මෙහි දී මම නිමිත අනිමිත ලෙස වෙනත් භේදයක් යෝජනා කරමි. දැනට අතීත ලෙස හඳුනාගෙන ඇති ක්‍රියාපද මම නිමිත ලෙස නම් කරමි. දැනට අනතීත ලෙස හඳුනාගෙන ඇති ක්‍රියාපද අනිමිත ලෙස නම් කරමි. එවිට වර නැගීම් කෙසේ දැයි පහත උදාහරණයෙන් දැකිය හැකි ය.
ඒක වචනයෙහි,
'දුව' ක්‍රියා ධාතුව (ක්‍රියා පදයක මූලික ම ස්වරූපය ධාතුවයි.) මගේ මතයට අනුව වර නැගෙන්නේ මෙසේ ය.
ඒක වචනයෙහි,
නිමිතය ශුද්ධ ක්‍රියාව- දිවී (ය) නාම ක්‍රියාව- දිව්වේ (ය) /දිව්වා (ය)
අනිමිතය ශුද්ධ ක්‍රියාව -දුවා (ය)/ දුවයි නාම ක්‍රියාව- දුවන්නේ (ය)/දුවන්නී (ය)
බහු වචනයෙහි ,
නිමිතය ශුද්ධ ක්‍රියාව- දිවූ (හ) නාම ක්‍රියාව- දිව්වෝ (ය)
අනිමිතය ශුද්ධ ක්‍රියාව -දුවත් (ය)/ දුවති නාම ක්‍රියාව-දුවන්නෝ (ය)
දැන් නිමිතය හා අනිමිතය යෙදෙන්නේ කවර අවස්ථාවල දැයි යන්න පැහැදිලි කළ යුතුව පවතී.
අනිමිතය අවස්ථා පහක දී යෙදෙන අතර ඉතුරු අවස්ථාවල දී නිමිතය යෙදේ.
අනිමිතය යෙදෙන අවස්ථා පහ මෙසේ ය.
- වාක්‍යයකින් කියැවෙන සිදුවීම ඒ වාක්‍යය සමඟ ම අවසන් නො වී ඊළඟ වාක්‍යවලින් කියැවෙන සිද්ධි අතරතුරේ දීත් ක්‍රියාත්මක වේ නම් එය අතීත, වර්තමාන, අනාගත කවර කාලයක වුවත් අනිමිතය යෙදේ.
- වාක්‍යයකින් කියැවෙන සිද්ධිය නැවත නැවත සිදුවන ආකාරයේ එකක් නම් එය අතීත , වර්තමාන ,අනාගත කවර කාලයේ සිදු වූවත් අනිමිතය යෙදේ.
- වාක්‍යයකින් කියැවෙන්නේ සිදු වූ දෙයක් නොව සිදුවීමට ඉඩකඩක් පැවති එහෙත් සිදු නො වූ දෙයක් නම් අතීත ,වර්තමාන ,අනාගත කවර කාලයේ සිදු වූවත් අනිමිතය යෙදේ.
- වාක්‍යයකින් කියැවෙන්නේ කිසියම් කාලයක සාමාන්‍ය ස්වරූපය නම් ඊට පසු වාක්‍යවලින් එහි වූ සිද්ධි කියැවේ නම් එහි කාලය කුමක් වුවත් අනිමිතය යෙදේ. (මෙය කුමාරතුංග මුනිදාස මහතා කලින් දක්වා ඇත.) (මේ අවස්ථාව නිමිතයෙන් තැබුව ද වරදක් නැත.)
- පුවත්පත් උද්ධෘත පාඨවල (Headline) (මෙය කුමාරතුංග මුනිදාස මහතා ඇති කළ සම්ප්‍රදායකි.)
අනෙක් අවස්ථාවල දී එනම් වාක්‍යය සමඟ ම ඉන් කියැවෙන සිද්ධිය අවසන් වන විට නිමිතය යෙදේ.
දැන් උදාහරණ මඟින් මෙය පැහැදිලි කරගනිමු.
1. වාක්‍යයකින් කියැවෙන සිදුවීම ඒ වාක්‍යය සමඟ ම අවසන් නො වී ඊළඟ වාක්‍යවලින් කියැවෙන සිද්ධි අතරතුරේ දීත් ක්‍රියාත්මක වේ නම් එය අතීත, වර්තමාන, අනාගත කවර කාලයක වුවත් අනිමිතය යෙදේ.
බස් රථය ඉදිරියට ඇදෙයි. හන්දිය අසළ කඩයක නාම පුවරුව එකවර මගේ නෙත ගැටුණි.
දෙවන වාක්‍යයේ කියැවෙන සිද්ධිය අතරේ දී ද පළමු වාක්‍යයෙන් කියැවෙන පරිදි බස් රථය ගමන් කරයි.
2.වාක්‍යයකින් කියැවෙන සිද්ධිය නැවත නැවත සිදුවන ආකාරයේ එකක් නම් එය අතීත , වර්තමාන ,අනාගත කවර කාලයේ සිදු වූවත් අනිමිතය යෙදේ.
මේසය මත තැබූ කොළ සුළඟට විසිරී යයි. මම ඒමත බරක් තබා නිසල කළෙමි.
'සුළඟට විසිරී ගියේ ය' කීවේ නම් හැඟෙනු ඇත්තේ එසේ වූයේ වරක් පමණක් බව ය. යයි ලෙස අනිමිතය යොදා නැවත නැවත සිදු වූ බව හඟවා ඇත.
3. වාක්‍යයකින් කියැවෙන්නේ සිදු වූ දෙයක් නොව සිදුවීමට ඉඩකඩක් පැවති එහෙත් සිදු නො වූ දෙයක් නම් අතීත ,වර්තමාන ,අනාගත කවර කාලයේ සිදු වූවත් අනිමිතය යෙදේ.
ඔහු අතින් ඒ සුළු වරද නො වූයේ නම් අප එදා පැවති තරගය ජයගනිමු.
ජයගතිමු යන්න නො ගැළපෙන බව පෙනේ. අනිමිත ජයගනිමු යොදා සිදුවීමට හැකියාව තිබූ බව මිස සිදු වීම සිදු නො වූ බව අඟවා ඇත.
4.වාක්‍යයකින් කියැවෙන්නේ කිසියම් කාලයක සාමාන්‍ය ස්වරූපය නම් ඊට පසු වාක්‍යවලින් එහි වූ සිද්ධි කියැවේ නම් එහි කාලය කුමක් වුවත් අනිමිතය යෙදේ. (මෙය කුමාරතුංග මුනිදාස මහතා කලින් දක්වා ඇත.)(මෙහි අනිමිතය අනිවාර්ය නො වේ.)
මෙහි අනිමිතය යෙදුණ ද 'කළේ ය' ලෙස නිමිතය යෙදුණ ද අරුතේ වෙනසක් නැත.
5.පුවත්පත් උද්ධෘත පාඨවල (Headline) (මෙය කුමාරතුංග මුනිදාස මහතා ඇති කළ සම්ප්‍රදායකි.)
ජනපති පාර්ලිමේන්තුව විසුවා හරියි.
අනෙක් අවස්ථාවල දී නිමිත ක්‍රියාව යෙදේ.
කාල භේදය නැති බව පෙන්වීමට මුලින් ගත් උදාහරණ නව සංකල්පයෙන් විවරණය කිරීමක් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
- තමලු මලිත්ත පියදිගම
පෙර ලිපියට මීළඟ ලිපියට

යටගිය දවසෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් වාසය කරයි. එකල එක්තරා විලක් අසල නරියකු ජීවත් විය.
මෙහි අනිමිතය යෙදුණ ද 'කළේ ය' ලෙස නිමිතය යෙදුණ ද අරුතේ වෙනසක් නැත.
5.පුවත්පත් උද්ධෘත පාඨවල (Headline) (මෙය කුමාරතුංග මුනිදාස මහතා ඇති කළ සම්ප්‍රදායකි.)
ජනපති පාර්ලිමේන්තුව විසුවා හරියි.
අනෙක් අවස්ථාවල දී නිමිත ක්‍රියාව යෙදේ.
කාල භේදය නැති බව පෙන්වීමට මුලින් ගත් උදාහරණ නව සංකල්පයෙන් විවරණය කිරීමක් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
- තමලු මලිත්ත පියදිගම
පෙර ලිපියට මීළඟ ලිපියට
This comment has been removed by the author.
ReplyDeleteඅනිමිතයේ ශුද්ධ ක්‍රියාව වරනගන තැන //(දුවා)ය// යන්න නිවැරදි ද? නැතිනම් එය .දුව(යි) විය යුතු ද?
ReplyDeleteදුවා යන්න නිවැරදියි. ක්‍රියා පදය අග යෙදෙන වාක්‍යාවසාන නිපාත වන ය හ ක්‍රියාපදයට අයත් නෑ.
ReplyDeleteපැරණි පොත්වල කලාතුරකින් තැන්වල 'දුවා ය' ආදී වශයෙන් මූලික ස්වරූපය හමුවෙනවා. බහුලව යෙදෙන්නේ 'දුවා ය' සන්ධි වීමෙන් එන 'දුවයි' යන්නයි. එහෙත් එහි ඇත්තේ ක්‍රියාපදය පමණක් නො වේ.
'දුවති' යනුවෙන් යෙදෙන්නේ ද ,සන්ධි වූ 'දුවත් ය' යන්නයි.