දේව-සිරි: දැනුම හා දෙවියන් ගැන ආචාර්ය නිර්මාල් රංජිත්ට පිළිතුරකි- 03

පෙර ලිපියට
මුල් ලිපියට

දෙවියන් පිටසක්වල ජීවීන් ලෙසත් , සමාන්තර ලෝක වාසීන් ලෙසත් විවරණය කොට හේතුවාදයේ තර්ජනයෙන් නාමිකව ගැලවීම එක් අතකට නවීන විද්‍යාව කෙරෙහි උත්ප්‍රාසයක් වන්නේ මේ සංකල්ප හේතුවාදීන් ගේ තර්ක සඳහා අතුරු මාරු කළ හැකි (interchangeable) ඒවා බැවිනි.
එහෙයින් ඒවා විසඳුම් වීම ම උත්ප්‍රාසවත් ය.
මට දැන් නම අමතකව ඇති ඇමෙරිකානු ලේඛිකාවක පවසා තිබුණේ ඇයට ඇගේ ගුරුවරිය කී මේ කතාව ඉතා බලපෑම් කළ ප්‍රකාශයක් බවයි: "දැන් මිථ්‍යා කතා හා විද්‍යා ප්‍රබන්ධ අතර වෙනස තුනී වෙමින් යනවා. මලක් කතා කළා කීවොත් කවුරුවත් විශ්වාස කරන්නේ නෑ. X නම් ග්‍රහලෝකයේ මලක් කතා කළා කීවොත් කවුරුවත් අවිශ්වාස කරන්නෙත් නෑ."

මෙහි දී මට නවකතාව අධ්‍යයනය කළ Foster නම් ව්‍යුහවාදියා කී දෙයක් සිහිවේ. දෘඩ කතා වින්‍යාස (tight plots), එසේත් නැති නම් කතාවේ හොඳ ම හේතු ඵල සම්බන්ධතාවක් දක්නට ඇත්තේ සුරංගනා කතාවල හා අබිරහස් කතාවල බවයි. විද්‍යාවේ ප්‍රවාදවල විශිෂ්ටත්වයට හේතුමය දෘඩභාවය ගැන කතා කරන හේතුවාදියා ගැන අප විග්‍රහ කළ යුත්තේ කෙසේ ද? විද්‍යාත්මක ප්‍රවාද කතන්දර නම් ඒවා ලෝකයේ හොඳ ම කතන්දර බව නලින් ද සිල්වා මහතාට අභියෝග කරන හේතුවාදීහු කියති. විය හැකි ය, එහෙත් ඊට ඔබට තරග කිරීමට සිදු වී ඇත්තේ සුරංගනා කතා සමඟ ය.

ආසනික් නාථ දෙවියන් හා විපස්සක දෙවියන් විෂයෙහි සුසමාදර්ශය හා චින්තනය

දැන් මා පෙර සඳහන් කළ පරිදි දෙවියන්ගෙන් දැනුම ලැබීම සිංහල බෞද්ධ චින්තනයේ පැවතුණේ අතීතයේ සිට ය. බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ආධිපත්‍ය සමඟ බටහිර විද්‍යාව හා හේතුවාදයේ විකෘති කතිකා (discource) ආරෝපණය කරනු ලැබූ පසු ඒවාට පිළිතුරු ලැබුණේ ඒ චින්තනය අනුකරණයෙනි. දැන් මේ බටහිර විද්‍යාවෙන්වත් නව දේව මතවාදයෙන්වත් සැලකිය යුතු ප්‍රයෝජනයක් ගැනීමට ඔවුහු අසමත් වූ හ.
දැන් නලින් ද සිල්වා මහතා කළේ පැරණි දේව සංකල්පය වෙනසක් නැතුව ම සුසමාදර්ශ මාරුවක්වත් නැතිව ම නැවත මතු කිරීම ද? පැරණි දේව සංකල්පය මතු වීම මෙහි අතුරු ඵලයක් වුව ද, කෘෂිකාර්මික වකුගඩු රෝගය ගැන පරීක්ෂණයේ දී දේව සංකල්පය භාවිතයේ පැරණි ප්‍රවේශයට පැහැදිලි වෙනසක් වූ බැවින් සුසමාදර්ශ වෙනසක් නො වූ බව කීමට මැළි වෙමි. එහෙත් මෙය සිංහල බෞද්ධ චින්තනය තුළ ම සිදුවූ සුසමාදර්ශ වෙනසකි.

බටහිර විද්‍යාවේ හිඩැස

බටහිර විද්‍යාවේ ක්‍රමය පිළිබඳ සංවාදයේ ගැලීලියෝ සිට ෆෙයරබාන්ඩ් දක්වා ම , ෂෙල්ඩ්‍රේක් ආදීන් දක්වා ම වෙනස් නො වුණු එක් සංකල්පයක් වන්නේ කල්පිතයයි (hypothesis). කල්පිතයක් පරීක්ෂා කිරීම, 'තහවුරු කිරීම', ඒත්තු ගැන්වීම බටහිර සිදු කෙරේ.
දැන් කල්පිත ඇතිවන්නේ කෙසේ ද? බටහිර විද්‍යාවේ දී මෙය පවතින්නේ බුද්ධිවාදී / හේතුවාදී (rationalism), අනුභූතවාදී (positivism) , ආනුභවිකවාදි (empiricism) ආදී කිනම් දර්ශනයකට වුවත් පිටතිනි, කල්පිතයක් පහළ වීම පවතින්නේ. මෙය කිනම් විධිමත් ආකෘතියකටවත් ගත නො හැක්කක් බවට අතීතයේ සිට ම සැකයක් නො විණි. කල්පිත සපයා ගැනීමට බටහිර විද්‍යාව ක්‍රමවේද නො ඉල්ලයි.
ප්‍රතිභානය (intellect) මගින් එන අදහසක්, මිතුරකු කී දෙයක්, පෙම්වතා පෙම්වතිය ලෙස කී නැතිනම් අසනු ලැබූ බොළඳ කතාවක්, අදහස් අතර පටලා ගැනීමක් , ඇතැම් විටක මනසට එන විකාර සිතුවිල්ලක් , සිහිනයක්, කුඩා දරුවකු පැවසූ දෙයක්, විෂය නො දන්නා අයකු පැවසූ 'හිස්' කතාවක් , පිස්සෙක් පැවසූ දෙයක්, වැරදි ලෙස අවබෝධ කරගත් දෙයක්, පටලා ගත් රූපීය සමානකමක්, ‍යමකට විරුද්ධ වීමේ ප්‍රබල වුවමනාවක්, සංවාදයක දී අනිත් පසින් හෝ තමා අතින් ඉදිරිපත් වන තමන්වත් තේරුම නො දන්නා ප්‍රකාශයක් වැනි දේ පවා (මහින්ද පතිරණ මහතා සිහිවන්නේ ඇයි දැයි නො දනිමි.) කල්පිතයක මූලාරම්භය විය හැකි ය. මෙසේ ඉතා විශාල පරාසයක පැතිරෙන කල්පිතයක සම්භවය සැලකීමේ දී එයින් දෙවියකු කී දෙයක් යන්න ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නැත.

ඔබට කල්පිතයක් ලෙස වඩා විශ්වාසනීය වන්නේ කෙකුලේ සිහිනයෙන් දුටු බෙන්සීන් පිළිබඳ අදහස ද, අසාර්ථක පරීක්ෂණයක් නිසා චිත්ත ව්‍යාකූල භාවයට පත් වූ - ඔළුව විකාර වූ - අයකු රට හාවුන්ගෙන් ක්‍රෝධය පිට කර ගැනීමට අධිමාත්‍රාවෙන් නියැදිය එන්නත් කිරීමෙන් පෝලියෝ රෝගයට හේතු සොයා ගැනීමේ කල්පිත ද, නාථ දෙවියන් කී ආසනික් ද? මීට පක්ෂග්‍රාහී වීමෙන් මිස පිළිතුරක් දිය හැකි යැයි නො දනිමි.

ආසනික් පරීක්ෂණය

කෘෂි රසායන වකුගඩු රෝගයට හේතු සෙවූ පරීක්ෂණය ප්‍රකටව ඇත්තේ ඉහත නමිනි. ඉතා ප්‍රසිද්ධ ලෙස මෙහි කල්පිතය ඉදිරිපත් කළේ නාථ දෙවියන් අතරමැදියන් ඔස්සේ ය. දැන් මෙහි පැහැදිලිව ම පරස්පරයක් නැති බව පෙනේ. හීන වලංගු නම් කල්පිත ගොඩනැංවීමට දෙවියන් අවලංගු වන්නේ කෙසේ ද? යමෙකුට ඒ පිළිබඳ විවරණයක් කළ හැකි නම් ඔහු ඒ පිළිබඳ පොතක් ලිවීම සුදුසු ය. විද්‍යා ඉතිහාසයේ පළමු වරට කල්පිතයක් ඇති වීම විග්‍රහ කරමින් කල්පිත නො විය හැකි ආකාරයන් දැක්වීම වෙනුවෙන් ඔහුට නොබෙල් ත්‍යාග සියල්ල එකවර ලබා දීමට ම වටී.

දැන් අපට පෙනෙන්නේ නාථ දෙවියන්ට විරුද්ධ වීමට හේතුවක් නොමැති බව ය. නාථ දෙවියන් බටහිර විද්‍යාවේ ආසනික් වැනි සංකල්පයකින් පිළිතුරක් දුන්නේ කෙසේ ද යන්න ඇතැමුන්ට ප්‍රශ්නයකි. මෙහි දී සිදුවන්නේ භාෂා පරිවර්තනය වැන්නකි. කැවුම් යන්න oil cake ලෙස පරිවර්තනය කිරීමක් වැන්නකි. මේ භාෂා හා සංකල්ප පරතරය අතර ආතතියක් පවතී. ගැටළුවක් නැත. මේ ලැබෙන්නේ කල්පිතයකි. ඕනෑ ම වරදකින් කල්පිත බිහි විය හැකි ය. ඇත්තෙන් ම විද්‍යාවේ කතිකාව (discourse) තුළ කල්පිතයක සම්භවය නැත. නාථ දෙවියන් ගැන ඇසීමට හෝ උසුළු විසුළු කිරීම විද්‍යාත්මක කතිකාවේ කළ හැක්කක් නො වේ. නාථ දෙවියන් වෙනත් පැවැත්මක් විය නො හැකි ද යන ප්‍රශ්න පවා මේ කතිකාවේ දී අදාළ නො වේ. එය ඇත්තේ සීමාවෙන් පිටත ය.

ආසනික් ප්‍රශ්නයේ දී වැඩිපුර කතා කෙරුණු අනෙක් කරුණ නම් කිවුල් ජලයේ ආසනික් ඇති බව කීමේ පරීක්ෂණයේ දී සම්මත අගයට වඩා අම්ල භෂ්ම අගයන් මට්ටම් වෙනස් කිරීම ය. (මෙතැන දී මීට නාථ දෙවියන් ඇදගන්නේ විගඩමුන් ය.) මෙය ඊනියා විද්‍යාත්මක ප්‍රජාව අතර මහා කලබැගෑනිකට හේතු විය. මෙය ද මහා පරිමාණයේ නො සලකා හැරීම් (ignorance) මිස වෙන කිසිවක් නො වේ. පෝලියෝ රෝගයට හේතුව රෝග කාරකයාගේ විෂ දැයි සොයා බැලීමට එය රට හාවුන්ට එන්නත් කරන ලදී. කිසිදු විපර්යාසයක් සිදු නො විණි.අසාර්ථක පරීක්ෂණයේ කළකිරීමෙන් හා ශෝකයෙන් මුසපත්ව චිත්ත ව්‍යාකූලත්වයට පත් වූ -ඔළුව විකාර වූ-  පරීක්ෂකයා කෝපයෙන් යුතුව සම්මතයන්ට පිටින් අධි මාත්‍රාවලින් නියැදිය සතුන්ට එන්නත් කර අවසන් කළේ ය. ඉන්පසු සතුන්ට රෝගය වැළඳිණි. (එක් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයකු කියන්නේ ඔහු එම පරීක්ෂකයා නම් ආරම්භයේ දී ම සාන්ද්‍රණ වෙනස් කර බලන බව ය. සිදු වී ඇති දෑට 'පශ්චාත් මරණ පරීක්ෂණ' දීම සාපේක්ෂ ව පහසු බව පෙනේ. මේ වකුගඩු රෝග විශේෂඥයා මෙතරම් බුද්ධි ප්‍රභාවකින් යුතුව සිටත් නව 'සොයාගැනීමක්' කර නැත්තේ ඇයි දැයි මම මවිත වෙමි.) . 'ඔලුව විකාර වූ විට' සාන්ද්‍රණ වෙනස් කර බැලීම හොඳ නම් හොඳ සිහියෙන් එසේ කිරීමේ වරද මම නො දනිමි. සාන්ද්‍රණ වෙනස් කර බැලීම ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නා පරීක්ෂකයා ගේ  කාර්යභාරය විය යුතු ය.

ආසනික්වලට අමතරව කුඹුරු පස හා කිවුල ගැනත් කියන බවත් ආසනික් නොව හේතු ගොඩක් දී ඇත යන්නකුත් කියන අඳ බාලයෝ සිටිති. මේ හේතු කීම බහුවිධ හේතු ශෛලියේ එකක් නො වේ. හේතුව ආසනික් ය. ආසනික් වතුරේ දිය වූයේ කුමන ආකාරයේ සංයෝගයක් ලෙස ද එය සම්මත අම්ල භෂ්ම අගයන්වල දී පරීක්ෂණයට හසු වූයේ නැත්තේ ඇයි ද යන්න විග්‍රහ කිරීම වෙනුවෙන් කුඹුරු පසත් කිවුලත් අවශ්‍ය වේ. එනම් ආසනික් සහිත සංගත සංකීර්ණය සෑදීම විවරණය කිරීමට ඉතුරු කරුණු අවශ්‍ය වේ. ආසනික් සංගත සංකීර්ණ නො සෑදුණොත් ආස්නේට ලෙස අවක්ෂේප (precipitate) වී ජලයෙන් ඉවත් වනු ඇත.

කෘමිනාශක සම්බන්ධව මෙබඳු තත්වයක් වත් නො වුණි. පරීක්ෂණයේ දී ඒවා පරීක්ෂා වූයේ සම්මත ක්‍රමයට අනුව ම ය.

වකුගඩු රෝග පරීක්ෂණයේ දී දෙවියන් හා දැනුම අතර සම්බන්ධය ගෙනෙනු ලැබුවේ පැරණි ආකාරයට වෙනත් අයුරකිනි. බටහිර දැනුමට විරුද්ධ ප්‍රවේශයක දී බටහිර විද්‍යාව හා ආරම්භයේ ගැටීමට සිදුවන්නේ බටහිර විද්‍යාවේ භාෂාවෙන් ම ය. මෙය ආරම්භක ප්‍රවේශයකි.

විප්ලවයේ වාස්තවික තත්ව හා දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම


නිර්මාල් දේවසිරි මෙසේ කියයි:


නලින් ද සිල්වා කියන්නේ දෙවියන්ගෙන් වැඩ ගත හැක්කේ භාවනා කිරීම ආදියෙන් කිසියම් දියුණු මානසික තත්වයකට පත්වීම මගින් බවයි. එවැනි තත්වයක් සඳහා කටයුතු කිරීමට මාක්ස්වාදීන් “විප්ලවය සඳහා වාස්තවික තත්වයන් මොරා සිටින තෙක්” බලා සිටින්නාක් මෙන් බලා සිටිය යුතු නොවේ. 

නිර්මාල් දේවසිරි මහතා දකින තරම් භාවනාවෙන් සිත දියුණු කිරීම සරල කරුණක් නො වේ. අදාළ භාවනා හඳුනා ගැනීමේ ගැටළුවේ සිට භාවනා කිරීමේ දී මතුවන ගැටළු හා ගතවන කාලය ද යන කිසිවක් නො සලකා කරන ලද ප්‍රකාශයක් පමණි. කොයි ආකාරයෙන් හෝ දැනුමක් නිර්මාණය කළා යැයි කියමු. මා මූලික අවස්ථාවේ ස්ටාර් තරග අනවශ්‍ය බව කීවේ මෙතනට එන තුරු ක්‍රියාවට වඩා මෙතනින් පසු ක්‍රියාව සලකා ය. එනම් මතය ප්‍රසිද්ධ කිරීම හා ඒතුගැන්වීමයි. මේ ගැන ස්ටුවර්ට් මිල් ඉතා පැහැදිලි විස්තරයක් කර ඇත.

John  Stuart  Mill  has  given  a  fascinating  account  of  the  gradual transformation  of  revolutionary  ideas  into  obstacles  to  thought. When a  new  view  is  proposed  it  faces  a hostile  audience  and excellent reasons are  needed  to gain for  it  an even moderately  fair  hearing.  The reasons  are  produced,  but  they  are  often  disregarded  or  laughed  out of  court,  and  unhappiness  is  the  fate  of  the  bold  inventors.  But  new generations,  being  interested  in  new  things,  become  curious;  they consider  the  reasons,  pursue  them  further  and  groups  of  researchers initiate  detailed  studies.  The  studies  may  lead  to surprising  successes (they  also  raise  lots  of  difficulties).  Now  nothing  succeeds  like success,  even  if  it  is  success  surrounded  by  difficulties.  The  theory becomes  acceptable  as  a  topic  for  discussion;  it  is  presented  at meetings  and  large  conferences.  The  diehards  of  the  status  quo  feel an  obligation  to  study  one  paper  or  another,  to  make  a  few  grumbling comments,  and  perhaps to  join  in  its  exploration.  There  comes  then  a moment  when  the  theory  is  no  longer  an  esoteric  discussion  topic  for advanced  seminars  and  conferences,  but  enters  the  public  domain. There  are  introductory texts,  popularizations;  examination  questions start  dealing  with  problems  to  be  solved  in  its  terms.  Scientists  from distant  fields  and  philosophers,  trying  to  show  off,  drop  a  hint  here and  there,  and  this  often  quite  uninformed  desire  to  be  on  the  right side  is  taken  as  a  further  sign  of  the  importance  of  the  theory.

නව ප්‍රවාදයක් ඇති වී එය මහජන ප්‍රචාරයට ලක්වීම මේ සංකීර්ණ ක්‍රියාවලියයි.

ෆෙයරබාන්ඩ් (Feyerabend) මෙසේ කියයි.

We can  say  today  that  Galileo was  on  the  right  track,  for  his  persistent  pursuit  of what  once  seemed to  be  a  silly  cosmology  has  by  now  created  the  material  needed  to defend  it  against  all  those  who  will  accept  a  view  only  if it  is  told  in  a certain  way  and  who  will  trust  it  only  if  it  contains  certain  magical phrases,  called  'observational  reports'.  And  this  is  not  an  exception. It is  the  normal  case:  theories become  clear and  'reasonable'  only after Incoherent  parts  of  them  have  been  used  for  a  long  time. 

ගැලීලියෝ නිරන්තරයෙන් යෙදී සිටි කලක් මුග්ධ විශ්වවේදයක් සේ පෙනුණු දෙය අද වන විට ,එක්තරා ආකාරයකින් කීවිට පමණක් කිසියම් දැක්මක් පිළිගන්නා , 'නිරීක්ෂණ වර්තා' වැනි මායාවී යෙදුම් අඩංගු නම් ම පමණක් විශ්වාස කරනා සියල්ලන්ගෙන් තමා රැකගැනීමට සමත් ලියකියවිලි නිර්මාණය කරගෙන ඇති හෙයින් ගැලීලියෝ නිවැරදි මාර්ගයේ ගිය බව අද අපට පැවසිය හැකි ය.

මේ තත්වය අපට ද අදාළ ය. දෙවියන් පිළිබඳ කවර ප්‍රවේශයක් වුවත් මේ බලය ලබා ගන්නා තෙක් බාළ බොළඳ ප්‍රතිවාදීන් ගේ විහිළුවට ලක් වීම සිදුවනු ඇත. 

නිර්මාල් දේවසිරි ගේ බටහිර විද්‍යාවේ වර්ධනය මීට ප්‍රතිපක්ෂ වූවකි යන්න සාවද්‍ය කරුණකි. මේ අදාළ තත්ව සපිරීමට පෙර ස්ටාර් තරග තැබූ ගැලීලියෝට වූ දෙයයි.

මේ කෙප්ලර් ගේ ශිෂ්‍ය හෝර්කි ගේ සටහනකි:

'I never slept on  the  24th or 25th April, day or night,  but I tested the instrument of  Galileo's  in  a  thousand  ways,  both  on  things  here  below  and  on those  above.  Below  it  works  wonderfully;  in  the  heavens  it  deceives  one, as  some  fixed  stars  [Spica Virginis,  for  example,  is  mentioned,  as  well as  a  terrestrial  flame]  are  seen  double. . I  have  as  witnesses  most excellent  men  and  noble  doctors  .  .  .  and  all  have  admitted  the instrument  to  deceive .... This  silenced  Galileo  and  on  the  26th  he sadly left  quite  early  in  the  morning  ... not  even thanking Magini  for his  splendid  meal.  .. .

මා අප්‍රේල් 24 හිත් 25 දීත් දිවා රෑ නිදි නො මැතිව ගැලීලියෝ ගේ උපකරණය දහස් අයුරකින් පොළොවේ වූ වස්තු සඳහාත් අහසේ වූ වස්තු සඳහාත් පරීක්ෂා කළෙමි. පොළොවේ එය හොඳින් වැඩ කළේ ය. ඉහළ අහසට යොමු කළ විට එහි රැවටීමක් විය. සමහර අචල තරු (Spica Virginis හා පෘථිවිය මත දැල්ලක් ආදී දෑ සඳහන් ය.) දෙගුණ වී පෙනිණි. ඉතා විශිෂ්ට මිනිස්සු හා වැදගත් ආචාර්යවරු මගේ සාක්ෂ්‍ය කරුවෝ වූ හ. ...උපකරණය රැවටීමක් බව සියල්ලෝ පිළිගත් හ.... මෙය ගැලීලියෝ නිහඬ කළ අතර ගැලීලියෝ ශෝකයෙන් 26 වෙනි දා ඉරිමා උදේ පිට වී ගියේ මාගිනී සැපයූ ප්‍රණීත ආහාරවලටවත් ස්තූති නො කරමිනි.

අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත්තෙමු.

මේ ප්‍රවේශයේ අප දෙවියන්ගෙන් ලබා ගන්නේ කල්පිත නිසාත් භාෂා අතර ආතතිය නිසාත් කාලය නියම කොට ප්‍රයෝජ්‍යතා ඇසීම විහිළුවකි. කල්පිතයක් ප්‍රවාදයක් වීම සංකීර්ණ ක්‍රියාවලියකි. කල්පිතවලින් සාර්ථක ප්‍රතිඵල ලැබීමට කාල රාමු දෙන්නේ කෙසේ ද? මේ තර්කය සඳහා බටහිර විද්‍යව හා සිංහල බෞද්ධ දේව සංකල්පය අතුරු මාරු කළ හැකි ය (interchangeable). එහෙයින් මෙය අප කෙරේ යෙදිය නො හැකි ය.

මෙතැන දී නිර්මාල් දේවසිරි තාක්ෂණය ගැන කියයි. ඔහු අමතක කරන්නේ පශ්චාත්නූතනවාදය තුළ පවා ප්ලේටෝ ගේ episteme , techni යුගල ප්‍රතිපක්ෂය සැලකෙන බව ය. එනම් තාක්ෂණය මතින් බිහිවන විද්‍යාව තාක්ෂණය පාගා ඊට ඉහළින් නැඟී සිටින බව ය. ශිල්ප මතින් බිහිවන ශාස්ත්‍ර ශිල්පවලට උසස් ලෙස නැඟී සිටින බව ය. නූතනත්වය යටතේ මෙහි සත්‍යතාවක් ඇත.

ස්විෆ්ට් ගලිවර් ගේ චාරිකා කෘතියේ තුන්වන චාරිකාවේ බැල්නිබාරි (balnibari) දේශයෙන් ශිල්ප හෙවත් තාක්ෂණික දැනුම ද , ලාපුටාව (laputa) මඟින් ශාස්ත්‍රීය දැනුම ද නිරූපණය කරයි. ලාපුටාව ඉහළින් සිටිමින් බැල්නිබාරිය ද්‍රව්‍ය හෙළීමෙන් (ශාස්ත්‍රීය ප්‍රයෝගවලින්) යටත් කරගෙන ඇත. ලාපුටාවේ මිනිසුන්ට නො තෙමෙන්නට ගෙයක් සාදාගැනීමට බැරි වුවත් ඔවුන් බැල්නිබාරි ය යටත් කරගෙන සිටිති.

සිංහල ජනතාව තුවක්කු බලා අති විශිෂ්ට තුවක්කු සෑදූ ජනතාවකි. මේ ශිල්ප දැනුම් නිදහස්ව ලබා ගත් දේය. ආරෝපිත කරන උපරිම ප්‍රයෝජන ගත නො හැකි දැනුමක් පැටවිය හැක්කේ, ශිල්පවල වැදගත් බව පෙන්වා ඒ මත ආධිපත්‍යය පිහිටුවා ඇති ශාස්ත්‍ර ආරෝපණය කිරීමෙනි. එසේ කළ පසු ශිල්පයේ උපරිම භාවිත කිරීමේ හැකියාව ආරෝපිත වූ ශාස්ත්‍රය නිසා වැසී යයි. ශිල්ප ශාස්ත්‍ර තරම් තදින් ආරෝපණය කළ නො හැකි අතර නො බෝ කලකින් තමා ගේ ම ක්‍රමයට ගැනීමට මිනිසුන්ට වැඩි පළපුරුද්දක් ඇත. ශිල්ප පොදු ජනතාවගෙන් පැන නඟිද්දී ශාස්ත්‍ර පැන නැඟුණේ අධිපති ප්‍රජාවකගෙනි. අධිපතිවාදී ලක්ෂණ බෙහෙවින් ඇත්තේ ශාස්ත්‍රවලයි. ආරෝපණය කිරීමේ උපක්‍රමවලින් ශාස්ත්‍රය ගහණ ය.

සමඟි පෙරමුණ ආණ්ඩුවේ කාර්මික අධ්‍යාපන ප්‍රතිපත්තිය පවා අසාර්ථක වීමට බලපෑ මූලික ම කරුණක් නිර්මාල් දේවසිරි ගේ පඨිතය (text) විසංයෝජනයෙන් ම දැකගත හැකි ය. 
කාර්මික විද්‍යාල ආදියේ පවා ශිල්ප ඉගැන්වූයේ ශාස්ත්‍රයේ සෙවණැල්ලට, කැරලි ඇති වූ විට හිරු එළිය රහිත කරමින් බැල්නිබාරිය වසාලන ලාපුටා දේශයේ සෙවණැල්ලට, යටකොට ය. ශිල්පවල නිදහස් වර්ධනය හා අවශෝෂණය මකා ලන උපක්‍රමයක් ලෙසභාවිත කරමිනි.

බටහිර තාක්ෂණය ඔස්සේ විද්‍යාව ප්‍රචලිත වූවාට වඩා සිදු වූයේ තාක්ෂ්ණයේ පැතිරීම පවත්වා ගනිමින් යටත් විජිතවල තාක්ෂණය අවශෝෂණය වීම හා වර්ධනය වීම වළක්වන අඳුරු සෙවණැල්ල වශයෙන් , කෙවිට වශයෙන්, බැඳ ඇති කඹය  ලෙසින් තාක්ෂණය සමඟ බටහිර විද්‍යාව ඈඳා යැවීමයි.

එස්.ඒ. වික්‍රමසිංහ සිද්ධිය මෙතනට අදාළ නැත. එස්. ඒ. වික්‍රමසිංහ ගේ අරමුණ වෙන එකකි. ඔහු බටහිර විද්‍යාවට නිර්මාණයක් කර නැත. නිර්මාණය කර ඇති දේ භාවිත කළා පමණි. මේ කර්තව්‍යයේ දී අධිපතිවාදයෙන් ඔහුට න්‍යායික විරෝධයක් නැත. එහි ද ඇත්තේ ක්විනීන්හි මූල ඇමරිකානු සම්භවය විද්‍යාවේ ශාස්ත්‍රීයත්වයෙන් මකා දැමීමකි. එහි දී බටහිර විද්‍යාව හෝ විකල්ප භාවිත වූයේ දැනුම පිළිබඳ කරුණට අදාළව නො වේ.

අවසාන වශයෙන් කිව යුත්තේ දේවසිරි නම් පිටතින් සිටින කේන්ද්‍රය තම කඳවුරේ නිදහස් ක්‍රීඩනය (free play)  දෘශ්‍යමාන වීම රැක ගැනීමට මේ සංවාදයේ දී ගෙන ඇති උත්සාහය අප ගේ පැසසුමට ලක් වන බවයි. ස්ටාර් තරග වැනි තර්ක පවා පවත්නා සන්දර්භයන් මතු කිරීමට ගත් උත්සාහය අගය කළ යුතු ය. ඇත්තෙන් ම මෙවන් කේන්ද්‍රයක් පවතින පද්ධතියක සිටින අයට තමාගේ නිදහස් ක්‍රීඩනයේ යෙදෙන අතරතුර දී ම කේන්ද්‍රය ගැන සියුම් ගෞරවයක් ද යටි සිතේ ඇති කර ගත හැකි වනු ඇත.

1 comment:

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි