පෙරහරක නාද රටාව හා වික්ටර් හාරා ගේ චිලියානු ජන සංගීතය

වික්ටර් හාරා ගේ මේ සංගීත නිර්මාණයේ විශේෂත්වය පෙරහැරක නාද රටාව මේ නිර්මාණය තුළ පවතින බව පෙනී යෑමයි. විශේෂයෙන් ම මෙහි මැද හා අග කොටස්වල drums භාවිත වී ඇති ආකාරය ගැන අවධානය යොමු කොට බලන්න.

මෙය අහඹු සමපාත වීමක් ද නැතිනම් වෙනත් හේතු තිබේ ද?
කෙසේ වුවත් හාරා යනු චිලී දේශයේ ජන සංගීතය පිළිබඳ පර්යේෂණ කර නව චිලියානු ජන සංගීතය ගොඩනැඟීමට ඉමහත් මෙහෙයක් කළ විද්වතෙකි.

( හාරා ගැන කතා කරන සමාජවාදීන් අතින් බොහෝ විට සඳහන් නො වන දේ ද හාරා ගේ වෑයම වූයේ චිලියානු ජන සංගීතය නැවත ඉදිරියට ගෙන එහි නිර්මාණ කිරීම බවයි. - ලෝකයේ ඇත්තේ එක ම සංගීතයක් නොවන බව පිළිගැනීමට මාක්ස්වාදීන් ඇතුළු ජාත්‍යන්තරවාදීන් අකමැතියි. ලතින් ඇමරිකාවේ සමාජවාදයේ ජාතිකත්ව මුහුණුවර ඉස්මතු නොකිරීමට ඇතැම් මාක්ස්වාදීන් වග බලාගන්නේ ලතින් ඇමෙරිකානු සමාජවාදීන් පන්ති විඥානය හා පන්තිය යන සංකල්පවලට එරෙහි ව දක්වා ඇති අදහස් මඟ හරිමින්.)

සමහර විට හාරා අපේ රටවල ජන සංගීතය ගැනත් යමක් දැන සිටියා විය හැකියි.
අනෙක් අතට දකුණු ඇමෙරිකානු ස්වදේශික ජනතාව සුද්දන්ට මුලින් හොයා දුන්නේ පිසාරෝලා වුණාට චීනය හා අග්නිදිග ආසියාව ඔවුන් සමඟ ගණුදෙනු කළේ ඊට ශතවර්ෂ ගණනකට කලින් .

අග්නිදිග ආසියාවේ සංස්කෘතියට විශාල බලපෑමක් කළ සිංහල සංස්කෘතියේ බලපෑම දකුණු ඇමෙරිකාවට නො ලැබුණා කියලා කොහොම කියන්න ද?

සමහර විට චිලියානු ජන සංගීතයේ සිංහල මුල් ඇති...

කොහොම වුණත් හාරා වගේ අතිදක්ෂයෙක් ජන සංගීතයෙන් බිහි වුණා නම් සිංහල සංගීතයක් ඇති කිරීමේ වෑයම අසාර්ථක වෙන්න හේතුවක් නෑ.

රාගධාරී සංගීතයට ලංකාවේ දී තිබෙන ප්‍රමුඛතාව රෙඩ්ෆීල්ඩ් ඉස්මුරුත්තාවේ ගිය අය ගේ මනස්ගාතයක් විතරයි.

                               - තමලු මලිත්ත පියදිගම 

2 comments:

  1. ඇත්තෙන්ම අපේ බෙර හඬ විශේෂයෙන් පහත රට බෙරවල නාද රටාව ඇසෙනවා.....චිලියානු මහා කවි පැබ්ලෝ නෙරුඩා ලංකාවේ වසර දෙකක් ගත කල අවස්ථාවේ ඔහු මේ බෙර වල හඬ පට රැගෙන ගියා වෙන්න බැරිද? ඔහුගෙන් හාරාට ඒ නාද රටා ගැන දැනගන්නට ලැබූනා වෙන්න බැරිද?

    ReplyDelete
  2. වෙන්න පුළුවන්. මමත් තාම මේ ගැන හොයනවා ලංකාවේ ඍජු සම්බන්ධයක් තියෙනවා ද කියලා. කොහොමත් මම දැකපු දෙයක් චිලී ජන සංගීතයේ අපේ වගේ ම බෙරවලට වැඩි තැනක් දීලා තියෙනවා. ඒ බොහෝ ගීවල නාද රටා තුළ අපේ ජන ගී තාලවලට කිට්ටු බවක් දැනෙනවා.

    ReplyDelete

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි