ඒක ඇඳීම නො ඇඳීම සාමාන්‍ය ස්වභාවය.
ඉතින් මුවෝ ගෝන්නුන්ට නිරුවත් කියලා කීවට මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මම නිරුවත් කියන්නේ ට්‍රාන්ස්පේරන්‍ට් ඇඳුමකට නෙවේ.
ලං: එහෙම කොහොම ද? මගේ සර්ගේ ඉන්ද්‍රියන්ටත් දැනෙනවා ගුරුත්වාකර්ෂණය. තොපි දෙන්නා මේ බැල්කනියෙන් පහළට පැනපියව් ගුරුත්වාකර්ෂණය තියෙනවා ද බලන්න.
නිවුටන්: මගේ ප්‍රවාදය අනුවත් වැටෙන එකාට ගුරුත්වාකර්ෂණය තිබුණත් දැනෙන්න විදිහක් නෑ. ඉඳගෙන ගාණ හදන කෙනාට තමා ගුරුත්වාකර්ෂණයේ ප්‍රතිඵල තියෙන්නේ. උඹ පැනපන් අපි ගාණ හදන්නම්..
ලං: ඔන්න මම පනිනවා එකායි දෙකායි තුනායි...
ලං: පොළොවේ වැදුණෝ ගුරුත්වාකර්ෂණය තියෙනෝ රිදුණෝ..
නිවුටන් හා අයින්ස්ටයින් (උඩ සිට) : ඔය ගුරුත්වාකර්ෂණය නෙවෙයි ඕයි, ආවේගය!
ලං: අම්මෝ!!
ලංකාවේ එකාගේ බිරිඳ:
උඹ මොකෝ මේ කෑ මොර දෙන්නේ. මට ගුරුත්වාකර්ෂණය දැනුණා මං නැතෝ කියාගෙන.
ලං: එතකොට මං ගුරුත්වාකර්ෂණය දැනුණා කියලා හිතං ඉඳලා තියෙන්නේ හීනෙන් ද??
කොරෝනා ගණිතය Math behind COVID-19
Covid-19 වගේ රෝගවල $R_0$ කියලා අංකයක් මේවාට ගණිතමය ආකෘති හදද්දී ඕනෙ වෙනවා.
$R_0$ reproductive number කියලා කියන්නේ එක රෝග ආසාදිතයෙක් ලෙඩේ නො හැදුණු මිනිස්සු යම් කිසි ගාණක් හම්බුණොත් ඒකෙන් කී දෙනෙක්ට සාමාන්‍යයෙන් ලෙඩේ හැදෙන්න පුළුවන් වෙයි ද කියන එක.
එතකොට සාමාන්‍යයෙන් ඔක්කොම මිනිස්සුන්ගෙන් කලින් ලෙඩේ හැදිලා නැති අයගේ අනුපාතය කීය ද කියන එක තමයි S කියලා කියන්නේ.
දැන් මිනිහෙක්‍ට හම්බුවෙන මිනිස්සු ඔක්කොම නිරෝගී නම් ඒ අයගෙන් $R_0$කට ලෙඩේ බෝවෙනවා. හැබැයි ඒ හම්බුණ මිනිස්සුන්ගෙන් S භාගයක් තමයි ඇත්තට ම නිරෝගී. එතකොට ලෙඩේ හැදෙන්නේ හම්බුණ මිනිස්සුන්ගෙන් $R_0S$ භාගයකට. මේ ගුණිතය 1 නම් දැනට රෝගී මිනිස්සු ගාණට සමාන ප්‍රමාණයකට තමයි ලෙඩේ බෝවෙන්නේ. එක්කෙනෙක් ලෙඩේ බෝ කරන්නේ හරියට ම තවත් එක්කෙනෙක්ට විතරයි. මේක endemic අවස්ථාව
මේ ගුණිතය 1ට වැඩි නම් එක්කෙනෙක් ගොඩකට රෝගය පතුරවන නිසා (ඝාතීය) වේගයෙන් පැතිරිලා යනවා. 1ට අඩු නම් රෝගය අඩු වෙලා යනවා.
(උපකල්පන: ජනතාව රෝගීන් සමාකාරව පැතිරේ. රෝගය දෙවතාවක් නොවැළඳේ)
දැන් අපි COVID-19 ගැන කතා කරමු.
මේකේ $R_0$ අගයට 1.7 සිට 3 දක්වා අගයන් දෙනවා. බොහෝ අගයන් 2.28 කියන S Zhang ඉදිරිපත් කළ අගයට කිට්ටු නිසා මේ අගය අපි දැනට පාවිච්චි කරමු.
දැන් රෝගය endemic වෙන්න නම් $R_0S = 1$. $S= \frac{1}{R_0}$.
එතකොට S අගය 0.44ක් එනවා. ඒ කියන්නේ කිසි දා රෝගය නො වැළඳුණු ප්‍රමාණය මුළු ජනගහණයෙන් 0.44ක් වෙන්න ඕනේ. රෝගය මර්දනය වෙන්න නම් ඔය ප්‍රමාණය ඊට වඩා අඩු වෙන්න ඕනේ.
එතකොට එක් වරක් රෝගය වැළඳිලා තියෙන මුළු ප්‍රමාණය (q)
= 1- S = 0.56ක්
මේ කියන්නේ ජනගණයෙන් 56%කට වඩා රෝගය වැළඳුණාට පස්සෙයි මේක ස්වභාවිකව අඩු වෙලා යන්නේ.
මේ q අගයට තමා Herd immunity කියලා කියන්නේ.
මේ වගේ රෝග මොඩල් කරන්න SIR මොඩලය තියෙනවා (දැන් ඒකේ වැඩි දියුණු කරපු SEIR භාවිත වෙනවා)
මුළු ජනගහණය (N) = රෝගීන් (I) + රෝගය නොවැළඳුණු (S) + රෝගය සැදී සුවවුණු (R)
.............................. .......(1)
දැන් රෝගය නොවැළඳුණු අය අඩු වීමේ වේගය නොවැළඳුණු අය ප්‍රමාණයට සමානුපාතිකයි
dS/dt = - λ(I) S
මේ λ නියතය රෝගීන් අනුපාතයට (I/N) සමානුපාතිකයි
λ (I) = βIS
dS/dt = - βIS/N
දැන් රෝගය සැදී සුවවුණු පිරිස වැඩිවන වේගය රෝගීන් ගාණට සමානුපාතිකයි.
dR/dt = γ I
දැන් (1) සමීකරණය අවකලනය කළහම
රෝගීන් සංඛ්‍යාව වැඩිවන වේගය
dI/dt = - dS/dt - dR/dt = βIS/N- γI
මේ නියත උඩ තමයි. ආකෘතිය හැදෙන්නේ.
SEIR මොඩල හදපු පත්‍රිකා කිහිපයක් දැනටත් තියෙනවා.
- තමලු මලිත්ත පියදිගම
ගෝඨාභයට පණිවිඩයක්: රට බේරාගත් මහින්ද පැරදුණේ ඇයි?
ගෝඨාභයට පණිවිඩයක්: රට බේරාගත් මහින්ද පැරදුණේ ඇයි?
ජනාධිපතිවරණය පිළිබඳව මගේ ස්ථාවරය
මහින්ද පැරදුණේ වංචා දූෂණ නිසා ය හෝ ඒවා ගැන කට කතා නිසා ය යන විවරණ දෙක ම දුර්වල මට්ටමේ විවරණ ය. දූෂණ චෝදනා කවර ආණ්ඩුවකටත් එල්ල වෙන ඒවා ය. අර කියන රත්තරන් අස්සයන් අවුරුදු පහට ම හමුවුණේ ද නැත. ඉතා මෝඩ පහේ යූඑන්පීකාරයකු අහුවෙන්න හොරකම් නොකරන බව ද බිම් මට්ටමේ අඳබාල ජවිපේ සාමාජිකයන් ඩීල් බයිලාව ද යොදා ගනිමින් මෙය පැහැදිලි කරනු ඇත. මේ ආණ්ඩුවට අවුරුදු පහට ම හොයන්න බැරි වුණු දේවල් මිනිස්සු විශ්වාසනීයව දැනගත්තේ කෙසේ ද යන දේ පිළිබඳව මේ අදේශපාලනික යූඑන්පීකාරයා සැලකිලිමත් වන්නේ නැත. ඩීල් තිබේ නම් එක් පාර්ශ්වයක් පමණක් නරක වෙන හේතුව අඳබාල ජවිපේ සාමාජිකයාට ද තේරෙන්නේ නැත. (අපි කාටවත් කඩේ යන්නේ නෑ කියන මෝඩ ම ජවිපේ සාමාජිකයන්ට ෆොන්සේකාට ජනාධිපතිවරණයට හා ඊට පසුවත් පාප්ප බාල්දි උස්සන් කඩේ ගිය ආකාරය මත ම නැත.)
මේ වංචා දූෂණ හෝ වෙනත් නම්වලින් මතුපිටට පැමිණියේ වෙනත් අර්බුදයකි. වෙනත් ආතතියකි.
ඉස්සර අපිට රටක් රාජ්ජයක් තිබුණි. සුද්දෝ අපෙන් රට ලියාගෙන අපේ රටත් රාජ්ජයත් නැති කළ හ. අපි උන්ට දුන්නේ නම් අපේ රට රාජ්ජය රැකගෙන ආණ්ඩු කරන්න ය. උඩරට ගිවිසුම ඉරා දැමූ සුද්දෝ කෝල්බෲක් ප්‍රතිසංස්කරණයේ සිට අපේ රාජ්ජය විනාස කොට උන්ගේ රාජ්ජයක් මේ රටේ පිහිටවූ හ. අපේ අධ්‍යාපනය, සෞඛ්‍ය, වගාව, වෙළඳාම නැති කොට සියල්ල උන්ගේ ක්‍රියාපිළිවෙළ අනුව මූලධර්ම අනුව සිදුවන උන්ගේ රාජ්ජයක් ඇති විය. පසුව අපට අපේ රට ලැබුණත් අපේ රාජ්ජය නම් නොලැබුණි. අපට ලැබුණේ උන්ගේ රාජ්ජයකි. අප උන්ගේ රාජ්ජය කොයි විදිහට අරගෙන ගියත් අපට සෙතක් නො වේ. එන්න එන්නට උන් ම බලවත් වීම අප උන්ට පරාධීන වීමට සිදුවේ. කෙසේ නමුත් අපි අපේ රාජ්ජයක් නැති අපේ රටේ කල් ගෙවමු.
එංගලන්තය හා ඉන්දියාවත් බටහිර අධිපතිවාදී සංස්ථාපනයත් නැති කළ අපේ රාජ්ජය පමණක් නොව අපේ රට ද නැති කිරීමට උත්සාහ කරති. උන් කිරි දී හදාගත් ප්‍රභාකරන් ද නිරාගමික තක්කඩි තරුණ පරපුරේ කලාකරුවන් හිවල් සමාජය මෙරට සිංහල බෞද්ධ රටක් නොවේ කියන මංගල සමරවීරලා, චන්ද්‍රිකා කුමාරතුංගලා ආදී එකී මෙකී නරුමයන් පිරිවරාගත් බලවේග අපට අපේ රට ද නැතිකිරීමට යත්න දරති.
ප්‍රභාකරන්ගේ බරපතළ තර්ජනයෙන් විනාශයට යා නො දී අපේ රට එයින් රැකගත්තේ මහින්ද ය. ජනතාව ද ඔහුට ගරු බුහුමන් දැක්වී ය. එහෙත් පාලන කාලය අතරතුරේ දී ජනතාව ඔහු ගැන යම් අයුරකින් කළකිරුණි.
ප්‍රශ්නය වූයේ අපේ රට බේරාගත් මහින්දට පාලනය කරන්නට ඇත්තේ අපේ රට උඩ උන්ගේ රාජ්ජයක් වීම ය. උන්ගේ රාජ්ජය අපේ යහපත පිණිස පවතින්නක් නො වේ. ඒ රාජ්ජයේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික පිළිවෙත අපට එරෙහිව යයි. මේ රාජ්ජයේ හා රටේ පරස්පරය උඩ උන්ගේ රාජ්ජය මෙහෙයවන මහින්දගේ කුමක් දෝ ප්‍රශ්නයක් පවතින බව ජනතාවට දැනුණි. එය වෙනත් වෙනත් ආකාරවලින් එළිපිටට ආව ද එහි පතුළේ ඇත්තේ මෙම ප්‍රශ්නයයි.
මේ ආතතියෙන් වාසිගත් විජාතික බලවේගයන් රටට සතුරු දේශපාලන බලයක් ඇති කළ හ. විජාතික බලවේගවල මෙහෙයවීම හේතුවෙනුත් මංගල සමරවීරලා වැනි තක්කඩියන් හා ආර්ථික විශේෂඥයන්, විද්වතුන් ආදී වශයෙන් හදුන්වා ගන්නා තවත් තක්කඩියන් පිරිසකුත් අන්තවාදීන්ට කප්පන් දීමෙනුත් හැසිරවෙන රටට සතුරු එජාප ය ද ජාතිකත්ව විරෝධය දේශපාලන මාවත ලෙස හඳුනාගත් මාක්ස්වාදී ලිබරල්වාදීන් හීනමාන කලාකරුවන් ඇතුළු තක්කඩියන් පිරිවරාගත් ජවිපෙය ද රටට සතුරු බලවේග ලෙස පෙළ ගැසී ඇත.
ගෝඨාභය වටා සිටින කඳවුරේ තවමත් වැඩි බලය රටට හිතකර පිරිස් අතේ පැවතුණ ද එම කඳවුර තුළ ද විජාතික මතධාරී තක්කඩියන් හා සැඟවී සිටින දෙපිටකාට්ටුවන් සැලකිය යුතු පිරිසක් ඇති බව කිව යුතු ය. විශේෂයෙන් ම මේවන විට පොහොට්ටුවේ වැඩි බලය එවන් පිරිස් වෙත ඇති බව ද සඳහන් කළ යුතුයි. වාසනාවකට ගෝඨාභය වටා ඇති කඳවුර යන්න පොහොට්ටුව මඟින් ම මෙහෙයවෙන්නක් නො වේ. එනිසා සමස්ත කඳවුර පිළිබඳ සුබවාදී හැඟීමක් ඇත.
ගෝඨාභය මහතාගෙන් ඉල්ලා සිටීමට ඇත්තේ පොහොට්ටුව ලකුණෙන් ඡන්දයට ඉදිරිපත් වුවද පොහොට්ටුවේ සාමාජිකත්වය නො ගන්නා ලෙස ය. ඒ සමඟ ම ඔබේ කඳවුරේ සිටින තක්කඩියන් ද බැහැර කර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු. (ඔබ සමඟ මුල් ම කාලයේ සිටි එවන් අයකු ඒ පිළිබඳව ඔබට විරෝධය පළකරන අවදියේ අප සමඟ වාදයට ආ අනුගාමිකයන් අනාථ කොට රුසියාවට පැනගොස් දැන් රඟන භූමිකාව ම ඔබට මේ සඳහා පූර්වාදර්ශයකි.)
කනගාටුදායක ලෙස ඔබට ද මෙහෙයවීමට ලබා දෙන්නේ අපේ රට උඩ ඇති උන්ගේ රාජ්ජයකි. රටට සතුරන් පරාජය වුව ද උන්ගේ රාජ්ජය ඔබ මෙහෙයවන විට ස්වභාවික ලෙස ම ජනතාව තුළ කළකිරීම් ඇති වීමට බොහෝ ඉඩ ඇත. එබැවින් ඔබෙන් ඉල්ලා සිටින්නේ අපේ රට ද රැකගෙන ඒ මත ඇති උන්ගේ රාජ්ජය අවසන් කොට අපේ රාජ්ජයක් පටන් ගැනීමට පෙරමුණ ගන්නා ලෙසයි. ඒ සඳහා ඔබට හැකියාව තිබුණ ද එතරම් ශක්තිමත් පදනමක් කඳවුර තුළින් නැඟ ඒවි ද යන්න ගැන ඇත්තේ බොඳ වූ බලාපොරොත්තුවකි.
ඔබෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා පියවර කීපයක් හෝ ගන්නා ලෙස ය. එවිට ඔබගේ නාමය අපේ රාජ්ජයේ සදාකල් නොමැකෙනු ඇත්තේ ය.
ජනතාවට පැවසිය යුතුව ඇත්තේ එජාප, ජවිපේ හා පොහොට්ටුවේ බලය හිමි විජාතික මතධාරී කුඩා කණ්ඩායම ලෙස පරාජය කළ යුතු විජාතික බලවේග තුනක් ඇති බවයි. මේ බලවේග පරාජය කළ හැක්කේ එජාපය හා ජවිපෙය තීරණාත්මක ලෙස පරාජය කොට ගෝඨාභය ජනපතිධූරයට පත් කිරීමෙන් හා ඉන්පසු එජාපය හා ජවිපෙය තීරණාත්මක ලෙස බලයෙන් ඉවත් කරමින් ම පොහොට්ටුවේ ආධිපත්‍යය දරන විජාතික මතධාරී කණ්ඩායමේ දේශපාලන ආධිපත්‍යය බිඳ හෙළමින් ශක්තිමත් ජාතිකත්ව දේශපාලන පදනමක් ඇති කිරීමෙනි. (ගෝඨා පරාජය වුවහොත් දේශපාලනය සම්පූර්ණයෙන් මේ කණ්ඩායම් තුන අතට ගොස් සිංහල බෞද්ධ ජන පදනමේ හඬ ඉහළට නොයන ඉතා අහිතකර තත්වයක් ඇතිවනු ඇත.)
අවසාන වශයෙන් මා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය දිනවීමෙනුත් ඉන්පසු තුන් වැදෑරුම් විජාතික බලවේග පරාජය කෙරෙන ශක්තිමත් බලවේගයක් ගොඩනැඟීමෙනුත් අපේ රාජ්ජය නැවත ඇති කරගැනීමට පෙළගැසෙන ලෙසයි.
- තමලු මලිත්ත පියදිගම
අනුරට සහය දිය යුතු ඇයි? ජෙලි බබාලානු විවරණයක්
අනුරට සහය දිය යුතු ඇයි? ජෙලි බබාලානු විවරණයක්
අනුර කුමාරට ඡන්දය දිය යුත්තේ ඇයි යනුවෙන් ජවිපේ සාමාජිකයන් හා නිර්මාල් දේවසිරි ඇතුළු විකල්ප වාමාංශිකයන් ගොඩ නඟන තර්කවල පදනම අවබෝධ කරගැනීම සඳහා උපයෝගී කරගත හැකි එක් වැදගත් ප්‍රවේශයක් පිළිබඳව මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙයි. මේ ප්‍රවේශයට ජෙලි බබාලානු විවරණය යන නම හිමි වන්නේ මොරටුව සරසවියේ ජෙලි බබාලා නමින් ප්‍රකට ජවිපේ ශිෂ්‍ය කණ්ඩායම තම ස්ථාවරය දක්වන ආකාරය මීට දක්වන සමීපතාව නිසා ය.
ජොනාතන් ස්විෆ්ට් යුරෝපා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ හා වාණිජවාදයේ නිරුවත විදාරණය කළේ එංගලන්තය හා ප්‍රංශයට ආකෘතිකව සමාන කුඩා අඟුටු මිටි සමාජයන් (ලිලිපුට්ටෝ) නිර්මාණය කොට ඒ මත යුරෝපා ලිබරල් සමාජයේ ප්‍රශ්න හා දේශපාලනයේ ප්‍රවණතාවල කුඩා ආකෘතියක් නිර්මාණය කිරීමෙනි. මෙ ලෙසින් ම ජවිපේ හා සම්බන්ධ කඳවුරේ දේශපාලනය අවබෝධ කර ගැනීමට සිඟිති ආදර්ශයක් ලෙස ජවිපේ ජෙලි බබා කණ්ඩායම විමසා බැලීම සුදුසු ය.
සිසු විරු දින සැමරුම සූදානම් කිරීමේ දී එකල උපක්‍රමිකව (සැබෑ අනන්‍යතාව සඟවමින්) ශිෂ්‍ය සංගම් බලය හිමිකරගෙන සිටි ජෙලි බබාලා බහුජන ව්‍යාපාරයක් වන ශිෂ්‍ය ව්‍යාපාරය හා ජවිපේ 89 කැරැල්ල අතර පරතරයක් නිර්මාණය කොට පෙන්වීමට (තම ජවිපේ අනන්‍යතාව සඟවා තබා ගැනීම හා ඒ අතරතුර තම දේශපාලනික උපක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා ජෙලි බබාලාට මෙම පරතරය නිර්මාණය කිරීම අතිශයින් අත්‍යවශ්‍ය විය.) බොහෝ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ජවිපේ ක්‍රියාකාරිකයන් ද වූ අතර ඝාතනයට පත් වූ ඇතැමෙක් ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් නිසා ද ඇතැමෙක් ජවිපේ පහර දීම් හා ප්‍රතිප්‍රහාර අතරතුර දී ද ඝාතනය විය. එ නිසා මේ පරතරය නිර්මාණය කිරීමේ අනිවාර්ය බාධකයක් වනු ඇත්තේ ජවිපේ පහරදීම් අතරතුර දී ඝාතනය වූ පිරිස් ද මෙම ලැයිස්තුවල සිටීමයි.
88, 89 කාලය වන විට ශිෂ්‍ය ව්‍යාපාරය පැවතුණේ ජවිපේ, ජාතිකවාදීන් (ජාතික චින්තන කණ්ඩායම) හා පරණ වම (ලං.ජ.සං, ස්වාධීන ශිෂ්‍ය සංගමය වැනි පිරිස්) යන බලවේග කිහිපයේ නායකත්වයෙනි. මෙහි දී ප්‍රධාන බෙදුමක් ලෙස ඊළාම් විරෝධය හා ඊළාම්වාදී වීම දක්නට හැකි විය. ජවිපේ හා ජාතික චින්තන කණ්ඩායම ඊළාම් විරෝධී ස්ථාවරය ද පැරණි වම ඊළාම්වාදී ස්ථාවරය ද දැක්වී ය. ජවිපේ පරණ වම මර්දනය කිරීමට ගත් ප්‍රධාන ප්‍රවේශය ද වූයේ පරණ වමේ ඊළාම්වාදීත්වයයි.
ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය යනු ම ජවිපේ දෘෂ්ටිවාදයෙන් ලියැවුණු ඉතිහාසයක්ව ඇත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පිහිටවූ මැල්කම් විජිතපාලලා ඇතුළු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී ශිෂ්‍ය සංගමයේ නායකත්වය හෝ අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් පිළිබඳව හෝ මීළඟ නායකත්වය ලබා දුන් ජාතික ශිෂ්‍ය සංගමයේ කොමියුනිස්ට් පාක්ෂිකයන් ගැන හෝ වචනයක්වත් කතා නොකෙරී ජවිපේ ශාන්ත බණ්ඩාරගෙන් පටන්ගෙන අන්තරයේ නිල ඉතිහාසය කියා දීම කවර සරසවියේත් දක්නට ලැබේ. මේ අමතක කර දමා ඇති ප්‍රාග් ඓතිහාසිකත්වයට අමතරව ඝාතනය වීමේ වාසිය උපයෝගී කරගනිමින් අසූව දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරය පූර්ණ වශයෙන් ජවිපේ ගිණුමට බැර කිරීම ද එක් පිරිසක් පමණක් නැවත නැවත සිහිපත් කිරීමෙන් සිදු වේ. ජවිපේ අතින් ඝාතනය වූ අනෙක් කණ්ඩායම්වල ශිෂ්‍යයන් පවා අමතක කර දමා ඇත.
කාලාන්තරයක් ජවිපේ බලය ද ගිලිහී තිබූ මොරටුවෙහි දැනට සිටින්නන් ඝාතනයට ලක් වූ මොරටු සිසුන් ලෙස දන්නේ ක්ලිෆඩ් පෙරේරා, නිමල් ලියනගේ හා නිමල් බාලසූරිය පමණි. දැන් මැදි වයසේ සිටින එකල ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සිහිපත් කරන මොරටුවේ ඝාතනයට ලක් වූ ඉදිරිගාමී ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ගැන මොරටුවේ වත්මන් සිසුන් දන්නේ ම නැත. (89න් පසු බිඳ වැටී ගිය අන්තරය නැවත පිහිටුවීමට මොරටුවෙහි කපිල පීරිස්ලා, සංජීවලා ඇතුළු ජාතිකවාදී පිරිස් ගත් උත්සාහය චම්පක රණවකගේ ජනතා මිතුරෝ කණ්ඩායම හා සංජීවට පහර දෙමින් චම්පක රණවකගේ කණ්ඩායම ගෙන ගිය මැර දේශපාලනික ආධිපත්‍යය පිළිබඳව කිසිවක් නොදන්නා බොහෝ සිසුන් මොරටුව අන්තරයෙන් ඉවත් වූ සිද්ධිය පිළිබඳව වැඩිහිටි සිසුන්ගෙන් අසා ඇත්තේ සාවද්‍ය කතාන්දර ය.)
මේ සියල්ල පසෙක තබා දැන් අපි පෙර කී සිදුවීමට යමු. අපි ජෙලි බබාලාගෙන් ප්‍රශ්න කොට සිටියේ ජවිපේ විසින් ඝාතනය කරන ලද මොරටුවේ ජයවර්ධන දිසානායක (වසන්ත දිසානායකගේ බාල සොහොයුරා) වැනි ලං.ජ.සං. සිසුන්, නව ප්‍රවණතාවයේ සිසුන්, නසසපයේ සිසුන්, දයා පතිරණ වැනි පිරිස් ගැන කතා නොකරන පදනම කුමක් ද යන්නයි. (මේ වන විට ජවිපේ අනුශාසකයින් ඊළාම් විරෝධීන් නොව දයා පතිරණලාගේ 'ගෝලයන්' වූ නිර්මාල් දේවසිරි වැනි පුද්ගලයින් ය. එ නිසා ජවිපෙට දැන් ඊළාම්වාදය ගැන කියා අත පිහිදා ගත නො හැකි ය.).
අනෙක් ප්‍රශ්නය වූයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය හඳුන්වා දීමේ අරමුණින් කෙරෙන සැමරුමක ඝාතනය වූවන් පමණක් සිහිපත් කෙරෙන්නේ ඇයි ද යන්න ය. එයින් ඝාතනය නොවූවන්ගේ දායකත්වය ඉතිහාසයෙන් අතු ගෑවෙයි.
මේ දෙවනි ප්‍රශ්නයට දිය හැකි කොතෙකුත් පිළිතුරු තිබුණ ද එක් ජෙලි බබකු ඉදිරිපත් වී ලබා දුන්නේ අපූරු පිළිතුරකි.
" දැන් ඒ අය මැරිලානෙ. ඒ නිසා ඒ අයගේ මතය වෙනස් වෙන්නේ නෑනේ. දැන් ඉන්න අය මතය වෙනස් කරලා හරි මතය වෙනස් වෙලා හරි නිදහස් අධ්‍යාපනයට විරුද්ධව පෙනී හිටියොත්!"
තමන් ම සමරන්නට යන ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ට ම එල්ල කරන අපහාසයක ද ස්වරූපය බැලූ බැල්මට දරනා මෙම ප්‍රකාශයේ සැඟවී ඇති අර්ථය විමසා බලමු.
මතය වෙනස් වීමේ ඉඩකඩ ඇති ගතික සජීවී පුද්ගලයින්ට වඩා සංකේතරූප කරගැනීමට උචිත වන්නේ ගල් කොට දැමූ අජීවී මළ සිරුරු ය. එනිසා ම ප්‍රතිරූප ගොඩනැංවිය යුත්තේ මරණයට පත්වූවන්ගෙනි.
මෙම ජෙලි බබාලානු විග්‍රහයෙන් වර්තමාන ජවිපේ AKD දේශපාලනය විමසා බලමු.
මෙවර අනුර කුමාර පැමිණෙන්නේ සමාජවාදයක් හෝ කොමියුනිස්ට්වාදයක් ගෙන ඒමට නොවේ. මෙවර අනුර කුමාරගේ දේශපාලනය යනු සුචරිතවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් (puritan democratism) සඳහා පෙනී සිටින සදාචාරවාදී ප්‍රවේශයකි. ඍජුව ම අනුර කුමාර යනු ක්‍රොම්වෙල්ටත් එහා ගිය එලිසබෙතනු සුචරිතවාදයේ ප්‍රතිමූර්තියකි. (අනුර කුමාර යනු නගර ගිනි නොතියන මිනී නොමරන ක්‍රොම්වෙල් කෙනෙකි. සුපිරිසුදු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අකලංක කුමාරයෙකි.)
බොහෝ වාමාංශිකයන් කියන්නේ අනුර කුමාර සිහිනෙන්වත් නො දිනන බව ය. දිනීම යනු ඔවුන්ගේ බලාපොත්තුව නො වේ. ඔවුන්ට අවශ්‍ය මතයක් ප්‍රකාශ කිරීමට යැයි කියනු ලැබේ.
දැන් අපි අර ජෙලි බබා ආදර්ශය මෙතැනට රැගෙන එමු. 2015 දී ජවිපෙ හිතවාදී විකල්ප වාමාංශික බලවේග ඍජුව ද අන්න සතා මෙන්න පොල්ල ක්‍රමයෙන් ජවිපෙ ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනික සුචරිතවාදය හා 'දේශපාලනික නිවැරදිභාවයේ' දේශපාලනය (political corectness politics හරි සිංහල නමක් සිතා ගත නොහැකි ය. ) නිරූපණය කෙරෙන යහපාලනය යන වචනයෙන්, ජයග්‍රහණය කළ හැකි (එසේ වූ) සජීවී දේශපාලන ප්‍රපංචයක් නිර්මාණය කළ හ. මහ බැංකුව කොල්ල කා පටන් ගත් එය අවසන් වූයේ නිර්මාල් දේවසිරිගේ වචනයෙන් විකල්ප වම්මුන්ගේ කලිසම් සම්පූර්ණයෙන් ගලවා දමමිනි.
මෙවර එයින් උගත් පාඩම් අනුව ජවිපෙය හා විකල්ප වම්මු ජෙලි බබා තියරියට ගොස් තිබේ. දිනිය නොහැකි අනුර කුමාර නම් අජීවී මළකඳක් සුචරිතවාදයේ අකලංක කුමාරයා ලෙස තෝරාගෙන ඇත.
මේ AKD ව්‍යාපාරය සාර්ථක කිරීමට නම් අනුර කුමාරගේ අජීවී භාවය රැකගත යුතු ය. මේ සඳහා අනුර පරාජිතව ම තබා ගැනීම යන පහසු ඉලක්කයක් ඇත. අරුම පුදුම අයුරින් හෝ අනුර දිනුවහොත් ජෙලි බබා තියරිය අනුව කලිසම්වල බඳ පටි නැවත වරක් බුරුල් වනු ඇත.
තවමත් ඇති එක් අවදානමක් වන්නේ කුමක් හෝ පෙරළියකින් මේ අකලංක කුමාරයා, සෝවියට් දේශය නම් දිව්‍යමය මහා අනෙකා මිය යාමෙන් පසුව අනන්‍යතා අර්බුදයකට ලක් වී අසරණ වූ ශ්‍රීලාංකික වම්මුන්ට මේ වන විට ලැබී ඇති යක්ෂමය මහා අනෙකා සමග එක් වීමට ඇති හැකියාවයි. මේ සඳහා මේ අනුර කුමාර බලවේගය යක්ෂයාට වැඩක් නොවන මට්ටමකින් තබා ගැනීම ද අවශ්‍ය වෙයි.
දැන් දැන් පෙනී යන්නේ විකල්ප වම්මු මේ බව දැන සිටින බවයි. ඒ නිසා ම ප්‍රතිරූපගත මළකඳ ඔසවාගෙන යන විකල්ප වම්මුන් බහුතරයකගේ ඡන්ද පෙට්ටිය අසළ ආවරණවලින් වැසී ගිය කළ හෙළි දරවු වන 'සැබෑ' ස්වරූපයන් අවබෝධ කර ගැනීමට රහස් කවුළුවක් අවශ්‍ය නො වේ.
සටහන:
සෝවියට් දේශය යහතින් පැවති කාලයේ වාම ස්ථාවරය වූයේ දැන් ධනවාදය වර්ධනය වී අවසන්ව බිඳ වැටෙමින් පවතිණ බවයි. එනම් සෝවියට් දේශය යනු ළඟා සිය යුතු එක් විය යුතු දිව්‍යමය මහා අනෙකකු වෙත පාර පෙන්වන්නකි. සෝවියට් දේශය බිඳ වැටුණු පසු ඓතිහාසික භෞතිකවාදීන්ට උරුම වන්නේ සෝවියට් දේශය යනු අපගමනයක් බවත් ධනවාදය බිඳ වැටීමට පෙර තවත් වර්ධනය වීමට ඇති බවත් ය. එහෙයින් වර්තමාන වම්මුන්ට ධනවාදයේ ඉදිරියට යාමට රුකුල් දීමට සිදුවේ. හොඳ ධනවාදයක්/ ප්‍රජාතන්ත්‍රවාදයක් ඔවුන්ගේ තේමාව ය. මෙහි දී ධනවාදීන් සමඟ පෑහීමෙන් ඇතිවන අනන්‍යතා අර්බුදය මකා ගැනීමට ඔවුන්ට මේ වන විට තවත් මහා අනෙකකු ලැබී ඇත. ලෝකය පුරා ජාතිකවාදී ප්‍රවණතාවන් මේ මහා අනෙකා ය. මෙවර ඔවුන් තෝරා ගෙන ඇත්තේ වෙන් වීම ලකුණු කිරීමට වෙර දරන යක්ෂමය මහා අනෙකා ය. ලංකාවේ වම්මුන්ගේ පිනට පහළ වූ යක්ෂයා මේ මොහොතේ දී සංකේතවත් කෙරෙන පුද්ගල රූපය හඳුනා ගැනීම අපහසු නැත. ඇතැම් වම්මුන් ඍජුව ම ඔහුට යක්ෂයා යැයි කියා සිටින බැවිනි.
- තමලු මලිත්ත පියදිගම
කාලය පැරණි වෙබ් අඩවිය වෙතට පිවිසීමට මගක් To Kalaya old website
නලින් ද සිල්වා මහතාගේ මේ වන විට අක්‍රිය තත්වයේ ඇති කාලය පැරණි වෙබ් අඩවිය
(2016ට පෙර ලිපි) වෙතට නැවත පිවිසීම සඳහා පහත සබැඳිය භාවිත කළ හැකි ය.
https://web.archive.org/web/20150404132129/http://www.kalaya.org/home.html
වීඩියෝ හා ශ්‍රවණ ගොනු නැවත සක්‍රිය කළ හැකි ආකාරයක් නො දනිමි. ඒ පිළිබඳව දන්නා අයකු වේ නම් දැනුම් දෙන්න. ලිපි කියවීමට හා බාගත කිරීමට මෙයින් හැකි ය. බ්‍රවුසරයේ Adobe Flash සක්‍රිය කර ගැනීම අවශ්‍ය විය හැකි ය.
(2016ට පෙර ලිපි) වෙතට නැවත පිවිසීම සඳහා පහත සබැඳිය භාවිත කළ හැකි ය.
https://web.archive.org/web/20150404132129/http://www.kalaya.org/home.html
වීඩියෝ හා ශ්‍රවණ ගොනු නැවත සක්‍රිය කළ හැකි ආකාරයක් නො දනිමි. ඒ පිළිබඳව දන්නා අයකු වේ නම් දැනුම් දෙන්න. ලිපි කියවීමට හා බාගත කිරීමට මෙයින් හැකි ය. බ්‍රවුසරයේ Adobe Flash සක්‍රිය කර ගැනීම අවශ්‍ය විය හැකි ය.
Grammatical Aspects in Tenseless Theory of Sinhala Language
Grammatical Aspects in Tenseless Theory of Sinhala Language
T.M. Piyadigama
University of Moratuwa
Abstract
Studying tense-and-aspect systems is a major area in linguistic studies. There are no examples for grammatical aspects in Sinhala language mentioned in the academic literature on grammar. There were several stages of the development of tense theories. In my previous work "There are no tenses in Sinhala Language" I verified that all the tense theories for Sinhala language fail and the verb categories which are misunderstood as tenses are actually not tenses. This article summarizes the result of my previous work and describes my novel formulation in formal linguistic terms. The result is to understand the aspectual nature of the Sinhala verbs.
Introduction
Tense and aspect are closely related but different concepts. Tense denotes a temporal reference to an event, situation or act represented by a verb. (For example, past-present-future, past-non past e.t.c.). Aspect denotes how which is expressed by the verb extends over time. There are two major aspects generally identified perfective and imperfective. Perfective aspect verbs represent the idea, situation or act expressed by it as a whole while imperfective aspect represents the internal composition of which is expressed. To explain further, imperfect aspect impress whether the expressed idea, situation or act is progressing, repeating or habitual.
History of Sinhala Grammar
There are two stages of tense theories in Sinhala Language.
1. Three tense theory (Past, Present, Future)
2. Two tense theory (Past, non Past - sometimes past, future)
Three tense theory can be found since earliest grammar books (Siyabaslakara and Sidath Sanagarawa). Mr. Cumaratunge Munidasa, an elegant researcher in Sinhala language, identified that early three tense theory is flawed and formulated a two tense theory.
The author of this article understood two tense theory is also flawed and proposed a tenseless theory in his article "There are no tenses in Sinhala language" published in Divaina newspaper. Readers interested in the argumentation to refute two tense theory and the historical evolution of the subject are advised to refer the above article.
The tenseless theory does not reject the division of verbal categories proposed by Mr. Cumaratunge but diverges with his tense based interpretation of those categories. Tenseless theory renames the so-called past and non-past categories as nimitha and animitha considering the actual functionality.
Tenseless theory of Sinhala Language
Tenseless theory suggests two verb categories: nimitha and animitha.
Following example explains these categories for verb stem duva -දුව- (run) in singular third person masculine gender
Nimitha
divii (ya) - දිවී (ය) - nimitha pure verb
divve (ya) - දිව්වේ (ය) - nimitha noun based verb
Animitha
duva (ya) = duvayi - දුවා ය = දුවයි - animitha pure verb
duvanne (ya) - දුවන්නේ (ය) - animitha noun based verb
The next and most important step of the theory is to explain functionality of these two categories.
Animitha is used for event, situation or act to denote,
1. that it is progressive or continuous.
2. that is repetitive.
3. that it is possible to happen (or a possible alterity)
4. that it is a common state of a specific era.
(4th case is not a necessary. Same meaning can be obtained with nimitha. But animitha has also been used in literature. First three forms are necessary and the meaning will change if nimitha is used.)
5. Animitha is used in newspaper headlines.
Nimitha is used in all other occasions (where the act, event or situation expressed by the verb is taken whole as one unit).
5th case was introduced to newspaper tradition by Mr. Munidasa himself in accordance with the the English tradition of using simple present since the animitha category was misunderstood as present tense at that time. 5th case is now popular as a common practice so I included that also with other four.
Mr. Munidasa also elegantly identified 4th case before me and reported in his book 'Vyakarana Vivaranaya'. Being unaware of first three cases and being in the tense theory domain, he interpreted the 4th case as an exception to his two tense theory. The fact that there are exceptions to the tense theory is understood even in the three tense theory era because 'Sidath Sangarawa' and other several grammar books provide examples to the existence of exceptions ('Kiriya Perali') though an interpretation or analysis in the nature of those exeptions was never presented. The existence of exeptions was identified, accepted and then paradoxically neglected before the tenseless theory. The article "There is no tenses in Sinhala Language" discusses the nature of the exceptions and identifies them as a result of a flawed theory.
Examples for Nimitha Animitha Functionality
Animitha
1st case: Continuous or progressive
Eeye ude ma ohu dakina wita ohu pasalata (duwayi).
- ඊයේ උදේ මා ඔහු දකින විට ඔහු පාසලට (දුවයි).-
He was running to school when I saw him yesterday.
2nd case: Repetitive
Gaswala kola (wateyi).
-ගස්වල කොළ (වැටෙයි).-
Leaves of the trees fall / fell repetitively.
3rd case: Possible alterity
Anith pakshayen illuwe nam ohu giya wara chandayen (dinanne) ya.
- අනිත් පක්ෂයෙන් ඉල්ලුවේ නම් ඔහු ගියවර ඡන්දය (දිනන්නේ) ය.-
he would have won the last election if he represented the other party.
4th case: Common state of a specific era.
Gal yugaye minissu gal guhawala jeewath (wethi).
ගල් යුගයේ මිනිස්සු ගල් ගුහාවල ජීවත් (වෙති).
People of Stone age lived in caves.
5th case: Headlines
Yuddaya (arambeyi).
යුද්ධය (ඇරඹෙයි).
War begins.
Nimitha
Thaththa gedara (awe) ya.
තාත්තා ගෙදර (ආවේ) ය.
Father came home.
The nimitha or animitha verbs are in parentheses.
Aspectual Nature of Nimitha Animitha
Nimitha and animitha verb categories have an aspectual basis rather than a tense basis.
Functionality of nimitha, to consider the expressed action, situation, event as a unit, is the nature of perfective aspect.
Animitha is related to imperfective aspect. 1st and 2nd cases are related to continuous and habitual (repetitive) aspect respectively. These two aspects are subcategories under imperfective aspect. The third and fourth cases also related to aspect and clearly distinct from tense. Non of these five cases represents a time reference. First four cases express how the event, situation or act extends over time. Therefore the tenseless theory of Sinhala language not only refute grammatical tenses but also identifies grammatical aspects in Sinhala language.
I refrained from strictly translating nimitha and animitha to perfective and imperfective respectively because third case cannot be classified into conventional imperfective aspect.
Special Remarks
The term grammatical tense means the grammatical morphological tense in this article. This terminology persisted in two tense and three tense theories. Though tenseless theory is discussed here in this traditional discourse the tenseless theory can be broadened to understand the complete domain. As a summary, non morphological tenses also do not exist in Sinhala language and the nimitha animitha verb formation in various forms can be identified. This will be explained in our next steps.
Refuting the greatest misconception in Sinhala Grammar (and another misconception in the field of tense and aspect systems - undoubtedly dealt with misconception and conflations throughout the history) we can now clearly say that Sinhala is a tenseless language. Burmese, Dyirbal, Chinese, Malay are some other tenseless languages identified upto now.
References
Piyadigama T.M., There are no grammatical tenses in Sinhala language 2017.07.21, 2017.07.28, Divaina newspaper Watamadala
Copyrighted: Thamalu Maliththa Piyadigama
වංගීස සමඟ විවාදයට පසු වදනක්.
වංගීස සමඟ විවාදය නරඹන සමහරුන්ට මූලික ප්‍රශ්න දෙකක් ඇති බව පෙනේ. පළමු වැන්න නිවන මෙයයි යනුවෙන් ආරම්භයෙන් ම නො කියා ජනප්‍රිය ථෙරවාද සම්ප්‍රදාය තුළ ඇති ගැටලුවක් ගැන කීමට කාලය ගත කළේ ඇයි ද යන්නයි. දෙවැන්න වංගීස නිවන පට්ට ම පට්ටපල් බොරුවක් කීමට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකීමයි.
පළමු ප්‍රශ්නය ගැන කිවයුත්තේ මේ වන විට ලංකාවේ සමාජයේ විවිධ පුද්ගලයින් නිවන ලෙස විවිධ සංකල්ප නම් කර ඇති බවත් සමහර සංකල්ප නිවනේ නමින් තදින් ව්‍යාප්‍ත වී ඇති බවත් ය. මේ තත්වය බුදු දහම සාමාන්‍ය කතා බහ තුළ දැනගන්නන්ට පමණක් නොව බුදු දහම 'හදාරන්නට' යන්නන්ට ද පොදු වී ඇති බවයි. අනෙක් අතට අභිධර්මය හදාරන අය අභිධර්මයේ මෙසේ කියැවේ යනුවෙන් කියන්නේ මෑත කාලයේ ලියූ පොත්වලින් පෙන්වමිනි. එමෙන් ම මේ පොත් ලියූ අය හා ඒවා ඇසුරෙන් ධර්ම දේශනයේ යෙදෙන අය මගඵල දරන බවට දැඩි සේ විශ්වාස කරන පිරිස් ද බහුල ය.
බුදු දහම පිළිනොගන්නා අයට ද නිවන යන වචනයේ තේරුම් ලෙස ලැබෙන්නේ ජනප්‍රියව පවතින මෙවන් අදහස් කිහිපයකි. උදාහරණයක් ලෙස වංගීස පසුගිය වාරයක සඳහන් කළ කරුණ වූයේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන්ගේ නිවන බුදු දහමේ නිවන නොවන බවත් ඇතැම් බෞද්ධ කණ්ඩායම්වල පිරිස් නිවන පිළිබඳව නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන් හා ගැටෙන්නේ එනිසා බවත් ය. වැඩි දුරටත් වංගීස තමාට තේරෙන විදිහට ඔවුන් හරි බවත් කීවේ ය.
වංගීසට නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ නිවන බුදු දහමේ නිවන ම ද නැද්ද යන්න සම්බන්ධව තර්ක කිරීමට අවශ්‍යතාවයක් නැති වුවත් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන්ට එය මඟ හැර යා නො හැකි ය. නිවන යනු මෙසේ යැයි අප කියන විට බොහෝ හුරු පුරුදු පරිදි ඇතැම් බෞද්ධයෝ "ඕක වැරදියි. මෙහෙමයි තියෙන්නේ." කියා තමන් ඉහළින් සලකන මෑතකාලීන අභිධර්ම විවරණයක පිටු අපට පෙන්වති. නැතිනම් අර හාමුදුරුවෝ මෙහෙම කීවා යැයි කියති. මේ ඇතැම්මු මේ කෘති හා දේශනා කෙරේ දරා සිටින්නේ මූලාශ්‍ර ලෙස පමණක් නො වේ. අධික භක්තියකින් යුතුව ය. එනිසා නිවන පිළිබඳ ප්‍රකාශ කිරීමේ දී මේ කණ්ඩායම්වල මතය භයානක ලෙස බලපායි. එනිසා මේ ජනප්‍රිය මූලාශ්‍රවල නිවන පිළිබඳ අපට වෙනස් කතාවක් ඇත්තේ කෙසේ දැයි විස්තර කළ යුතු ය. මේ ජනප්‍රිය අදහස් ගණනාවේ ඇති නිවන නම් ප්‍රතික්ෂේප වී යාම වැළැක්විය හැකි නො වේ. එහෙත් බුදු දහමේ නිවන මේ අදහස් නො වේ. ක්‍රි.ව. එක්දාහේ පමණ ලියවුණු එක්තරා මතභේදකාරී විවරණ ග්‍රන්ථයක් (එක් අතකින් එය ඍජුව හෝ වක්‍රව බටහිර අධ්‍යාපනය ලැබූවන්ට ප්‍රිය වීම නිසාත් ඉතා වැඩියෙන් විස්තරාත්මක බවක් පෙන්වීම නිසාත්) මත වර්තමානයේ අභිධර්මය ගැන ලියන කියන දෑ ලියවීම නිසාත් ඒවා තවදුරටත් බටහිර සංකල්පවලට ගැලැප්පීමට යාම නිසාත් ඇති වූ අර්බුදයකි. ඉතින් නිවන යනු මේ අදහස් ය කියා ම දැනගෙන සිටින බුදු දහම නොපිළිගන්නා කණ්ඩායම් අප නිවන ගැන කියන දේ ද මේ ජනප්‍රිය නිවන් සමඟ පටලවා ගනිමින් අර්ථ විරහිත ප්‍රකාශන බව සිතීමට ඉඩ තිබේ. එනිසා මුලින් ම ගැන ජනප්‍රිය අදහස්වලින් වෙන්විය යුතු ය. ඉන්පසුව නිවන පිළිබඳව බුදු දහමේ අදහස අප කියන්න බවට කරුණු දැක්විය යුතු ය.
යමක සූත්‍රය ගැන මා විස්තර කළේ එබැවිනි. අපට අනුව හා මුල් ථෙරවාද බුදු දහමට අනුව නිවන කෙසේ විස්තර වේ දැයි යමක සූත්‍රයෙන් මම විස්තර කළෙමි. නිවන පිළිබඳව ප්‍රශ්නය මඟ හරින්නේ යැයි උඩින් පල්ලෙන් වීඩියෝව බලමින් සිතන අය යමක සූත්‍රය ඇසුරෙන් මා කළ විග්‍රහය ඇති කොටස නැවත සිහියෙන් යුතුව අසා බැලිය යුතු ය. ජනප්‍රියව ඇති නිවන ගැන අදහස් බොරු බවට කිසි ම ප්‍රතිතර්කයක් නැත. අප බොරු හෝ පට්ටපල් බොරු නොවන බව කියන්නේ මේ අප විස්තර කරන මුල් ථෙරවාද බුදු සමයේ කියැවෙන නිවන ය. මෙයින් නිවන යනු 'ඇත්තකයි' නො කියැවේ. නිවන බොරු හෝ පට්ටපල් බොරු යටතට නො වැටේ.
සමහරු කලබල වන දෙවන කරුණ මෙතැන දී වංගීස පට්ටම පට්ටපල් බොරු යනුවෙන් අලුත් ප්‍රවර්ගයක් යෝජනා කිරීමයි. මා මීට පිළිතුරු නො දුන්නේ මේ පියවරත් සමඟ ම අවුරුදු දෙකක් පුරා ම පැවති වංගීසගේ තර්ක කිරීමේ සීමාව සනිටුහන් වී අවසන් වන බැවිනි. එනම් තුන්වන ප්‍රවර්ගයක් යෝජනා කිරීමෙන් ම ඔහු නිවන බොරු හා පට්ටපල් බොරු ප්‍රවර්ග දෙකට ඇතුළත් කිරීමේ උත්සාහය අත් හැරීමට එකඟ වී අවසන් බැවිනි. එමෙන් ම මාගේ නිවන පිළිබඳව විග්‍රහයත් එය පළමු ප්‍රවර්ග දෙකට නොවැටෙන බවට විග්‍රහයත් පිළිගෙන අවසන් ය.
දැන් මේ වංගීස යෝජනා කරන පට්ටම පට්ටපල් බොරු යන ප්‍රවර්ගය ගැන මා අමුතු කැලඹිල්ලකට පත් විය යුතු ද? වංගීස ඒ පට්ටම පට්ටපල් බොරු යනු කවර ආකාරයේ දැයි විස්තර කළේ ම මා නිවන ගැන කළ විස්තරය කියමින් මේවගේ ඒවා පට්ටම පට්ටපල් බොරු යනුවෙන් නම් කරන බව ය. ඉතින් පට්ට ම පට්ටපල් බොරු යනුවෙන් කීමෙන් නිවන ගැන මා අර කළ විස්තරයට වඩා අලුත් දෙයක් වංගීස කියා නැත. ඉතින් ඒ මගේ ම විස්තරය පිළිබඳව මම කුමකට කැලඹීමකට පත් විය යුතු ද? වංගීස අතින් වූ එක ම දෙය නිකම් ම අලු ත් ලේබලයක් ඇලවීම පමණි. අනිත් අතට වංගීස ම කියූ පරිදි මේ ලේබලය ඔහු ගසන්නේ අනේක විධ වචන (හැඟවුම්) අතරින් අර ප්‍රවර්ග දෙකට අයත් නොවන මෙම වචනයට (හැඟවුමට) ය. වචනයට ලේබලය වැදීමෙන් නම් ඉතින් කොහොමටත් ප්‍රශ්නයක් නැත. අනෙක් අතට සමපේක්ෂී භෞතිකවාදයේ facticity සිට factiality වෙත යන ගමනට මේ ප්‍රකාශය බරපතලව ගතහොත් ඇතිවන පාරාවළල්ල ගැන අධ්‍යයනය කිරීම සිත් ගන්නා සුලු ය.
apophatic theology ගැන හෙවත් නිශේධාත්මක දේවධර්මය ගැන කලින් ද අප සාකච්ඡා කර තිබේ. පැවැත්ම යන වචනය ඉවත් කිරීමෙන් පමණක් එය ප්‍රතික්ෂේප කිරීමේ නොහැකියාව නැති වෙන්නේ නැත. සාපේක්ෂතාවාදය යනු රේසරයකට ඌනනය වන්නක් නො වේ. මේ දේවධර්මවල දෙවියන්ගේ පැවැත්ම නොකියවුණ ද දෙවියන් පැන නඟිනා ස්ථානයන් ස්ථාපනය වන අයුරු ඇත. ඒවා අනුව ඒවා කිරීමට හැකියාවන් ද ලැබෙනු ඇත. සියල්ල ප්‍රතික්ෂේප කළ හැක්කේ දැනුමේ සීමාව පිළිබඳ තර්කයෙන් ම බව කියන්නේ කෙසේ ද?
දාර්ශනිකයන්ගේ මහා අනෙකාට පමණක් නොව බර්ක්ලේගේ දෙවියන්ට වුවද පැවැත්ම අනිවාර්ය නොවුණත් ඒවා පැන නඟින එසේත් නැත්නම් ඒවා එම මතවාදවල පිහිටන ඊට දායක වන ස්ථාන අනුව ප්‍රතික්ෂේප කිරීම් කිරීම අපහසු නො වේ.
මූලික ප්‍රශ්නය වනුයේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය විඥානවාදයට හෝ රේසරයකට (මෙයසූගේ වචන ද ගතහොත් razor of correlation circle) ලඝුව වටහා ගැනීමේ ප්‍රවේශයේ පටු බව වටහා ගැනීමයි.
නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ ආරම්භක ආකරය වන ක්‍රියාවලි පිළිබඳව වැඩි කාලයක් වැය කළේ සමපේක්ෂී භෞතිකවාදී ධාරාව ම විඥානවාදයෙන් වෙන්ව හඳුනාගන්නා ප්‍රබල සහසම්බන්ධතාවාදයට සමීප තැනකින් ඇරඹෙන ප්‍රවාදයක් දිගින් දිගට ම භෞතිකවාදයෙන් හා විඥානවාදයෙන් ඛණ්ඩනය ප්‍රකාශ කොට සිටින ස්වකීය වර්ධනය තුළ එක් කාල සීමාවක දී විඥානවාදයේ වාග් කෝෂය වෙත දක්වන අනුරූපීතා සමානතාවන් ලෙස හඳුනා ගැනීමෙන් ඇති වන සාවද්‍ය හඳුනා ගැනීම නිරූපණය කිරීමට ය.
වෑකන්දේ කළු පතිරණ Black Panther
වෑකන්දේ කළු පතිරණ
- තමලු
Alchemist Magazine
Marvel ආයතනයේ නිර්මාණයක් වූ Black Panther චිත්‍රකථා චරිතය ඇසුරෙන් නිපදවූ Black Panther චිත්‍රපටය මෙම වසරේ ප්‍රදර්ශනය වූ අතර මේ වන විට ලංකාවේ විදෙස් චිත්‍රපට ලෝලීන් අතර ද ජනප්‍රිය වී ඇත. Stan Lee හා Jack Kirby නිර්මාණය කළ මෙම චිත්‍රකථා චරිතය ඇමරිකානු චිත්‍රකථා ඉතිහාසය තුළ පළමු අප්‍රිකානු සම්භවයක් ඇති සුපිරි වීරයා වෙයි. Ryon Coolgerගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය පැය දෙකකුත් මිනිත්තු දහහතරක ධාවන කාලයකින් සමන්විත ය.
ජනප්‍රිය සිනමා ධාරාවේ අංගයක් වන සුපිරි වීර චිත්‍රපටයක විශේෂයෙන් කීමට ඇති වැදගත්කම කුමක් ද යන්න සමහරකුට ගැටලුවක් විය හැකි ය. මෙහි මගේ අවධානයට ලක් වන්නේ කථා වින්‍යාසය (Plot) නොව කථාව ගොඩනැඟෙන සමාජ සංස්කෘතික පරිසරය ය.
Black Panther චිත්‍රපටය ගොඩනැඟෙන්නේ වකන්දා නම් කල්පිත අප්‍රිකානු රාජ්‍යයක රජු වන T'Challa (ත්චලා) නම් වූ පුද්ගලයා වටා ය. ඔහු Black Panther (කළු පැන්තර්) යන අපර නාමයෙන් හැඳින්වේ. ලාංකීය සිනමා රසිකයන් වකන්දාවේ කළු පැන්තර් යන්න වෑකන්දේ කළු පතිරණ යනුවෙන් 'සිංහලකරණයට' ලක් කොට තිබෙනු මම දුටුවෙමි. මෙය පෙන්වන්නේ ලංකාවේ රසිකයන්ට ද සිනමා කෘතියේ යම් සමීපකමක් දැනී ඇති බවයි. අතීතයේ ද අල්විස් සවියෙල්ලා අලවු ඉසි සැබිහෙළලා විය. ඒ හෙළ හවුලේ ආලෝකය නිසා ය.
වකන්දාවේ කළු පැන්තර් හෙවත් ත්චලාගේ කථාව ගොඩනැඟෙන්නේ මෙවන් සමාජ සංස්කෘතික දේශපාලනික පසුබිමක ය. චිත්‍රපටය ඇරඹෙන්නේ වකන්දාව පිළිබඳ වැඩිහිටියකු (ත්චලාගේ බාප්පා විය යුතු යැයි හැඟේ.) දරුවකුට කියා දෙන පුරාවෘත්තයකිනි.
ශතවර්ෂ ගණනාවකට පෙර අප්‍රිකාවේ වනාන්තරයකට උල්කාපාතයක් පතිත විය. එම උල්කාපාතය තැනී තිබුණේ විශ්වයේ ශක්තිමත් ම ද්‍රව්‍යය වන වයිබ්‍රේනියම්වලිනි (vibranium). පසුව මිනිසුන් ව්‍යාප්ත වන කාලයේ ගෝත්‍ර පහක් පැමිණ උල්කාපාතය සහිත භූමියේ පදිංචි වූ හ. ඔවුන් නිරතුරුව එකිනෙකා හා යුද්ධ අරගලවල නිරත වූහ. පැන්තර් යනු දිවියන් විශේෂයකි. කළු පැන්තර් සතෙකුගේ රූපීයත්වය ඇති දෙවියකුගේ උපකාරයෙන් එක්තරා යුධ නායකයකු හදවත බඳු හැඩැති ශාක වර්ගයක් සොයාගත් අතර වයිබ්‍රේනියම්හි ශක්තිය කැටි වූ එය ආහාරයෙන් අසහාය කාය ශක්තියක් ලබා ගත්තේ ය. ඔහු ගෝත්‍ර පහ ම අවනත කර ගැනීමට සමත් වන අතර ගෝත්‍ර එක් කොට වකන්දා ජාතිය නිර්මාණය කළේ ය. ජබාරි නම් ගෝත්‍රය ජාතියට එක් නොවී වකන්දා ජාතියෙන් ඈත්ව පර්වත ප්‍රදේශවල ජීවත් වූහ. එහෙත් ඔවුන් ද වකන්දාවේ බලයට අවනත වූ අතර වකන්දා රාජ්‍යය හා වකන්දා ජාතිය මෙසේ චිරාත් කාලයක් පැවතිණි. වයිබ්‍රේනියම් යනු ඉතා බහුකාර්ය ද්‍රව්‍යයකි. ශක්තිමත් බවේ සිට බලශක්තිය සැපයීම, බුද්ධිමත් ද්‍රව්‍යයක් (smart material) ලෙස හැසිරීම ආදී ලක්ෂණ ඊට හිමි ය. වකන්දා රාජ්‍යයේ බුද්ධිමත්තු මෙම ගුණාංග වටහාගෙන තාක්ෂණික අතින් ලෝකයේ දියුණු ම ජාතිය බවට පත් වූහ. එහෙත් වකන්දා ජනතාව තාක්ෂණික උපක්‍රම මඟින් තම බලගතු රාජ්‍යය ලෝකයෙන් සඟවා තබා ගෙන එහි දේශසීමාවේ කුඩා කොටසක් පමණක් දුප්පත් කුඩා රාජ්‍යයක් ලෙස පෙන්වමින් ජීවත් වෙති.
ත්චලා මෙහි රජු වන අතර ඔහුට බලගතු තාක්ෂණික ඇඳුමක් ද හිමි ය. ලෝකයේ විවිධ රටවල් තුළට ඔත්තු කරුවන් යැවූ ඔත්තු සේවයක් ද අධි තාක්ෂණික උපකරණවලින් මෙන් ම සාම්ප්‍රදායික උපකරණවලින් ද සන්නද්ධ වූ හමුදාවක් ද හිමි ය.
ඔවුන් පරම්පරාවෙන් රජු පත් කරන අතර හදවත හැඩති ශාකයෙන් ශක්තිය ලබා ගත හැක්කේ ඔහුට පමණ ය. රාජ්‍යත්වයට පත් කරන උත්සවයේ දී හා වෙනත් අවස්ථාවල දී අනෙක් ගෝත්‍රවලට හා රාජකීයයන්ට රාජ්‍යත්වයට අභියෝග කළ හැකි ය. එවිට රජුගේ විශේෂ බල ඉවත් කොට අභියෝග කරන්නා සමඟ ද්වන්ධ සටනකින් මෙය විසඳා ගැනීමට සිදු වේ.
තාක්ෂණිකව අතිශයින් ම වර්ධිත රාජ්‍යයක් වන වකන්දාවේ අධිතාක්ෂණික උපකරණ බහුල ය.
චිත්‍රපටයේ තිර රචකයකු වන Cole මෙහි නිර්මාණය සඳහා අප්‍රිකානු සංස්කෘතිය විශේෂයෙන් අධ්‍යයනය කළ බව කියැවේ. මෙය ඉතා අලංකාරවත් ලෙස අප්‍රිකානු ජන සංගීත ඌරුව ඇති සංගීතයෙන් ද නැටුම් ගැයුම්වලින් ද හැඩවේ.
දැන් අප මේ චිත්‍රපටය ගොඩනැඟෙන පසුබිම සියුම්ව විමසා බලමු. ජනවර්ග හා ජාති යන සංකල්ප සාවද්‍ය ලෙස භාවිතය නිතර දක්නට ලැබේ. ජනවර්ගයක් යනු පොදු සංස්කෘතියකින් යුතු තමා එක ම සමූහයක් ය යන සාමූහික විඥානයකින් යුතු පිරිසකි. ජාතියක් යනු එක ම චින්තනයකින් හා පොදු සංස්කෘතිකාංගවලින් යුතු සාමූහික හැඟීමක් ඇති තම සංස්කෘතික ජීවිතය පවත්වා ගැනීම උදෙසා සන්තතික භූමි ප්‍රදේශයක රාජ්‍යයක් බිහි කළ ජන සමූහයක් ය. මෙම රාජ්‍යය තුළ ජාතියට අයත් නොවන ජන සමූහ ද සිටිනු ඇත. රාජ්‍යය බිහි කරන්නේ ජාතියේ සංස්කෘතිය විසිනි.
ජාතියක බිහි වීම යනු දේශපාලනිකව එක්තරා සන්ධිස්ථානයකි. රාජ්‍යයට මහජන පදනමක් ලැබෙන්නේ ජාතිය බිහි වීම සමඟ ය. ජාතිය යනු දහනවවන සියවසේ දී යුරෝපයේ නිර්මාණය වූවක් ය යන නූතනවාදි මතය මේ වන විට ශාස්ත්‍රාලීය (academic) බලය තහවුරු කරගෙන ඇත. (එහෙත් චීනය, ලංකාව වැනි රටවල ඊට පෙර ම ජාතිය බිහිව තිබූ බව පෙනේ.) ජාතිය යන සංකල්පය බටහිර ගොඩනැඟුණේ 19 වන සියවස ආසන්න කාලයේ ය. ධනවාදයේ නැඟී සිටීම, බටහිර කාර්මික විප්ලවය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ වර්ධනය මේ සමඟ ම සිදුවිය.
එහෙයින් බටහිර සමාජය අධ්‍යයනය කරන අයකුට ජාතිය යන සංකල්පය හමුවන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වයේ එක්තරා අවධියක නිර්මාණයක් ලෙස ය. එම අධ්‍යයන්හි යෙදෙන ඉතිහාඥයින්, සමාජ විද්‍යාඥයින් අනිවාර්යයෙන් ම ජාතිය යන්න විමසා බලනු ඇත්තේ මේ පසුබිමේ ඇති සමාජ පෙරළි ද සමඟ ය. ආසන්න කාලයේ යුරෝපයේ සිදු වූ සිද්ධි වන බැවින් ජාතින් ඇති වීමේ නිර්ණායක ලෙස කරුණු ගොනු කිරීමේ දී අනිවාර්යයෙන් ම ධනවාදය වර්ධනය වීමෙහි අංග ලක්ෂණ මෙන් ම, කාර්මීකරණය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනයෙහි අංග ලක්ෂණ ද ඊට ගැබ් වී පවතිනු ඇත. යුරෝපීය සන්දර්භයේ දී මෙයින් ප්‍රශ්නයක් වන්නේ නැත. ජාතිය බිහි වූ තැන්වල, කාලවල ධනවාදයේ වර්ධනය ද, කාර්මීකරණය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනය ද දක්නට ලැබෙනු ඇත.
සංකල්ප සංකල්ප වශයෙන් හෝ ප්‍රවාද ප්‍රවාද වශයෙන් තේරුම් ගැනීමට නොහැකි පොතේ ගුරු අනුකාරක උගත්තු කරුණු හා නිර්ණායක මත එල්බ ගනිති. නිර්ණායක හා කරුණු එතෙක් අධ්‍යයනය කළ අවකාශයේ විද්‍යමාන වූ දේ පමණක් බව ඔවුහු තේරුම් නො ගනිති.
නිර්ණායක හා කරුණුවල එල්ලී සිටින අනුකාරක උගතුන් වල්මත් වන්නේ අධ්‍යයනය කළ අවකාශයෙන් එළියට පැමිණි විට ය. ඔවුහු නිර්ණායක සොයමින් අඳුරේ අතපත ගාති.
ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ජාතිය යන සංකල්පයෙන් පරිබාහිරව වෙනත් චින්තනවල ජාතිය කෙසේ සංකල්පනය වනු ඇති ද? දැන් මේ චින්තනවල ජාතිය සෙවීමට භාවිත කළ යුත්තේ බටහිර නූතනත්වයේ ඉතිහාසය තුළ ධනවාදයට ලිබරල්වාදයට පැටලී පැන නඟුණු නිර්ණායක ද?
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව ධනවාදයෙන් තොරව ජාතිය ඇති නො වේ යැයි කීම හුදු විහිළුවක් ම පමණි. කළ යුත්තේ නිර්ණායක සෙවීම නොව සංකල්පය හඳුනා ගැනීම ය.
දැන් අපි නැවත වකන්දාවට යමු. වකන්දාව කල්පිත අප්‍රිකානු රාජ්‍යයකි. අප්‍රිකානු කලාපයේ දැකීමට නො තිබුණු අංශ දෙකක වර්ධනයන් වකන්දාවෙන් පරිකල්පනය කෙරේ. පළමුවැන්න තාක්ෂණික වර්ධනයයි. දෙවැන්න දේශපාලනිකව ජාතියක් ලෙස වර්ධනය වීමයි.
දැන් යුරෝපීය සන්දර්භයෙන් පූර්ණ වශයෙන් පිටස්තර ලෙස, වකන්දාවේ එම වර්ධනයන් දෙක ම බටහිර නූතනත්වයේ නැඟීමට ඉතා ඈත කාලයකට පෙර සිදු වූ දේ ලෙස නිරූපණය කෙරේ. භෞතික දුර අනුව ද වකන්දාව තීරණාත්මක ලෙස යුරෝපා කලාපයෙන් දුරස්ථ වේ.
දැන් කාලයෙන් හා අවකාශයෙන් යුරෝපා කලාපයෙන් දුරස් කෙරුණු මේ කල්පිත අප්‍රිකානු රාජ්‍යය තුළ ස්වයංව පැන නඟින වර්ධනයන් නිරූපණය කරන්නේ, පැහැදිලි කරන්නේ කෙසේ ද? මෙහි දී මුහුණ දීමට සිදු වන ප්‍රධාන ප්‍රශ්න වන්නේ මේ තාක්ෂණික හා දේශපාලනික වර්ධනය පැන නඟින්නේ බටහිර නූතනත්වය වැනි ම එළඹුමක් ඇති වීම නිසා ද නැති ද යන්නයි.
චීනයේ ඇතිවුණු තාක්ෂණික වර්ධනය බටහිර විද්‍යාව වැන්නක බිහි වීමට පදනම් නො වීම ජෝෂප් නීඩ්හැම් මහතාගේ ද අවධානයට ලක් වූ ප්‍රශ්නයකි.
වකන්දාවේ දේශපාලනික වර්ධනය පිළිබඳව විමසීමේ දී පෙනී යන්නේ බටහිර ස්වභාවයෙන් පරිබාහිර වූ ජාතිය බිහි වීමක් නිරූපණය කරන්නට චිත්‍රපටය සමත් වන බවයි. තොල් පටි, පච්ච, අඩ නිරුවත් හෝ සරල ඇඳුම්, වෙස් මුහුණු , සමපාට කිරීම්, අප්‍රිකානු අවි ආයුධ මෙන් ම අප්‍රිකානු සංස්කෘතියේ වර්ණ සංකලනයන් ද භාවිත කරමින් අප්‍රිකානු සංස්කෘතිය මැනැවින් නිරූපණය කර ඇති මෙහි (බටහිර සමාජය මඟින් ගර්හාවට ලක් කෙරෙන හෝ අනුකූලතාවයට ලක් නො වුණු හෝ විලාසිතා ආදිය පවා ඒවායේ අලංකාරත්වය හා අනන්‍යතාව ඉස්මතු වන අයුරින් භාවිත කොට තිබීම ඉතා විශිෂ්ට ය.) ගෝත්‍ර පහේ වෙනස් අනන්‍යතා ලක්ෂණ මෙන් ම පොදු ලක්ෂණ ද ඉතා විශිෂ්ට ලෙස දක්වයි. ලංකාවේ පණ්ඩුකාභය හා දුටුගැමුණු රජු අතර කාලය තුළ ගෝත්‍ර එක් වී සිංහල ජාතිය නිර්මාණය කරගත්තාක් මෙන් හා ව්‍යාධ ගෝත්‍රය (වැද්දන්) එයින් වෙන් වී එම රාජ්‍යය තුළ ම වන ලැහැබ්වලට වී ස්වකීය ජීවිතය ගත කළ මෙන් මෙහි ජබාරි ගෝත්‍රියෝ ද වකන්දාව තුළ ජාතියෙන් වෙන් වී රාජ්‍යය තුළ ම හිඳිමින් තම අනන්‍යතාව පවත්වා ගනිති.
මේ කල්පිත රාජ්‍ය හා ජාතිය ගොඩනැංවීමේ දී කලාකරුවා බටහිර ලිබරල්වාදය හා ජාතිය සමකාලීන වීම නිසා ඒ අතර ගොඩනැඟුණු සම්බන්ධයෙන් මිදී වකන්දාවට ම ආවේණික වූ අප්‍රිකානු ඌරුව ඇති රාජාණ්ඩු ක්‍රමයක් මඟින් වකන්දා රාජ්‍යය පාලනය වීම දක්වයි. වකන්දා ජාතිය හා රාජ්‍යය අතර සම්බන්ධය නිරූපණය වන්නේ රාජ්‍යය රජු හා ජනයා අතර බැඳීම තුළිනි. මේ සම්බන්ධය ආරක්ෂා කර ගැනීම පාර්ශ්ව තුන අතින් ම 'පුරුද්දක් ලෙස' සිදු වේ. මේ සම්බන්ධතාවයන් බිඳී යන මොහොතක දී ඇති වන අසමතුලිතතාවයන් සටන් ක්‍රියාමාර්ග මඟින් තුලනය වේ.
ජාතියේ නිර්ණායකයක් ලෙස පාලනය වෙනස් කිරීමේ ප්‍රතිමාන (නිල වශයෙන්) අවසරය වන මැතිවරණ සහිත ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ජාතියේ නිර්ණායකයක් ලෙස ගැනීම කෙතරම් විහිළුවක් ද? ප්‍රතිමාන අවසරය පොතේ තිබුණ ද ජනතාවට තමා වෙනුවෙන් ම වූ පාලනයක් ලබා ගැනීමට මෙම ආකෘතියෙන් ඉඩකඩ ලැබේ ද? ඊට පරස්පර ලෙස මහජන සහභාගිත්වය ඍජුව නොලැබුණු පාලන ක්‍රම යටතේ දීත් ලංකාව වැනි රටවල මෙන් ම වකන්දාවේත් සංස්කෘතිකමය බැඳීම් මඟින් රජු රාජ්‍යය හා ජනතාව අතර ඒකාබද්ධතාවය ස්ථාවර විය. මේ සම්බන්ධතා ක්‍රියාත්මක වන්නේ පොත්වල ඇති නීති රීති ලෙස නොව සාමාන්‍ය පුරුද්දක් ලෙස ය. වකන්දාව වෙනුවෙන් ඇති දේශප්‍රේමය වකන්දා ජාතියේ පමණක් නොව ජාතියෙන් බැහැරව සිටින ජබාරි ගෝත්‍රිකයන් තුළ ද දකින්නට ඇත.
යුරෝපයේ මධ්‍යතන යුගයේ දී පාප්තුමාගේ ආගමික ජාත්‍යන්තරවාදයකට යුරෝපය නතු වී තිබුණු බැවින් ආගම සමඟ මිනිසුන්ගේ හා රාජ්‍යයේ බැඳීම තුළින් ජාතීන් නිර්මාණය වූයේ නැත. ඊට පටහැනිව බුදු දහම හැම විට ම ගත්තේ ඒ ඒ සංස්කෘතිය තුළ ස්වාධීනව වර්ධනය වන සාසන ඇති කිරීම මිස මධ්‍යගත ලෝක සාසනයක් ඇති කිරීමට නො වේ. එනිසා බෞද්ධ සංස්කෘති තුළ ජාති ද පැන නැඟුණි. කතෝලික පල්ලිය ඉතා මෑතක් වන තුරු 'සියලු කටයුතු' කළේ ලතින් භාෂාවෙන් හා රෝම සංස්කෘතිය අනුව ය. එහෙයින් යුරෝපයේ ජාතිය ඇති වීම මේ ආගමික ජාත්‍යන්තරවාදයෙන් මිදීමේ ව්‍යාපෘති තුළින් පැන නැඟීම පුදුමයක් නො වේ. ජාතිය සමඟ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක් පටලවන්නේ නිරවුල්ව සිතීමට නොහැකි අය ය.
වකන්දාවේ තාක්ෂණික දියුණුව ගැන කථා කිරීමේ දී නම් චිත්‍රපටය එතරම් සාර්ථක නිරූපණයක් නොකරන බව මගේ මතයයි. බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් පරිබාහිර චින්තනවල බටහිරට වෙනස්ව ජාතිය වැනි සංකල්ප පැන නඟින ලෙස ම එවන් බටහිරින් හුදෙකලාව ගොඩනැඟෙන තාක්ෂණයක් හා විද්‍යාවක් ද ක්‍රියාත්මක වනු ඇත්තේ බටහිර මූලධර්මවලට වඩා වෙනස් පදනම්වලිනි. චිත්‍රපටයෙන් පෙනෙන්නේ බටහිර විද්‍යාවට හා වකන්දාවේ විද්‍යාව අතර මූලධර්ම අතින් වෙනසක් නැති බවයි. එවන් වෙනසක් චිත්‍රපටයේ නොපෙන්වයි. තාක්ෂණික උපකරණවල බාහිර පෙනුම පමණක් අප්‍රිකානු ඌරුවකට හා වර්ණ සංකලනවලට අනුව යම් පමණකට හැඩ ගැසී ඇත.
මීට හේතුව වී ඇත්තේ ස්වභාවික විද්‍යා ,යනුත් චින්තනයන්හි බිහි වූ නිර්මාණයන් මිස වාස්තවික යථාර්ථයක නිරූපණයක් නොවන බව බටහිරයන් අවබෝධ කර නො ගැනීමයි. කාන්ට්ගේ ශිෂ්‍ය හර්ඩර් වැනි පිරිස් සංස්කෘතික සාපේක්ෂතාවක් ගැන කතා කළ ද ඔවුන් ස්වභාවික විද්‍යා සංස්කෘතික සාපේක්ෂ යැයි කීවේ නැත. ඔවුන් සාපේක්ෂ බව දුටුවේ මානව ශාස්ත්‍ර වැනි අංශයන්හි ය. බටහිර සංගීතය, ඉන්දීය රාගධාරී සංගීතය, කර්ණාටක සංගීතය, චීන සංගීතය ආදී සංගීත පද්ධති මිස වාස්තවික සංගීතයක් නොමැති බව වටහා ගන්නා පිරිස තරම්වත් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ආදියේ සාපේක්ෂතාව වටහා ගන්නා පිරිසක් නැත. බටහිර විද්‍යාව යන නාමකරණයට විරුද්ධ වන බොහෝ දෙනා බටහිර සංගීතය යන නාමකරණයට විරුද්ධ නො වන්නේ එය එනමින් පාසල් විෂය මාලාවේ ඇති නිසා ය. අනුකාරකයෝ පාසල් විෂය මාලාවේ පවා වහල්ලු ය.
බටහිර විද්‍යාව තුළ ම විවිධ පද්ධතිවල පැහැදිලි කිරීම් හාත්පසින් වෙනස් නම් වකන්දාව තුළ ගොඩනැඟෙන විද්‍යාව බටහිරින් වෙනස් විය යුතු ය. විද්‍යාව යනු අපෙන් බාහිරව නිරපේක්ෂව පවතින වාස්තවික යථාර්ථයේ ප්‍රකාශනය ය යන මිථ්‍යාව නිසා බටහිරයන්ට මේ බව වැටහෙන්නේ නැත.
මේ වකන්දා රාජ්‍යයේ පැන නැඟීම පැහැදිලි කිරීමට පැන්තර් දෙවියන්, හදවත හැඩති ශාකය වැනි සංකල්ප භාවිත වේ.
කෙසේ නමුත් අප්‍රිකාවේ මෙසේ ජාතිය ඇති වීමේ හෝ තාක්ෂණය ඇති වීමේ නැඹුරුවක් නො තිබිණි. මේ තත්වය තුළ වකන්දාවේ එම පැන නැඟීමට ප්‍රභවය කරගන්නේ එක්තරා 'පතිත වීමකි'. වයිබ්‍රේනියම් නම් වූ ද්‍රව්‍යයක පැවැත්මයි. (කොංගෝවේ ද මෙසේ එරටෙහි පමණක් පවතින ඛනිජයක් නම් ඇත.) ජාතියේ හා තාක්ෂණයේ මෙම අසාමාන්‍ය පහළ වීම භෞතික සුපිරි බලයකට ඌනනය කිරීම මඟින් චිත්‍රපටයේ පැහැදිලි කෙරේ. එහෙත් මෙහි දී වැදගත් වන්නේ පැන්තර් දෙවියකුගේ ආධාරයෙන් මේ භෞතික බලවේගය වෙත වකන්දා ජනයා ප්‍රවේශ වීමේ කතාව ය. ලංකාවේ ජාතිය ඇති වීම සමඟ සම්බන්ධ කෙරෙන සිංහයාගේ කතාව ද මෙවැන්නකි. මේවායේ සංකේතමය ස්වරූපය මේවා බැහැර කිරීමට යොදා ගැනීම සුදුසු නො වේ.
වකන්දාව අනෙක් අප්‍රිකානු කලාපයේ දේශපාලනික ක්‍රියාවලියෙන් වෙන්ව සිටී. පෝල් හන්ටිංටන්ගේ අරුතෙන් නම් වකන්දාව අප්‍රිකානු සභ්‍යත්වයක (African Civilization) වන රාජ්‍යයක් නො වේ. බාහිර අප්‍රිකාවෙන් හුදෙකලාව වකන්දාව පවතියි. වකන්දාව මාටින් ජැක්ස් පවසන සභ්‍යත්ව රාජ්‍යයක් (civilization state) ද නොවන බව පෙනේ.
එහෙත් වක්න්දාවේ ජාතියක් පවතින බව පැහැදිලි ය. එය බටහිර ජාතික රාජ්‍යයක් හෝ සභ්‍යත්ව රාජ්‍යයක් හෝ නො වේ. කල්පිත වකන්දාවේ ජාතිය හා රාජ්‍ය අතර සම්බන්ධය ඊට ම අනන්‍ය ය.
ලංකාවේ ද සිංහල ජාතියේ පැවැත්ම ගැමුණු රජුගේ කාලයේ සිට ම විද්‍යමාන වේ. බොහෝ රටවලට ප්‍රතිවිරුද්ධව පෘතුගීසින්ගේ පැමිණීම දක්වා ම සමස්ත දිවයින පුරා ම පැවති භාෂාමය හා ආගමික ඒකාබද්ධතාවක් පුරාවිද්‍යා සාක්ෂ්‍යවලින් පවා පෙනී යයි. එහෙත් ලංකාවේ රාජ්‍යය බටහිර ජාතික රාජ්‍යයක් හෝ සභ්‍යත්ව රාජ්‍යයක් නො වී ය. එය වකන්දාවේ රාජ්‍යය ද නො වේ. ලංකාවේ රාජ්‍යය ලංකාවට ම ආවේණික වූ එක්සේසත් රාජ්‍යයකි. බටහිර නිර්ණායක අනුව අඳුරේ අත ගෑමෙන් එය වටහා ගත හැකි නො වේ.
A ෆෝ ඇපල් N ෆෝ නිවුටන් E ෆෝ අයින්ස්ටයින්
A ෆෝ ඇපල් N ෆෝ නිවුටන් E ෆෝ අයින්ස්ටයින්
-තමලු මලිත්ත පියදිගම
ඇල්කෙමිස්ට් සඟරාව
පාසල් යන කාලයේ භෞතික විද්‍යාව නම ඇසෙද්දී ම මතක් වන වීරයා අයිසෙක් නිවුටන් ය. නිවුටන් නියම තුන ම දැනගැනීම කෙසේ වෙතත් නිවුටන්ගේ තුන්වෙනි නියමයවත් බොහෝ අය අසා ඇතුවාට සැක නැහැ. එහෙත් බොහෝ දෙනා සෑම ක්‍රියාවකට සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත යන්න තේරුම් ගෙන තියෙන්නේ වැරදි ආකාරවලින් බව ප්‍රකට කරුණක්.
ඇත්තෙන් ම නිවුටන් කළේ කුමක් ද? නිවුටන්ට පෙර සිටි අයට වඩා නිවුටන් ඇති කළ වෙනස කුමක් ද?
මෙයට පිළිතුරු සෙවීම අපහසු නො වේ. නිවුටන්ගේ පළමුවෙනි නියමයෙන් කියවෙන්නේ බලයක් නොයෙදෙන විට අංශුවක් නිශ්චලව හෝ එක ම වේගයකින් එක ම අතකට ගමන් කරමින් හෝ පවතින බවයි. බලයක් නොමැති විට නිශ්චලව තිබීමේ අරුමයක් නැත. බලයක් නොමැති විට චලනය විය හැකි ද?
නිවුටන් කළ ප්‍රධානතම වෙනස මෙයයි. බලයක් නැති වස්තුවකටත් චලනය විය හැකි බව නිවුටන් කීවේ ය. ඇරිස්ටෝටල්ගේ නියමය අනුව බලයක් නොයෙදෙන වස්තුවක් චලනය විය නොහැකි ය. නිවුටන් ඉස්මතු වූයේ මීට අභියෝග කරමිනි.
එහෙත් බලයක් නැතිව චලනය විය හැකි බව කී පළමු වැන්නා ද නිවුටන් නො වේ. ආකාශ වස්තුවල චලිතය දුටු පැරැන්නෝ පොළොව උඩ වස්තු බලයක් නැති විට නිශ්චලව තිබුණ ද ආකාශ වස්තු බලයක් නොමැති විට චක්‍රීයව ගමන් කරන බව කීවෝ ය. නිවුටන්ට අවශ්‍ය වූයේ අහසටත් පොළොවටත් එක සේ වැඩකරන භෞතික විද්‍යාවක් සෑදීමටයි. එනිසා ඔහු ඕනෑ ම වස්තුවකට බලයක් නොයෙදෙන විට එක ම දිශාවකට එක ම වේගයෙන් චලනය විය හැකි බව සැලකුවේ ය.
දැන් මෙතෙක් වෙලා අප කතා කළ බලය යනු කුමක් ද? බලයක් යනු වස්තුවකට අනෙක් වස්තුවකින් එල්ල වන බලපෑමයි. දැන් නිවුටන් ඔහුගේ පළමුවෙනි නියමයෙන් කියන්නේ වෙනත් වස්තුවල බලපෑමක් නොමැතිව ඕනෑ ම වස්තුවකට නිසලව සිටින්නට හෝ එක ම වේගයෙන් එක ම පැත්තට චලනය වන්නට පුළුවන් බවයි.
අනෙක් වස්තුවලින් එල්ල වන බලපෑම් මඟින් සිදුවන්නේ මෙම ස්වභාවික චලිතයෙන් වස්තුව අත් මිදීමයි.
දැන් නිවුටන් ඇපල් ගස් අසළ නිතර කාලය ගත කළ බව ඔහුගේ ලේලිය වෝල්ටෙයාර්ට කියා ඇත. ගහෙන් වැටෙන ඇපල් ගෙඩියක් නිවුටන්ට මෙතරම් ප්‍රශ්නයක් වූයේ ඇයි? නිවුටන්ට කලින් සිටි ගැලීලියෝට නම් මේවා ප්‍රශ්න නො වේ. ගැලීලියෝ කීවේ බලයක් නොමැති විට වස්තුවක් පොළොවට වැටෙන බවයි. ඉතින් නටුවෙන් ගිලිහුණු ඇපල් ගෙඩිය පොළොවට වැටීම ගැන පුදුම වෙන්නේ ඇයි?
ඒත් නිවුටන්ට එසේ නො වේ. නිවුටන් බලයක් නොමැති විට චලිතය එක ම වේගයකින් බව කලින් ම පවසා හමාර ය. ඒත් ඇපල් ගෙඩිය පොළොවට වැටෙන්නේ වේගය වැඩි කරගනිමිනි. නිවුටන්ගේ පළමුවෙනි නියමය අභියෝගයට ලක් විය. එහෙත් නිවුටන් පළමුවෙනි නියමය විසි කළේ නැත. ඒ වෙනුවට වැටෙමින් පවතින ඇපල් ගෙඩිය මත බලයක් එනම් බාහිර බලපෑමක් ඇති බව සැලකී ය. මෙහි දී නිවුටන් ගුප්ත විද්‍යාවෙන් ආභාෂය ලබා ගත්තේ ය. දැන් මේ බාහිර බලපෑම කරන්නේ කවුද යන ප්‍රශ්නය මතු වේ. පොළොව යන්න නිවුටන් ඊට දුටු උත්තරයයි. පොළොව ඈතින් ඇති ඇපල් ගෙඩියට බලපෑම් කරන්නේ කඹ යොදලා ද යන ප්‍රශ්නයට නිවුටන්ට කිසිදා පිළිතුරක් නො වී ය. නිවුටන් ම පවා ඔහුගේ පිළිතුරෙන් තෘප්තිමත් නොවුණේ ය. ගුරුත්වාකර්ෂණය යනු මෙම බලයට දුන් නමයි.
පොළොව ඇපල් ගෙඩිය අදින බලයෙන් ම ඇපල් ගෙඩිය පොළොව ද ඇදගනී. මේ බලය වස්තු දෙකේ ස්කන්ධ ගුණිතය හා ඒ දෙක අතර දුර අනුව තීරණය වේ. දැන් මේ අගයන් ඇපල් ගෙඩිය හා පොළොව සන්නිවේදනය කරගන්නේ කෙසේ ද? මීට නිවුටන්ට උත්තර නො වී ය.
නිවුටන්ගේ පද්ධතිය මෙතන දී පමණක් නොව ආරම්භයේ සිට ම අර්බුදයකට පත්ව තිබුණි. බලයක් නොයෙදෙන වස්තුවක් නිසලව හෝ එක ම වේගයෙන් එක ම පැත්තට යන්නේ කාට සාපේක්ෂව ද? වාහනයක සිට බලන විට ගස් පිටුපසට යන්නා පෙනේ. හිරු පොළොව යටා සේ පොළොවට දිස් වුව ද හිරු සිට බැලුවහොත් දිස් වන්නේ පොළොව හිරු වටා යන බවකි.
දැන් නිවුටන්ගේ නියමය සත්‍ය වන්නේ කොහේ සිට බැලුවහොත් ද? මෙයට ද නිවුටන්ට හරිහමන් පිළිතුරක් නො වී ය. නිවුටන් දුන් පිළිතුරු ද පසුකලෙක අර්න්ස්ට් මාක් නම් ජර්මානු දාර්ශනිකයා ප්‍රබල තර්ක මඟින් නිෂ්ප්‍රභ් කොට දැමී ය.
නිවුටන්ගේ නියම තුන පදනමින් ම අසාර්ථක ය. එහෙත් ඒවායින් බොහෝ වැඩ ගත හැකි ය.
අයින්ස්ටයින් යනු නිවුටන්ගේ මෙම කතාවට අභියෝග කළ පුද්ගලයා ය.
වස්තුවකට බලයක් නොයෙදෙන විට වස්තුව එක ම වේගයෙන් එක ම පැත්තට ගමන් කරයි යනු හිතුවක්කාර නීතියකි. ඕනෑම අවස්ථාවක මෙසේ ම වන බව නිවුටන් දන්නේ කෙසේ ද? අනෙක් අතට මෙසේ ගමන් කරන්නේ කාට සාපේක්ෂව දැයි නිවුටන්ට කිව නො හැකි විය. (හිස් අවකාශයට සාපේක්ෂව බවට ඔහු කී කතාව පුස්සක් බවට පත් විය.)
අයින්ස්ටයින් කළේ නිවුටන්ගේ හිතුවක්කාර නීතිය අත හැරීම ය. එවිට බලයක් එනම් බාහිර බලපෑමක් නැති වස්තු කෙසේ ගමන් කරයි ද? අයින්ස්ටයින් කීවේ එය දැන ගැනීමට නම් වස්තුවක් කිසිදු බලයකින් තොරව නිදහසේ ගමන් කිරීමට ඉඩ ලබ දී (එනම් වස්තුව අතහැර ම) එය දැන ගත යුතු බවයි. එවිට වස්තුව ගමන් කරන්නේ යම් ආකාරයට ද අවකාශයේ එම ස්ථානයේ වස්තු බලයක් රහිත විට අදාළ නිරීක්ෂකයාට සාපේක්ෂව ගමන් කරන්නේ ඒ ආකාරයට ය.
දැන් නිවුටන්ට ප්‍රශ්නයක් ඇති කළ ඇපල් ගස අසළට අපි අයින්ස්ටයින් සමඟ යමු. අයින්ස්ටයින්ටත් ඇපල් ගෙඩිය ප්‍රශ්නයක් ද? නටුවෙන් ගිලිහුණු ඇපල් ගෙඩියේ වේගය වැඩිවෙමින් වැටීම ප්‍රශ්නයක් වූයේ නිදහස් චලිතය එක ම වේගයෙන් එක ම පැත්තට සිදු වේ යැයි කියූ නිවුටන්ට ය. අයින්ස්ටයින්ට අනුව බලයක් නැති විට ඇපල් ගෙඩියේ චලිතය ඇපල් ගෙඩිය අතහැරලා ම බලා ගත යුතු ය. දැන් ඇපල් ගෙඩිය අතහැරි විට එය වේගය වැඩි කරගනිමින් පහළට වැඩේ. අයින්ස්ටයින්ට අනුව ඇපල් ගෙඩියේ නිදහස් චලිතය එයයි. එම නිසා හිතුවක්කාර නියමයකින් නිවුටන්ට ආ ප්‍රශ්නය අයින්ස්ටයින්ට මතු වෙන්නේ නැත. ඇපල් ගෙඩිය යෙදෙන්නේ නිදහස් චලිතයේ නිසා බාහිර බලපෑමක් අවශ්‍ය නැත. එම නිසා ගුරුත්වාකර්ෂණය කියා බලයකුත් අවශ්‍ය නැත.
අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාවේ දී ගුරුත්වාකර්ෂණයක් අවශ්‍ය නො වේ. එනම් ගුරුත්වාකර්ෂණ බලය අවලංගු ප්‍රපංචයක් බවට පත් වේ. වැටීම අමුතු බාහිර බලයකින් සිදු වන්නක් නොව බාහිර බලයක් රහිතව ම එම ස්ථානයේ ඇති ස්වභාවික චලිතය වැටීමයි.
බොහෝ දෙනා පාසල් සිසුන්ට දේශන පවත්වද්දී නිවුටන් ඇපල් ගෙඩියක් දෙස බලා ගුරුත්වාකර්ෂණය 'සොයාගත්' බවත් අපට නම් එවැනි දේ නොසිතුණු බවත් එසේ ස්වභාව ධර්මය ප්‍රශ්න කළ යුතු බවත් කියනු අසන්නට ලැබී ඇති වාර අනන්ත ය.
මෙය සම්පුර්ණ විහිළු කතාවකි. ඇපල් හෝ පොල් හෝ වැටෙනු දුටුවාට අපිට එහි ප්‍රශ්නයක් තිබීමට විදිහක් නැත. නිවුටන්ට එය ප්‍රශ්නයක් වූයේ තමන් ම හිතුවක්කාර ලෙස සූත්‍රගත කළ නියමයක් නිසා ය. එනම් නිදහස් චලිතයට ඒකාකාර ප්‍රවේගය හිතුවක්කාර ලෙස පැනවීමෙන් නිවුටන්ට ඇපල් වැටීම අරුමයක් විය. ඉතින් නිවුටන්ට ආ ප්‍රශ්නය අපට ඇති වන්නේ කෙසේ ද? නිවුටන් පිළිතුරු දුන්නේ තමන් ම විසින් හදා ගත් ප්‍රශ්නයකටයි.
ඉතින් නිවුටන් 'සොයාගන්නේ' කොහේ තිබූ ගුරුත්වාකර්ෂණයක් ද? ගුරුත්වාකර්ෂණය නිවුටන්ගේ ම නිර්මාණයකි.
දෙවියන් ලෝකයේ යතුර නිවුටන්ට දුන්නේ ය ඉන්පසු ආලෝකය විය යැයි එක්තරා ඉංග්‍රීසි කවියෙක් ලීවේ ය.
පසුකාලීන කවියකු ලීවේ
යක්ෂයා මෙය දැක අයින්ස්ටයින් පහළ වේවායි කීවේ ය
සියල්ල ආපසු මුලට ම ගියේ ය යනුවෙනි.
දැන් අයින්ස්ටයින් යමක් 'සොයාගෙන' තිබේ ද? ඇත්තට ම යමක් සොයාගැනීමට නම් එය අපෙන් සඟවා තැබෙන දෙයක් විය යුතු ය. එසේ සඟවා තැබිය හැක්කේ දෙවියන් වහන්සේ කෙනෙකුට ම ය. අයින්ස්ටයින් කළේ ද තම හැකියාව භාවිත කොට ඉතා හොඳට ගෙතූ කතන්දරයක් නිර්මාණය කිරීම ය. ඒ කතන්දරයේ ද ඇත්තේ ඔහු නිර්මාණය කළ සංකල්ප මිස 'සොයාගත්' දෑ නො වේ. 'සොයාගන්නට' සැඟවී ඇති නීති පද්ධතියක් විශ්වයේ නැත.
- තමලු මලිත්ත පියදිගම
අරගලය ශිෂ්‍ය ව්‍යාපාරය හා වම
අරගලය ශිෂ්‍ය ව්‍යාපාරය හා වම
ශිෂ්‍ය ව්‍යාපාරය හා ශිෂ්‍ය සටන් ගැන පොදුවේ කියැවෙන දේ ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ සාරාංශ කළ හැකි ය.
නිදහස් අධ්‍යාපනය පිළිබඳ අදහස් මුලින් ම ඉදිරිපත් කළේ වාමාංශිකයන් ය. නිදහස් අධ්‍යාපනය වමේ සටන් පාඨයකි. එහෙයින් ශිෂ්‍ය ව්‍යාපාරය වම සමඟ බැඳී ඇත. ධනේශ්වර ක්‍රමය විසින් අධ්‍යාපනය සෞඛ්‍යය වැනි මූලික මිනිස් අයිතිවාසිකම් වෙළඳ භාණ්ඩ බවට පත් කෙරී මිල නියම කොට ඇත. මීට එරෙහි විය යුතු ය. ධනේශ්වර දෘෂ්ටිවාදය ඊට එරෙහි නො වී තමාගේ අභිවෘද්ධිය සලසා ගන්නා ලෙස මිනිසුන් තුළ මතයක් ගොඩනඟා ඇත.
මේ සියල්ල විමසීමට පෙර දක්ෂිණාංශික වාමාංශික ධනපති ධනවාදී නිර්ධන ආදී යෙදුම්වල අර්ථ පැහැදිලි කර ගත යුතු ය.
දේශපාලනයේ දකුණ හා වම ලෙස දෙපැත්තක් දැකිය හැකි ය. දැනට පවත්නා දේශපාලන ආර්ථික සාමාජයීය ව්‍යුහය සංස්ථාපනය (establishment) ලෙස හැඳින්වේ. මේ සංස්ථාපනය එලෙස පවත්වා ගනිමින් ඒතුළින් ම ජනතාවගේ අභිලාශ ඉටුකරගැනීමට හැකි ය යන්න දකුණ හෙවත් දක්ෂිණාංශික මතවාදය වෙයි.
ජනතාවගේ අභිලාශ ඉටු කර ගැනීමට පවතින සංස්ථාපනය සහමුලින් වෙනස් කළ යුතු ය යන මතය වම හෙවත් වාමාංශික මතවාදය වේ.
මෙම ව්‍යවහාරය ඉපැදුණේ ප්‍රංශ විප්ලවය කාලයේ දී එවකට ප්‍රංශ පාර්ලමේන්තුව වූ ස්ටේට්ස් ජෙනරල් සභාවේ රාජාණ්ඩුවට පක්ෂ පුද්ගලයින් දකුණෙන් ද විරුද්ධ අය වමෙන් ද හිඳ ගැනීමෙනි. පසුකාලීනව පුළුල්ව සංස්ථාපන පක්ෂ හා සංස්ථාපන විරෝධී ලෙස මෙය යෙදෙන විට වචන දෙක ද දක්ෂිණාංශික හා වාමාංශික ලෙස වෙනස් විය. වාමාංශික බව හා සමාජවාදය අතර සමපාත වීමක් තිබුණ ද ඒ දෙක එකක් නො වේ.
සමාජවාදය සැලකූවිට මාක්ස්වාදය කේන්ස්වාදය බොලිවේරියානුවාදය ආදී විවිධ මත දරන කණ්ඩායම් සිටින අතර එම එක් එක් මතවාදය තුළ ද අනු බෙදීම් රාශියක් පවතී.
ධනපති (bourgeois බූර්ෂුවා) යනුවෙන් හැඳින්වෙන්නේ නිෂ්පාදන මාර්ග අයත් සමාජ පන්තිය වන අතර නිර්ධන (proletariat ප්‍රොලටේරියට්) යනුවෙන් හැඳින්වෙන්නේ විකිණීමට ශ්‍රමය පමණක් ම ඇති ජනතාව ය. එනම් ඔවුන්ට ඉඩම් අයිතියක් හෝ පාරම්පරික මුදල් හෝ නොමැති ය. ඔවුන්ගේ සමාජ පන්තියක් නිර්මාණය වී නොමැති අතර එය අනාගතයේ දී ක්‍රමයෙන් නිර්මාණය වන බව මාක්ස් සඳහන් කරයි. මාක්ස්ට විරුද්ධව යමින් ලෙනින් සඳහන් කරන්නේ එසේ නිසගයෙන් පන්තියක් නිර්මාණය නොවන බවත් බුද්ධිමතුන් (intellectuals) ඔවුන්ට පන්ති විඥානයක් පිටින් ගෙන ගොස් සාදා දිය යුතු බව ය. අවසානයේ දී ලෙනින්වාදයෙන් සිදු වූයේ නිර්ධනයින් හා නිර්ධන පන්තියේ විඥානය දෙකක් බවට පත් වීම ය. එනම් නිර්ධන පන්ති විඥානය පක්ෂ මධ්‍යම කාරක සභාව බවට පත් වීම ය. මාක්ස් පාදඩ නිර්ධන/ නන්නත්තාර නිර්ධන (lumpen proletariat) ලෙස නිර්ධනයින් කොටසක් නම් කරයි. ඒ මාසික හෝ දෛනික වැටුප් වේතන නොලබන කුලී කරුවන්, හිඟන්නන්, ජනතාව පිනවීමෙන් මුදල් උපයන්නන් (entertainers), ගණිකාවන්, ශිල්පීන්, කාර්මික කම්කරුවන්, පෙදරේරුවන් ආදී පිරිසයි. මාක්ස් පවසන්නේ මේ පිරිස දේශපාලනික අරගලයට හවුල් නො කරගත යුතු බවයි.
දැන් සිතා බැලිය යුත්තේ ලංකාවට මාක්ස්වාදය ආදේශ කළහොත් ඉඩම් අහිමි, විකිණීමට ශ්‍රමය පමණක් ම ඇති ජනතාවක් ලංකාවේ වෙසේ ද යන්න ය. ඒ සිටින අයගෙන් ද ඉහත සඳහන් කළ මාසික හෝ දෛනික වැටුප් වේතන නො ලබන කුලීකරුවන්, ශිල්පීන්, හිඟන්නන් ආදීන් ඉවත් කළ යුතු ය. ඉඩම් හිමි ගොවියන් මෙන් ම අඳ ගොවියන් ද ඉවත් කළ යුතු ය. මාක්ස්ට අනුව සමාජ පරිවර්තනය සිදු කළ යුත්තේ එවිට ඉතුරු වන ජනයා ය. මාක්ස්වාදය ලංකාව තුළ ප්‍රායෝගික නොවන බවට මෙයින් ම පෙනේ. ලංකාවේ සමාජවාදීහු මේ නිසා තම පැවැත්ම උදෙසා බාහිර සටන් පාඨ සඳහා යොමු වෙති.
ලංකාවේ ජනතාව සමාජවාදය ලෙස හැඳිනගෙන ඇත්තේ ද රාජ්‍ය ධනවාදයයි (State Capitalism). එනම් රජය ප්‍රාග්ධනය සාමූහනය කොට නිෂ්පාදනයන්හි නියැළී සමාජ සුබසාධනය කිරීමයි. නිෂ්පාදන මාර්ග රජය වෙත පවරා ගැනීමයි.
මේ විපරීත තත්වය තුළ සමාජවාදීහු නිදහස් අධ්‍යාපනය සටන් පාඨයක් ලෙස භාවිත කරති.
කොමියුනිස්ට් ප්‍රකාශනයේ කියැවෙන්නේ පවත්නා ක්‍රමය තුළ අධ්‍යාපන නිදහස ලබා ගැනීම නොව ඔවුන්ගේ නව සමාජ ක්‍රමයේ දී නිදහස් අධ්‍යාපනය ලබා දෙන බව ය. ධනවාදී ක්‍රමය තුළ නිදහස් අධ්‍යාපනය පිළිබඳව සමාජවාදීන් දරන්නේ එය ධනවාදයේ උපකරණයකි යන මතයයි. රුසියානු විප්ලවයේ පුරෝගාමියකු වන මැක්සිම් ගෝර්කි සිය විශිෂ්ටතම නවකතාව වන පොමා ගොර්දෙයෙව්හි සවිඥානික ධනවාදියා නිරූපණය කරන චරිතය වන මයාකින් ලවා වරක් පොමාට කියන්නේ නිදහස් අධ්‍යාපනය මඟින් සමාජය ගඩොල් ගොඩක් මෙන් එක ම අච්චු කිහිපයකින් කප්පවන බැවින් ව්‍යාපාරිකයන්ට පාරිභෝගිකයන් ග්‍රහණය කර ගැනීමට උපක්‍රම යෙදීම වඩාත් පහසු වන බවක් ය. එනම් නිදහස් අධ්‍යාපනය ද ධනවාදයේ උපකරණයක් වන බව ය. නිර්ධන පන්තියේ විමුක්තිය උදෙසා නිර්ධනයින්ට ලැබෙන ලිවීමේ හා කියවීමේ හැකියාව ආයුධයක් ලෙස උපකාරී වන බව මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේ දී කියයි. මාක්ස් මේ කියන්නේ නිර්ධනයින්ට ලැබෙන අධ්‍යාපනය පිළිබඳව මිස සමාජයේ 'ඉහළට නැඟීමට' අවස්ථාව සලසන අධ්‍යාපනය පිළිබඳව නො වේ.
එනිසා ශිෂ්‍ය ව්‍යාපාරය හා වම අතර සබඳතාව අරමුණු සමාන වීමක් නොව වම විසින් ශිෂ්‍ය ව්‍යාපාර තම පැවැත්ම උදෙසා තමන් වෙත නතු කර ගැනීමේ උත්සාහයේ ප්‍රතිඵලයක් ය.
නිදහස් අධ්‍යාපනය පිළිබඳ අදහස මුලින් ම ගෙන ආවේ සමාජවාදීන් බව සාවද්‍ය කරුණකි. අධ්‍යාපනය මූලික මිනිස් අයිතියක් බව සඳහන් කළේ රූසෝ වන අතර ජෙපර්සන් ජනාධිපතිවරයා නිදහස් අධ්‍යාපන යෝජනා ඉදිරිපත් කළේ ද නිව්යොක් නගරයේ ප්‍රථම නිදහස් විශ්වවිද්‍යාල ඇරඹුවේ ද කොමියුනිස්ට් ප්‍රකාශනය ලිවීමට කලිනි. ජූල්ස් ෆෙරී ප්‍රංශයේ නිදහස් අධ්‍යාපන පණතක් ගෙන එන්නේ රුසියානු විප්ලවයට දශක කීපයකට ම පෙර ය. මෙසේ දක්ෂිණාංශික බලවේග ඊට කලකට පෙර නිදහස් අධ්‍යාපනය පිළිබඳව අදහස් ගෙන ආ බව පෙනේ.
එක්තරා අන්දමක උත්ප්‍රාසයක් වන්නේ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි ද්විතීයික අවශ්‍යතා වෙළඳ භාණ්ඩ නොවේ යැයි කියන පිරිස් ආහාර වැනි මූලික අවශ්‍යතාවයක් සඳහා එම අදහස ඉදිරිපත් නො කිරීම ය. රජයෙන් ලබා දුන්න ද පෞද්ගලිකව ලබා ගත්ත ද අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නො වී තියෙන්නේ නැත. අවශ්‍ය උපකරණ ඉගෙනුම් ආධාරක හා පොත් පත් සඳහා අප පෞද්ගලිකව හෝ රජය සාමූහිකව හෝ කෙතරම් මුදල් ප්‍රමාණයක් බටහිර රටවලට වැය කෙරේ ද? රාජ්‍ය අධ්‍යාපනය යනු සාමූහිකව මුදල් ගෙවා අධ්‍යාපනය මිල දී ගැනීමකි.
මේ තත්වය නිමා කළ හැක්කේ සමස්ත විෂය පද්ධතියම දේශීය චින්තනය තුළින් නිපදවමින් බටහිර ශාස්ත්‍රීය ආධිපත්‍යයෙන් නිදහස් වීමෙන් පමණි.
මේ සියල්ල ලීවේ ශිෂ්‍ය අරගලය හා වමේ දේශපාලනයේ සමපාතභාවය වම විසින් තම පැවැත්ම උදෙසා නඩත්තු කෙරෙන මායාවක් පමණක් බව කීමට ය. ශිෂ්‍ය සංගම් හා ශිෂ්‍ය ව්‍යාපාර ඔස්සේ ශිෂ්‍ය අයිතීන් දිනා ගැනීමේ දී සමස්ත සංස්ථාපනයට එරෙහි වීම හෝ නො වීම කේන්ද්‍රීය කරුණක් නොවන බව කීමට ය. එහෙයින් ශිෂ්‍ය ව්‍යාපාරයේ හා වමේ අරමුණු වෙන් වෙන්ව වටහා ගත යුතු ය.
වර්තමාන අධ්‍යාපන අයිතිවාසිකම් ඉල්ලීම පිළිබඳ අරගලයේ ශිෂ්‍යයන් බැඳ තබා ගන්නා අදෘශ්‍යමාන හුය වන්නේ නූතනත්ව සමාජය විසින් නම් කරන පහළ ජීවන තත්වයක් ඇති පිරිස්වලට ඉහළ ජීවන තත්වය වෙතට පිය නැඟීමට අවශ්‍ය මාර්ගය රැකගත යුතු ය පුළුල් කරගත යුතු ය යන හැඟීමයි. සමාජවාදීන් විසින් වර්තමානයේ කරණු ලබන ප්‍රධානතම කාර්යය වන ශිෂ්‍ය අරගලයන් ධනවාදයේ මානසික අල්ලස් තහවුරු කිරීමට ම වීම කදිම උත්ප්‍රාසයකි. වැඩිපුර ම හඬනැඟෙන්නේ මූලික අධ්‍යාපනය, කාර්මික අධ්‍යාපනයට වඩා වෛද්‍ය අධ්‍යාපනය වැනි වඩාත් 'සුළු ධනේශ්වර' අංශ වෙනුවෙන් වීම මේ උත්ප්‍රාසය තවත් තීව්‍ර කරයි.....
මතු සම්බන්ධයි..
- තමලු මලිත්ත පියදිගම
(කලකට පෙර ලියූ සටහනක් සුළු වශයෙන් සංස්කරණය කිරීමකි.)
Subscribe to:
Posts (Atom)
අලුත් ම සටහන
බුද්ධිමතුන්ගේ සැකැස්ම - අන්තෝනියෝ ග්‍රාම්ෂි
බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්‍රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...
වැඩිපුර කියවූ ලිපි
-
ගෝඨාභයට පණිවිඩයක්: රට බේරාගත් මහින්ද පැරදුණේ ඇයි? ජනාධිපතිවරණය පිළිබඳව මගේ ස්ථාවරය මහින්ද පැරදුණේ වංචා දූෂණ නිසා ය හෝ ඒවා ගැන කට කතා...
-
වම්බොට්ටා ( Left bot ) හෙවත් වාමාංශික රොබෝ වෙත ප්‍රවේශ වීමට පහත සබැඳිය භාවිත කරන්න. Link to the robot, Left bot - A true leftist to chat, ...
-
මූලාශ්‍ර දැක්වීම හොරා පොලිස් සෙල්ලමක් නොවේ(2017.12.06 විදුසර) සැම්සන් මහතා 2017.11.22 ලිපියේ දී ද සුපුරුදු පරිදි ම ඍතු හා පුද්ගලාරෝපණය පිළ...
-
සිංහලයන්ගෙන් පැවතෙන කේරලයේ විප්ලවීය කවියා මහා කිවි කුමාරන් අසන් 1873 අප්‍රේල් 12වන දා ඉපිද 1924 ජනවාරි 16 වන දින පරලොව සැපත් වූ...
-
මෙයසුගේ විශ්වාසය මෙයසු, ග්රැහැම් හාමන් සමඟ කරන සංවාදයක තමා මනසින් බාහිර ලෝකයක් 'විශ්වාස' නොකරන බවත් එය පවතින බව තමා 'ද...








