රොන්සියර් ගැන චින්තන ධර්මදාස ඇරඹූ කතා බහක් මේ දිනවල කරළියේ තියෙනවා. මොනවා වුණත් මට රොන්සියර් ගැන මොකක් දෝ දුකක් වගේ හැඟීමක් එනවා. ඒ මොක ද කියලා නම් මටවත් තාම හිතා ගන්න බෑ. රොන්සියර් ගැන කතා කරන ධර්මදාස තව ටික කාලෙක දී රොන්සියර් ගැන රොන්සියර්වත් නො දැන සිටි දේ කියන බව නම් මට ගොඩක් විශ්වාසයි. චින්තන ධර්මදාස කාලෙකට කලින් ධර්මපාලතුමා ගැන ලිපියක් ලිව්වා.. ඒක බලලා සමහරු කියන පිස්සු කතා දැක්කහම ඒ අය ගැන හිතේ ඇති වෙන්නේ අනුකම්පාවක්. එහෙම අය සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්න එකට කියන්න ඕනේ ඛේදවාචකයක් කියලා ද වෙන මොකක් හරි කියලා ද කියන්න මම දන්නේ නෑ. ඒ කොහොම වුණත් චින්තන ධර්මදාස මගේ කුතුහලය ඇවිස්සූ චරිතයක්. මේ කාලෙකට කලින් චින්තන ධර්මදාස ගැන ලියූ ලිපියක්.. ආයෙත් පළ කරන්න හිතුණා..
ඔය විවිධ සිංහල බෞද්ධ විරෝධී කණ්ඩායම්වල සාමාජිකයන් අතරේ චින්තන ධර්මදාස කියන්නේ අති විශේෂ චරිතයක්.... ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි.. ඍද්ධි බලයක් හෝ අධිමානසික ශක්තියක් වැනි යමක් තියෙනවා....
සමහර විට මම වැරදි වෙන්න පුළුවන්... ඔහුට එවැනි ශක්තියක් නැතුව ඇති... බ්‍රිතාන්‍යය ඔත්තු සේවාවේ වැඩ කරන කෙනෙක් වෙන්නත් පුළුවන් ....... එහෙමත් නොවෙයි නම් බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවේ රහසිගත අංශවලට කඩා වදින පරිගණක හැකර්වරයෙක්... රටරටවල බුද්ධි තොරතුරු සොයායන රහස් පරීක්ෂකයකු වෙන්නත් පුළුවන්...
ඔය මොන ආකාරයක කෙනෙක් වුණත් ඔහු අති විශේෂ චරිතයක් වෙන්න ඕනේ...
චින්තන ධර්මදාස නම් ඒ අතිවිශේෂ පුද්ගලයා ධර්මපාලතුමා ගැන ලිපියක් ලියනවා... ඒකේ සමහර කරුණු බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවේ ප්‍රසිද්ධ නො කළ රහසිගත වාර්තාවලින් ගත් බව කියනවා......
මම නම් උඩ කියපු එක විදිහක විශේෂත්වයක්වත් නැති සාමාන්‍ය කෙනෙක්...ඒ නිසා චින්තන ධර්මදාස කියපුවා හරි ද කියලා මට බලන්න විදිහක් නෑ...
ඒ ලිපියේ ඕල්කොට්තුමා , ලෙඩ් බීටර් ගැනත් සඳහන් වෙනවා... පරම විඥානාර්ථවාදී සංගමයේ මහාබෝධියේ අපිට ගන්න පුළුවන් ලියවිලිවල තියෙන්නේ නම් ඊට පටහැනි කරණු.... ඒත් චින්තන ධර්මදාස ගේ මොකක් දෝ සුවිශේෂී හැකියාවකින් හොයා ගන්න ඒ තොරතුරුවලට මට අභියෝග කරන්න බෑ... අපි අධ්‍යයනය කළ ලියකියවිලි නම් සිද්ධි අනුපිළිවෙලවල් වෙනස්...
සමාන්තර විශ්වවල සිද්ධි අනුපිළිවෙල වෙනස් වෙන්න පුළුවන් කියලා දැන ගත්තේ බටහිර චිත්‍රපටයකින්... ඇත්තට චින්තන ධර්මදාස සමාන්තර ලෝක තරණය කරගෙන යන ගවේෂකයෙක්වත් ද?
මෑත කාලීනව මගේ කුතුහලය ඇවිස්සූ චරිතවලින් එකක් විදිහට මේ චින්තන ධර්මදාස නම් විශේෂ පුද්ගලයා නම් කරන්න පුළුවන්....
- තමලු මලිත්ත පියදිගම
Subscribe to:
Post Comments (Atom)
අලුත් ම සටහන
බුද්ධිමතුන්ගේ සැකැස්ම - අන්තෝනියෝ ග්රාම්ෂි
බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...
වැඩිපුර කියවූ ලිපි
-
වඩදිය ඇති වන්නේ හඳ නිසා ද? - තමලු මලිත්ත පියදිගම 2018.01.21 ඉරිදා රිවිර "මගේ අදහසට ...
-
මූලාශ්‍ර දැක්වීම හොරා පොලිස් සෙල්ලමක් නොවේ(2017.12.06 විදුසර) සැම්සන් මහතා 2017.11.22 ලිපියේ දී ද සුපුරුදු පරිදි ම ඍතු හා පුද්ගලාරෝපණය පිළ...
-
Globular Earth vs. Telecommunication Thamalu Maliththa Piyadigama Daily Mirror 06.04.2018 We live in a world where the use of...
-
Does the sun really revolve around the earth? Thamalu M. Piyadigama http://www.dailymirror.lk/article/Does-the-Ear...
-
A ෆෝ ඇපල් N ෆෝ නිවුටන් E ෆෝ අයින්ස්ටයින් -තමලු මලිත්ත පියදිගම ඇල්කෙමිස්ට් සඟරාව පාසල් යන කාලයේ භෞතික විද්‍යාව නම ...

ගංජා ගහපුවම මට අල්ලපුගෙදර එකා ඇහැලේපොල කුමාරිහාමි වගෙ පෙනෙනව බං.
ReplyDelete