නිර්මාල් දේවසිරි මහතා පෙර ලිපියක දෙවියන් බුදු රැස් විහිදවීම 'විපරීත' ලක්ෂණයක් ලෙස නම් කළේ ය. එය හුදු තමාගේ හැඟීමක් ලෙස ලියා තිබෙන්නට ඇතැයි අදහස් කළෙමි. එය හාරා අවුස්සමින් ඇසූ සංවාදවලට එතරම් සක්‍රියව සහභාගී නො වූයේ ද එහෙයිනි. මේ අතරතුර කාලයේ දී මෙය ලිහිල් යෙදුමකින් ඔබ්බට ගෙන ගොස් දාර්ශනික පදනමකට ගෙන යාමට වංගීස සුමනසේකර හා නිර්මාල් දේවසිරි මහත්වරුන් කටයුතු කර ඇති බැවින් දැන් මීට සක්‍රීයව මැදිහත් විය යුතුව ඇත.
ගුරුත්වාකර්ෂණයට වඩා දෙවියන් බුදුරැස් විහිදවීමේ හුදු හැඟීමකින් (feeling) ඔබ්බට ගිය විපරීතභාවයක් පවතී ද? මීට පිළිතුර වශයෙන් මගෙන් ලැබෙනු ඇත්තේ අවධාරණයෙන් ම ප්‍රකාශ කරන 'නැත' යන්නකි. එහෙත් හුදු හැඟීමක් ලෙස යමකුට දැනෙන විපරීතභාවයකට මම එකඟ වෙමි. පැහැදිලිව ම මීට ප්‍රතිවිරුද්ධ ලෙස වංගීස හා නිර්මාල් මේ ව්‍යවහාරය විවරණය කිරීමට තෝරා ගෙන ඇති මාර්ගය මෙය ඒ සීමාවෙන් ඔබ්බට රැගෙන යාම බව මේ වන විට පැහැදිලි බැවින් මේ මුල් ප්‍රශ්නය වලංගු ප්‍රශ්නයක් වේ.
මෙහි දී වංගීස ගේ හා නිර්මාල්ගේ උපක්‍රමික ක්‍රියාමාර්ග ප්‍රධාන අංග දෙකක් මූලික කොටගෙන පවතී. පළමුවැන්න නම් ගුරුත්වාකර්ෂණය හා දෙවියන් බුදු රැස් විහිදුවයි යන ප්‍රවාද අතර වෙනසක් සංස්ථාපනය (establish) කිරීමයි. එහෙත් මේ පළමුවෙනි පියවර හුදු වෙනසක් ලකුණු කිරීමෙන් සපිරෙන්නේ නැත. ඒ වෙනස මඟින් දෙවියන් බුදු රැස් විහිදවීමට 'විපරීතභාවයක්' ලබා දිය යුතු ය. එමඟින් තමාගේ ප්‍රකාශනය හුදු හැඟීමක තලයෙන් ඔබ්බට ගෙන යා යුතු ය. දෙවැනි ක්‍රියාමාර්ගය මීට වඩා වෙනස් ය. නිර්මාල් මහතාට මේ අභියෝගය එල්ල වන්නේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය පිළිගන්නා පාර්ශ්වයකිනි. නිර්මාණාත්මක සාපේප්‍රවාක්ෂතාවාදය අනුව ගුරුත්වාකර්ෂණය 'පට්ටපල් බොරුවක්' වේ. දෙවියන් බුදු රැස් විහිදවීම 'බොරුවක්' වෙතත් 'පට්ටපල් බොරුවක්' නො වේ යැයි නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී ව්‍යවහාරයන්ට අනුව ගම්‍ය වන බව මගේ අදහසයි. එයට අනෙක් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන් ද එකඟ වනු ඇතැයි සිතමි. දැන් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය අනුව ද මේ දෙකෙහි වෙනසක් වෙයි. ඒ වෙනසින් කියැවෙන්නේ ගුරුත්වාකර්ෂණය 'පට්ටපල් බොරුවකි' යන්න ය.
දැන් සංවාදයට අදාළ දෙපාර්ශ්වය ම මේ දෙකෙහි වෙනසක් අපේක්ෂා කරති. එහෙත් ඒ වෙනස පිහිටුවන ආකාරය ගැන මත දෙකක් දරයි. 'විපරීත' යන්න නිශේධනාත්මක අර්ථයක් හඟවයි. නිර්මාල් දේවසිරි ආරම්භයේ දී තම භාවිතය තුළ මේ නිශේධනාර්ථය ගැබ් නො වේ යැයි කළ සඳහන තව දුරටත් වලංගු ද යන ප්‍රශ්නය පැන නඟින්නේ වංගීස ඊට ඉඳුරා වෙනස් ප්‍රවේශයක් ගනිමින් විශ්වාසවල තීව්‍රතා ගැන සඳහනක් කරන නිසා ය. තීව්‍රතාවය යනු ම යම් කිසි දළ ප්‍රමාණාත්මක මිම්මකි. 'විපරීත' වන්නේ තීව්‍රතාවකින් නම් එහි අරමුණ එය නිශේධනාර්ථයක් ලෙස දැක්වීම බව පෙනේ. මෙහිදී වංගීස එක්තරා උපක්‍රමයක් භාවිත කරයි. එනම් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන්ට ද හැඟීමෙන් 'විපරීත විය හැකි' , තමාගේ බෙදීමට අනුකූල ප්‍රපංචයක් තෝරා ගනියි. එනම් පාවුළුතුමන්ට දෙවියන් වහන්සේ පෙනීමයි. එහි තීව්‍රතාව ගැන අසා ඒ හැඟීමක් ලෙස උපදින විපරීත භාවයක් වෙතොත් එය සමඟ තමාගේ බෙදීම අනුව එක ම කුලකයේ පවතින බුදු රැස් විහිදීම අතුරුමාරු කර ඒ විපරීත භාවය ඊට ආරෝපණය කිරීමයි. එනම් හැඟීමෙන් ඔබ්බට යන 'විපරීතභාවයක්' පෙන්වීමට ප්‍රතිවාදියාගේ එවන් හැඟීම් ඇති කළ හැකි තමාට අවශ්‍ය ප්‍රපංචය හා අතුරු මාරු කළ හැකි යමක් සෙවීමයි. හුදු මානසික උපක්‍රමයක් ම වන මේ ක්‍රියාවෙන් හුදු හැඟීමකින් ඔබ්බට යන විපරීතභාවයක් පෙන්විය නො හැකි ය.
වංගීස තවදුරටත් 'විපරීත' යන්න තහවුරු කිරීමට ගුණාත්මක තර්කයක් ද ගොඩනැඟීමට උත්සාහ කරන බව පෙනේ. එය දේවසිරි මහතා ද අනුමත කරමින් ඉදිරිපත් කළේ ය. එම තර්කය නම් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය මඟින් ආවරණය කරන පරිසිද්ධිවල වසම (Domain of facts) තුළ ඇති නිරීක්ෂණ පොදු වේ පිළිගැනෙන බවත් ප්‍රවාදය නො පිළිගන්නන් ද ඒ පරිසිද්ධි පිළිගන්නා බව ය. මීට පටහැනිව දෙවියන් බුදුරැස් විහිදුවයි යන්නෙන් ආවරණය කෙරෙන පරිසිද්ධි වන බුදු රැස් විහිදීම් දකින්නේ දේව විශ්වාසයක් ඇති අය පමණක් බව වංගීසගේ අදහසයි. එනම් ගුරුත්වාකර්ෂණයේ දී පරිසිද්ධි ප්‍රවාදයට පෙර පවතින අතර බුදු රැස් විහිදීමේ දී ප්‍රවාදය පරිසිද්ධිවලට පෙර පවතී. සාමාන්‍ය අධ්‍යාපනයෙන් උගන්වන ජනප්‍රිය අදහස අනුව මෙය මේ කලාප දෙක පරිසිද්ධි (facts) හා අදහස් (opinion) ලෙස වෙන්කොට එනම් දෙවැනි කලාපය අදහස් මිස පරිසිද්ධි නොවන බව කියා සාමාන්‍ය අධ්‍යාපනයෙන් අදහස්වලට (opinion) පනවන සාපේක්ෂ නිශේධනාත්මක භාවයේ වාසිය ගැනීමට වංගීස උත්සාහ කරයි. වංගීසට අමතක වන්නේ ඔහු ම උපුටා දැක්වූ හියුම්ගේ ඡේදයට අනුව ද කියැවෙන පරිදි ගුරුත්වාකර්ෂණය ආවරණය කරන්නේ පොල් වැටීම් ම නො වේ. පරිසිද්ධි හා අදහස් අතර හැඟීම් ඉක්මවූ වෙනසක් ලකුණු කළ හැකි නො වේ.
'පට්ටපල් බොරු' යන්න ද යෙදෙන්නේ නිෂේධනාත්මකව නො වුණත් පට්ටපල් බොරු සිංහල බෞද්ධ චින්තනයට ගත නො හැකි බව මගේ අදහසයි. කෙසේ නමුත් බොහෝ දෙනා එම යෙදුම නිශේධනාත්මක අරුතකින් සලකන බව පෙනේ. ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරු වන්නේ ආකාර කිහිපයකිනි.
1. වියුක්ත අනපෝහනයකි (an abstract abduction)
2. ආවරණය වන කලාපය පොල් වැටීම ම නො වේ. පොල් නො නිදහස් ව වැටීමයි. එවන් අදහසක් ඇතිවන්නේ ගුරුත්වාකර්ෂණය ද අංගයක් වූ මේ දෘෂ්ටිවාදි පද්ධතිය නිසා පමණක් බව හියුම්ගෙන් වංගීස උපුටාගත් ඡේදයේ ද ඇත. එම නිසා එය පූර්වයෙන් විශ්වාසය හා බැඳී ඇත්තාටත් වඩා මෙහි අර්බුදය වන්නේ ඊට පදනම් වූ දෘෂ්ටිවාදීමය විශ්වාසය ප්‍රශ්න කිරීමෙන් තොරව පිළිගැනෙන මේ හා ප්‍රතිසම අවස්ථාව (ඒකාකාරී චලිතය) අනුභූතික (positivistic) හෝ තාර්කික (logical) නොවන, අසත්භාවී හෝ සත්භාවී වුවත් අප්‍රයොජ්‍ය වන සංකල්පයක් (නිරපේක්ෂ අවකාශය) මට නිර්ණය වීමයි.
3. ගණිතමයව නිරීක්ෂණ හා අසංගත වීම
දෙවියන් බුදු රැස් විහිදුවීම මෙසේ නො වේ.
කෙසේ නමුත් සතුරාගේ සතුරා මාගේ මිතුරා ය කියන්නාක් මෙන් ප්‍රතිවාදීන්ගේ තර්කයට ප්‍රතිපක්ෂ දේ තම කරගැනීමට ගොස් මෙහි ඇති මේ පටලැවුණු ප්‍රවේශ ගණනාව තවදුරටත් පටලැවී ඇත. එනම් ප්‍රවාද දෙකේ වෙනස සංස්ථාපනය කිරීමේ ප්‍රතිවාදියාගේ උත්සාහයට පටහැනිව මේ දෙක අතර වෙනසක් නොමැති බව කියැවෙන කිණිස්සක් වැනි දෙපස ම කපා හරින ප්‍රවේශයන් ගැනීම ද සිදු වී ඇත. මේ සංවාදයට හියුම් සම්බන්ධ වී ඇත්තේ මේ කිණිස්සේ කාර්යභාරය ලෙසයි. මෙවන් කිණිස්සක් 'සටනට' ගෙන ඒමෙන් පසු කළ යුත්තේ තමාගෙන් ඉවතට , අනෙකා වෙතට තල්ලු කිරීමේ දෑත් කැපී තුවාල වීමට ද ඉඩ ඇති භයානක කාර්යයට අවතීර්ණ වීමයි. මෙතැන දී මේ හියුමියානු කිණිස්සෙන් වැඩක් නැත. එය මීට අදාළ ම නො වේ. මෙතන එක් සිද්ධියක (event) හේතුව ලෙස තවෙකක් කතා කෙරී නැත. හියුම්ගේ උද්ගමනය පිළිබඳ ගැටලුව මෙතනට අදාළ නො වේ.
අවසන් වශයෙන් පැවසිය හැක්කේ හුදු පෞද්ගලික හැඟීමකින් ඔබ්බට යන 'විපරීතභාවයක්' ගැන කතා කළ හැකි බවක් මට නම් කෙසේවත් නො පෙනෙන බවයි.
මීට එකඟ විය නො හැකි නම් කළ යුත්තේ මෙහි අමතක කර දමා ඇති 'විපරීතභාවය' යනු කුමක් ද යන ප්‍රශ්නයට මුලින් පිළිතුරු දී සිටීමයි. 'විපරීතභාවය' යුක්තියුක්ත කිරීම අරභයා දැනට ඇති වී ඇති මේ අඹ ගහට පොලු ගහන්නා වැනි එකක් සාර්ථක වීමේ අභිප්‍රායයෙන් එකිනෙකට වෙනස් ප්‍රවේශ කිහිපයක් ගැනීම කරන්නේ මේ සංවාදය තවදුරටත් වියවුලක් කිරීම පමණි.
(මේ ඡායාරූපය මෙය ලිවීමට පෙර අදාළ මුහුණුපොත් සටහන් හා ප්‍රතිචාර කියවීමේ දී සිතට නැඟුණු අදහසට අදාළ
කදිම උපමා කතාවක් සිහිපත් කරයි.)
Subscribe to:
Post Comments (Atom)
අලුත් ම සටහන
Exit way out කණ්ඩායමට පිළිතුර
Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...
වැඩිපුර කියවූ ලිපි
-
වඩදිය ඇති වන්නේ හඳ නිසා ද? - තමලු මලිත්ත පියදිගම 2018.01.21 ඉරිදා රිවිර "මගේ අදහසට ...
-
මූලාශ්‍ර දැක්වීම හොරා පොලිස් සෙල්ලමක් නොවේ(2017.12.06 විදුසර) සැම්සන් මහතා 2017.11.22 ලිපියේ දී ද සුපුරුදු පරිදි ම ඍතු හා පුද්ගලාරෝපණය පිළ...
-
පරවි කූඩු මූලධර්මය - Pigeonhole Principle. මෙය බ්ලොග් අඩවියට ලැබී තිබෙන ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස ය. මුලින් ම මෙය පැහැදිලි කරන්නේ වියුක්තව...
-
ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යා ගැන විවිධ කතා බහ ඇහෙනවා. ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යා සම්පූර්ණයෙන් ම 'මිථ්‍යා' බව කීම අද නිතර රූපවාහි...
-
යථාර්ථවාදය හා ද්‍රව්‍යවාදය (2017 ඔක් 04 විදුසර, මුල් ඡේදය සංස්කරණය වී ඇත.) මෙවර (සැප්තැම්බර් 27) සැම්සන් මහතා ලියා ඇති නිසරු බොළඳ රචන...
No comments:
Post a Comment